1
00:00:36,492 --> 00:00:51,493
මෙම උපසිරැසිය www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
2
00:01:21,510 --> 00:01:23,658
අපිට මෙතන ඉන්න බෑ.
3
00:01:23,668 --> 00:01:25,370
අපිට වෛද්‍ය ආම්පන්න ඕන.
4
00:01:25,384 --> 00:01:27,384
මෙතන කෑම නෑ
වතුර නෑ.
5
00:01:27,386 --> 00:01:29,387
අනික අළු නිසා වැහි වතුර බොන්නත් බෑ.
6
00:01:29,389 --> 00:01:30,399
යටත්වෙන්න වෙලාව හරි.
7
00:01:30,424 --> 00:01:31,560
යටත් වෙන්න හදපු අයව
8
00:01:31,584 --> 00:01:33,340
දුර්ගයේදී මරලා දැම්මා.
9
00:01:33,934 --> 00:01:35,683
හතුරන්ට හිරකාරයන්ව ඕන නෑ.
10
00:01:35,708 --> 00:01:36,627
උන්ට ඕන අපිව මරන්න.
11
00:01:36,629 --> 00:01:37,437
අපි මොනාහරි දෙයක් නොකළොත්
12
00:01:37,462 --> 00:01:38,663
උන්ට ඕන දේ සිද්දවෙයි.
13
00:01:38,665 --> 00:01:40,039
අපිට සටන් කරන්න වෙනවා.
14
00:01:40,064 --> 00:01:41,922
අපි මෙතන ඉන්න ඉන්න
ඒක තව අමාරු වෙනවා.
15
00:01:41,947 --> 00:01:44,014
කවුරුවත් මාත් එක්ක දුර්ගයට යන්න එන්නෙ නෑ.
16
00:01:45,373 --> 00:01:47,206
එහෙනම් අපි මළා වගේ තමා.
17
00:01:51,409 --> 00:01:52,344
එයාලා බේරිලා.
18
00:01:52,346 --> 00:01:53,549
අපි දන්නේ නෑ ඒ එයාලමද කියලා.
19
00:01:53,574 --> 00:01:55,641
තුවක්කුකරුවනි,
බෙදිලා ගිහින් ඉලක්කය ගන්න.
20
00:01:57,035 --> 00:01:58,952
මම කිව්වොත් විතරක් වෙඩි තියන්න.
21
00:02:03,462 --> 00:02:05,862
උදව්වක් දෙන්න,
උදව් ඕන. මෙතන තුවාලකාරයෝ ඉන්නවා.
22
00:02:06,928 --> 00:02:08,495
පැත්තකට වෙන්න!
පැත්තකට වෙන්න!
23
00:02:08,497 --> 00:02:09,696
එයාලා අපේ අය.
24
00:02:09,698 --> 00:02:11,131
මොන්ටි, ජැක්සන් කොහෙද?
25
00:02:11,133 --> 00:02:12,465
මෙයාගේ ගොඩක් ලේ ගිහින්.
26
00:02:12,467 --> 00:02:14,097
මං එයාව ගන්නම්!
මම එයාව ගන්නම්!
27
00:02:14,925 --> 00:02:16,113
දැන් එයාට හොද වෙයි.
28
00:02:16,138 --> 00:02:17,716
හොද වෙයිද? පොඩ්ඩක් වටපිට බලන්න.
29
00:02:17,718 --> 00:02:19,685
මෙතන බලාපොරොත්තුවක සේයාවක්වත් පේනවද?
30
00:02:38,116 --> 00:02:40,085
හෙඩා අපිව බේරගන්නයි යන්නෙ.
31
00:02:47,452 --> 00:02:48,481
මම මොනවද කලේ?
32
00:02:48,506 --> 00:02:49,670
බ්ලඩ්රෙයිනා එනවා.
33
00:02:49,695 --> 00:02:51,128
කමාන්ඩර්ව ආරක්ෂා කරන්න!
34
00:02:55,725 --> 00:02:57,893
- ඔයා මොනාද කරන්නෙ?
- අහකට වෙනවා.
35
00:03:01,965 --> 00:03:03,722
ඕ, එයා අපිව බේරගත්තා.
36
00:03:03,747 --> 00:03:05,567
එයාට එන්න දෙන්න.
37
00:03:05,569 --> 00:03:06,691
හෙඩා, ඒක හොද දෙයක් නෙවේ...
38
00:03:06,716 --> 00:03:08,315
මං කිව්වේ එයාට එන්න දෙන්න කියලා.
39
00:04:06,643 --> 00:04:38,245
{\an1}THE 100 S05E13
Damocles Part two- අපි නැවත හමුවේවා!!
විකාශය වූ දිනය 2018.08.07
40
00:04:06,643 --> 00:04:38,245
{\an3}Nilupul Madukapriya Perera
www.baiscopelk.com/339
41
00:04:44,355 --> 00:04:46,201
අපිට වැඩි වෙලාවක් බලන් ඉන්න බෑ.
42
00:04:46,241 --> 00:04:48,074
මැක්‍රරි ළග රේවනුයි ෂෝයි ඉන්නවා.
43
00:04:48,076 --> 00:04:50,410
එයාලගෙන් කෙනෙක්
හිත වෙනස් කරගෙන යානය ගෙනියයි.
44
00:04:50,412 --> 00:04:52,212
ඔයා කිව්වේ ක්ලාක් ඒක ගැන
බලාගන්නවයි කියලා.
45
00:04:52,214 --> 00:04:54,447
එහෙම තමයි.
හැබැයි මම කැමති නෑ
46
00:04:54,449 --> 00:04:55,792
එයා අසාර්ථක උනා කියලා
මිසයිලවලින් අහගන්න.
47
00:04:55,817 --> 00:04:57,286
පළමු භට කණ්ඩායමේ ඉතුරු වෙලා
ඉන්න අය සූදානම්.
48
00:04:57,310 --> 00:04:58,853
කමාන්ඩර්ගෙ හමුදාවත් ලෑස්තියි.
49
00:05:00,879 --> 00:05:03,279
අපි හැමෝම දැන් කමාන්ඩර්ගෙ හමුදාව තමයි.
50
00:05:08,467 --> 00:05:10,164
කෝ මේ කමාන්ඩර්?
51
00:05:10,166 --> 00:05:13,168
පස්සට වෙන්න.
52
00:05:26,511 --> 00:05:28,644
ජැක්සන්,
ඉන්ද්‍රා ඇවිත්.
53
00:05:31,451 --> 00:05:33,128
මෙයාගේ ගොඩක් ලේ ගිහින්,
54
00:05:33,153 --> 00:05:34,657
හැබැයි එයා ශක්තිමත්.
55
00:05:34,659 --> 00:05:36,359
අපිට පුලුවන්නම් මෙයාව
ඇබි ළගට අරන් යන්න,
56
00:05:36,361 --> 00:05:38,060
එයාට කකුල බේරගන්න පුළුවන් වෙයි.
57
00:05:47,582 --> 00:05:49,215
වෙලාව හරි, මැඩි.
58
00:05:52,776 --> 00:05:54,645
හැමෝම ඔයාව අනුගමනය කරයි,
59
00:05:54,987 --> 00:05:56,748
ඔයාට එයාලට නායකත්වය දෙන්න වෙනවා.
60
00:05:56,750 --> 00:05:58,724
මට ඕන නෑ එයාලව ජන සංහාරයකට
අරන් යන්න.
61
00:05:58,749 --> 00:06:00,549
අපේ කට්ටිය ඉන්නවා, හෙඩා.
62
00:06:00,821 --> 00:06:02,887
අපි ඉස්සරහටම යන තාක්කල්,
63
00:06:02,889 --> 00:06:04,255
අපිට යාගන්න පුළුවන්.
64
00:06:04,257 --> 00:06:06,057
අපි ඔයා ළගින්ම ඉන්නවා.
65
00:06:06,428 --> 00:06:08,460
මට බය මං ගැන නෙවෙයි.
66
00:06:08,764 --> 00:06:10,362
පොඩ්ඩක් වටපිට බලන්න.
67
00:06:10,364 --> 00:06:11,697
ආපහු තුවක්කු ඉස්සරහට දුවනවට වඩා
68
00:06:11,699 --> 00:06:14,042
හොද විදිහක් තියෙන්නම ඕන.
69
00:06:14,067 --> 00:06:15,935
එහෙම එකක් තියෙනවනම්,
අපි ඒ ගැන හිතනවා.
70
00:06:15,937 --> 00:06:18,971
කමාන්ඩර්ලාගෙන් අහන්න.
71
00:06:22,131 --> 00:06:23,639
කොහොමද, සෙඩා?
72
00:06:24,666 --> 00:06:26,269
එයාලා මට කතා කරන්නෙ හීනවලින් විතරයි
73
00:06:26,294 --> 00:06:28,861
අනික මට පෙන්නන්නෙ
එයාලට ඕන කරන දේවල්.
74
00:06:32,433 --> 00:06:33,517
ඔයාගෙ ඇස් වහගන්න.
75
00:06:33,542 --> 00:06:34,454
ගායා, අපිට වෙලාවක් නෑ...
76
00:06:34,456 --> 00:06:35,800
ටිකක් ඉන්න.
77
00:06:44,661 --> 00:06:48,913
හුස්ම ගන්න.
එළියට ඇතුළට.
78
00:06:48,938 --> 00:06:51,629
මේ ලෝකය අමතක කරන්න.
79
00:06:51,654 --> 00:06:53,426
මම කිව්වට පස්සෙ මේක කියන්න.
80
00:06:54,199 --> 00:06:56,958
මගේ මනස ඔබේ මනසයි..
81
00:06:57,684 --> 00:07:01,306
මගේ මනස ඔබේ මනසයි..
82
00:07:17,983 --> 00:07:19,533
මට සැලැස්මක් තියෙනවා.
83
00:07:21,595 --> 00:07:23,506
අනිවාර්යයෙන්ම තියෙනවා.
84
00:07:30,568 --> 00:07:32,465
උඹලගෙන් කොයි එකාද කැමති
85
00:07:32,490 --> 00:07:34,417
මං වෙනුවෙන් මේ යානේ ගෙනියන්න?
86
00:07:36,067 --> 00:07:37,112
නවත්තන්න!
87
00:07:37,137 --> 00:07:38,570
නවත්තන්න!
එයාට පාඩුවේ ඉන්න දෙන්න.
88
00:07:42,758 --> 00:07:45,014
බොස්, වැලිකතරේ චලනයන් වගයක් පේනවා.
89
00:07:45,039 --> 00:07:46,705
වාහනයක් එනවා වගේ.
90
00:07:48,233 --> 00:07:49,868
කොච්චර දුරකින්ද?
91
00:07:49,870 --> 00:07:51,048
හැතැප්ම පහක් විතර.
92
00:07:51,073 --> 00:07:53,010
හමුදාවේ ඉතුරු ටික
දුර්ගයෙන් එපිට ඉන්නවා,
93
00:07:53,035 --> 00:07:54,540
කදු ටිකට මුවාවෙලා.
94
00:07:54,542 --> 00:07:55,653
තේරුනා.
95
00:07:55,678 --> 00:07:58,078
මේ පාටියට මිසයිල ටික
අරන් යන්න වෙලාව හරි.
96
00:08:00,684 --> 00:08:02,192
මම කිව්වහම අපි පහරදෙමු.
97
00:08:03,653 --> 00:08:05,518
හොද ආරංචියක්.
98
00:08:05,520 --> 00:08:07,231
උඹගෙ දත් දොස්තර හමුව අහවරයි.
99
00:08:07,256 --> 00:08:10,200
අපිට ම්ලේච්ඡයො හමුදාවක්
විනාශ කරන්න තියෙනවා.
100
00:08:10,380 --> 00:08:14,450
අපි බලමු මේකෙන් මොනාද කරන්න පුළුවන් කියලා.
101
00:08:14,970 --> 00:08:18,031
මං කිව්වනේ තොට... ඉගිල්ලෙන්න කකුල් ඕන නෑ.
102
00:08:23,455 --> 00:08:26,026
නවත්තන්න! නවත්තන්න! අනේ!
103
00:08:27,043 --> 00:08:28,386
මම ඒක කරන්නම්.
104
00:08:28,971 --> 00:08:31,045
මම යානය පදවන්නම්.
105
00:08:39,816 --> 00:08:42,391
විනාඩි දෙකකින් අපි ගුවන්ගත උනේ නැත්නම්...
106
00:08:45,657 --> 00:08:47,363
අරූට කකුලක් නැතිවෙනවා.
107
00:09:05,851 --> 00:09:07,200
මං ආවේ කර්නල් ඩියෝසාව බලන්න.
108
00:09:07,225 --> 00:09:09,854
සමාවෙන්න. මැක්රරිටයි දොස්තරටයි විතරයි
ඇතුළට යන්න පුළුවන්.
109
00:09:10,302 --> 00:09:12,818
ඩොක් තමා මාව එව්වේ.
එයාට බෙහෙත් දෙන්න තියෙනවා.
110
00:09:13,404 --> 00:09:15,076
බබාට දෙන හෝර්මෝන.
111
00:09:15,101 --> 00:09:17,740
විනාඩි දෙකකින් අපි ගුවන්ගත වෙනවා.
112
00:09:17,765 --> 00:09:20,675
මේ යුද්දෙ ඉවර කරන්න වෙලාව හරි.
පටි තද කරගන්න.
113
00:09:21,736 --> 00:09:23,376
ඉක්මන් කරන්න.
114
00:09:35,396 --> 00:09:36,404
හලෝ, ක්ලාක්.
115
00:09:36,429 --> 00:09:37,359
මට මැක්‍රරි ළගට ගිහින්
116
00:09:37,384 --> 00:09:39,117
මේ යානය බිමම තියාගන්න ඕන.
117
00:09:39,223 --> 00:09:41,515
ඔයා මට උදව් කරන්නයි යන්නෙ.
එහා පැත්ත හැරෙන්න.
118
00:09:43,047 --> 00:09:45,658
ඔයා කාගේ පැත්තෙද ඉන්නෙ කියලා
හිතාගන්නත් අමාරුයි.
119
00:09:45,660 --> 00:09:47,859
මං හිතන්නෙ ඒක අපි දෙන්නටම පොදු දෙයක්.
120
00:09:48,690 --> 00:09:50,226
මාත් හිතන්නෙ එහෙමයි.
121
00:09:52,743 --> 00:09:54,301
අපි යං.
122
00:09:56,633 --> 00:09:59,334
ගුවන්ගත වීමට විනාඩියයි.
123
00:10:02,000 --> 00:10:04,259
රේවන්, ඔයා මේක කරන්න ඕන නෑ.
124
00:10:04,284 --> 00:10:05,626
ඕකාට එකක් ගහපන්.
125
00:10:06,483 --> 00:10:07,559
එයාට පාඩුවේ ඉන්න දෙන්න!
126
00:10:07,584 --> 00:10:08,835
අපි ගුවන්ගත වෙන්න ලෑස්තියි, හරිද?
127
00:10:08,859 --> 00:10:11,059
ඔය ඇති.
128
00:10:12,826 --> 00:10:14,923
කුබා, අපි උඹලා ඉන්න දිහාට එනවා.
129
00:10:15,172 --> 00:10:17,392
ගිනිකෙළි ටික බලලා ගෙදර වරෙන්.
130
00:10:18,321 --> 00:10:19,094
අපිව උඩට අරන් යන්න.
131
00:10:19,096 --> 00:10:21,129
අපි කොහෙවත් යන්නෙ නෑ.
132
00:10:24,050 --> 00:10:25,784
රේවන්, එන්ජින් නවත්තන්න.
133
00:10:25,809 --> 00:10:28,476
හරි. වෙලාවටම ආවා.
134
00:10:34,051 --> 00:10:35,211
තමුන් මොනාද කරන්න යන්නෙ?
135
00:10:35,213 --> 00:10:37,214
ගැබ්බර ගෑණියෙක්ට වෙඩි තියනවද?
136
00:10:37,934 --> 00:10:39,977
නෑ. මම එහෙම කළොත්,
137
00:10:40,002 --> 00:10:41,911
ඔහේගෙ බබා ජීවත්වෙන්න ඉඩ තියෙනවා.
138
00:10:46,189 --> 00:10:49,705
මම මගේ දරුවට මැරෙන්න දෙන්නේ නෑ.
ඔහෙ ඉඩ දෙනවද?
139
00:10:57,607 --> 00:11:00,071
මටනම් මිසයිල පේන්නේ නෑ.
ස්තුති වේවා, ක්ලාක්.
140
00:11:00,408 --> 00:11:02,174
දැන් අපේ වාරේ.
141
00:11:06,920 --> 00:11:08,731
මැක්රරියාගේ අමතර සහය ආවා මදැයි.
142
00:11:08,756 --> 00:11:10,320
හැමෝම වෙඩි තියපල්ලා.
143
00:11:13,022 --> 00:11:14,451
එන්ජිමට ඉලක්ක කරහල්ලා.
144
00:11:14,453 --> 00:11:17,053
වාහනේ නතර උනහම
කාල තුවක්කු ගනිල්ලා!
145
00:11:17,179 --> 00:11:18,850
උන්ට දිනන්න බෑ.
146
00:11:21,288 --> 00:11:22,787
අපි බලමුකෝ ඒක.
147
00:11:25,601 --> 00:11:27,195
වෙඩි තියන්න!
148
00:11:28,701 --> 00:11:29,967
කවුරුහරි මට කියනවද
ඇයි මේ තුවක්කුවෙන්
149
00:11:29,969 --> 00:11:31,606
වෙඩි නොතියා ඉන්නෙ කියලා.
150
00:11:31,631 --> 00:11:33,661
මේක මැඩිගෙ සැලැස්ම.
අපිට කාලතුවක්කු එළියට ගන්න වෙනවා.
151
00:11:33,685 --> 00:11:34,906
උන්ට ලොකු ඉලක්කයක් දීලාද?
152
00:11:34,908 --> 00:11:36,174
අම්මපා, ඒකනම් මරු සැලැස්ම.
153
00:11:36,176 --> 00:11:37,276
පොඩිහරි විශ්වාසයක් තියාගනින්.
154
00:11:43,402 --> 00:11:44,439
මොකක්ද කිව්වේ?
155
00:11:44,464 --> 00:11:45,463
මොකක්ද ප්‍රශ්නෙ?
156
00:11:45,488 --> 00:11:46,184
අපි ළගට ගියා මදි.
157
00:11:46,186 --> 00:11:47,027
ඇයි නතර කලේ?
158
00:11:47,052 --> 00:11:48,820
අරුන් එන්ජිමට වෙඩි තිබ්බා.
හෙනම ගහපිය!
159
00:11:49,244 --> 00:11:51,528
ජෝන්,
වීදුරුවෙන් මෙහාට වෙන්න!
160
00:11:52,994 --> 00:11:54,761
තප්පර දහයයි,
පූර්ණ ආරෝපණය.
161
00:11:54,864 --> 00:11:58,309
පහරදෙන්න ලෑස්ති වෙන්න.
ලොකු තුවක්කුව. යනවලා! දැන්ම! වීරයෝ වෙන්න.
162
00:12:06,409 --> 00:12:07,875
මට ඉලක්කයක් නෑ.
163
00:12:07,877 --> 00:12:09,043
මට තියෙනවා.
164
00:12:15,651 --> 00:12:16,717
මට ළගට යන්න ඕන.
165
00:12:16,719 --> 00:12:17,885
ළගට යන්න.
මම ඔයාව ආවරණය කරන්නම්.
166
00:12:17,887 --> 00:12:19,854
ජෝන්, ජෝන්,
ඔයාට වෙඩි වැදෙයි!
167
00:12:19,856 --> 00:12:21,756
ඔයාට ගානක් නෑ කියලා නේද කිව්වේ.
168
00:12:21,758 --> 00:12:22,924
ජෝන්!
169
00:12:32,302 --> 00:12:34,069
මම ඔයාගෙ පිටි පස්සෙන්ම ඉන්නවා.
170
00:12:34,071 --> 00:12:36,238
ඔයාට වැරදුනොත් එහෙම,
මම ඔයාට ආයේ ඒක කරන්න දෙන්නේ නෑ.
171
00:12:36,240 --> 00:12:37,740
මට වැරදෙන්නේ නෑ.
172
00:12:46,316 --> 00:12:48,483
මර්ෆි, වෙඩි තියන එක නවත්තන්න!
173
00:12:59,960 --> 00:13:01,498
තාම කාල තුවක්කුව නෑ.
174
00:13:01,500 --> 00:13:03,133
දැන් අපි මොකෝ කරන්නෙ?
175
00:13:09,867 --> 00:13:11,175
දැන් අපි දිනනවා.
176
00:13:19,194 --> 00:13:20,219
ඒක වැඩ කළා.
177
00:13:26,394 --> 00:13:27,960
අපිව ගෙදර ගෙනියන්න.
178
00:13:30,392 --> 00:13:31,869
ඉදිරියට යනු..
179
00:13:37,925 --> 00:13:40,299
අන්න උන් එනෝ.
උන්ගේ ගොඩක් ඉන්නවා.
180
00:13:40,324 --> 00:13:43,020
පහු බැහැපල්ලා. පහු බැහැපල්ලා!
ආපහු ගමට යමල්ලා.
181
00:13:43,045 --> 00:13:44,470
ඒක ඉවරයි.
182
00:13:45,047 --> 00:13:47,024
ඔයාගෙ මිනිස්සුන්ට කියන්න
ආයුධ බිම දාන්න කියලා
183
00:13:47,049 --> 00:13:48,656
එතකොට මාත් බිම දාන්නම්.
184
00:13:49,199 --> 00:13:51,233
බොස්, අපි දැන් මොකද කරන්නෙ?
185
00:13:54,891 --> 00:13:57,586
අරකි හෙල්ලුනොත් එහෙම
වෙඩි තියලා දාහල්ලා.
186
00:14:01,566 --> 00:14:03,457
ඩියෝසා, එයා මොනාද කරන්නෙ?
187
00:14:04,326 --> 00:14:05,592
මැක්‍රරි...
188
00:14:07,815 --> 00:14:09,515
මැක්‍රරි, එපා.
189
00:14:12,084 --> 00:14:13,942
ක්ලාක්, ඔයාට එයාව නවත්තන්න වෙනවා.
190
00:14:14,130 --> 00:14:16,244
ඌ අපි හැමෝවම මරලා දායි.
191
00:14:16,436 --> 00:14:19,048
එයාට වෙඩි තියන්න!
මේ දැන්මම!
192
00:14:19,050 --> 00:14:21,884
මැක්‍රරි, තමුසේ මෙච්චරම පිස්සෙක් වෙන්න බෑ.
193
00:14:21,886 --> 00:14:23,252
- ෂෝ?
- පෘථිවි කක්ෂයට ආවහම
194
00:14:23,254 --> 00:14:24,954
ඒක තමයි අපේ සැලැස්ම උනේ.
195
00:14:25,135 --> 00:14:27,991
පෘථිවියට එන පාර හදාගන්න
හයිත්රෝලෝඩියම් සන්නද්ධ කරන එක.
196
00:14:28,120 --> 00:14:29,625
ඒකෙන් නිම්නය විනාශ වෙයි.
197
00:14:29,627 --> 00:14:32,362
හරි, හරි.
මම තුවක්කුව බිමින් තිබ්බා.
198
00:14:38,179 --> 00:14:40,379
මට මේ නිම්නය තියාගන්න බැරිනම්...
199
00:14:41,790 --> 00:14:43,590
කාටවත්ම බෑ.
200
00:14:47,189 --> 00:14:49,073
භාණ්ඩ පිටත් කළා.
201
00:15:05,675 --> 00:15:08,205
ඝට්ටනයට විනාඩි 14යි.
202
00:15:09,720 --> 00:15:11,822
අපි මොනාද කරන්නෙ?
203
00:15:11,916 --> 00:15:13,091
උඹටනම් ඇත්තටම පිස්සු.
204
00:15:13,116 --> 00:15:16,451
තමා ආරක්ෂා වෙන එකේ තියෙන පිස්සුව මොකක්ද?
205
00:15:16,954 --> 00:15:18,788
එහෙම තමයි අපි අපේ ළමයාව බේරගන්නේ.
206
00:15:18,790 --> 00:15:20,234
ඕනේ මගුලක්.
අපි කොහොමද ඒක නවත්තන්නේ?
207
00:15:20,259 --> 00:15:21,883
ඝට්ටනයට විනාඩි 13යි.
208
00:15:21,908 --> 00:15:23,391
අපි එහෙම කරන්නෙ නෑ.
209
00:15:24,195 --> 00:15:25,930
අපි ඉන්නෙ යානෙක.
210
00:15:25,955 --> 00:15:28,241
අපිව අභ්‍යවකාශයට අරන් යන්න,
එතකොට අපි බේරෙනවා.
211
00:15:28,266 --> 00:15:29,290
ඒක හරිම සරලයි.
212
00:15:29,315 --> 00:15:31,704
ග්‍රහලෝකයක් නැතුව කොච්චර කාලයක්ද?
213
00:15:32,204 --> 00:15:34,369
අපිට ඉන්න වෙන තාක්කල්.
214
00:15:35,385 --> 00:15:36,705
එයා කියන දේ කරන්න, ෂෝ.
215
00:15:37,915 --> 00:15:39,654
යානය පදවන්න.
216
00:15:40,079 --> 00:15:41,696
මොකක්? මොකක්? නෑ.
217
00:15:41,721 --> 00:15:44,022
මගේ යාළුවො. අපේ යාළුවො. මැඩි!
218
00:15:44,232 --> 00:15:45,813
ඔයාට ජීවත්වෙන්න ඕනද නැද්ද?
219
00:15:45,838 --> 00:15:49,056
මේ මගුලේ යානේ පදවනවා
එහෙම නැත්නම් රේවන් කරවෙලා යයි.
220
00:15:49,724 --> 00:15:52,628
ඒක කරනවා, ෂෝ.
ඔයාට තප්පර 3ක් තියෙනවා.
221
00:15:53,877 --> 00:15:58,446
3යි... 2යි... 1යි.
222
00:16:13,231 --> 00:16:14,998
ඝට්ටනයට විනාඩි 12යි.
223
00:16:15,000 --> 00:16:16,974
උඹ කවදාවත්ම උඹේ දුවව දකින්නේ නෑ.
224
00:16:25,678 --> 00:16:26,844
ඒක ඇහුනද?
225
00:16:26,846 --> 00:16:28,499
මොන මගුලක්ද ඒ?
226
00:16:28,524 --> 00:16:30,823
ඒක හැම පැත්තෙන්ම ඇහෙනවා.
227
00:16:31,586 --> 00:16:33,519
සීයක් විතර එනවා වගේ.
228
00:16:35,522 --> 00:16:37,556
ආයුධ බිම දාන්න!
229
00:16:39,212 --> 00:16:41,991
දැන්ම උඹලගේ ආයුධ බිම දාපල්ලා.
230
00:16:43,074 --> 00:16:45,141
උඹලගේ ආයුධ බිම දාපල්ලා.
231
00:16:47,254 --> 00:16:48,379
මුන් සේරම මරන්න.
232
00:16:48,404 --> 00:16:50,704
ඉන්න! වෙඩි තියන්න එපා.
233
00:16:50,972 --> 00:16:52,286
එයාලා යටත් උනා.
ඒක ඉවරයි.
234
00:16:52,311 --> 00:16:55,216
උන් දුර්ගයේදී අපේ සිය ගානක් මැරුවා.
235
00:16:55,241 --> 00:16:57,575
දැල්ල ඔයාට කියන්නෙ
මේ දේ වෙන්න බැහැ.
236
00:16:57,600 --> 00:16:59,400
මගේ ගෙදර ආක්‍රමණය කෙරුව
අපරාධකාරයෝ රොත්තකට
237
00:16:59,425 --> 00:17:02,260
මොනාද කරන්නෙ කියලා දැනගන්න
මට දැල්ලක් ඕන නෑ.
238
00:17:02,516 --> 00:17:04,583
කලිනුත් අපි මේකට මූණ දුන්නා, මැඩි.
239
00:17:04,752 --> 00:17:07,564
අපි තමයි අපරාධකාරයෝ උනේ. අපි 100දෙනා.
240
00:17:07,856 --> 00:17:10,824
අපි වෙන කෙනෙක්ගෙ ගෙදරට ගොඩ බැස්සා,
241
00:17:10,826 --> 00:17:12,531
ඒ කරලා අපි යුද්ද කළා.
242
00:17:13,039 --> 00:17:15,307
ඔයාට පුළුවන් හතුරෝ වෙච්ච හින්දා
මෙයාලව මරලා දාන්න
243
00:17:15,332 --> 00:17:17,553
නැත්නම් ඔයාට පුළුවන් මේ චක්‍රය කඩන්න.
244
00:17:17,834 --> 00:17:19,647
ඔයාට පුළුවන් එයාලට වඩා හොද වෙන්න.
245
00:17:20,203 --> 00:17:22,014
ඔයාට පුළුවන් අපිට වැඩිය හොද වෙන්න.
246
00:17:28,475 --> 00:17:30,709
තීරණය ඔයාගෙ, හෙඩා.
247
00:17:36,658 --> 00:17:37,826
ඒ මොකක්ද?
248
00:17:37,851 --> 00:17:39,050
ඉවත් වීමේ සංඥාව.
249
00:17:39,404 --> 00:17:41,013
ඒ කියන්නෙ වාතාවරණය අනාරක්ෂිතයි.
250
00:17:41,038 --> 00:17:42,232
අපි මෙහෙන් යන්න ඕන.
251
00:17:42,234 --> 00:17:43,534
හැමෝම අහගන්න.
252
00:17:43,536 --> 00:17:46,204
අපි දන්න කියන ජිවිතේ
ඉවරයක් වෙන්නයි යන්නෙ.
253
00:17:46,206 --> 00:17:48,106
දැන්ම ප්‍රවාහන යානයට එනවලා
254
00:17:48,108 --> 00:17:49,841
මෙහෙන් යන්න.
255
00:17:49,843 --> 00:17:51,085
රේවන්, මේ මොන්ටි.
256
00:17:51,109 --> 00:17:52,177
අපි තුවාලකාරයන්ව අරගෙන එනවා.
257
00:17:52,179 --> 00:17:53,842
දෙයියන්ට ස්තුතිවේවා, මොන්ටි. ඉක්මන් කරන්න!
258
00:17:53,867 --> 00:17:55,224
ඉන්න, ඉන්න, ඉන්න.
තප්පරයක් ඉන්න.
259
00:17:55,249 --> 00:17:56,435
හෙමීට එන්නෙ.
260
00:17:56,460 --> 00:17:57,876
අනිත් ප්‍රශ්න ටික පැත්තකට දැම්මහම,
261
00:17:57,900 --> 00:17:58,899
අපිට කොච්චර වෙලාවක් තියෙනවද?
262
00:17:58,924 --> 00:18:00,519
විනාඩි 9යි.
263
00:18:00,521 --> 00:18:02,521
අපි පුළුවන් තරම් වෙලාවක් බලන් ඉන්නම්.
264
00:18:02,768 --> 00:18:03,893
කලින් වගේමයි.
265
00:18:05,244 --> 00:18:06,180
යමු.
266
00:18:06,205 --> 00:18:07,471
එයාට යන්න වෙන්නෙ නෑ.
267
00:18:08,062 --> 00:18:09,822
අපිට එයාව දාලා යන්න වෙනවා.
268
00:18:11,213 --> 00:18:12,208
කට්ටියට පාර පෙන්නන්න.
269
00:18:12,233 --> 00:18:13,833
- හරි.
- මම මර්ෆිව අරගන්නම්.
270
00:18:13,835 --> 00:18:14,935
අපි ඔයාලගේ පස්සෙන්ම එන්නම්.
271
00:18:14,960 --> 00:18:17,045
- එන්න.
- මං ඔයාව අරගත්තා.
272
00:18:17,166 --> 00:18:19,773
හරි. මා එක්ක එන්න! 3, 2, 1.
273
00:18:19,775 --> 00:18:21,448
යන්න, යන්න!
274
00:18:23,912 --> 00:18:25,912
එයා හරි.
දිගටම යන්න.
275
00:18:25,914 --> 00:18:28,448
එතනට දුර වැඩියි.
ඒ හැටි වෙලාවකුත් නෑ.
276
00:18:28,450 --> 00:18:30,806
එහෙනම් මං හිතන්නෙ
අපි දෙන්නම මැරිලා යයි,
277
00:18:31,579 --> 00:18:32,920
මොකද මොනම හේතුවක් නිසාවත්
මම ආදරේ කෙරුව
278
00:18:32,922 --> 00:18:34,722
මනුස්සයව දාලා යන්නෙ නෑ.
279
00:18:38,027 --> 00:18:40,161
මං ඔයාට එහෙම කරන්නෙ නෑ, එමොරි.
මට දුවන්න බෑ.
280
00:18:40,163 --> 00:18:41,829
- නෑ, ඔයාට පුළුවන්.
- නෑ...
281
00:18:42,977 --> 00:18:44,010
හැබැයි මට පුළුවන්.
282
00:18:44,035 --> 00:18:47,258
- මොන්ටි, මොකක්... මොන්...
- එන්න.
283
00:19:02,881 --> 00:19:05,482
ඝට්ටනයට විනාඩි 8යි.
284
00:19:05,484 --> 00:19:07,283
රේවන්, අපි යන්න ලෑස්තියි.
285
00:19:08,882 --> 00:19:10,887
ක්ලාක්, අපි පද්ධති සේරම පණ ගන්නලා තියෙන්නෙ.
286
00:19:10,889 --> 00:19:12,389
මේ කට්ටිය කොයි ලෝකෙද?
287
00:19:24,810 --> 00:19:26,404
අපි යං! එන්න!
288
00:19:26,406 --> 00:19:28,907
දෙයියන්ට ස්තුති වේවා.
එයාලා ඇවිත්.
289
00:19:32,101 --> 00:19:32,944
ඉක්මනට!
290
00:19:32,946 --> 00:19:36,548
- මෙතන. මේ පැත්තෙන්! අන්න ඒක.
- යන්න!
291
00:19:40,354 --> 00:19:42,220
හැමෝම දැන්ම යානයට නගින්න!
292
00:19:42,222 --> 00:19:44,223
ඝට්ටනයට විනාඩි හතයි.
293
00:19:44,225 --> 00:19:46,192
ක්ලාක්, මොකක්ද මේ?
මොකක්ද සිද්දවෙන්නේ?
294
00:19:46,330 --> 00:19:48,137
ඇතුළට ගියහම කියන්නම්.
295
00:19:48,606 --> 00:19:49,919
නෑ. අරුන්ට යන්න බෑ.
296
00:19:49,944 --> 00:19:51,333
එයාලට පුළුවන්.
297
00:19:51,358 --> 00:19:52,891
මුලින්ම අපි එයාලගේ ජිවිත බේරගන්නවා,
298
00:19:53,204 --> 00:19:55,404
පස්සෙ අපි එයාලට අවස්ථාව දෙමු
එයාලා ඒකට සුදුසුයි කියලා පෙන්නන්න.
299
00:19:57,000 --> 00:19:58,447
කමාන්ඩර්ලද ඔයාට ඒක කිව්වේ?
300
00:19:58,472 --> 00:20:01,064
නැහැ. බෙලමි.
301
00:20:04,613 --> 00:20:06,947
ඇබි කොහෙද? ගායාට එයාව ඕන වෙයි.
302
00:20:07,066 --> 00:20:08,465
එයා ඔයාලා එක්ක නෙවෙයිද?
303
00:20:09,919 --> 00:20:11,785
එයා ගමේ හිටියෙ.
මං එයාව හොයන්න යනවා.
304
00:20:11,787 --> 00:20:14,923
එපා. අපි ගම පරික්ෂා කරන්න
කණ්ඩායමක් තියලා ආවේ.
305
00:20:14,925 --> 00:20:16,509
එයාලා එයාව අරන් එයි.
306
00:20:17,060 --> 00:20:19,761
එයාව ඇතුළට ගෙනියන්න!
එයාව දැන්ම ඇතුළට ගෙනියන්න!
307
00:20:33,048 --> 00:20:35,448
හොදයි. උදව් කරන්න.
308
00:20:35,542 --> 00:20:37,242
මට ඔයාගෙ උදව් ඕන.
309
00:20:37,748 --> 00:20:39,782
ඔයා යනවා කියන්නෙවත් නැතුව ආවේ.
310
00:20:43,818 --> 00:20:46,420
ඝට්ටනයට විනාඩි හයයි.
311
00:20:47,292 --> 00:20:49,701
මම ආවේ ඔයාව මරන්න නෙවෙයි, ඇබි.
312
00:20:50,290 --> 00:20:52,957
මට කේන් ගැන කණගාටුයි,
ඒත් දැන් යන්න වෙලාව.
313
00:20:53,964 --> 00:20:56,097
බෑ. මං එයාව දාලා එන්නෙ නෑ.
314
00:21:00,215 --> 00:21:04,742
අපි කලිනුත් මේක කරලා තියෙනවා.
මේක තෝරාගැනීමක් නෙවෙයි.
315
00:21:04,744 --> 00:21:06,210
එහෙම තමයි.
316
00:21:08,214 --> 00:21:10,479
එතකොට මම රාක්ෂයෙක් උනාට කමක් නෑ,
317
00:21:10,504 --> 00:21:12,938
ඔයාට වෙන්න හොද නෑ? ඒක හරි දෙයක්ද?
318
00:21:13,053 --> 00:21:17,128
කන්න බැරිනම් මැරෙන්න.
ඒකට ඔයත් සම්බන්ධයි.
319
00:21:17,720 --> 00:21:21,324
ඔව්, එහෙම තමයි. ඔයා හරි.
320
00:21:22,051 --> 00:21:23,362
එයා ඒක දැනන් හිටියෙ.
321
00:21:25,165 --> 00:21:26,618
ඉතින් කරන දෙයක් කරන්න.
322
00:21:26,823 --> 00:21:29,205
මාව මරන්න නැත්නම් මෙතනින් යන්න.
323
00:21:29,876 --> 00:21:32,076
මොකද මං ආදරේ කරන මනුස්සයව
මම බේරගන්නවම තමයි.
324
00:21:36,325 --> 00:21:38,337
මා ගාව ඊට වඩා හොද අදහසක් තියෙනවා.
325
00:21:41,449 --> 00:21:42,983
මොන්ටි, අමතන්න.
326
00:21:42,985 --> 00:21:44,544
ඝට්ටනයට විනාඩි තුනයි.
327
00:21:44,568 --> 00:21:46,597
ඔයාට මාව ඇහෙනවද?
328
00:21:47,557 --> 00:21:50,925
ඔයා කොහෙද ඉන්නෙ? කරුණාකරලා කතා කරන්න.
329
00:22:01,238 --> 00:22:04,606
අපි තව වෙලා බලාගෙන හිටියොත්,
අපිට කොහෙවත් යන්න වෙන්නෙ නෑ.
330
00:22:09,442 --> 00:22:11,213
ඔයා එයාට සමාව දෙන්න ඕන.
331
00:22:11,215 --> 00:22:12,861
දැන් ඕවා කතා කරන්න වෙලාවක් නෑ, මැඩි.
332
00:22:12,886 --> 00:22:14,025
ඔයා පොඩ්ඩක්වත් දන්නවද
333
00:22:14,050 --> 00:22:15,785
එයා ඔයා ගැන කොච්චර හිතනවද කියලා?
334
00:22:15,787 --> 00:22:17,299
මාව සටන් වලේ මැරෙන්න
335
00:22:17,324 --> 00:22:19,057
අතෑරලා එන්න තරම්.
336
00:22:19,223 --> 00:22:21,257
ඒක වැරැද්දක්.
337
00:22:21,282 --> 00:22:22,611
ඔයා ආදරේ කෙරුව
ළමයාව ආරක්ෂා කරන්න
338
00:22:22,636 --> 00:22:24,169
ඔයා වැරදි කීයක්නම් කෙරුවද?
339
00:22:25,921 --> 00:22:27,023
ඒක වෙනස්.
340
00:22:27,048 --> 00:22:28,214
එහෙමද?
341
00:22:29,632 --> 00:22:30,968
හරිනම් මම ඔයාට මේක නොකියා ඉන්න ඕන,
342
00:22:30,970 --> 00:22:32,736
හැබැයි ඔයා වළල්ලේ ඉන්න කොට,
343
00:22:32,738 --> 00:22:34,058
එයා ඔයාට රේඩියෝ එකෙන් කතා කළා
344
00:22:34,083 --> 00:22:36,517
අවුරුදු හයක් තිස්සේ හැම දවසකම.
345
00:22:38,258 --> 00:22:39,991
ඔයා ඒක දැනන් හිටියෙ නෑ නේද?
346
00:22:44,532 --> 00:22:46,775
ඝට්ටනයට විනාඩි දෙකයි.
347
00:22:46,800 --> 00:22:47,900
අන්න!
348
00:22:52,350 --> 00:22:54,016
අපිට උදව් ඕන!
349
00:22:56,013 --> 00:22:57,036
කේන්ට මොකක්ද උනේ?
350
00:22:57,060 --> 00:22:58,927
අම්මේ, මම මේ වගක් දැනන් හිටියෙ නෑ.
351
00:22:58,952 --> 00:23:00,633
ඔයාට දැනගන්න විදිහක් නෑනේ.
352
00:23:00,635 --> 00:23:01,967
මව් යානයේ සැත්කම් කාමරයක් තියෙනවා.
353
00:23:01,992 --> 00:23:03,512
එතනට යන්න පුලුවන්නම්
මට මෙයාව බේරගන්න පුළුවන්.
354
00:23:04,321 --> 00:23:05,108
ඒ මොකක්ද?
355
00:23:05,133 --> 00:23:07,617
ශබ්ද පිපිරීමක්. ඒක ළගයි.
අපිට ඉක්මන් කරන්න වෙනවා.
356
00:23:08,117 --> 00:23:10,384
බෙලමි, අපි ආවා. තුවාලකාරයන්ව ගෙනියන්න
උදව් ඕන.
357
00:23:10,408 --> 00:23:11,611
කේන්ව යානයට ගෙනියන්න.
358
00:23:11,613 --> 00:23:12,812
අපි ඔයා පස්සෙන්ම එන්නම්. යන්න.
359
00:23:12,814 --> 00:23:14,247
- අනිත් කට්ටිය කොහෙද?
- මර්ෆිට වෙඩි වැදුනා.
360
00:23:14,249 --> 00:23:15,203
එයාව දාගෙන එන්න
ඇදක් තිබ්බේ නෑ,
361
00:23:15,228 --> 00:23:16,830
එයාලා මග එනවා.
එයාලා එන්නම ඕන.
362
00:23:16,855 --> 00:23:19,222
- විගහට!
- ගායා, මෙහෙ බලන්න.
363
00:23:19,721 --> 00:23:20,628
එන්න!
364
00:23:20,653 --> 00:23:22,252
හැමෝම ඇතුළට යන්න.
365
00:23:24,471 --> 00:23:26,638
මොන්ටි, කතා කරන්න.
366
00:23:28,798 --> 00:23:30,798
මොන්ටි, ඔයාට මාව ඇහෙනවද?
367
00:23:34,315 --> 00:23:36,871
මේ යාලුවනේ? උඩ බලන්න.
368
00:23:39,750 --> 00:23:42,284
අපිට බලන් ඉන්න බෑ.
අපිට දොර වහන්න වෙනවා.
369
00:23:43,108 --> 00:23:45,811
- බෙලමි.
- මං එයාලා එනකම් ඉන්නවා.
370
00:23:46,264 --> 00:23:47,959
ඝට්ටනයට විනාඩියයි.
371
00:23:47,984 --> 00:23:49,365
බෙලමි, අපිට යන්න වෙනවා.
372
00:23:49,390 --> 00:23:51,223
ක්ලාක්, ඔයාට කැමති දෙයක් කරන්න.
373
00:23:51,248 --> 00:23:53,648
මම යාළුවන්ව දාලා යන්නෙ නෑ.
374
00:24:00,249 --> 00:24:02,198
මට ආයෙම පාරක් එහෙම කරන්න බෑ.
375
00:24:04,002 --> 00:24:06,092
ක්ලාක්, අපි එන්ජින් ක්‍රියා කරවන්න ඕන.
376
00:24:06,117 --> 00:24:08,217
දොර වහන්න නැත්නම් මං ඕක වහනවා.
377
00:24:10,499 --> 00:24:12,012
රේවන්, අපිට තව ටික වෙලාවක් ඕන.
378
00:24:12,037 --> 00:24:13,699
තව වෙලාව නෑ.
379
00:24:14,031 --> 00:24:15,599
ඝට්ටනයට තප්පර 30යි.
380
00:24:15,623 --> 00:24:17,556
බෙලමිට යානේ ඇතුළට එන්න කියන්න.
381
00:24:17,683 --> 00:24:19,410
27, 26...
382
00:24:19,435 --> 00:24:20,818
ක්ලාක්, මටත් මේක කරන්න ඕනකමක් නෑ,
383
00:24:20,842 --> 00:24:22,599
ඒ උනාට මම තෙරපුම් ක්‍රියාත්මක කරනවා.
384
00:24:22,623 --> 00:24:26,213
22, 21, 20, 19...
385
00:24:26,238 --> 00:24:28,560
බෙලමි! ඉන්න!
386
00:24:28,562 --> 00:24:29,561
එයාලා ආවා!
387
00:24:29,563 --> 00:24:31,029
එයාලා ආවා.
388
00:24:31,031 --> 00:24:35,967
- 14, 13, 12, 11, 10...
- උඹ මේක කරනවා.
389
00:24:35,969 --> 00:24:37,268
වැඩියෙනුත් එක්ක වෙලාව තියෙනවා.
390
00:24:37,270 --> 00:24:42,012
8, 7, 6, 5, 4,
391
00:24:42,037 --> 00:24:44,805
3, 2, 1.
392
00:24:51,184 --> 00:24:52,594
රේවන්, එයාලා ඇතුලෙ.
393
00:24:52,619 --> 00:24:53,587
යානය දියත් කරන්න.
394
00:24:53,612 --> 00:24:57,503
තේරුනා. 3, 2, 1.
395
00:24:58,079 --> 00:25:00,379
අල්ලගෙන ඉන්න.
මේක නූලෙන් වගේ යන්නෙ.
396
00:25:14,250 --> 00:25:15,782
එක වතාවකට හරි මම කැමතියි
ගිනි ගන්නේ නැති
397
00:25:15,806 --> 00:25:17,446
ලෝකෙකින් යන්න.
398
00:25:45,668 --> 00:25:47,279
මර්ෆිට කොහොමද?
399
00:25:47,816 --> 00:25:49,616
ජැක්සන් උණ්ඩ දෙකම ගත්තා.
400
00:25:49,641 --> 00:25:51,161
එයාට හොද වෙයි.
401
00:25:52,256 --> 00:25:54,187
කැරපොත්තන්ව මරන්න අමාරුයි.
402
00:25:54,632 --> 00:25:56,046
එමොරි දැන් එයා එක්ක.
403
00:25:57,634 --> 00:25:59,390
ගායාට කකුල නැතිවෙන එකක් නෑ.
404
00:26:02,046 --> 00:26:03,451
කේන්?
405
00:26:04,790 --> 00:26:06,735
එයාව බෙහෙත්වලින් කෝමා එහෙකට යැව්වා.
406
00:26:07,329 --> 00:26:08,541
මං දන්නේ නෑ ඒ ඇයි කියලනම්,
407
00:26:08,566 --> 00:26:10,502
හැබැයි ජැක්සන් කියනවා
එයාව දිගටම එහෙම තියන්න
408
00:26:10,527 --> 00:26:12,394
බෙහෙත් මදි කියලා.
409
00:26:12,730 --> 00:26:14,363
ඒකෙ හොදක්නම් නෑ.
410
00:26:19,204 --> 00:26:20,999
මොකද වෙන්නෙ එයාට බෙහෙත් අවශ්‍ය නැත්නම්?
411
00:26:21,872 --> 00:26:23,731
මම හිමායන නින්ද ගැනනම්
වැඩි යමක් දන්නේ නෑ,
412
00:26:23,756 --> 00:26:25,289
හැබැයි ඒකෙන් එයාව
ජීවතුන් අතරවත් තියයි.
413
00:26:25,418 --> 00:26:28,498
ඒක බුද්ධිමත්.
මම අම්මට කියන්නම්.
414
00:26:28,950 --> 00:26:33,295
ඒයි. ඔයාගෙ වැඩ ඉවර කළාට පස්සෙ,
පාලන මැදිරියට එන්න.
415
00:26:34,017 --> 00:26:37,419
අපි මානව සංහතියේ ඉරණම ගැන
තීරණය කරනවා. ආයෙමත්.
416
00:26:37,523 --> 00:26:39,190
ඔයත් එතන ඉන්න ඕන.
417
00:26:41,247 --> 00:26:43,781
ඔයාව පෝලිස්වල දාලා ගිය එක ගැන
මාත් එක්ක තරහා නැද්ද?
418
00:26:45,988 --> 00:26:48,232
කමාන්ඩර් මට අණ කළා
තරහ ගන්න එපා කියලා.
419
00:26:51,629 --> 00:26:53,518
පාලන මැදිරියේදි හම්බවෙන්නම්.
420
00:27:17,332 --> 00:27:20,032
සතුටු වෙන්න.
මටත් ආරාධනාවක් ලැබුනේ නෑ.
421
00:27:33,701 --> 00:27:36,035
ඔයා දන්නවා ඔයාගෙ වැරැද්ද මොකක්ද කියලා.
422
00:27:36,060 --> 00:27:38,894
බංකරේ ඇරපු දවසේ ඔයාව
මැරුවේ නැති එකද?
423
00:27:38,949 --> 00:27:40,449
ඒකත් එකක්.
424
00:27:41,906 --> 00:27:44,407
එහෙම උනානම් ඒක මොනවගේ පාඩමක් වෙයිද?
425
00:27:46,692 --> 00:27:50,332
ඔයාගෙ වරද තමයි බලයට ආස උන එක..
426
00:27:53,447 --> 00:27:55,195
ඒක මරණයේ හාද්දක්.
427
00:27:57,923 --> 00:28:00,203
ඒකට කමක් නෑ.
මාත් ඒකට ආස උනා.
428
00:28:04,890 --> 00:28:08,547
එක උද්‍යානයයි, සර්පයෝ දෙන්නයි.
429
00:28:11,590 --> 00:28:14,157
උද්‍යානයට අවස්ථාවක් තිබ්බෙම නෑ.
430
00:28:25,035 --> 00:28:26,841
ඒක ඉවරයි, කට්ටිය.
431
00:28:27,502 --> 00:28:29,466
මේක වහලා දාන්න, ෂෝ.
432
00:28:30,678 --> 00:28:32,795
ආක් එකේ හිටිය අපේ මුතුන්මිත්තන් වගේම,
433
00:28:33,224 --> 00:28:34,716
අපි තමයි මානව සංහතියේ අන්තිමයෝ.
434
00:28:34,741 --> 00:28:37,863
අපේ මුතුන්මිත්තො වැරදියි.
අපි වැරදි නෑ.
435
00:28:37,908 --> 00:28:40,052
මේ යානයේ මිනිස්සු 412ක් ඉන්නවා.
436
00:28:40,077 --> 00:28:42,941
මැඩිට පිං සිද්දවෙන්න
අපි පුළුවන් තරමක් බේරගත්තා.
437
00:28:43,279 --> 00:28:45,379
දැන් අපේ වැඩේ එයාලව ජිවත් කරවන එක.
438
00:28:46,614 --> 00:28:48,341
අපි කොහොමද ඒක කරන්නෙ?
439
00:28:50,561 --> 00:28:53,524
- ඇල්ගී?
- මාව දැන්ම මරපන්කෝ.
440
00:28:56,172 --> 00:28:57,537
මං කතා කරන්නද...?
441
00:28:57,539 --> 00:28:58,859
හා.
442
00:28:59,836 --> 00:29:02,584
හයිත්රෝලෝඩියම්වලින් වෙන
විනාශය ගැන අපි දන්න හැටියටනම්,
443
00:29:02,609 --> 00:29:06,016
නිම්නය ආපහු හරියන්න
අවම අවුරුදු දහයක්වත් යයි.
444
00:29:06,141 --> 00:29:08,330
මේ යානයේ කුඩා ජල
ප්රතිචක්රීකාරකයක්
445
00:29:08,377 --> 00:29:10,884
සහ සති කීපෙකට ඇතිවෙන්න
සලාක තියෙනවා, එච්චර තමයි.
446
00:29:11,353 --> 00:29:13,525
හිමායනය තමා එකම විකල්පේ.
447
00:29:13,657 --> 00:29:15,132
මේකේ කුටීර 500ක් තියෙනවා,
448
00:29:15,157 --> 00:29:16,672
ඒ ගාන අපිට වැඩිපුරත් එක්ක.
449
00:29:16,697 --> 00:29:18,101
මම ෂෝ එක්ක එකගයි.
450
00:29:18,126 --> 00:29:19,938
ඒ තාක්ෂනය පුදුමාකාරයි.
451
00:29:19,963 --> 00:29:21,291
අපි නින්දට ගියොත්
අපි වයසට යන්නෙ නැහැ,
452
00:29:21,316 --> 00:29:23,565
අපි හෙට උදේ ඇහැරෙද්දි,
අවුරුදු දහයක් ගිහිල්ලා තියෙයි.
453
00:29:23,567 --> 00:29:24,892
එතකොට බොබ් තමා ඔයාගෙ මාමා.
454
00:29:24,917 --> 00:29:26,245
මම හිතුවේ ඔයා
ඒ වාක්‍යයට කැමතිම නෑ කියලා.
455
00:29:26,270 --> 00:29:27,987
මං ඒකට කැමති වේගෙන එන්නෙ.
456
00:29:28,671 --> 00:29:30,104
ඒක ඔයාට බාරයි, මැඩි.
457
00:29:38,428 --> 00:29:40,014
හරි.
458
00:29:40,780 --> 00:29:42,397
මං හිතන්නෙ දැන් නිදාගන්න වෙලාව.
459
00:29:48,475 --> 00:29:51,137
හරි, මැඩි,
සේරම ලෑස්තියි.
460
00:29:55,277 --> 00:29:57,060
අපිට හීන පෙනෙයිද?
461
00:29:57,703 --> 00:30:00,403
මං දන්නේ නෑ.
හැබැයි එහෙම පෙනුනොත්,
462
00:30:00,654 --> 00:30:02,321
මගේ හීනවලින් ඔයාව දකින්නම්.
463
00:30:07,530 --> 00:30:09,046
යන්න.
464
00:30:12,935 --> 00:30:14,461
හරි.
465
00:30:18,740 --> 00:30:20,112
ඔයා ලෑස්තිද?
466
00:30:31,987 --> 00:30:34,173
මට ඔයා ගැන ආඩම්බරයි, මැඩි.
467
00:30:42,840 --> 00:30:44,817
හරි. ඔයාගෙ වාරේ.
468
00:30:50,088 --> 00:30:52,960
මේකත් පොළවේ තිබ්බ දොර වහනවා වගේ වැඩක්.
469
00:30:56,002 --> 00:30:57,757
ඒ වගේ තමයි.
470
00:31:00,773 --> 00:31:01,968
ඉන්න.
471
00:31:08,375 --> 00:31:10,345
මම ඔයාට ආදරෙයි අයියෙ.
472
00:31:14,896 --> 00:31:16,888
මං දන්නවා මටත් ඔයා ආදරෙයි කියලා.
473
00:31:21,671 --> 00:31:24,527
ඒක අහන්න මට අවුරුදු 10ක්
බලා ඉන්න තියන්න එපා.
474
00:31:27,707 --> 00:31:29,345
ඔයා මගේ නංගි,
475
00:31:29,775 --> 00:31:32,810
මගේ කොටසක් හැමදාම ඔයාට ආදරේ කරයි.
476
00:31:41,330 --> 00:31:44,155
අනිත් කොටස තාමත් හිතන්නෙ
මම මැරුණානම් හොදයි කියලද?
477
00:31:47,209 --> 00:31:52,890
අනිත් කොටස හිතනවා ඔයාගෙ
කොටසක් මැරුනානම් හොදයි කියලා. ඔව්.
478
00:31:54,007 --> 00:31:55,693
ඒක සාධාරණයි.
479
00:31:59,732 --> 00:32:02,091
ඒක අවුරුදු දහයක් වගේ දැනෙන එකක් නෑ.
480
00:33:28,014 --> 00:33:29,606
ඒයි.
481
00:33:30,497 --> 00:33:32,029
ඒයි.
482
00:33:39,927 --> 00:33:41,792
ඇයි අපි විතරක්?
483
00:33:43,893 --> 00:33:47,429
අම්මටයි තාත්තටයි ඕන උනේ එහෙම කරන්න.
484
00:33:50,295 --> 00:33:51,838
මම කියන්නද වාව් කියලා.
485
00:33:51,840 --> 00:33:53,740
මට කියාගන්න බෑ
ඔයාලව මුණගැහුන එක
486
00:33:53,742 --> 00:33:55,320
මොන තරම් සතුටක්ද කියලා.
487
00:33:55,345 --> 00:33:57,531
අමුතුයි හැබැයි හොදයි.
කියලා වැඩක් නෑ.
488
00:33:58,968 --> 00:34:00,123
ඔයා කවුද?
489
00:34:00,148 --> 00:34:01,286
මගේ නම. හරිනේ.
490
00:34:01,311 --> 00:34:03,311
මම නම කිව්වේ නෑ නෙව. සමාවෙන්න.
491
00:34:03,453 --> 00:34:06,988
මීට කලින් මම කාවවත් මුණගැහිලා නෑ,
492
00:34:06,990 --> 00:34:08,968
ඉතින්,
මට ඒක කරන්න තේරෙන්නේ නෑ.
493
00:34:11,094 --> 00:34:15,731
මම ජෝර්ඩන්,
මොන්ටිගෙයි හාපර්ගෙයි පුතා.
494
00:34:20,095 --> 00:34:21,899
එයාලා නින්දට ගිහින් නෑ.
495
00:34:22,579 --> 00:34:25,107
ඔයාලා වළල්ලේ හිටිය කාලේ ගැන
එයාලා ගොඩක් දේවල් කිව්වා.
496
00:34:25,444 --> 00:34:27,149
සෑහෙන්න දේවල්.
497
00:34:28,040 --> 00:34:30,713
එයාලා එතන කොච්චර සතුටෙන් හිටියද කියලා.
498
00:34:30,715 --> 00:34:33,229
මං හිතන්නෙ එයාලට
ඒක ආපහු ඕන උනා.
499
00:34:33,721 --> 00:34:35,143
ඇද පැළදගෙන පාලන මැදිරියට එන්න.
500
00:34:35,168 --> 00:34:36,627
තාත්තා උපදෙස් වගයක් දීලා ගියේ.
501
00:34:36,652 --> 00:34:38,719
ක්ලාක්වයි බෙලමිවයි මුලින්ම ඇහැරවන්න.
502
00:34:38,857 --> 00:34:40,690
එයාලට පණිවිඩය පෙන්නන්න.
503
00:34:42,691 --> 00:34:44,093
ඒයි, ඉන්න.
504
00:34:46,160 --> 00:34:48,137
අපි කොච්චර කාලයක් නින්දේ හිටියද?
505
00:34:50,340 --> 00:34:52,359
අවුරුදු 125ක්.
506
00:34:55,841 --> 00:34:58,007
ඒයි, යාළුවනේ,
ඔයාලා හැමෝම නින්දට ගිහින්
507
00:34:58,032 --> 00:34:59,799
දැන් අවුරුද්දක් වෙනවා.
508
00:35:00,047 --> 00:35:01,757
වාර්තා කරන්න කියලා දෙයක් නෑ, ඇත්තටම.
509
00:35:01,782 --> 00:35:05,817
මගේ ඇල්ගී ගොවිපළනම් සුපිරි.
ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ.
510
00:35:05,937 --> 00:35:08,221
මට පුළුවන් උනා පෘථිවියේ තත්වය
නිරීක්ෂණය කරන්න
511
00:35:08,246 --> 00:35:10,646
යානයේ භූ විද්‍යාත්මක
උපකරණවලින්, ඉතින්,
512
00:35:10,648 --> 00:35:12,781
අපිට පහළට යන්න ආරක්ෂිත උනහම
මම ඒක දැනගන්නවා.
513
00:35:13,960 --> 00:35:16,220
ඔයාලා නැතුව සමහරවෙලාවට
පාළුවක් දැනෙනවා,
514
00:35:16,222 --> 00:35:17,972
හැබැයි සැනසීම සහ නිහඩ බව තමයි...
515
00:35:17,997 --> 00:35:19,634
මොන්ටි, මම බලන් ඉදියා.
516
00:35:19,659 --> 00:35:22,111
හාපර්, ඉන්න. මම මේ වැඩක්...
517
00:35:22,136 --> 00:35:23,681
ඔයා මට පොරොන්දු උනා.
518
00:35:23,706 --> 00:35:26,112
අපේ පුද්ගලික කාමර 40ක් තියෙනවා...
519
00:35:27,074 --> 00:35:28,709
ඇයි මට කලින් නොකිව්වේ?
520
00:35:28,734 --> 00:35:32,561
ආ... අභ්‍යවකාශයෙ වෙන කරන්න කියලා දේකුත් නෑ. .
521
00:35:32,586 --> 00:35:35,006
මම ඒක නොබලා ඉන්න තිබ්බේ.
522
00:35:39,191 --> 00:35:40,771
කොහොමද ඉතින්.
523
00:35:41,084 --> 00:35:43,882
අද දීර්ඝ නින්දේ අවුරුදු දෙකේ සංවත්සරය.
524
00:35:43,884 --> 00:35:46,476
හාපර් ඕනවට වඩා ඇල්ගී කාලා.
525
00:35:46,501 --> 00:35:49,335
හරි හිනා.
526
00:35:50,093 --> 00:35:53,202
ඒයි, යාලුවනේ, පුදුම කිරීමක්.
527
00:35:54,530 --> 00:35:57,229
අපි අද නමක් තෝරගත්තා.
528
00:35:57,348 --> 00:36:00,107
කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්... ජෝර්ඩන්.
529
00:36:01,341 --> 00:36:03,837
මං හිතන්නෙ ජැස්පර් ඒකට කැමති වෙයි.
530
00:36:04,864 --> 00:36:08,231
තාමත් පෘථිවිය යථා තත්වයට පත්වෙන
සළකුණක්වත් නෑ.
531
00:36:08,256 --> 00:36:09,459
මම ඒක මේ තරම්
ඉක්මනට වෙයි කියලා හිතුවෙත් නෑ,
532
00:36:09,483 --> 00:36:10,635
ඒ නිසා ඒ ගැන බයක් නෑ.
533
00:36:10,660 --> 00:36:12,827
ආරංචියක් තිබ්බොත් ඊළග වතාවේ කියන්නම්.
534
00:36:15,892 --> 00:36:19,460
අදුරගන්න ජෝර්ඩන් ජැස්පර් ග්‍රීන්ව.
535
00:36:24,928 --> 00:36:29,197
ස්ස්ස්. දැනට එච්චරයි.
536
00:36:29,199 --> 00:36:30,832
හාපර් විවේක ගන්නවා.
537
00:36:30,834 --> 00:36:33,502
අපි දෙන්නම හොදින් ඉන්නවා. ඔහ්හ්.
538
00:36:33,504 --> 00:36:35,832
ඔයාලට මෙයාව මුණ ගැහෙද්දි
එයාට අවුරුදු අටක් වෙලා තියෙයි.
539
00:36:36,065 --> 00:36:38,246
මට ඔයාලගේ මූණු දකිනකම් ඉවසිල්ලක් නෑ.
540
00:36:38,802 --> 00:36:40,142
හායි.
541
00:36:41,382 --> 00:36:43,138
සැලසුම් කළ විදිහට ඒ දේවල් උනේ නෑ.
542
00:36:44,316 --> 00:36:46,053
සුබ අවදි වීමේ දිනයක්.
543
00:36:46,078 --> 00:36:47,569
අවුරුදු දහයක්.
544
00:36:47,594 --> 00:36:49,337
ඔයාලා අනාගතයේ දවසක
මේක බලන කොට,
545
00:36:49,361 --> 00:36:53,897
මේ වෙද්දී ඔයාලා දන්නවා...
මම ඔයාලව ඇහැරුවේ නැති බව.
546
00:36:53,992 --> 00:36:55,959
මොකද තාමත් පහළ කිසිමදෙයක් නෑ.
547
00:36:55,961 --> 00:36:57,660
මම ඒකට විසදුමක් හොයනවා.
548
00:37:02,078 --> 00:37:05,302
මම හාපර්ට කිව්වා ඒක බලාපොරොත්තු
උන දෙයක් කියලා, ඒත්...
549
00:37:05,304 --> 00:37:06,852
ඒක බොරුවක්.
550
00:37:06,877 --> 00:37:08,663
මේකට කාලයක් යයි.
551
00:37:08,823 --> 00:37:12,186
ජෝර්ඩන් සුව සේ ඉන්නවා හැබැයි.
එයා සතුටින් ඉන්න ළමයෙක්.
552
00:37:12,211 --> 00:37:15,046
මම ක්ලාක්ගෙ දෙමාපිය පොතෙන්
පිටුවක් අරගත්තා.
553
00:37:15,048 --> 00:37:17,148
එයා ඔයාලා ගැන හැමදේම දන්නවා.
554
00:37:17,150 --> 00:37:21,119
විශ්වාස කළත් නැතත්,
මර්ෆි තමයි එයා කැමතිම කෙනා.
555
00:37:21,517 --> 00:37:23,587
ඒක කැරලිකාර වයසක්.
556
00:37:23,612 --> 00:37:26,650
කොහොමවෙතත් ඒකට කාලයක් යයි.
557
00:37:26,923 --> 00:37:28,971
මොනාහරි වෙනසක් උනොත් මම දන්වන්නම්.
558
00:37:29,998 --> 00:37:32,377
ඒයි යාළුවනේ,
අපි මේකක් පටිගත කරලා
559
00:37:32,402 --> 00:37:34,302
දැන් සෑහෙන කාලයක් වෙනවා.
560
00:37:34,393 --> 00:37:36,894
අපි ජෝර්ඩන්ව නින්දට යැව්වා.
561
00:37:38,940 --> 00:37:40,185
එයා හොද ළමයෙක්.
562
00:37:40,210 --> 00:37:41,778
එයාගෙ තාත්තා වගේම බුද්ධිමත්.
563
00:37:41,803 --> 00:37:43,561
ඒ වගේම ටිකක් විතර එයාගෙ අම්මා වගේ.
564
00:37:44,580 --> 00:37:48,270
අපි මේ ජිවිතේ තෝරගත්තා.
එයා එහෙම කලේ නෑ.
565
00:37:50,937 --> 00:37:52,303
ඒයි.
566
00:37:56,992 --> 00:37:59,027
ඔයා මේක බලනවානම්, පොඩ්ඩෝ...
567
00:38:00,777 --> 00:38:02,883
අපි ඔයාට ගොඩක් ආදරෙයි.
568
00:38:03,344 --> 00:38:05,233
ඔයා මගේ උපදෙස් පිළිපැද්දාද?
569
00:38:07,938 --> 00:38:09,712
එයා කළා කියලා හිතමු.
570
00:38:10,802 --> 00:38:14,336
ඒයි, බෙලමි, ඒයි, ක්ලාක්.
571
00:38:14,879 --> 00:38:16,190
අපි එයාට කිව්වා
මුලින්ම ඔයාලව ඇහැරවන්න කියලා
572
00:38:16,215 --> 00:38:17,815
එතකොට අපිට කතාබහ කරන්න පුළුවන්නේ.
573
00:38:18,082 --> 00:38:22,718
පෘථිවිය... ආපහු ගොඩ එන්නෙ නෑ.
574
00:38:23,947 --> 00:38:27,023
ඔයාලා දැන් නින්දට ගිහින් අවුරුදු 28ක්
575
00:38:27,025 --> 00:38:29,302
එතකොට පෘථිවිය අපි ආව දවසේ
තිබ්බා වගේම මැරිලා.
576
00:38:29,883 --> 00:38:32,150
මම වෙන සැලැස්මක් ගැන වැඩ කරනවා.
577
00:38:34,466 --> 00:38:36,633
ඔයා ඇහැරිලානම්,
ඒ කියන්නෙ මම ඒක හොයාගෙන.
578
00:38:38,048 --> 00:38:39,948
මම ඒක හොයාගත්තම
ඔයාලට ආයේ කතා කරන්නම්.
579
00:38:41,902 --> 00:38:43,301
ඉන්න. දැන්ම එපා.
580
00:38:48,481 --> 00:38:50,285
අපේ කොල්ලව බලාගන්න.
581
00:39:08,960 --> 00:39:10,507
ජෝර්ඩන්...
582
00:39:11,339 --> 00:39:13,172
අද ඔයාගෙ අම්මා මැරුණා.
583
00:39:14,008 --> 00:39:16,688
පහුගිය අවුරුදු කීපයේ එයා
ගොඩක් අසනීපෙන් හිටියෙ.
584
00:39:17,450 --> 00:39:20,254
ක්ලාක්, ඔයා කිව්වා හරි.
585
00:39:20,905 --> 00:39:23,639
එයාගෙ තාත්තගේ ජානමය තත්වය
අන්තිමේ එයාට බලපෑවා.
586
00:39:27,156 --> 00:39:31,257
අපි හොද ජිවිතයක් ගත කළා.
ඉදහිට...
587
00:39:32,377 --> 00:39:34,777
මං දන්නවා එයාට ඕන උනේ
ඔයාලත් එක්ක ඉන්න.
588
00:39:36,311 --> 00:39:38,110
සමහරවිට මටත් ඕන වෙන්න ඇති.
589
00:39:40,267 --> 00:39:41,934
ඒත් අපි ඒක කළානම්...
590
00:39:43,874 --> 00:39:47,575
මට ඔයාලට මේක පෙන්නන්න
පුළුවන් වෙන්නෙ නෑ. පුතා.
591
00:39:58,026 --> 00:39:59,706
ඒකට මට අවුරුදු 30ක් ගියා,
592
00:39:59,731 --> 00:40:02,768
හැබැයි අන්තිමේදී මම එලිජියස් තුනේ
මෙහෙයුම් ගොනුවට ඇතුල් උනා.
593
00:40:03,916 --> 00:40:06,197
බලාගෙන යද්දී ඒක පතල් මෙහෙයුමක් නෙවේ.
594
00:40:06,281 --> 00:40:08,948
පෘථිවියේ තෙල් සේරම අරගෙන
ඉවර කළාට පස්සෙ,
595
00:40:09,168 --> 00:40:11,870
එයාලා ඒකට තව ග්‍රහලෝකයක් හොයාගෙන ගියා.
596
00:40:22,087 --> 00:40:23,453
ඉරවල් දෙකක්?
597
00:40:23,478 --> 00:40:25,513
සතියකට කලින් මම ඛණ්ඩාංක සැකසුවා.
598
00:40:25,614 --> 00:40:30,483
මම හරිනම්, ඔයාලට එහාට යන්න
පුළුවන් වෙයි... තව අවුරුදු 75කින්.
599
00:40:32,371 --> 00:40:35,839
මටත් ආසයි ඒක දකින්න
හිමායන නින්දට යන්න, හැබැයි
600
00:40:35,864 --> 00:40:37,597
හාපර් නැතුව...
601
00:40:40,468 --> 00:40:42,554
කොහොමවෙතත්,
602
00:40:43,820 --> 00:40:47,406
ඒක තියෙන්නෙ යුග්ම තාරකා පද්ධතියක
ගෝල්ඩිලොක්ස් කලාපයේ.
603
00:40:48,786 --> 00:40:50,215
එච්චරයි මම දන්නේ.
604
00:40:50,686 --> 00:40:52,918
එලිජියස් තුන ආපහු කතා කරලම නෑ
605
00:40:53,212 --> 00:40:56,863
එක්කෝ, එයාලා කතා කළානම්,
ඒ පළමු ලෝක විනාශයෙන් පස්සෙ,
606
00:40:56,958 --> 00:40:58,858
ඉතින්, කාටවත් ඒක ඇහුනේ නෑ.
607
00:41:00,589 --> 00:41:05,225
ඔයාලට ඒක පේනවද?
ඒක ලස්සනද?
608
00:41:07,316 --> 00:41:09,283
ඒක මගේ හීනවල තියෙනවා.
609
00:41:12,082 --> 00:41:14,357
මං හිතනවා අපි එහෙදි
කලින්ට වඩා හොදින් ඉදියි කියලා.
610
00:41:14,658 --> 00:41:16,740
මං හිතනවා ජැස්පර් වැරදි ඇති කියලා
611
00:41:16,787 --> 00:41:18,753
අපි නෙවෙයි ප්‍රශ්නෙ කියලා.
612
00:41:18,981 --> 00:41:22,449
මං හිතනවා එහෙදි ඔයාලා හැමෝගෙම ජිවිත
මගේ ජිවිතේ තිබ්බා වගේ සතුටින් තියෙයි කියලා.
613
00:41:24,505 --> 00:41:26,205
හොද අය වෙන්න.
614
00:41:29,653 --> 00:41:31,286
අපි නැවත හමුවේවා.
615
00:41:31,755 --> 00:41:33,855
අපි නැවත හමුවේවා.
616
00:41:33,879 --> 00:41:46,777
WEBRip resync by ChaRu
617
00:41:47,603 --> 00:41:51,556
පස්වැනි කතාමාලාව නිමයි..
618
00:41:52,664 --> 00:42:17,914
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.