1
00:00:35,869 --> 00:00:38,330
පසුගිය අවුරුදු 6000 තුළ
2
00:00:38,413 --> 00:00:42,793
අපේ ලෝකයේ භුමිය ඉක්මන්
වෙනසකට ලක්වෙනවා.
3
00:00:46,755 --> 00:00:49,216
නව වාසස්ථානයක් ඇති වෙනවා.
4
00:00:49,299 --> 00:00:55,013
සම්පුර්ණයෙන්ම සැලසුම් කර ඉදිකරන ලද්දේ
එක් විශේෂයක් විසින් තමන්ගේම අරමුණක් වෙනුවෙන්ය.
5
00:00:57,683 --> 00:01:02,563
මිනිසා විසින් සාදන ලද මෙම භූ දර්ශනය සත්ව
ජීවිතයකට ආගන්තුක බවක් පෙන්නනවා.
6
00:01:02,646 --> 00:01:08,151
නමුත් නිර්භීත අයට නම් මෙය
පුදුම සහගත අවස්ථාවක්.
7
00:01:12,000 --> 00:01:17,000
Subtitled By
Dineth Kanishka Wickramasinghe
8
00:01:23,834 --> 00:01:25,836
ජෝද්පූර්, ඉන්දියාව.
9
00:01:32,676 --> 00:01:35,304
තරුණ පිරිමි අළු වදුරෝ (ලැන්ගුස්) රැලක්
10
00:01:35,387 --> 00:01:39,099
මේ ප්‍රදේශය අයිති වඳුරු රැලේ නායක
පිරිමි සතාට අභියෝග කරන්න ඇවිල්ලා.
11
00:01:45,522 --> 00:01:49,735
මේ නායක වදුරා වටිනා කියන
නාගරික වසමක ආධිපත්‍ය දරයි.
12
00:01:54,406 --> 00:01:58,452
නමුත් මෙහි ආධිපත්‍යය පවත්වා
ගැනීම නිරන්තර අරගලයකි.
13
00:02:04,791 --> 00:02:08,462
තනිකඩ වඳුරෝ එකමුතු වී
ඌව පරදවන්නයි හදන්නේ.
14
00:02:16,261 --> 00:02:18,930
ඔවුන් ජයග්‍රහණය කළොත්,
ඔවුන්ගෙන් කෙනෙක්,
15
00:02:19,056 --> 00:02:22,059
නායක වඳුරාගේ ගැහැනු
වඳුරන්ගේ අයිතිය ලබා ගන්නා අතර,
16
00:02:23,143 --> 00:02:25,437
ඔහුගේ පැටවුන් මරා දමනවා.
17
00:02:29,483 --> 00:02:32,319
මෙම තනිකඩ රැලේ පිරිමි
වඳුරන් 15 ක් විතර ඉන්නවා.
18
00:02:34,279 --> 00:02:38,575
නායක වඳුරා ඔවුන් හැම කෙනෙක්වම
තමන්ගේ ප්‍රදේශ සීමාවෙන් එලවා දාන්න ඔනේ.
19
00:02:53,965 --> 00:02:56,593
තනිකඩ වඳුරු රැලෙන් අඩක්ම
ඔහු පන්නලා දැම්මා,
20
00:02:58,178 --> 00:03:02,432
ඒත් බෙදි ගිය රැල ආයේ ඇවිත් ගැහැණු
වඳුරන්ට හිරිහැර කරන්න පටන් ගත්තා.
21
00:03:07,604 --> 00:03:09,856
නැවත වරක් ඔහුට සටන් කිරීමට සිදු වෙනවා.
22
00:03:47,227 --> 00:03:50,564
අන්තිමේ, ඒ සේරම නෙරපලා
දාන්න ඔහුට පුළුවන් වුනා.
23
00:03:54,609 --> 00:03:56,987
ඔහු ජයග්‍රාහීව ගෙදර ගියා,
24
00:03:57,070 --> 00:03:59,990
නමුත් උගේ දකුණු කකුලේ
බරපතල තුවාලයක් එක්කම.
25
00:04:06,371 --> 00:04:08,957
නගරයේ ජීවිතය ඔහුට ගොඩක් අපහසුයි.
26
00:04:10,292 --> 00:04:13,754
දිනපතා ආක්‍රමණිකයන් පන්නලා
දාන එක අභියෝගයක්.
27
00:04:18,842 --> 00:04:20,302
ඒත් ඒක ඒ තරම් වටිනවා.
28
00:04:21,428 --> 00:04:23,138
මේ නාගරික ප්‍රදේශ තමයි,
29
00:04:23,221 --> 00:04:26,850
පේන විදිහට ලෝකයේ ඇති
හොඳම අළු වදුරු (ලැන්ගුස්)වාසභූමි..
30
00:04:28,685 --> 00:04:31,480
ඒවායේ කෑම ලබා ගන්න
පුළුවන් තැන් ඕනෑ තරම්.
31
00:04:39,070 --> 00:04:41,198
මෙහේ පන්සල් උද්‍යානය සමඟ,
32
00:04:41,281 --> 00:04:45,869
අළු වදුරන් සියවසකටත් වැඩි කාලෙක ඉඳන්
පුදුමාකාර සම්බන්ධතාවයක් ගොඩ නගා ගෙන තියනවා.
33
00:04:50,832 --> 00:04:55,712
එය වඩාත් සහතික කරන්න වගේ
කෑම වලින් මෙහේ කිසි අඩුපාඩුවක් නැහැ.
34
00:05:12,521 --> 00:05:17,567
මෙහි ජනයා හින්දු දෙවියන් හනුමාන්, සහ
අළු වදුරන් අතර සම්බන්ධය විශ්වාස කරනවා.
35
00:05:18,109 --> 00:05:19,611
ඒ වගේම ඔවුන්ට පුද සත්කාර කරනවා.
36
00:05:26,493 --> 00:05:29,037
කෑමට ගන්න පුළුවන් හැම ජාතියකම
වගේ කෑම මෙහේදි ඔවුන්ට ලබා දෙනවා.
37
00:05:41,591 --> 00:05:46,471
ඒ වගේම මේ අධි ශක්ති ආහාර
වේල් ළදරැ උත්පාතයකට හේතු වෙලා.
38
00:05:50,976 --> 00:05:53,395
මේ නගරයේ ගැහැනු වඳුරන්,
39
00:05:53,478 --> 00:05:57,816
ඔවුන් කැලයේ ජීවත් වෙන තරුණ ගැහැනු
වඳුරන්ට වඩා දෙගුණයක් පැටවුන් බිහි කරනවා.
40
00:05:59,734 --> 00:06:02,988
මේ මව හොඳින් පෝෂණය ලබන
නිසා ඇයගේ පෝෂණීය කිරි වලින්,
41
00:06:03,071 --> 00:06:06,283
කැලයේදි පවා විරලව දැකගන්න
පුළුවන් දෙයකට මඟ පාදලා තියනවා.
42
00:06:07,158 --> 00:06:08,368
නිවුන්නු.
43
00:06:13,790 --> 00:06:16,918
ඒ වගේම මේ පැටවුන්ට
රංචු හදන්න පුළුවන්,
44
00:06:17,002 --> 00:06:20,881
අසල තියන කැලෑවේ හොයා
ගන්න බැරි තරම් දුරට ගණනක්.
45
00:06:22,591 --> 00:06:26,970
කෑම හොයා ගත වෙන කාලය අඩු වෙනවත් එක්ක,
සෙල්ලම් කරන්න ඕන තරම් වෙලාව තියනවා.
46
00:06:39,149 --> 00:06:42,527
නගරයේ ජීවත් වීමෙන් හම්බෙන්න
පුළුවන් ඵල ප්‍රයෝජන ගොඩයි.
47
00:06:43,403 --> 00:06:45,989
අභියෝගය තමයි තම යෝග්‍ය
ස්ථානය සොයා ගැනීම.
48
00:06:49,117 --> 00:06:53,830
නමුත් වනජීවීන් සඳහා නිර්මාණය නොකළ
ලෝකයක නිවසක් සාදා ගන්නේ කෙසේද?
49
00:06:57,959 --> 00:07:03,423
ස්වාභාවික ලෝකයේ කොතැනකට වඩා
එය දීප්තිමත්, ශබ්දයි හා කාර්යබහුලයි.
50
00:07:04,841 --> 00:07:08,970
නොනවතින මාර්ග තදබදය
සතුන්ගේ සංචරණට බාදාවක්.
51
00:07:12,682 --> 00:07:15,435
මෙම දශකය තුළ නාගරික පරිසරය
52
00:07:15,518 --> 00:07:18,521
30%කට ආසන්න වර්ධනයක් අපේක්ෂා කෙරේ.
53
00:07:22,275 --> 00:07:23,944
තව දුරටත් කිවොත් මෙහි පැමිණීමට,
54
00:07:24,027 --> 00:07:27,656
සතුන්ට ලෝකයේ ඉහළම
විලෝපිකයා සමඟ තරඟ කිරීමට සිදු වේ.
55
00:07:30,033 --> 00:07:32,369
මිනිස්සු තමා මෙහි නිති හදන්නේ.
56
00:07:41,336 --> 00:07:45,674
බිලියන හතරක පමණ මිනිසුන් දැන්
නාගරික පරිසරයේ ජීවත් වෙනවා.
57
00:07:50,720 --> 00:07:54,641
වෙනස් විම් සමඟ සතුන් සටන්
කිරීමට සිදු වන්නේ මෙතැනදීය
58
00:07:54,724 --> 00:07:58,311
එයට තමා අපේ ලෝකයට මුහුණ
දෙන්න සිදු වෙලා තියෙන්නේ.
59
00:08:00,397 --> 00:08:04,985
එහෙනම් ඇයි සතුන්ට මෙහෙට
එන්න ඕනේ කරන්නේ?
60
00:08:14,619 --> 00:08:16,329
නිව්යෝර්ක් නගරය.
61
00:08:20,625 --> 00:08:26,339
ගොඩනැගිලි වලින් ගහන මේ භූමි දර්ශනය පෘථිවියේ
අන් කිසිම තැනකවත් නොමැති ආකාරයෙන් අස්වාභාවිකයි.
62
00:08:31,886 --> 00:08:37,475
එහෙම වුනත්, මේ කැලෑ පෙරිග්රයින් ෆැල්කන් වර්ගයේ
උකුස්සට නම් කදිම වාසස්ථානයක් ලැබිලා.
63
00:08:48,278 --> 00:08:52,157
අමුතුයි වගේ පෙනුනත්, මේ විශාල
වශයෙන් වෙනස් කල භූමිය,
64
00:08:52,240 --> 00:08:56,327
පෙරිග්රයින්ලා හැඩ ගැසුන තත්ත්වයන්
සමඟ ගැලපිලා තියනවා.
65
00:09:02,208 --> 00:09:05,045
උස් වූ ගොඩනැගිලි වල ගැටි රාශියක්...
66
00:09:05,128 --> 00:09:07,380
ෆැල්කන්ලට කූඩු හදන්න වාසස්ථාන වෙනවා,
67
00:09:09,424 --> 00:09:12,927
ඒ වගේම උස් ලැඟුම් ස්ථාන සුළං
අල්ලා ගන්න උදව්වක් වෙනවා.
68
00:09:17,432 --> 00:09:20,143
නිව්යෝර්ක් නගරයේ තමයි
වැඩිම ඝනත්වයක් ඉන්නේ....
69
00:09:20,226 --> 00:09:24,064
...ලෝකයේ වෙන කොහෙවත් නැති
තරමට නෙස්ලින් පෙරිග්රයින්ලන්.
70
00:09:32,155 --> 00:09:35,158
ඉතා උස්ව ඇති ගොඩනැගිලි
වල පැති වල ගැටෙන සුළං,
71
00:09:35,241 --> 00:09:39,204
උඩු අතට හරවන නිසා කුරුල්ලන්ට
ඉහළ උසකට පියඹන්න උදව් වෙනවා.
72
00:09:43,500 --> 00:09:48,171
කොන්ක්‍රීට් අතුරපු විශාල ස්ථාන හිරු
රශ්මියෙන් රත් වී ඉහළ නගින වායු ධාරා නිසා...
73
00:09:49,297 --> 00:09:53,676
...ඉතාමත් පොඩි උත්සහයකින් කුරුල්ලන්ට
නගරයට ඉහළින් පියාසර කරන්න පුළුවන්.
74
00:10:02,727 --> 00:10:05,563
තවද, පෙරිග්රයින්ලා විශාල ගණනකට
මෙහේ ජීවත් වෙන්න පුළුවන්.
75
00:10:05,647 --> 00:10:10,860
මන්ද, වීදියට පහළ මට්ටමෙන් අල්ලා ගන්න
පුළුවන් බොහෝමයක් ගොදුරු තියනවා.
76
00:10:27,836 --> 00:10:30,797
උස් ස්ථාන හරහා පියාසර කිරීමේදි,
77
00:10:30,880 --> 00:10:33,091
පැයට කිලෝමීටර් 300 කට වැඩි
වේගයකින් යන්න පුළුවන්.
78
00:10:39,305 --> 00:10:42,725
ඒත් ඔවුන්ගේ ගොදුර සිටින්නේ පහළ
මට්ටමේ, ගොඩනැගිලි වලට ආසන්නයේ.
79
00:10:50,525 --> 00:10:51,776
ඉතාමත් අවධානම්.
80
00:10:51,860 --> 00:10:54,070
පෙරිග්රයින්ට තමන්ගේ ඉලක්කය මඟ හැරුනා.
81
00:10:57,657 --> 00:10:59,534
නමුත් උත්සහය අපතේ ගියේ නැහැ.
82
00:11:00,785 --> 00:11:04,497
ෆැල්කන්ලාට අවශ්‍යයි ගොදුරු
විවෘත ස්ථානයකට පලවා හරින්නට.
83
00:11:06,666 --> 00:11:09,460
මෑන්හැට්න් වට වෙලා තියෙන්නේ වතුරෙන්.
84
00:11:11,713 --> 00:11:16,885
පෙරිග්රයින්ලට වාසි වෙන විදියට මෙතන
හැම දෙයකම වාසි අවාසි වෙනස් වෙලා තිබුනා.
85
00:12:11,022 --> 00:12:14,192
අවුරුද්ද පුරාම ගොදුරු බහුල විමත් එක්ක,
86
00:12:14,901 --> 00:12:20,281
ෆැල්කන්ලට මෙහේ වාසස්ථානය තහවුරු
කරගන්න ගත වී ඇත්තේ වසර 40 ක් පමණ.
87
00:12:26,371 --> 00:12:30,041
ඒ වගේම දැන්, උස් වූ ගොඩනැගිලි අතරේ,
ඔවුන් බොහෝ සෙයින් සාර්ථක වෙලා තියනවා,
88
00:12:30,124 --> 00:12:33,127
කැලෑවල ජීවත් වෙන
ඔවුන්ගේ නෑයොන්ට වඩා.
89
00:12:40,927 --> 00:12:46,099
ඉන්දියාවේ මුම්බායි හි මිලියන 20
කට අධික ජනතාවක් වාසය කරනවා.
90
00:12:47,558 --> 00:12:49,227
තවද මෙහි විලෝපිකයන් සිටිනවා.
91
00:12:49,310 --> 00:12:53,064
කලාතුරකින් දැකිය හැකි වුනත්, ඒ මොහොතට
බියෙන් සලිත කරන්නට හැකි තාලයේ.
92
00:12:58,861 --> 00:12:59,988
මාංශ භක්ෂකයින්,
93
00:13:00,071 --> 00:13:05,743
බොහොමයක්ම සැකයකින් තොරව ගොදුරක්
ඇසට ගැටෙන තෙක් සොයමින් ඇවිදිනවා.
94
00:13:16,379 --> 00:13:18,047
කොටියෙක්.
95
00:13:19,132 --> 00:13:23,011
සෑම රාත්‍රියකම, අදුරට මුවා වෙලා
ඔවුන් දඩයමේ යන්නට එලියට එනවා.
96
00:13:26,764 --> 00:13:29,225
මොවුන් විශාල සතුන්,
97
00:13:29,309 --> 00:13:33,271
ඔවුන් කුසගින්න නිවා ගන්න
සොයන්නේ ප්‍රමාණයෙන් විශාල ගොදුරු.
98
00:13:40,820 --> 00:13:44,907
ඔවුන්ව යන්තමට දැක ගන්නවට වඩා
ඔවුන්ගේ දඩයම් චරියාව දැක ගන්නට,
99
00:13:44,991 --> 00:13:47,577
ඔබට අවශ්‍ය කරනවා රාත්‍රි දෘෂ්ටි කැමරාවක්.
100
00:13:58,838 --> 00:14:04,802
පසුගිය වසර 25 තුල මෙහේ මිනිසුන් 200 කට අධික
ප්‍රමාණයකට කොටින්ගේ ප්‍රහාර එල්ල වෙලා තියනවා,
101
00:14:24,864 --> 00:14:27,575
එත් උන්ගේ සාමාන්‍ය ගොදුර
වෙන්නේ මිනිස්සු නෙවෙයි.
102
00:14:29,994 --> 00:14:33,331
මේ කොටියා සොයන්නේ
වෙනත් ආකාරයේ දඩයමක්.
103
00:14:51,849 --> 00:14:53,142
ඌරන්.
104
00:14:57,188 --> 00:15:00,775
මේ ව්‍යාඝ්‍රයන් වඩාත් කැමති
ගෘහාශ්‍රිත සතුන් දඩයම් කරන්න.
105
00:15:00,858 --> 00:15:05,071
ඒ සතුන් මිනිස්සු සැලකිය යුතු
ප්‍රමාණයකින් නගරයට ගෙන ආපු සතුන්.
106
00:15:25,007 --> 00:15:27,427
ඌරන් තමන්ගේ පවුලේ අය
ළඟින්ම තියාගෙනයි ඉන්නේ.
107
00:16:01,002 --> 00:16:04,589
නගරයේ නොනවතින ශබ්දය ඔවුන්ට
මේ වෙලාවේ වාසියක් ලබා දී ඇති හැඩයි.
108
00:16:06,090 --> 00:16:08,217
ඔවුන්ගේ ළඟා වීම එකෙන්
යටපත් කරනවා.
109
00:16:10,011 --> 00:16:14,182
කොටියන් මේ ශබ්දයට මුවා වෙලා නගරය
පුරාම දඩයමේ යන්නට පුරුදු වෙලා ඉන්නවා.
110
00:16:35,161 --> 00:16:37,788
මේක වර්ධනය වන ගහනයක්.
111
00:16:38,247 --> 00:16:43,669
ඇත්ත වශයෙන්ම, ලෝකයේ කොටියන්
වැඩිම ඝනත්වයක් ඇත්තේ මෙහෙයි.
112
00:16:52,720 --> 00:16:57,308
ආහාර වල බහුලතාව නිසාම නෙවෙයි වන
සතුන් නගර වලට අකර්ෂනය වෙන්නේ.
113
00:17:05,775 --> 00:17:10,571
අවට ගම්බද ප්‍රදේශ වලට වඩා අංශක
කීපයකින් ඒවායේ උෂ්ණත්වය වැඩියි.
114
00:17:10,655 --> 00:17:13,574
දෙසැම්බරයේ දිනක රෝම නගරයේ,
115
00:17:13,658 --> 00:17:17,870
එක් සතෙක් මේ අතිරේක උෂ්ණත්වයේ
සම්පූර්ණ වාසිය අත් කර ගත්තා.
116
00:17:18,663 --> 00:17:20,498
ඒවගේම උන් එහි සලකුණ
ඉතිරි කරලා තිබුනා.
117
00:17:23,709 --> 00:17:25,878
සිසිරයේ එක දිනක,
118
00:17:25,962 --> 00:17:30,132
ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ටොන් දහයක්
පමණ නගරයට වැටි තිබුනා.
119
00:17:37,515 --> 00:17:38,724
සැලළිහිනියෝ.
120
00:17:42,103 --> 00:17:44,981
හවස් කාලයේ, නගරයේ උණුසුම
හොයා ගෙන ඔවුන් පැමිණෙන්නේ,
121
00:17:45,064 --> 00:17:47,817
ආසන්නයේ ඇති ගම්බද පෙදෙස්
වලින් ආහාර සොයා ගැනීමෙන් පසුවයි.
122
00:17:50,653 --> 00:17:53,281
ඔවුන් නැවත ඔවුන්ගේ ලැගුම්
ගෙන සිටි වෘක්ෂ කරා යා යුතුය.
123
00:17:54,156 --> 00:17:57,368
නමුත් එය කිරීම ඉතාමත් අවධානම්,
124
00:17:57,451 --> 00:17:59,704
මොකද ඔවුන් වෙනත් කුරුල්ලන්ගේ
ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්.
125
00:18:02,748 --> 00:18:05,751
ඉතින්, ඔවුන් සියලු දෙනාම පැමිණෙන තෙක් බලා ඉන්නවා.
126
00:18:06,961 --> 00:18:08,838
ඔවුන් සියලු දෙනාගෙම ආරක්ෂාව වෙනුවෙන්.
127
00:18:11,340 --> 00:18:17,763
දහවල් ආලෝකය මැකි යත්ම මිලියනයක්
පමණ සැලළිහිනියන්ගෙන් ආකාශය පිරි යනවා.
128
00:18:20,474 --> 00:18:25,896
ඉන් පසුව දකින්නට ලැබෙන්නේ සොබාදහමේ
අපූර්වතම වූ දර්ශනයන්ගෙන් එකක්.
129
00:19:08,564 --> 00:19:14,070
කෙසේද, ඇත්තෙන්ම ඇයි ඔවුන් මෙවැනි
ආශ්චර්යමත් ගුවන් කරනම් ඉදිරිපත් කරන්නේ,
130
00:19:14,153 --> 00:19:16,906
අපට තවමත් එය සම්පූර්ණයෙන් ම
තේරුම් කරගන්නට හැකි වී නැහැ.
131
00:19:28,250 --> 00:19:31,921
අවසානයේ, ඔවුන් සියලු දෙනාම ඉතාම
අලංකාරව පහතට පියාසර කරා.
132
00:19:32,004 --> 00:19:35,341
සහ ඔවුන්ගේ ප්‍රියතම වෘක්ෂ
වල අතුපතරේ ලැගුම් ගත්තා.
133
00:19:40,638 --> 00:19:44,225
මේ ශීත දින වල රාත්‍රීන්ගේ,
නගරයේ අතිරේක උණුසුම,
134
00:19:44,308 --> 00:19:47,853
ජීවිතය සහ මරණය අතර
වෙනස තේරුම් කර දෙනවා.
135
00:20:01,534 --> 00:20:07,456
ඇත්තෙන්ම නගරයට පුළුවන් සපයා
දෙන්න නවාතැන්, ආහාර විතරක්
නෙවෙයි, අලංකාරය පවා පුළුවන්.
136
00:20:09,792 --> 00:20:13,254
මේ විවිධාකාර බඩුබාහිරාදිය
ප්‍රවේශමෙන් තෝරා ගෙන තිබෙන්නේ..
137
00:20:13,337 --> 00:20:17,508
...කුරුල්ලෙකු විසින් ඔවුන්ගේ දීප්තිය
හා වර්ණවත් බව වෙනුවෙන්ය.
138
00:20:19,635 --> 00:20:22,930
මේ ග්රරෙට් බොවර් කුරුල්ලා
දශකයකටත් වැඩි කාලයක් තිස්සේ,
139
00:20:23,013 --> 00:20:26,642
බොහොමයක්ම මිනිසුන්ගේ අතින් කළ නිර්මාණ
එකතුවක් පිලිවෙලකට සකස් කරමින් ඉන්නවා.
140
00:20:31,397 --> 00:20:34,275
ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්විල්
වල ගොල්ෆ් පිට්ටනියට පිටතින්,
141
00:20:34,358 --> 00:20:38,529
ඔහු තමන්ගේ අතිමහත් කැදැල්ලේ
වැඩ කටයුතු වල අවසන් අදියරේ සිටියා,
142
00:20:38,612 --> 00:20:41,615
ඔහුගේ බලාපොරොත්තුව තමයි
කිරිල්ලියව වසඟ කර ගැනීම.
143
00:20:47,872 --> 00:20:52,334
හැම දිනකම පැය දෙක බැගින් ඔහු වැය කරන්නේ මේ
අගනා වටිනා බඩුබාහිරාදිය නැවත සකස් කරන්නයි.
144
00:20:59,049 --> 00:21:02,970
"සමහරවිට මේක මෙතනින්
තිබ්බොත් වැඩියෙන් හොඳයි."
145
00:21:05,931 --> 00:21:09,185
නමුත් පේන විදියට මොකක්හරි
දෙයක් මග ඇරිලා වගේ.
146
00:21:11,479 --> 00:21:14,732
අලුතින් දෙයක් ගේන්න
නගරෙට යනවා වෙනුවට,
147
00:21:14,815 --> 00:21:18,277
ඔහු අසල්වැසියාගේ කැදැල්ල
කොල්ල කන්නට තිරනය කරා
148
00:21:21,363 --> 00:21:23,240
"ඇඳුම් වලට ගහන කටුවක්! නියමයි!"
149
00:21:29,705 --> 00:21:31,832
"ඒ වගේම දිලිසෙන සෙල්ලම් කාර් එකක්."
150
00:21:35,419 --> 00:21:37,755
අහු වුනොත් නම් මේක
හරිම අවදානම් සෙල්ලමක්.
151
00:21:40,549 --> 00:21:42,051
අයිතිකාරයා ආපහු ඇවිත්.
152
00:21:51,435 --> 00:21:54,772
අවදානම ලැබිය යුතු කැදැල්ලක්
ඉතිරි වෙලා තියනවා.
153
00:21:56,148 --> 00:21:59,693
විශේෂ වස්තුවක් ඔහුගේ ඇස ගැටුනා.
154
00:22:03,405 --> 00:22:05,950
අයිතිකරු පිට වෙනකන් උට
ටිකක් බලාගෙන ඉන්න වෙනවා.
155
00:22:18,379 --> 00:22:19,672
මේ ඔහුගේ අවස්ථාවයි.
156
00:22:22,258 --> 00:22:23,676
නියම නිධානයක්.
157
00:22:23,759 --> 00:22:25,386
රතු පාට හදවතක්.
158
00:22:31,225 --> 00:22:32,268
"ඒක ගත්තා."
159
00:22:34,562 --> 00:22:38,107
දැන් වේදිකාව ආගන්තුක
කිරිල්ලියන් වෙනුවෙන් සූදානම්.
160
00:22:46,699 --> 00:22:49,076
සමහරවිට ඔහුගේ වාසනාව
පෑදුනා වෙන්න පුළුවන්.
161
00:22:57,376 --> 00:23:00,379
දැන් වසග රැඟුම පටන් ගන්න පුළුවන්.
162
00:23:04,884 --> 00:23:07,094
ඔහු තමන්ගේ වටිනාම
වස්තූ පෙන්නමිනුයි ඉන්නේ.
163
00:23:11,932 --> 00:23:14,476
"සමහර විට පොඩි ප්ලාස්ටික් පයිප්පක්?
164
00:23:17,813 --> 00:23:19,982
"නැත්තම් ටිකක් විතර පාට නූල් කෑල්ලක්?"
165
00:23:25,279 --> 00:23:27,740
ඒත් ඔහුගේ ආගන්තුකයගේ
හිත නම් ඇදිලා නැති පාටයි.
166
00:23:36,832 --> 00:23:38,000
"ගෑරුප්පුවක්? "
167
00:23:39,376 --> 00:23:40,544
"මැඩම්?"
168
00:23:43,088 --> 00:23:45,049
වැඩේ හරියන්නේ නෑ වගේ.
169
00:23:48,969 --> 00:23:51,555
මොකක් හරි මෙතන වැරදිලා වගේ.
170
00:23:58,187 --> 00:24:01,065
නමුත් ඔහුගේ දෙපාමුල තවමත්
එකම උපායක් ඉතිරි වෙලා තිබුනා.
171
00:24:02,566 --> 00:24:04,234
රතු පාට හදවත.
172
00:24:29,885 --> 00:24:33,555
ඔහුගේ අන්තිම උත්සාහය
විදියට ඌ තීරණය කළා,
173
00:24:33,639 --> 00:24:35,641
හිස පිටුපස තිබූ කිරුළ විහිදවන්න.
174
00:24:35,724 --> 00:24:38,268
එය ඔහුගේ වැඩිහිටි බවේ සලකුණක්.
175
00:24:39,353 --> 00:24:41,021
නමුත් ඔහු අතින් වැරැද්දක් වෙලා.
176
00:24:43,524 --> 00:24:45,109
මේ ඉන්නේ කිරිල්ලියක් නෙවෙයි,
177
00:24:45,192 --> 00:24:48,570
හිසේ කිරුළ තවමත් වර්ධනය
නොවූ තරුණ පිරිමි සතෙක්.
178
00:24:49,697 --> 00:24:52,366
ඔහු රතු පාට හදවත අරගෙන පලා ගියා.
179
00:24:55,119 --> 00:24:58,580
නගරයේ ස්ත්‍රී පුරුෂ භාවය
හොයන එක පහසු නෑ.
180
00:25:03,085 --> 00:25:07,089
මේ නගරයේ පවුලක්
නඩත්තු කිරීමත් පහසු නෑ.
181
00:25:09,174 --> 00:25:11,385
මේ ටොරොන්ටෝ වල වසන්ත කාලයයි,
182
00:25:11,468 --> 00:25:17,266
මේ රැකූන් අම්මා තමන්ගේ මව්
වාසස්ථානේ වු ගස් උඩින්, වහල උඩට
වාසස්ථාන මාරු කරගෙන හිටියා.
183
00:25:27,943 --> 00:25:30,029
පැටව් බිහි කළේ මාස දෙකකට කලින් නිසා,
184
00:25:30,112 --> 00:25:34,408
ඇය තම පැටවු ආරක්ෂිතව හා උණුසුම්ව
තියා ගන්න චිමිනිය තුළයි තියලා තියෙන්නේ.
185
00:25:39,413 --> 00:25:42,124
දැන් ඇයගේ පැටවුන්ට
එලියට එන්න කාලේ හරි.
186
00:25:43,250 --> 00:25:46,462
මවක් විදියට ඇයට තියෙන
ලොකුම අභියෝගය මෙයයි.
187
00:25:49,298 --> 00:25:52,676
අලුත් ගෙදරකට යන්න කාලේ ඇවිල්ලා
188
00:25:54,136 --> 00:25:57,347
ඇයට තම පැටවුන් පොළව
මට්ටමට රැගෙන යාමට වුවමනයි.
189
00:25:59,808 --> 00:26:02,978
ඒත් ගහකින් බහිනවා
වගේ ලේසි වැඩක් වෙනුවට,
190
00:26:03,062 --> 00:26:05,814
ඇයට දැන් කෙලින්ම පහළට
යන්නයි සිදුවෙලා තියෙන්නේ,
191
00:26:06,231 --> 00:26:08,025
ටිකෙන් ටික, තදින් බදා ගෙන.
192
00:26:13,363 --> 00:26:16,658
ඇගේ පැටවා මේ නාගරික ලෝකය
යන්තමින් දකින මුල්ම වතාව,
193
00:26:19,661 --> 00:26:22,164
මීටර් දහයක තරම් බිහිසුණු උසක ඉඳන්.
194
00:26:54,404 --> 00:26:57,616
මේ තමා පහළට ගේන්න
ඕනේ වුන අන්තිම පැටියා.
195
00:26:58,784 --> 00:27:00,410
උගේ සහෝදර සහෝදරියෝ දැනටමත්,
196
00:27:00,494 --> 00:27:02,663
ප්‍රදේශය ගවේෂණය එක්ක
කර්යබහුල වෙලා හිටියා.
197
00:27:03,831 --> 00:27:05,457
තවද ඔවුන්ට ඉගෙන ගන්න
බොහෝ දේ තියනවා.
198
00:27:09,628 --> 00:27:13,173
එක් පැටියෙක් ගොඩනැගිලි අතරේ පටු
මංතිරුවකට ඇද වැටිලා හිර වෙලා.
199
00:27:15,634 --> 00:27:19,680
මව පැටියව බේර ගන්න ඇවිත්
කළ යුතු දේ පෙන්වලා දෙනවා.
200
00:27:43,328 --> 00:27:44,621
අන්න ඒක තමයි ක්‍රමය.
201
00:27:50,836 --> 00:27:53,422
රැකූන්ලා අවස්ථාවාදියෝය.
202
00:27:55,257 --> 00:27:57,176
ඒ වගේම ඔවුන් ගවේෂණය කිරීමට උනන්දුයි.
203
00:28:03,307 --> 00:28:05,434
ඒත් ඔවුන් ඉතා ඉක්මනින්
ඉගෙන ගන්න ඔනේ,
204
00:28:05,517 --> 00:28:11,982
මේ නුපුරුදු අලුත් පරිසරයේ අනතුරු
වලින් බේරෙන්නේ කොහොමද කියලා.
205
00:28:18,572 --> 00:28:21,617
අයේ සැරයක් බේරගන්න අම්මා ආවා.
206
00:28:24,369 --> 00:28:30,356
නාගරික රැකූන්ලා ඇත්තටම දැන් ප්‍රශ්න විසඳිම
අතින් ගම්බද රැකූන්ලා අභිබවා ගිහින් තියනවා.
207
00:28:38,008 --> 00:28:40,469
ආහාර සපයා ගැනීමේ අවස්ථා
මේ තරම් යහපත් වෙද්දී,
208
00:28:40,552 --> 00:28:45,265
ඒ දේවල් ඉගෙන ගන්න ගත කරන
කාලය ඒ වෙනුවෙන් සෑහෙන්න වටිනවා.
209
00:28:56,109 --> 00:28:58,445
නාගරික ජීවිතයේ සංකීර්ණ බව,
210
00:28:59,780 --> 00:29:01,490
දක්ෂතාවට උදව් වෙනවා.
211
00:29:10,457 --> 00:29:13,877
ඒත් මනුෂ්‍යත්වය සමඟ දහවල්
කාලයේ තරඟ කරනකොට,
212
00:29:13,961 --> 00:29:15,545
බුද්ධියට වඩා යමක් අවශ්‍ය කරනවා.
213
00:29:21,510 --> 00:29:23,053
එයට ධෛර්යය අවශ්‍ය කරනවා.
214
00:29:25,514 --> 00:29:28,183
එක් ධෛර්යය සම්පන්න වඳුරු රැලක්
215
00:29:28,267 --> 00:29:31,812
ඉන්දියාවේ ජයිපූර් නගරයට ඇවිත්.
216
00:29:35,482 --> 00:29:36,817
දකුණු ආසියානු රීසස් වඳුරා.
217
00:29:41,822 --> 00:29:45,742
ඒත් මේ රසවත් පළතුරු වලින්
කොටසක් ලබා ගන්නේ කොහොමද?
218
00:29:54,668 --> 00:29:57,921
හැම උදෑසනකම, මේ වඳුරු රංචුව
නාගරික වනාන්තරේ අතරින්,
219
00:29:58,005 --> 00:30:01,758
එකම සංචාරෙක යනවා,
හරියටම මිනිස්සු යනවා වගේම.
220
00:30:25,741 --> 00:30:29,619
සමහර වෙලාවට, නොවැළැක්විය හැකි
ලෙස, ගමනාගමනේ අවහිර වීම් වෙනවා.
221
00:30:54,728 --> 00:30:58,023
ඔවුන් වෙළඳපොලට ගිය ගමන්,
ප්‍රශ්න පටන් ගන්නවා.
222
00:31:20,712 --> 00:31:22,964
බුද්ධිමත් මෙන්ම නිර්භීත වීම තමයි,
223
00:31:23,048 --> 00:31:27,094
මනුෂ්‍යයා ඔවුන්ගේම නිවහනේ පොළොව
මතදී පරදවන්නට පුළුවන් යතුර
224
00:32:06,258 --> 00:32:08,260
මෙය මහා දවල් කළ මංකොල්ලක්.
225
00:32:19,312 --> 00:32:22,899
සමහර සතුන් ඉන්නවා බොහෝ දෙනෙක්
සලකන විදියට භයානකයි කියලා හිතන.
226
00:32:22,983 --> 00:32:24,943
නගරයකට ඉවසන්න බැරි
තරම් බිය උපදවන.
227
00:32:29,906 --> 00:32:31,324
තිත් හයිනෝ.
228
00:32:34,953 --> 00:32:37,442
ඔවුන්ගේ පරාසයේ සම්පූර්ණයෙන් ම
ඔවුන් තැති ගෙනයි සිටියේ.
229
00:32:45,297 --> 00:32:48,341
ඉතියෝපියාවේ, හරාර් අසල ප්‍රදේශ වල,
230
00:32:48,425 --> 00:32:53,680
වටිනා සම්පතක අයිතිය ලබා ගන්න
හයිනෝ රංචු දෙකක් මුහුණට මුහුණ සටනක්.
231
00:32:59,144 --> 00:33:02,564
හැම රංචුවේම හයිනෝ 60 ක් වත් ඉන්නවා.
232
00:33:03,523 --> 00:33:04,691
ඒ වගේම උන් හොඳින්ම ගැලපුනා.
233
00:33:31,384 --> 00:33:34,429
පැය තුනක් තිස්සේ ඉදිරියටත්,
පසුපසටත් දිව ගිහින්,
234
00:33:34,513 --> 00:33:36,181
පරාජිතයන් පසු බැස්සා.
235
00:33:36,431 --> 00:33:39,267
ඒ වගේම ජයග්‍රාහකයන් තමන්ගේ
ත්‍යාගය ලබා ගැනිමට පිටත්ව ගියා.
236
00:33:46,274 --> 00:33:50,153
ඔවුන් නගරයට පිවිසෙන්න
සටන් කරමින් සිටිනවා.
237
00:34:04,334 --> 00:34:08,672
නගර බිත්ති අතරට පිවිසුන ගමන්,
ඔවුන් එක් ස්ථානයකට යනවා.
238
00:34:18,265 --> 00:34:20,976
ඒ වගේම ඔවුන් හරියටම
දැන සිටියා එතනට යන විදිහ.
239
00:34:54,801 --> 00:34:57,012
ඉපැරණි මස් වෙළඳ සැල.
240
00:35:00,640 --> 00:35:04,853
මේ හැම මස් වර්ගයකම ගන්ධය සුළඟත්
එක්ක තදින්ම දැනෙන්න පටන් ගන්නවා
241
00:35:28,543 --> 00:35:32,339
මේ සම්ප්රදාය අවුරුදු 400 ක්
අතීතයට දිව යනවා.
242
00:35:33,131 --> 00:35:36,509
මස් වෙලෙන්දෝ ඔවුන්ට අනවශ්‍ය
සත්ත්ව ඇටකටු කොටස් ගෙනත් දානවා,
243
00:35:36,593 --> 00:35:39,429
ඊට පස්සේ මේ හයිනාවෝ
ඒවට වග කියනවා.
244
00:35:42,265 --> 00:35:44,100
එවැන්නක් කල හැකි සතෙකුට
ඉන්නේ උන් විතරයි.
245
00:35:44,893 --> 00:35:49,147
මේ අස්ථි කොටස් පොඩි කරන්න පුළුවන්
විදියේ හනු පිහිටා තියෙන්නේ ඔවුන්ට විතරයි.
246
00:35:52,776 --> 00:35:55,779
මිනිසා සහ මෘගයා අතර
මෙම සම්බන්ධතාවය
247
00:35:55,862 --> 00:35:58,156
දැන් පියවරක් ඉදිරියට ගිහින්.
248
00:36:01,951 --> 00:36:06,498
යූසුෆ්, හයිනන්ට තමන්ගේ
නිවෙසට කතා කරනවා.
249
00:36:15,006 --> 00:36:18,843
ඔහුත්, ඔහුගේ මුතුන් මිත්තනුත්,
පරම්පරා පහක් පුරාවට,
250
00:36:18,927 --> 00:36:21,054
හයිනොන්ට කෑම දෙනවා
251
00:36:22,347 --> 00:36:23,640
තමන්ගේ අතින්.
252
00:36:25,892 --> 00:36:32,607
මේ නගරයේ වැසියන් විශ්වාස කරනවා
හයිනෝ තවත් වැදගත් සේවයක් කරන බව.
253
00:36:33,733 --> 00:36:37,737
වීදි වල හොල්මන් කරන
නරක ආත්ම කා දාන එක.
254
00:36:44,577 --> 00:36:47,914
මොවුන් වනචාරි සහ රෞද්‍ර සතුන්,
255
00:36:47,997 --> 00:36:50,500
ඒත් මේ නගර බිත්ති ඇතුළට ආපු ගමන්,
256
00:36:50,583 --> 00:36:53,670
ඔවුන් හැසිරෙන්නේ හාත්පසින්ම
වෙනස් ආකාරයකටය.
257
00:36:55,755 --> 00:36:59,467
අප්‍රිකාවේ සෙසු ප්‍රදේශව
තිත් හයිනෝ ඉතාමත් භයානකයි.
258
00:36:59,551 --> 00:37:02,804
මොකද උන් ගෘහාශ්‍රිත ව ඇති කරන සතුන්
මරලා දානවා, සමහර වෙලාවට ළමයින් පවා.
259
00:37:05,181 --> 00:37:09,185
උන් වෙන්න පුළුවන් ලෝකයේ ඉන්න
වඩාත් අපකීර්තියට පත් වුන සතුන් වර්ගය.
260
00:37:13,898 --> 00:37:15,942
කෙසේ වෙතත්, මේ හරාර් වල නම්,
261
00:37:16,025 --> 00:37:19,529
මිනිසුන් සහ ඔවුන් අතර
සම්බන්ධය මුළුමනින්ම සාමකාමියි.
262
00:37:22,782 --> 00:37:25,201
ඔවුන් මිනිසුන්ගේ විශ්වාසය
දිනා ගෙනයි ඉන්නේ.
263
00:37:35,253 --> 00:37:37,338
මිනිසුන්ට ඇති බිය නැති වීමත් එක්ක,
264
00:37:37,422 --> 00:37:41,342
එක සතෙකුට නගරයේ හැමතැනකටම
යන්න පුළුවන් වෙලා.
265
00:37:41,426 --> 00:37:43,344
ඒ වගේම ඔවුන්ගේ රැලේ සියලු දෙනාටම.
266
00:37:51,144 --> 00:37:55,940
පරවියන් බොහෝ සෙයින්
සාර්ථක නාගරික පක්ෂීන් ය.
267
00:38:02,447 --> 00:38:04,949
මෙහේ, දකුණු ප්‍රංශයේ ඇල්බි වල,
268
00:38:05,033 --> 00:38:07,327
පරවියන් ගඟට එන්නේ ස්නානයටයි
269
00:38:08,495 --> 00:38:11,289
ඔවුන්ට පියාසර කිරීමට
උදව් වෙන පිහාටු පීරා ගන්නත්,
270
00:38:11,372 --> 00:38:13,541
නගරයේ දුවිලි පිහිද ගන්නත්,
271
00:38:14,209 --> 00:38:16,085
සහ ඔවුන්ගේ ශරීරය සිසිල් කර ගන්නත්.
272
00:38:37,774 --> 00:38:39,859
නමුත් මාරයා සැඟවී බලා ගෙන
හිටියා නියම වෙලාව එනකන්.
273
00:38:42,403 --> 00:38:44,447
විලෝපිකයා එහි වාසිය ලබා ගත්තා.
274
00:38:44,531 --> 00:38:47,534
පරෙවියන්ගේ සාර්ථකත්වයට හේතු වූ දේ...
275
00:38:50,203 --> 00:38:51,454
ඔවුන්ගේ බය අඩුකමයි.
276
00:38:55,124 --> 00:38:59,254
පරවියන් නාද්දී, ඔවුන්ගේ පිල්කලඹේ
තෙල් ගඟේ පතුලට බැස යනවා,
277
00:38:59,796 --> 00:39:01,506
ඒ වගේම විලෝපිකයා එය අදුර ගන්නවා.
278
00:39:12,600 --> 00:39:15,728
අත්භුත වෙල්ස් කැට්ෆිෂ්.
279
00:39:18,606 --> 00:39:23,820
වසර 4 කට කලින් ඔවුන් මෙහෙට හඳුන්වලා දුන්නේ,
මේ වෙනකොට ඔවුන්ගේ ගහනය වර්ධනය වෙලා.
280
00:39:25,613 --> 00:39:28,116
දේශීය මත්ස්‍ය සම්පත මුළුමනින්ම
පාහේ විනාශ කරලා දලා...
281
00:39:30,743 --> 00:39:34,455
දැන් ඔවුන් රහ වැටිලා
ඉන්නේ පරවි මස් වලටයි.
282
00:39:37,041 --> 00:39:38,835
ඔවුන්ගේ පෙනීම දුර්වලයි,
283
00:39:38,918 --> 00:39:43,089
ඒ නිසා ගොදුරේ චලනයන් සංවේදනයට ඔවුන්
තමන්ගේ මුඛය වටා ඇති සංවේදී අවයව යොදා ගන්නවා.
284
00:40:41,147 --> 00:40:44,150
මෙය විප්ලවකාරි දඩයම් කිරීමේ උපායකි.....
285
00:40:44,233 --> 00:40:47,236
...සාමාන්‍යයෙන් ජල පතුලෙන් යන
මත්සයෙකුට යොදා ගන්න පුළුවන් ආකාරයේ.
286
00:41:02,961 --> 00:41:05,922
වසර දහකට වඩා මේ නගරයේ ජීවත් වීමෙන්,
287
00:41:06,923 --> 00:41:11,094
පරවියන් දැන් මත්ස්යයන්ගෙන් ගැලවෙන
ආකාරය ඉගෙන ගනිමින් ඉන්නවා.
288
00:41:17,433 --> 00:41:20,103
අපේ නගර නිතරම වෙනස් වෙමින් පවතිනවා.
289
00:41:20,186 --> 00:41:21,938
සමහර වෙලාවට ඉතාමත් වේගයෙන්.
290
00:41:24,732 --> 00:41:27,527
සතුන් ඒ වෙනස්කම් සමඟ
හැඩ ගැහෙන්න අවශ්‍යයි
291
00:41:28,152 --> 00:41:29,654
නැත්තම් අතුරුදන් විය යුතුයි.
292
00:41:31,698 --> 00:41:34,826
මෑතකදී සිදු වුන විශාලතම වෙනස්කම්
අතරින් එකකට හේතු වුනේ,
293
00:41:34,909 --> 00:41:39,998
වසර 140 කට වඩා අඩු කාලයකට පෙර කළ නව නිපයුමක්.
294
00:41:45,086 --> 00:41:46,629
විදුලි ආලෝකය.
295
00:41:48,923 --> 00:41:51,551
එය වැඩි වැඩියෙන් බලවත් වූවා,
296
00:41:54,012 --> 00:41:56,139
අපේ මංමාවත් විදුලි ආලෝකයෙන් පුරවමින්.
297
00:42:08,317 --> 00:42:10,278
එය නගරයේ තැනක් නෑර දිස් වුනා.
298
00:42:12,447 --> 00:42:14,115
එය පොළව යටට පවා විහිදුනා.
299
00:42:34,343 --> 00:42:39,474
දිවා, රෑ අතර වෙනස එන්න එන්නම
තේරුම් ගත නොහැකි තරමට අඩු වුනා
300
00:42:49,484 --> 00:42:54,197
එමඟින් වනජීවින්ගේ ජීවන ක්‍රියාකාරකම්
වලටද අධික බලපෑමක් සිදු වූවා.
301
00:42:59,494 --> 00:43:04,165
මිනිස් වාසයක් නැති ප්‍රදේශ වල ආලෝකයෙන්
හැම වර්ගයකම වගේ හැසිරීම් ප්‍රේරණය කරනවා.
302
00:43:10,379 --> 00:43:12,173
පුර හද ඇති රාත්‍රියක,
303
00:43:12,256 --> 00:43:15,301
කුඩා හෝව්ස්ක්බිල් කැස්බෑ
පැටවුන් සිය ගණනක්
304
00:43:15,384 --> 00:43:19,430
වැල්ලේ ගැඹුරේ තිබුනු ආරක්ෂිත
කැදලි වලින් එලියට ආවා.
305
00:43:21,974 --> 00:43:26,020
ඔවුන්ගේ සහජ බුද්ධිය අනුව හැකි
තරම් ඉක්මනට මුහුද කරා යා යුතුයි.
306
00:43:28,231 --> 00:43:33,236
වතුර මතට වැටිලා පරාවර්තනය වන හඳ
එලිය තමයි ඔවුන්ගේ මග පෙන්වන්නා වුනේ.
307
00:43:40,618 --> 00:43:44,664
ඒත් මේ බිත්තරයෙන් එලියට
ආ පැටියා ව්‍යාකූල වෙලා.
308
00:43:53,297 --> 00:43:56,134
ඌ යන්නේ වැරදි දිශාවකට.
309
00:44:01,389 --> 00:44:04,016
භූමියෙන් දීප්තිමත් ආලෝකයක් මතුවුනා.
310
00:44:07,186 --> 00:44:12,024
ඒ වගේම මේ පැටවුන් ඔක්කොම වෙරළෙන්
ඉහළට ඒ දිහාවටයි ගමන් කරන්නේ.
311
00:44:18,156 --> 00:44:21,242
විලෝපිකයන් ඒ වාසිය ගන්න සූදානමින්.
312
00:44:23,202 --> 00:44:27,373
කකුළුවන් ඔවුන්ගේ ගුල් හාරා තියෙන්නේ
වෙරලේ ආලෝකයට කෙලින්ම පහළින් සිටින විදියටයි.
313
00:44:28,082 --> 00:44:31,127
ඔවුන් එතන ඉඳන් ගොදුර තමන්
ළඟට එනකම් බලාගෙන ඉන්නවා.
314
00:44:53,774 --> 00:44:56,360
පැටියා එතනින් පැන ගත්තා වුනත්,
315
00:44:57,028 --> 00:44:58,487
තවමත් ඉන්නේ විශාල අනතුරක.
316
00:45:07,622 --> 00:45:10,833
විදුලි ආලෝකය තව තවත්
සිත අවුල් කරවනවා.
317
00:45:35,942 --> 00:45:39,195
මේ වෙරළෙන් මුහුදට යන්න ඉන්න
කැස්බෑ පැටවුන්ගෙන් 80% ක් ම,
318
00:45:39,278 --> 00:45:43,407
නගරයේ විදුලි පහන් ආලෝකයට
රැවටි දිශාව වරද්ද ගන්නවා.
319
00:46:04,345 --> 00:46:07,223
මංමාවත් ඔවුන් බොහෝ
දෙනෙක්ට අවසානය කැදවනවා.
320
00:46:22,822 --> 00:46:26,784
සෑම රත්රියකම සිය ගණනක් දෙනා
වතුර බහින කාණු වලට ඇද වැටෙනවා.
321
00:46:41,757 --> 00:46:45,594
ඒ තරම් දුරක් බිම දිගේ එන්න දරපු
උත්සහයත් එක්ක ඇති වුන විඩාව,
322
00:46:48,180 --> 00:46:52,476
රාත්‍රියේ මේ පැටවාට ජීවත් වීමට
තිබ්බ අවස්ථාව අවම කරනවා.
323
00:47:05,698 --> 00:47:08,951
ගනන් නොහැකි තරමක් විශේෂ
අතරින් මේ කැස්බෑවත්.
324
00:47:09,035 --> 00:47:15,082
නාගරික පරිසරයේ වෙනස්කම් වලට
හැඩ ගැහෙන්න බැරි වුන විශේෂයක්.
325
00:47:27,136 --> 00:47:29,347
සතුන් අතරින් සුළු පිරිසක් විතරක්,
326
00:47:29,430 --> 00:47:32,767
අපේ පැත්තකින් ජීවත් වෙන්න
මාර්ග හොයාගෙන තියනවා.
327
00:47:35,186 --> 00:47:39,357
ඒ වගේම සෑම වසර දහයකදීම
බ්‍රිතාන්‍ය වගේ භූමි ප්‍රමාණයක්,
328
00:47:39,440 --> 00:47:42,693
අතුරුදන් වෙනවා මේ
කොන්ක්‍රීට් වනාන්තර නිසා.
329
00:47:52,453 --> 00:47:55,414
ඒත් එය මෙලෙසින් සිදු
වීමට ඉඩ දිය නොහැක.
330
00:47:58,584 --> 00:48:03,422
ස්වභාව ධර්මය හා සුසංයෝග වන ලෙස
නගර නිර්මාණය කිරීම කළ නොහැකිද?
331
00:48:11,180 --> 00:48:17,520
ඒ කෙසේ වෙතත් වන සතුන්ට නැවතත් අපි
ආරාධනා කරනවද යන තීරණය අපට භාරයි.
332
00:48:21,607 --> 00:48:24,902
මේ වෘක්ෂය මහල් 30 ක්
දක්වා ඉහලට නගිනවා.
333
00:48:24,985 --> 00:48:31,158
මිලානෝවේ සිරස් වනයක් නිර්මාණය කිරීමට
පැළ කරමින් ඉන්න 800 ක් වෘක්ෂ වලින් එකක් මේ.
334
00:48:37,415 --> 00:48:41,877
මේ තරම් ගණනක් ශාක වලින් සාමාන්‍යයෙන්
වනලැහැඹක් හෙක්ටයාර දෙකක් පුරවන්න පුළුවන්.
335
00:48:41,961 --> 00:48:45,923
නමුත් මෙතනදි, ඔවුන් ලබා ගෙන
ඇත්තේ ඒ ඉඩෙන් දහයෙන් එකක් විතරයි.
336
00:48:47,508 --> 00:48:50,594
අපේ ගොඩනැගිලි වල බිත්ති සහ
වහල හරිත පැහැ ගැන්වීමෙන්,
337
00:48:50,678 --> 00:48:53,347
පොහොසත්, විහිදුන වාසස්ථාන
නිර්මාණයට ලැබෙනවා...,
338
00:48:53,431 --> 00:48:55,433
...අපට එය ක්‍රියාවට නංවන්න පුළුවන් වුවොත්.
339
00:48:58,727 --> 00:49:03,691
එම අදහස මහා පරිමාණයෙන්
යෙද වූ එක නගරයක් තිබෙනවා.
340
00:49:04,483 --> 00:49:05,651
සිංගප්පූරුව.
341
00:49:07,695 --> 00:49:12,700
පසුගිය වසර 45 ට ශාක මිලියන
දෙකක් මෙහි වගා කර තියනවා
342
00:49:14,410 --> 00:49:19,165
මේ නගරය දැන් ලෝකයේ අන් කිසිම තැනකවත්
නැති තරම් විශේෂයන්ගෙන් සමෘද්ධිමත් වෙලා.
343
00:49:26,672 --> 00:49:30,468
තවද මේ ක්‍රියාවලිය රටේ සෑම
තැනකටම වාගේ පුළුල් කරලා තියනවා.
344
00:49:32,011 --> 00:49:33,846
ජල මාර්ග පිරිසිදු වෙලා තියනවා,
345
00:49:33,929 --> 00:49:36,640
ඒ වගේම සුමට වැස්මක් තියෙන දිය
බල්ලන් නැවතත් දැකගන්න පුලුවන්.
346
00:49:43,314 --> 00:49:47,818
නමුත් සමහරවිට හරිත නගරයේ
වඩාත් දර්ශනීය උදාහරණය වෙන්නේ,
347
00:49:47,902 --> 00:49:51,363
මේ සුපිරි වෘක්ෂයේ තිබෙන කුඩා වන වදුලයි
348
00:49:54,533 --> 00:50:00,789
මීටර් 50 ක් උස මේ ලෝහමය
ඉදිකිරීම් දැන් ජීවයෙන් පිරිලා.
349
00:50:02,666 --> 00:50:06,712
පිටතින් ඇති අතු වල එති ඉහළට නගින්න
හැකි පරිදී ලතාවන් රෝපණය කර තියනවා.
350
00:50:11,258 --> 00:50:14,595
අනාගතයේ අපේ නගර වල දර්ශනය මෙයද?
351
00:50:18,766 --> 00:50:25,798
සතුන්ගේ වර්ධනය නගර තුලදි දැක ගැනීමේ
හැකියාව ඉටු කරගත හැකියි ලෝකය පුරාම.
352
00:50:34,448 --> 00:50:38,869
අපෙන් අඩකට වඩා දැන් ජීවත්
වෙන්නේ නාගරික පරිසරයකය.
353
00:50:41,288 --> 00:50:44,708
අන් අය සඳහා නිවසක්
තැනීමට අප තෝරා ගත්තද,
354
00:50:46,210 --> 00:50:47,962
එය අපට භාරයි.
355
00:50:50,429 --> 00:50:57,964
Subtitled & ReEncoded By
Dineth Kanishka Wickramasinghe
https://www.facebook.com/Dineth.Kanishka.Wickramasinghe