1 00:00:05,997 --> 00:01:45,141 {\an9}𝐂𝐈𝐍𝐄𝐑𝐔.𝐋𝐊 2 00:02:00,037 --> 00:02:01,246 මට රැජිනව හමුවෙන්න ඕනේ. 3 00:02:07,419 --> 00:02:08,420 උත්තමාවියනි. 4 00:02:22,559 --> 00:02:23,851 ඔහු ආපහු ඇවිත්. 5 00:02:23,852 --> 00:02:24,853 කවුද? 6 00:02:25,228 --> 00:02:26,312 ඒගොන්. 7 00:02:26,313 --> 00:02:27,648 සන්ෆයර් ජීවතුන් අතර. 8 00:02:29,066 --> 00:02:30,067 එළියට! 9 00:02:32,778 --> 00:02:34,821 ඌ මැරිලා, ඌ වැටිලා ඉන්නේ මුඩුබිමක. 10 00:02:38,450 --> 00:02:39,784 වාඩිවෙන්න. 11 00:02:39,785 --> 00:02:42,578 ඒගොන් මූටන්වරුන්ගේ හමුදාව 12 00:02:42,579 --> 00:02:43,789 රූක්ස් රෙස්ට් වලදි පුළුස්සලා දැම්මා. 13 00:02:44,373 --> 00:02:45,540 ඒ වගේම ඌ පියඹලා ගියා... 14 00:02:46,833 --> 00:02:48,168 කවුද දන්නේ කොහේටද කියලා. 15 00:02:50,587 --> 00:02:53,340 උගේ අනුගාමිකයෝ රාජධානිය පුරාම රේවන්ලා යවලා තියෙනවා, 16 00:02:54,466 --> 00:02:56,301 රජුගේ ආපසු පැමිණීම ප්‍රකාශ කරමින්. 17 00:02:57,260 --> 00:03:00,221 සාමාන්‍ය වැසියන් විශ්වාස කරන්නේ මේක දෙවිවරුන්ගෙන් ආපු සංඥාවක් කියලා. 18 00:03:00,222 --> 00:03:02,056 ඔවුන්න් හිතන්නේ ඒගොන් සහ මකරා සිංහාසනය ආපහු අරගන්න... 19 00:03:02,057 --> 00:03:03,517 මරණයෙන් නැගිටලා ඇවිත් කියලා. 20 00:03:04,434 --> 00:03:05,810 දැන් මේ මොහොතේ, 21 00:03:05,811 --> 00:03:08,437 මගේ යටත්වැසියන් යැයි කියන උන් මහා සෙප්ටයේ දොරටු ගාව බලාගෙන ඉන්නවා 22 00:03:08,438 --> 00:03:10,773 පාලනය කළ යුත්තේ කවුද කියලා අහන්න! 23 00:03:10,774 --> 00:03:13,484 මම මේ තරම් සටන් කරලා දුක් වින්දාට පස්සෙත්! 24 00:03:13,485 --> 00:03:14,486 රෙනීරා. 25 00:03:26,415 --> 00:03:29,083 සුළු දෙවිවරු කිසිම දෙයක් තීරණය කරන්නේ නෑ. 26 00:03:29,084 --> 00:03:31,128 අපි පැවතෙන්නේ පුරාණ වැලීරියාවේ ලේ වලින්. 27 00:03:33,213 --> 00:03:35,590 ඔයාට ළඟා වෙන්න පුළුවන් මායිමේ සම්පූර්ණ බලය තියෙනවා. 28 00:03:36,633 --> 00:03:38,093 ඔයාට තියෙන්නේ ඒක පාවිච්චි කරන්න විතරයි. 29 00:03:40,512 --> 00:03:42,055 ඔය මගුල් විසේරිස්... 30 00:03:44,516 --> 00:03:45,976 ඔහු තමයි මාව මෙතනට ඇද දැම්මේ. 31 00:03:47,018 --> 00:03:49,228 ඔහුගේ ඒ අනාවැකිය දිගින් දිගටම මාව පරීක්ෂාවට ලක් කරනවා. 32 00:03:49,229 --> 00:03:51,440 ඒ හැම බාධකයක්ම මම ජයගත්තා. 33 00:03:51,648 --> 00:03:54,025 මේකයි ඔයාගෙ පරීක්ෂණය. 34 00:03:54,860 --> 00:03:56,653 දැන්. 35 00:03:58,947 --> 00:04:02,743 ඔයා නැගී හිටින්න අවශ්‍යම මොහොත මේකයි. 36 00:04:04,911 --> 00:04:08,081 රාජධානිය තේරුම්ගන්න එකම භාෂාව බලය විතරයි. 37 00:04:10,667 --> 00:04:12,878 ඔයා හැමදාම ඒ බව දැනගෙන හිටියා. 38 00:04:43,700 --> 00:04:46,995 මුරකරුවන් යොදවන්න, 39 00:04:48,705 --> 00:04:50,707 ඒගොන්ගේ මකරුන් වෙනුවෙන්. 40 00:04:53,251 --> 00:04:58,548 ඒ වගේම හියුග් වර්මිතෝර් එක්ක ඩ්‍රැගන්පිට් දොරටු ගාව රඳවන්න. 41 00:05:04,971 --> 00:05:07,057 ටම්බල්ටන් වලට විරුද්ධව ප්‍රහාරය දියත් කරන්න. 42 00:05:07,641 --> 00:05:09,392 ගෙයින් ගෙට යන්න. 43 00:05:10,977 --> 00:05:13,730 හැම හයිටවර් කෙනෙක්වම හොයාගන්න, 44 00:05:14,731 --> 00:05:18,443 එකෙක්වත් ඉතුරු නොකර උන්ව මරා දාන්න. 45 00:05:20,237 --> 00:05:22,447 මුළු රාජධානියම බලාගෙන ඉන්නවා. 46 00:05:28,411 --> 00:05:31,832 මාව රකුසෙක් බවට පත් කරන්න එපා. 47 00:05:32,332 --> 00:05:36,127 ඒක මට ලොකු සතුටක්, උත්තමාවියනි. 48 00:05:38,129 --> 00:05:41,424 ඕමන්ඩ් සහ ඩේරොන් මැරුණට පස්සේ, 49 00:05:45,136 --> 00:05:51,268 මම අර ඒගොන් කියන වංචාකාරයාව දොට්ට අරන් මගේ අතින්ම ඌව මරනවා. 50 00:05:54,604 --> 00:05:57,607 උත්තමාවියනි, සී ස්නේක්ව බේරගන්න මොකක්හරි සැලසුමක් තියෙනවද? 51 00:05:59,359 --> 00:06:00,944 ඔබතුමිය ඔහුව බේරගන්නවා, නේද? 52 00:06:03,321 --> 00:06:07,074 අපි ටම්බල්ටන් අල්ලගත්තට පස්සේ ඔබේ තාත්තා සම්පූර්ණයෙන්ම හොයා බලාවි. 53 00:06:07,075 --> 00:06:09,034 ඒ වෙනකොට, ඔහු මැරිලා ඉන්නත් පුළුවන්. 54 00:06:09,035 --> 00:06:10,287 මාව යවන්න. දැන්ම. 55 00:06:11,162 --> 00:06:13,455 ඇඩම්වයි ඔබවයි මෙහෙට ඕනේ, 56 00:06:13,456 --> 00:06:15,834 ඒ පැතිරෙන කටකතා ඇත්ත නම්, 57 00:06:16,167 --> 00:06:17,711 සන්ෆයර් තවම ජීවතුන් අතර නම්. 58 00:06:18,962 --> 00:06:21,755 කෝලිස් කියන්නේ ඔබේ හස්තය, ඔබේ පැරණිතම මිත්‍රයා. 59 00:06:21,756 --> 00:06:23,299 මම ඔහුට කිසිම නරකක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. 60 00:06:23,300 --> 00:06:24,634 ඒත් ඔහු ගත්ත එක තීරණයක් නිසා 61 00:06:25,093 --> 00:06:26,970 අද අපි හැමෝටම වන්දි ගෙවන්න වෙලා. 62 00:06:29,514 --> 00:06:31,016 ඒක ඔබේ වැරැද්ද! 63 00:06:32,851 --> 00:06:33,893 මොකක්ද? 64 00:06:33,894 --> 00:06:36,228 කෝලිස් උතුමන් පිටත් වෙලා ගිහින් ඔහුව අත්අඩංගුවට පත්වුණු එක. 65 00:06:36,229 --> 00:06:37,939 හිතන්නවත් එපා... 66 00:06:38,690 --> 00:06:41,276 ඔබ හැමතිස්සෙම ඔබට සේවය කරන අයව පහත් කරලයි සලකන්නේ. 67 00:06:42,444 --> 00:06:44,987 ඇඩම් සහ මම කිසිම විවේකයක් නැතුව වැඩ කරනවා, 68 00:06:44,988 --> 00:06:47,365 අපි සතුරන් හොයාගෙන අනන්තවත් වාර ගාණක් පිටත් වෙලා ගියා. 69 00:06:47,699 --> 00:06:49,366 ඒත් ඔබ අපිට කළගුණ සලකන්නෙ කෝපයෙන්. 70 00:06:49,367 --> 00:06:52,954 ඔව්, මොකද ඔබේ ඒ ගමන් වලින් මට කිසිම වැඩක් වෙලා නෑ. 71 00:06:53,580 --> 00:06:56,749 ඒ අතරේ මගේ සතුරෝ ටිකෙන් ටික උන්ගේ බලය වැඩිකරගෙන. 72 00:06:56,750 --> 00:06:59,002 කෙනෙක්ගෙන් වැඩක් තියෙනවනම්, ඔබ එයාව පාවිච්චි කරනවා. 73 00:07:00,211 --> 00:07:01,880 නැත්නම්, ඔබ එයාව අතාරිනවා. 74 00:07:02,589 --> 00:07:03,757 රෙයිනාව අතෑරියා වගේ. 75 00:07:04,132 --> 00:07:07,134 දැන් ඇය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, මගේ සීයා වගේම. 76 00:07:07,135 --> 00:07:09,804 ගලට් සටනින් පස්සේ ඔබව අතාරින්න මට ඕනෙ තරම් හේතු තිබුණා. 77 00:07:11,264 --> 00:07:12,265 සමහරවිට. 78 00:07:13,600 --> 00:07:14,976 ඒත් ඔබට මගේ මකරාව ඕනේ. 79 00:07:18,396 --> 00:07:19,773 අහංකාර කෙල්ල. 80 00:07:21,733 --> 00:07:24,569 කොහොමත් ඒ අහංකාරකම ඔබේ ලේවලම තියෙනවනේ, 81 00:07:26,154 --> 00:07:28,114 ඔබේ සහෝදරිය අපිට මතක් කරලා දුන්නා වගේ. 82 00:07:40,627 --> 00:07:41,795 සුබ දවසක්, මහත්වරුනි. 83 00:07:42,671 --> 00:07:43,922 ගොඩක් සුබ දවසක්, ඔව්. 84 00:07:45,548 --> 00:07:47,341 අපි ඊයේ රෑ ඩ්‍රිෆ්ට්මාර්ක් වලින් පිටත් වුණා, 85 00:07:47,342 --> 00:07:49,218 අපේ නාවික හමුදාපතිතුමා 86 00:07:49,219 --> 00:07:50,720 හයිටවර්ලාගේ අත්අඩංගුවේ ඉන්න බව දැනගත්ත ගමන්ම. 87 00:07:51,554 --> 00:07:53,056 රැජින ඔබව කැඳවලා තියෙනවා 88 00:07:53,640 --> 00:07:54,975 අගනුවර ආරක්ෂා කරන්න. 89 00:07:57,102 --> 00:07:59,478 අපි එහෙම කළොත්, අපේ උතුමාණන්ට මැරෙන්න වේවි. 90 00:07:59,479 --> 00:08:02,399 කෝලිස් උතුමාණන් දැනගෙන හිටියා ඔහු ගන්න අවදානම ගැන. 91 00:08:03,858 --> 00:08:06,527 ඔහු හැමතිස්සෙම වලාරියන්වරුන්ගේ ගෞරවය 92 00:08:06,528 --> 00:08:07,654 ඔහුගේ ජීවිතේට වඩා උඩින් තිබ්බා. 93 00:08:09,030 --> 00:08:11,491 ඔහු වෙනුවෙන් කතා කරන්න ඔබ කවුද? 94 00:08:13,118 --> 00:08:14,661 මම ඔහුගේ වැඩිමහල් පුත්‍රයා 95 00:08:17,497 --> 00:08:18,790 ඒ වගේම නම් කරන ලද අනුප්‍රාප්තිකයා. 96 00:08:21,042 --> 00:08:24,295 නෛතිකව අනාගත මුහුදු රළෙහි පාලකයා. 97 00:08:29,884 --> 00:08:31,136 දොරටු ඇරපල්ලා! 98 00:08:46,609 --> 00:08:47,694 ආපහු හැරෙන්න! 99 00:08:48,820 --> 00:08:50,030 ඉදිරියට, ගමන් කරන්න! 100 00:09:00,749 --> 00:09:01,750 අර... 101 00:09:02,459 --> 00:09:03,460 අර ඔක්කොම... 102 00:09:04,377 --> 00:09:05,712 ඔයා වෙනුවෙන්. 103 00:09:08,214 --> 00:09:09,549 විස්මිතයි නේද? 104 00:09:13,386 --> 00:09:14,387 ඒත්... 105 00:09:15,680 --> 00:09:17,348 ඔයාට නයිට් පදවියක් දෙන්න ඕනේ... 106 00:09:18,558 --> 00:09:20,226 කිරුළ පළඳවන්න කලින්. 107 00:09:21,895 --> 00:09:22,896 දණ ගහන්න. 108 00:09:34,866 --> 00:09:36,201 ඩේරොන් ටාගේරියන්, 109 00:09:36,868 --> 00:09:39,662 මිනිසුන්ගේ සහ දෙවිවරුන්ගේ ඇස් ඉදිරිපිට ඔබ දිවුරනවද 110 00:09:40,288 --> 00:09:42,624 අසරණයින් ආරක්ෂා කරන්න... 111 00:09:43,666 --> 00:09:45,209 හැමෝම ඇතුළට! 112 00:09:45,210 --> 00:09:46,418 යමු! 113 00:09:46,419 --> 00:09:49,339 ...කාන්තාවන් සහ ළමයින් රැකගන්න, 114 00:09:52,342 --> 00:09:54,010 ඔබේ අණදෙන නිලධාරීන්ට 115 00:09:54,552 --> 00:09:55,637 සහ ඔබේ ස්වාමියාට අවනත වෙන්න, 116 00:09:57,180 --> 00:09:59,349 අවශ්‍ය වූ විට වීරත්වයෙන් සටන් කරන්න, 117 00:10:00,934 --> 00:10:03,977 ඒ වගේම ඔබට පවරන ඕනෑම කාර්යයක් ඉටු කරන්න... 118 00:10:03,978 --> 00:10:05,479 - ලෑස්තියි. - ...කොතරම් දුෂ්කර වුණත්... 119 00:10:05,480 --> 00:10:09,024 - අදින්න! - ...කොතරම් පහත් හෝ භයානක වුණත්? 120 00:10:09,025 --> 00:10:10,276 නවත්වන්න! 121 00:10:14,155 --> 00:10:15,240 මම දිවුරනවා. 122 00:10:22,914 --> 00:10:24,415 නැගී සිටින්න, නයිට්වරයාණෙනි. 123 00:10:30,463 --> 00:10:32,423 සර් ඩේරොන් ද ඩේරින්. 124 00:10:35,218 --> 00:10:36,469 අපිට පාර පෙන්වන්න. 125 00:10:49,023 --> 00:10:51,066 අවජාතක රැජිනගේ හමුදාව 126 00:10:51,067 --> 00:10:52,443 අපේ දොරටු ළඟ ඉන්නේ. 127 00:10:53,778 --> 00:10:57,781 උන් ඔක්කොම මරණයට ගෙනියන්නේ ඇයගේ මාමා. 128 00:10:57,782 --> 00:10:59,032 නෑ. 129 00:10:59,033 --> 00:11:00,284 ඇයගේ පෙම්වතා. 130 00:11:00,285 --> 00:11:01,493 නෑ. 131 00:11:01,494 --> 00:11:02,787 ඇයගේ සැමියා. 132 00:11:04,497 --> 00:11:07,000 ඩේමන් අපත ටාගේරියන්. 133 00:11:08,501 --> 00:11:11,254 - ඒ වගේම උගේ මකරා. - ඔව් යකෝ ඌට මකරෙක් ඉන්නවා! 134 00:11:13,715 --> 00:11:15,133 ඒත් ඌ ඌව පාවිච්චි කරන්නේ නෑ. 135 00:11:17,510 --> 00:11:18,595 ඔබ කොහොමද දන්නේ? 136 00:11:19,137 --> 00:11:21,347 මොකද උගේ බිරිඳ, රැජින, 137 00:11:22,265 --> 00:11:23,266 ඌට ඒකට ඉඩ දෙන්නේ නෑ. 138 00:11:25,226 --> 00:11:27,854 රෙනීරා ඩේමන්ව බැඳලා තියෙන්නේ ගොඩක් තදට, 139 00:11:28,605 --> 00:11:31,024 හරියට කූඩුවක ඉන්න බැල්ලියෙක් වගේ. 140 00:11:34,068 --> 00:11:36,070 මකර උතුමාණන්ට තව බියර් එකක්! 141 00:11:38,198 --> 00:11:39,866 අර තක්කඩි කුමාරයා 142 00:11:40,408 --> 00:11:42,076 ඉක්මනින්ම වෙව්ලන්න පටන් ගනීවි 143 00:11:42,452 --> 00:11:43,870 අතිවිශිෂ්ට 144 00:11:44,662 --> 00:11:45,830 ඒ වගේම භයානක 145 00:11:46,497 --> 00:11:48,708 උල්ෆ් ද වයිට් උතුමාණන් ඉස්සරහා. 146 00:11:56,257 --> 00:11:57,258 උත්තමාවියනි. 147 00:11:59,552 --> 00:12:02,096 - උත්තමාවියනි, මොකක්හරි ප්‍රශ්නයක්ද? - මොකක්ද උවමනාව? 148 00:12:03,723 --> 00:12:05,892 හෙලේනා කුමරිය 149 00:12:06,684 --> 00:12:08,436 තවම මොනවත් කාලා නෑ. 150 00:12:09,729 --> 00:12:11,898 මේස්ටර්වරු කලබල වෙලා ඉන්නේ. 151 00:12:12,357 --> 00:12:14,943 ගොඩක්ම, ඇගේ කුසයේ ඉන්න දරුවා ගැන. 152 00:12:20,448 --> 00:12:21,950 සර් ඇලින්ට එන්න කියන්න. 153 00:12:24,953 --> 00:12:26,955 මහා සෙප්ටයට යන්න මට ආරක්ෂාවක් ඕනේ. 154 00:12:27,747 --> 00:12:29,249 එහේදී, අද, 155 00:12:29,999 --> 00:12:31,458 උත්තම පූජකයා මාව අභිෂේක කරලා 156 00:12:31,459 --> 00:12:33,962 මුළු නගරයම ඉස්සරහා මගේ පාලනයට ආශිර්වාද කරාවි. 157 00:12:35,296 --> 00:12:37,382 තෝරාගත්ත කෙනා කවුද කියලා කාටවත් සැකයක් නැතිවේවි. 158 00:12:39,175 --> 00:12:40,426 එහෙමයි, උත්තමාවියනි. 159 00:12:42,178 --> 00:12:43,263 එච්චරද? 160 00:12:50,353 --> 00:12:51,521 නෑ. 161 00:12:58,736 --> 00:12:59,737 මොකක්ද ප්‍රශ්නය? 162 00:13:00,530 --> 00:13:01,531 සර්. 163 00:13:02,156 --> 00:13:03,407 සර්! 164 00:13:03,408 --> 00:13:05,534 ආර්යාවනි. බාධා කළාට සමාවෙන්න. 165 00:13:05,535 --> 00:13:08,120 - අපට ඒ හැටි වෙලාවක් නෑ. - වෙලාව මොකටද? 166 00:13:08,121 --> 00:13:10,832 මර්මේඩ්ස් කිස් නෞකාවේ ඔබට ගමනක් වෙන් කරලා තියෙනවා. 167 00:13:11,332 --> 00:13:13,626 පහුවදා එළි වෙද්දිම ඔබ පෙන්ටොස් බලා පිටත් වේවි. 168 00:13:14,252 --> 00:13:16,170 මට කිව්වා ඔබට කියන්න... 169 00:13:16,629 --> 00:13:18,881 ඔබ මෙහි කළ සේවය අවසන් කියලා. 170 00:13:19,924 --> 00:13:22,843 ඔබ රාජධානියට වගේම රැජිනට විශ්වාසවන්තව සේවය කළා, 171 00:13:22,844 --> 00:13:25,680 ඒ වගේම ඇගේ කෘතවේදීත්වය ඔබට ප්‍රකාශ කරන්න උත්තමාවියට අවශ්‍ය වුණා. 172 00:13:27,181 --> 00:13:29,266 ඔබට ඇති තරම් රත්තරන් ලැබේවි 173 00:13:29,267 --> 00:13:31,352 ඔබටම කියලා මන්දිරයක් ගන්න වගේම සේවකයින්ව තියාගන්න. 174 00:13:34,647 --> 00:13:35,648 ඔබ ඉක්මන් කරන්න ඕනේ. 175 00:13:39,360 --> 00:13:41,946 මටත් මේක තේරෙන්නේ නෑ, මගේ ආර්යාවනි. 176 00:13:53,499 --> 00:13:55,126 දැන් වෙලාව හරි, මගේ ආර්යාවනි. 177 00:13:57,587 --> 00:13:59,339 මම ඔබව ඔබේ කාමරයට එක්කන් යන්නම්. 178 00:14:22,570 --> 00:14:23,613 මේ පැත්තෙන්, කුමරිය. 179 00:14:40,630 --> 00:14:42,464 රැජිනව විශ්වාස කරන්න එපා. 180 00:14:42,465 --> 00:14:44,759 ඒගොන් ආපහු ඇවිත්. ඔහුගේ මකරා තාමත් ජීවතුන් අතර. 181 00:14:45,218 --> 00:14:49,389 ඔබේ කුසයේ ඉන්න දරුවා ප්‍රාණ ඇපකරුවෙක්, ඔබේ සතුරන්ට විරුද්ධව ඇයට වාසියක් දෙන 182 00:14:49,514 --> 00:14:51,140 - ජයග්‍රහණයක්. - නවතින්න එපා. 183 00:14:51,265 --> 00:14:53,101 - ඇති. - ඇය කවදාවත් ඔබට යන්න දෙන එකක් නෑ. 184 00:15:04,570 --> 00:15:05,696 ඔබට මතකද? 185 00:15:08,032 --> 00:15:09,283 ඒමන්ඩ්, ඔබට මතකද? 186 00:15:12,328 --> 00:15:13,329 මට උදව් කරන්න. 187 00:15:16,624 --> 00:15:17,708 බයවෙන්න එපා. 188 00:15:18,543 --> 00:15:19,544 ඔයා තාම ජීවතුන් අතර. 189 00:15:22,296 --> 00:15:24,048 මෙන්න. මේක බොන්න. 190 00:15:26,384 --> 00:15:27,760 පැයකින් මම තව ගේන්නම්. 191 00:15:29,011 --> 00:15:30,263 ඇය මට වස දුන්නා. 192 00:15:31,180 --> 00:15:33,891 අන්තිමට ඔයා තේරුම්ගන්න ඇති මේ ලෝකේ ඔයා තනිවෙලා කියලා. 193 00:15:34,475 --> 00:15:35,977 ඒකෙදි නම්, අපි දෙන්නම එකයි. 194 00:15:44,986 --> 00:15:46,946 මට තවත් දුක් විඳින්න ඕනේ නෑ. 195 00:15:49,657 --> 00:15:50,658 ඔයාට? 196 00:15:51,033 --> 00:15:53,035 මම තනි වුණාම මොකද වෙන්නේ? 197 00:15:54,412 --> 00:15:56,247 මම ජීවත් වුණත් මැරුණත්? 198 00:15:59,667 --> 00:16:01,878 මම රාජ ඝාතකයෙක්, ඇලිස්. 199 00:16:03,838 --> 00:16:05,840 මගේ සහෝදරයා මැරුණේ 200 00:16:06,841 --> 00:16:08,009 මගේම අතින්. 201 00:16:08,301 --> 00:16:11,179 මම ශාපලත් කෙනෙක් වගේම දුක් විඳින්න නියම වුණු කෙනෙක්. 202 00:16:14,223 --> 00:16:15,391 ඔයත් මාව දාලා යන්න ඕනේ. 203 00:16:18,060 --> 00:16:20,146 නැත්නම් ඔයාවත් මගේ මේ ඉරණමටම ගොදුරු වේවි. 204 00:16:26,861 --> 00:16:29,529 බැලේරියන් මකරා මේ තැන පුළුස්සලා දැම්මේ 205 00:16:29,530 --> 00:16:31,866 හැරන් උතුමාණන්ගේ පරම්පරාවම විනාශ කරන්න. 206 00:16:33,576 --> 00:16:36,162 ඒත් ඒ පරම්පරාව එච්චර ලේසියෙන් අතුරුදහන් වුණේ නෑ. 207 00:16:37,288 --> 00:16:38,498 එක දරුවෙක්... 208 00:16:39,916 --> 00:16:40,917 පිරිමි දරුවෙක්... 209 00:16:42,543 --> 00:16:43,711 බේරුණා. 210 00:16:44,795 --> 00:16:46,297 බරපතල විදිහට පිච්චිලා, 211 00:16:46,839 --> 00:16:47,840 ඒත් ජීවතුන් අතර. 212 00:16:49,842 --> 00:16:52,470 ඔහුගේ අම්මා ඔහුව බේරගන්න ඕනෑම දෙයක් දෙන්න ලෑස්තිවෙලා හිටියා. 213 00:16:56,224 --> 00:16:59,560 ඇය රාජධානි හතේම ඉන්න මේස්ටර්වරුන්ට පණිවිඩ යැව්වා, 214 00:17:00,061 --> 00:17:01,229 ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ. 215 00:17:08,444 --> 00:17:10,696 අන්තිමට ඇය පුරාණ ශාස්ත්‍රයට යොමු වුණා. 216 00:17:12,114 --> 00:17:15,660 ඇය මේ පොළොවටත් වඩා පැරණි මන්ත්‍ර හොයාගත්තා. 217 00:17:16,244 --> 00:17:19,330 කැලෑවල ජීවත් වෙන භූතයන් එක්ක ගනුදෙනු කළා. 218 00:17:22,667 --> 00:17:25,836 ඒත් මකරුන්ගේ ගින්නෙන් වුණු පිළිස්සුම් වල සුවයක් තිබුණේ නෑ. 219 00:17:27,838 --> 00:17:29,298 දරුවා මැරුණාම... 220 00:17:36,389 --> 00:17:38,766 ඇයත් ඔහු එක්කම යන්න උත්සාහ කළා. 221 00:17:49,735 --> 00:17:51,988 ඒ වගේම ඒකේ වන්දිය මොකක්ද කියලා ඇය දැනගත්තා. 222 00:17:58,411 --> 00:18:00,705 ඇය දැනගත්තා ඇයට ශාප වෙලා කියලා. 223 00:18:01,414 --> 00:18:02,540 ජීවත් වෙන්න නියම වෙලා... 224 00:18:04,417 --> 00:18:08,379 පැරණි ගංගා රජවරුන්ගේ භූමියේ. 225 00:18:09,380 --> 00:18:11,757 හැරන්ගේ කෑදරකමට හවුල් වුණාට ශාප වෙලා. 226 00:18:12,008 --> 00:18:15,803 ඇගේ නම, ඇගේ තනතුර, ඇගේ බලකොටුව අහිමි වෙලා... 227 00:18:18,306 --> 00:18:21,099 වගේම මේක අල්ලගන්න එන හැම තක්කඩි පාලකයෙක්ටම... 228 00:18:21,100 --> 00:18:22,643 සේවය කරන්න නියම වෙලා. 229 00:18:22,893 --> 00:18:25,021 ඒක වුණේ අවුරුදු සීයකට කලින්. 230 00:18:25,730 --> 00:18:27,648 තනියම ඉන්න ඒක ගොඩක් දිග කාලයක්. 231 00:18:56,260 --> 00:18:57,845 ඔයා කෑම ගන්න ඕනේ, සහෝදරිය. 232 00:19:04,727 --> 00:19:05,936 ඔයාගෙ කුසේ ඉන්න දරුවා ගැන හිතන්න. 233 00:19:06,896 --> 00:19:08,564 දැන් ඔයා ඔහු ගැනත් හිතනවද? 234 00:19:10,441 --> 00:19:11,817 හිතන් ඉන්නේ ඒ පිරිමි දරුවෙක් කියලද? 235 00:19:12,818 --> 00:19:13,819 ඔයා දන්නවද? 236 00:19:15,988 --> 00:19:16,989 මා දිහා බලන්න. 237 00:19:26,999 --> 00:19:28,668 මම ඔයාට රිද්දාවි කියලා ඔයා හිතනවද? 238 00:19:29,543 --> 00:19:32,421 ඔයා හිතනවද ජීවත් වෙනවා කියන්නේ නොමැරී ඉන්න එක විතරයි කියලා? 239 00:19:36,801 --> 00:19:39,053 මේ කරපු දේට අපේ තාත්තා තමුන්ට වෛර කරාවි. 240 00:19:42,181 --> 00:19:44,308 එහෙම වෙලත්, ඔහු මාව උරුමක්කාරිය කළා. 241 00:19:45,726 --> 00:19:48,604 මම ඔහුගේ දර්ශනයට විශ්වාසවන්තව ඉන්න උත්සාහ කළා. 242 00:19:49,146 --> 00:19:51,898 ඒකෙන් රාජධානියම විනාශ වෙන බව තේරෙනකම්. 243 00:19:51,899 --> 00:19:52,857 කුරුමිණියෙක් ඉන්නවා 244 00:19:52,858 --> 00:19:55,861 ගිම්හානයේ ආරම්භයේදී විතරක් පේන්න ඉන්න. 245 00:19:56,320 --> 00:19:57,987 ඌට ගොඩක් පාට තියෙනවා. 246 00:19:57,988 --> 00:20:01,200 නිල්, රන්වන්, දම්... 247 00:20:02,368 --> 00:20:04,203 ඌ හරියට ඉබ්බෙක් වගේ. 248 00:20:05,955 --> 00:20:07,623 ඔයා කවදාහරි ඌව දැකලා තියෙනවද? 249 00:20:09,041 --> 00:20:10,583 මම හිතන්නේ නෑ. 250 00:20:10,584 --> 00:20:12,878 ඌව හොයාගන්න පුළුවන් කින්ග්ස් ලෑන්ඩින් වල විතරයි. 251 00:20:13,295 --> 00:20:16,716 ඌ ජීවත් වෙන්නේ අනිත් සත්තුන්ගේ අපද්‍රව්‍ය කාලා. 252 00:20:21,429 --> 00:20:22,430 ඌ හරිම ලස්සනයි. 253 00:20:25,516 --> 00:20:27,893 හොඳයි, ගිම්හානය ආවම මට ඌව පෙන්නන්න. 254 00:20:34,984 --> 00:20:36,819 ඔයාට කිසිම ගාණක් නෑ. 255 00:20:39,613 --> 00:20:40,614 ඔයා රඟපානවා. 256 00:20:42,825 --> 00:20:44,910 ඔයාට වටිනාකමක් තියෙන හැමදේම... 257 00:20:46,120 --> 00:20:47,121 අවලස්සනයි. 258 00:20:49,039 --> 00:20:50,374 මේ තැන... 259 00:20:51,751 --> 00:20:52,835 අවලස්සනයි. 260 00:20:57,006 --> 00:20:58,758 ඒ වගේම ඔයත්. 261 00:21:00,801 --> 00:21:02,261 - අවලස්සනයි. - කන්න. 262 00:21:03,929 --> 00:21:05,431 නැත්නම් මම ඔයාට බලෙන් කවනවා. 263 00:21:34,168 --> 00:21:35,169 නෑ! 264 00:21:35,753 --> 00:21:37,712 නෑ! නෑ! 265 00:21:37,713 --> 00:21:40,089 නෑ! මට ඕනේ නෑ! 266 00:21:40,090 --> 00:21:41,801 නෑ! 267 00:21:56,023 --> 00:21:57,024 ඉදිරියට! 268 00:21:57,483 --> 00:21:58,567 ගමන් කරන්න! 269 00:22:10,746 --> 00:22:11,747 සහෝදරයා. 270 00:22:13,415 --> 00:22:16,125 - ඔබත් ටම්බල්ටන් බලා පිටත් වෙනවද? - නෑ. 271 00:22:16,126 --> 00:22:18,128 අද අපි රැජිනට ආරක්ෂාව සපයනවා. 272 00:22:19,046 --> 00:22:20,047 ඇය කොහේටද යන්නේ? 273 00:22:24,844 --> 00:22:28,180 ඒගොන් ආපහු ආවා කියන ආරංචියෙන් ඇය ගොඩක් කලබල වෙලා. 274 00:22:28,556 --> 00:22:31,224 ඇය බේලාව බලකොටුවේ හිර කරලා තියෙන්නේ. 275 00:22:31,225 --> 00:22:32,309 ඔබ ඒක දැනගෙන හිටියද? 276 00:22:32,935 --> 00:22:34,353 මේවා ගොඩක් අවුල්සහගත කාලවල්. 277 00:22:34,728 --> 00:22:37,648 උත්තමාවිය ගැන ප්‍රශ්න කරන එක මට අයිති වැඩක් නෙවෙයි. 278 00:22:40,609 --> 00:22:41,861 ඇයි ඔබ එහෙම කරන්නේ? 279 00:22:42,236 --> 00:22:45,072 අපේ තාත්තා සිරමැදිරිවල කුණු වෙවී ඉද්දි, 280 00:22:45,322 --> 00:22:47,533 රෙනීරා ඔබව ඔහුගේ තැනට පත් කරලා. 281 00:22:48,450 --> 00:22:50,369 අවජාතකයෙක්ට හොඳ උසස්වීමක්. 282 00:22:53,414 --> 00:22:54,748 මගේ එකම අරමුණ... 283 00:22:55,457 --> 00:22:56,750 මගේ යුතුකම ඉටු කරන එක විතරයි. 284 00:22:58,127 --> 00:22:59,128 ලෑස්ති වෙන්න! 285 00:23:14,435 --> 00:23:15,853 ස්ථානගත වෙන්න! 286 00:23:22,943 --> 00:23:24,028 ගමන් කරන්න! 287 00:23:44,089 --> 00:23:45,090 දෙවියනේ. 288 00:23:47,009 --> 00:23:48,636 මේ තරම් සේනාවක් එක්ක කොහොම සටන් කරන්නද? 289 00:23:49,595 --> 00:23:52,014 වීරත්වයෙන්, ඒත් කිසිම ඵලක් නැතුව. 290 00:23:53,682 --> 00:23:55,017 තමන්ගේ තැන් වලට යන්න, ළමයිනේ. 291 00:23:56,060 --> 00:23:57,811 නවතින්න එපා. තමන්ගේ තැන් වලට යන්න. 292 00:23:59,480 --> 00:24:00,981 නවතින්න එපා. නිර්භීත වෙන්න. 293 00:24:02,650 --> 00:24:04,777 ළමයින්ව ඉස්සරහින් තියන්න. උන්ට හොඳට පේන්න. 294 00:24:07,112 --> 00:24:09,531 උතුමාණන්ණෙනි, උල්ෆ් තාම ආවේ නෑ. 295 00:24:10,074 --> 00:24:11,492 වගේම ඌ උගේ මකරා ගාවත් නෑ. 296 00:24:16,830 --> 00:24:18,957 එක මිනිහෙක් ගානේ දහදෙනෙක්ව අරන් යනවා. 297 00:24:18,958 --> 00:24:20,709 ගම පීරලා හරි ඌව හොයාගන්නවා. 298 00:24:21,502 --> 00:24:23,044 - මාත් එක්ක එන්න. - මොකක්හරි වැරැද්දක් තියෙනවා. 299 00:24:23,045 --> 00:24:24,088 ඔව්. 300 00:24:24,421 --> 00:24:25,839 අපි හැමෝම මැරෙන්නයි යන්නේ. 301 00:24:26,340 --> 00:24:27,341 නෑ. 302 00:24:28,133 --> 00:24:29,134 මං කියන්නෙ මාමා ගැන. 303 00:24:30,594 --> 00:24:33,263 රොක්ස්ටන් සහ ඔහු මොකක්හරි දෙයක් ගැන කුමන්ත්‍රණය කරනවා. 304 00:24:35,599 --> 00:24:37,059 ඔහු ඒක මගෙන් පවා හැංගුවා. 305 00:24:37,768 --> 00:24:39,269 - ඒ මොකක් වුණත්... - මාව අල්ලන්න එපා! 306 00:24:39,645 --> 00:24:41,814 ...බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය ලැබිලා නෑ වගේ. 307 00:24:45,401 --> 00:24:47,068 කරුණාකරලා. 308 00:24:47,069 --> 00:24:49,822 අපිට ඕනේ නෑ. මේක කරන්න අපිට බල කරන්න එපා. 309 00:24:50,864 --> 00:24:53,033 මම උඩ ඉඳන් සතුරා එක්ක සටන් කරන්නම්. 310 00:24:53,993 --> 00:24:55,202 නෑ. 311 00:24:55,953 --> 00:24:58,372 මේ මිනිස්සු, මේ ළමයි, 312 00:24:58,789 --> 00:24:59,957 මෙතන ඉන්නේ මම වෙනුවෙන්. 313 00:25:01,417 --> 00:25:03,001 මම ඔවුන්ට තනියම සටන් කරන්න දෙන්නේ නෑ. 314 00:25:03,002 --> 00:25:04,252 ඒත්, ඔබ මොනවද කරන්න හදන්නේ? 315 00:25:04,253 --> 00:25:06,421 ඕමන්ඩ්ගේ ලැයිස්තුවේ තවත් ගොදුරක් වෙන්නද? 316 00:25:06,422 --> 00:25:08,007 මට වෙන මොන විකල්පද තියෙන්නේ? 317 00:25:08,382 --> 00:25:09,717 එක්කෝ මුහුණ දෙනවා... 318 00:25:10,467 --> 00:25:11,719 නැත්නම් පලා යනවා. 319 00:25:17,725 --> 00:25:19,059 තවත් එකක් තියෙන්න පුළුවන්. 320 00:25:21,770 --> 00:25:22,771 මකරෙක්! 321 00:25:40,330 --> 00:25:41,957 උල්ෆ්, මකර පදවන්නා! 322 00:25:43,042 --> 00:25:44,960 මම හොයන්නේ මකර පදවන්නා වෙන උල්ෆ්ව. 323 00:25:45,377 --> 00:25:46,378 උල්ෆ්! 324 00:25:48,714 --> 00:25:49,715 උල්ෆ්! 325 00:25:54,303 --> 00:25:58,139 ඕමන්ඩ් උතුමාණන්ගේ තරුණ රජු සහ ඔහුගේ විශ්වාසවන්ත සේවකයා. 326 00:25:58,140 --> 00:25:59,141 කටවහපන්. 327 00:25:59,725 --> 00:26:02,769 ඩ්‍රිෆ්ට්මාර්ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, ඔබේ උරුමය වගේම. 328 00:26:02,770 --> 00:26:04,437 ඒත් ඩේරොන් රජු, 329 00:26:04,438 --> 00:26:06,606 ත්‍යාගශීලීව සහ ප්‍රඥාවන්තව, 330 00:26:06,607 --> 00:26:07,774 තමුන්ට වඩා හොඳ අනාගතයක් ලබා දෙනවා 331 00:26:07,775 --> 00:26:10,151 රෙනීරා ලෑස්ති කරලා තියෙනවට වඩා. 332 00:26:10,152 --> 00:26:12,321 මට ඉතුරු වෙලා තියෙන්නේ මගේ ගෞරවය විතරයි. 333 00:26:13,614 --> 00:26:16,283 මම ඒක මේ වගේ ලාබ අල්ලසකට පාවා දෙයි කියලා උඹලා හිතුවද? 334 00:26:16,867 --> 00:26:17,868 හොඳයි. 335 00:26:19,119 --> 00:26:20,287 අමාරු විදිහට කරලා බලමු. 336 00:26:37,638 --> 00:26:38,514 අයින් වෙයල්ලා! 337 00:26:40,015 --> 00:26:41,016 එළියට! 338 00:26:42,518 --> 00:26:43,519 අයින් වෙයල්ලා! 339 00:26:44,228 --> 00:26:45,604 පස්සට! පස්සට! 340 00:26:46,647 --> 00:26:47,730 අයින් වෙයල්ලා! 341 00:26:47,731 --> 00:26:48,816 එළියට! 342 00:26:49,900 --> 00:26:50,818 පස්සට! 343 00:26:57,116 --> 00:26:58,117 පස්සට! 344 00:27:11,588 --> 00:27:13,507 {\an8}- අවජාතකයන්ගේ රැජින - 345 00:27:14,883 --> 00:27:16,843 ඔබයි මගේ උරුමක්කාරයා, ජොෆ්රි. 346 00:27:16,844 --> 00:27:20,722 වගේම මම ඔබට පවරන මේ යුතුකම රජකම් කරනවාට වඩා එහා ගිය එකක්. 347 00:27:24,184 --> 00:27:27,270 කතාවක් තියෙනවා ඔබේ සීයා මට කියපු, 348 00:27:27,271 --> 00:27:29,189 වගේම ඒක ඔහුට කියලා තිබුණේ පැරණි රජු. 349 00:27:30,399 --> 00:27:32,067 ඒ වගේම මම ඒක කිව්වා... 350 00:27:33,610 --> 00:27:34,611 ඔබේ සහෝදරයාට. 351 00:27:36,822 --> 00:27:38,448 සම්ප්‍රදායට අනුව. 352 00:27:44,246 --> 00:27:45,998 ටම්බල්ටන්, මගේ උතුමණි! 353 00:27:46,498 --> 00:27:47,624 අන්තිමේදී. 354 00:27:49,793 --> 00:27:52,712 කෝල් හිටියේ නැත්නම්, අපි සති දෙකකට කලින්ම මෙහෙ ඇවිත්. 355 00:27:52,713 --> 00:27:54,214 මට ඔහුව අමතක වෙලයි තිබුණේ. 356 00:27:54,631 --> 00:27:56,758 - කියන්න ඔහු කොහොමද මැරුණේ කියලා. - හරිම භයානක විදිහට. 357 00:28:00,179 --> 00:28:01,262 මගේ කුමරුනි. 358 00:28:01,263 --> 00:28:02,346 උතුමණි. 359 00:28:02,347 --> 00:28:04,558 - හයිටවර් නයිට්වරයෙක් එනවා. - ඉතින්? 360 00:28:04,933 --> 00:28:06,768 - ඔහුව මරන්න. - කෝලිස් තුමන් එක්ක. 361 00:28:23,118 --> 00:28:24,119 ඩේමන් කුමරුනි. 362 00:28:25,078 --> 00:28:26,580 මම ගවේයින් හයිටවර්. 363 00:28:27,122 --> 00:28:28,248 හමුවීම සතුටක්. 364 00:28:28,498 --> 00:28:29,791 මල මගුලයි. 365 00:28:32,669 --> 00:28:35,088 මස් කපන එකෙක්ගේ පිහියේ මීට වඩා මස් තියෙනවා. 366 00:28:36,924 --> 00:28:38,091 මම මූව මරන්නද? 367 00:28:39,134 --> 00:28:40,801 ඔබ දැනටමත් කෝලිස් උතුමාණන් ගැන දන්නවනේ. 368 00:28:40,802 --> 00:28:42,137 ඔබ හොඳින්ද? 369 00:28:42,763 --> 00:28:43,805 යම්තාක් දුරකට. 370 00:28:47,100 --> 00:28:48,185 හරි, කියන්න. 371 00:28:48,727 --> 00:28:50,938 මගේ ඥාති සහෝදරයා වෙන ඕමන්ඩ්ට පිස්සු හැදිලා. 372 00:28:51,438 --> 00:28:54,066 - පරාජය භාරගන්නවාට වඩා ඔහු මැරෙන්න වුණත් කැමතියි. - ඔබ? 373 00:28:55,108 --> 00:28:56,443 මම අන්ධ නෑ. 374 00:28:57,778 --> 00:28:59,947 ඔබ පහර දුන්නොත් අපි අද දවසින් එහාට ජීවත් වෙන්නේ නෑ කියලා මම දන්නවා. 375 00:29:01,114 --> 00:29:02,866 හොඳ හිත පෙන්වන්න, 376 00:29:06,370 --> 00:29:07,663 මම ඔබේ හස්තය ඔබට ආපහු දෙනවා. 377 00:29:09,623 --> 00:29:11,250 එහෙමත් නැත්නම්, අඩුම තරමේ ඇඟිලි හතරක්. 378 00:29:12,167 --> 00:29:13,293 මම ආවේ සාමය ඉල්ලන්න. 379 00:29:14,086 --> 00:29:15,544 ඔබ එක්ක මැදිහත් වෙන්න, 380 00:29:15,545 --> 00:29:17,256 ඩේරොන් ටාගේරියන්ගේ අණින්. 381 00:29:18,382 --> 00:29:21,384 ඔබේ බොරු රජවරුන්ගේ පරම්පරාවේ අන්තිමයා. 382 00:29:21,385 --> 00:29:23,803 මේ යුද්ධය ඉවර වෙන්නේ ද්‍රෝහීන්ගේ ඔළු 383 00:29:23,804 --> 00:29:25,264 රාජකීය දොරටුවේ ගැහුවට පස්සේ. 384 00:29:26,098 --> 00:29:27,181 ඊට කලින් නෙවෙයි. 385 00:29:27,182 --> 00:29:28,850 ඩේරොන්ගේ යෝජනාව අහන්න. 386 00:29:29,726 --> 00:29:31,102 රාජධානිය බෙදන්න. 387 00:29:31,103 --> 00:29:32,812 රැජිනට පාලක භූමිය තියාගන්න දීලා, 388 00:29:32,813 --> 00:29:35,648 උතුර, නිම්නය සහ ට්‍රයිඩන්ට් ගඟ ආශ්‍රිත ප්‍රදේශත් එක්ක, 389 00:29:35,649 --> 00:29:38,068 ඒ වගේම ඩේරොන්ට ඕල්ඩ්ටවුන් පාලනය කරන්න දෙන්න. 390 00:29:39,027 --> 00:29:40,112 අනේ... 391 00:29:40,946 --> 00:29:44,198 මේ දකුණේ ඉන්න මෝඩ කිරිසප්පයාව මරන්න මට ඉඩ දෙන්න. 392 00:29:44,199 --> 00:29:45,867 ඒ කාලේ, රාජධානි හතක් තිබුණා. 393 00:29:46,326 --> 00:29:48,744 ජයග්‍රාහකයාට කලින්, අපි වෙන් වෙලා වුණත් සාමයෙන් හිටියා. 394 00:29:48,745 --> 00:29:51,206 - ඇති! - මගේ ආදරණීය හස්තයේ උතුමාණෙනි. 395 00:29:51,873 --> 00:29:53,040 මම බයවෙලා හිටියේ හයිටවර්ලා 396 00:29:53,041 --> 00:29:55,127 ඔබේ දිවත් කපා දාලා ඇති කියලා. 397 00:29:58,046 --> 00:29:59,715 හයිටවර් කියන දේ වැරදි නෑ. 398 00:30:00,299 --> 00:30:02,341 සමහර නිවාස තාමත් එල්ලිලා ඉන්නවා 399 00:30:02,342 --> 00:30:03,760 මහා කවුන්සිලය ලබාදුන්න පූර්වාදර්ශයේ: 400 00:30:04,886 --> 00:30:06,220 ගැහැනියකට රජකම් කළ නොහැක. 401 00:30:06,221 --> 00:30:08,806 කෝලිස්, ඒ ප්‍රතික්ෂේප කළේ ඔබේ බිරිඳව. 402 00:30:08,807 --> 00:30:10,891 රෙනීරා ඇගේ මකරුන් එක්ක සිංහාසනය ලබාගත්තා. 403 00:30:10,892 --> 00:30:12,393 ඇගේ පාලනයට කිසිම අභියෝගයක් නෑ. 404 00:30:12,394 --> 00:30:14,353 ඔව්, රැජිනට මකරු ඉන්නවා. 405 00:30:14,354 --> 00:30:15,981 ඒත් ප්‍රධාන නිවාස තාමත් සැකයෙන් ඉන්නේ. 406 00:30:17,149 --> 00:30:19,901 ඇගේ යටත්වැසියන්ට ආරක්ෂාවක් දැනෙන්නේ නෑ. වගේම එහෙම දැනෙන්න විදිහකුත් නෑ. 407 00:30:20,986 --> 00:30:22,779 ඒමන්ඩ් සහ වේගාර් තාමත් නිදැල්ලේ. 408 00:30:29,745 --> 00:30:31,621 ඩේරොන්ට ඕල්ඩ්ටවුන් දෙන්න. 409 00:30:32,205 --> 00:30:34,875 ඔහුව දකුණේ ප්‍රධාන පාලකයා කරන්න. 410 00:30:35,292 --> 00:30:36,626 ඩේරොන් කවදාවත් රජ වෙන්නේ නෑ. 411 00:30:37,252 --> 00:30:39,837 ඒත් ඔහුටයි ඔහුගේ මකරාටයි දකුණේ ආරක්ෂකයන් වෙන්න පුළුවන්. 412 00:30:39,838 --> 00:30:41,089 මගේ යෝජනාව ඒක නෙවෙයි. 413 00:30:44,384 --> 00:30:46,177 ඩේරොන්ට රෙයිනාව කසාද බන්දලා දෙන්න. 414 00:30:46,178 --> 00:30:48,095 ඔබේ නිවාස දෙක අතරේ තියෙන භේදය නැතිකරන්න. 415 00:30:48,096 --> 00:30:50,389 කින්ග්ස් ලෑන්ඩින් ලබාගත්තාම, 416 00:30:50,390 --> 00:30:53,392 රීච්, උතුර, රිවර්ලෑන්ඩ්ස් සහ වේල් එක්ක, 417 00:30:53,393 --> 00:30:56,605 රෙනීරාට ස්ටෝම්ලෑන්ඩ්ස් පවා යටත් කරගන්න වැඩි කාලයක් යන එකක් නෑ. 418 00:30:57,189 --> 00:31:00,817 ඒ වගේම මේ ගිවිසුම ගැන දැනගත්තාම ආක්‍රමණිකයා වෙන ඒගොන් මොනවා කියාවිද? 419 00:31:01,068 --> 00:31:04,237 ඌ උගේ අබ්බගාත මකරාගේ පිටේ ඇවිද ඇවිද යාවි. 420 00:31:04,613 --> 00:31:06,907 බාගෙට පිච්චිලා හිටියත් ඌ රජකම් කරන්න සුදුසුයි. 421 00:31:07,449 --> 00:31:08,742 අඩුම තරමේ ඌ එහෙම හිතාවි. 422 00:31:10,035 --> 00:31:11,370 ඔබ දැනගෙන හිටියේ නැද්ද? 423 00:31:12,871 --> 00:31:15,457 සහෝදරයෝ දෙන්නෙක් රණ්ඩු වෙන එක ගොඩක් දුක හිතෙන දෙයක්. 424 00:31:15,916 --> 00:31:18,377 ඒගොන් සහ ඒමන්ඩ් මේ සන්ධානයට විරුද්ධ වේවි. 425 00:31:18,752 --> 00:31:19,878 සන්ධානයක්? 426 00:31:21,129 --> 00:31:25,049 මම ඔබව ද්‍රෝහියෙක් විදිහට දැක්කේ නෑ, කෝලිස්. නැත්නම් ඊටත් වඩා නරක, නිවටයෙක් විදිහට. 427 00:31:25,050 --> 00:31:28,053 තරුණ රජු ඔබේ පක්ෂපාතීත්වයට මොනවද දුන්නේ? 428 00:31:29,262 --> 00:31:30,430 සාමය. 429 00:31:31,264 --> 00:31:34,183 ඩේමන්, ඔබ ඉදිරියේ පාරවල් දෙකක් තියෙනවා. 430 00:31:34,184 --> 00:31:35,936 ඒ දෙකම යන්නේ එකම අවසානයකට. 431 00:31:36,269 --> 00:31:38,562 රෙනීරා, අසිපත් සිංහාසනයේ ඉඳන්, 432 00:31:38,563 --> 00:31:40,439 රාජධානි හත පාලනය කරන එක. 433 00:31:40,440 --> 00:31:42,275 ඔබට තීරණය කරන්න තියෙන්නේ එක දෙයයි... 434 00:31:43,568 --> 00:31:45,821 මේ යුද්ධයෙන් ඔබට ඇත්තටම ඕනේ මොකක්ද කියන එක. 435 00:31:46,822 --> 00:31:47,906 ජයග්‍රහණයද... 436 00:31:49,116 --> 00:31:50,659 නැත්නම් මැරුණු හයිටවර්වරුන් ගොඩක්ද? 437 00:31:52,160 --> 00:31:53,328 ඔබ මොකද හිතන්නේ? 438 00:31:54,121 --> 00:31:56,331 මේ වෙනුවෙන් ඔබ දහස් ගාණකගේ ජීවිත පහත් විදිහට පූජා කරනවද...? 439 00:31:59,292 --> 00:32:01,502 රෙනීරා හැර වෙන කිසිම කෙනෙක් රජකම් කරන්නේ නෑ, 440 00:32:01,503 --> 00:32:03,379 ඇන්ඩල්වරුන්ගේ නීත්‍යානුකූල රැජිනිය, 441 00:32:03,380 --> 00:32:06,382 ප්‍රථම මිනිසුන්ගේ, හිඟන්නන්ගේ, හොරුන්ගේ සහ ඔබ වගේ නිවටයන්ගේ. 442 00:32:06,383 --> 00:32:08,717 නව වැලීරියාවක් අළු මතින් නැගිටීවි 443 00:32:08,718 --> 00:32:10,428 ඒ ආක්‍රමණික සහෝදරයන්ගේ 444 00:32:10,429 --> 00:32:12,514 ඒ වගේම ඕල්ඩ්ටවුන් වල ඉන්න අර උඩඟු හයිටවර්ලාගේ අළු මතින්. 445 00:32:12,931 --> 00:32:15,851 හොඳයි, උඹ සාමය ඉල්ලගෙන මා ළඟට ආපු නිසා, 446 00:32:16,435 --> 00:32:18,018 මම උඹට තෝරාගැනීමක් දෙනවා. 447 00:32:18,019 --> 00:32:19,520 මෙතනම මැරෙනවද 448 00:32:19,521 --> 00:32:21,439 නැත්නම් අර පවුරු පිටිපස්සේ ඉඳන් 449 00:32:21,440 --> 00:32:23,275 උඹ වගේ කාලකණ්ණි මීයෙක් විදිහටම මැරෙනවද කියලා. 450 00:32:26,111 --> 00:32:27,611 කෝලිස් උතුමාණන් මගේ සිරකරුවෙක්. 451 00:32:27,612 --> 00:32:28,696 හයිටවර් ආපහු ගිහින් 452 00:32:28,697 --> 00:32:30,781 ඔහුගේ ඥාති සහෝදරයාට කියන්න අපි ඇතුළට එනවා කියලා. 453 00:32:30,782 --> 00:32:31,825 නැගිටින්න! යමු! 454 00:32:32,659 --> 00:32:35,578 ඉණිමං සහ පවුරු බිඳුම් ගේන්න! අපි ආපහු ගමන් කරනවා! 455 00:32:35,579 --> 00:32:37,706 ඊළඟට මේ ප්‍රහාරය පරක්කු කරන එකාව 456 00:32:38,081 --> 00:32:41,084 මගේ අශ්වයාගේ ගැටගහලා බිම දිගේ ඇදගෙන යනවා! 457 00:33:46,900 --> 00:33:47,984 වෙන්න බෑ. 458 00:33:48,818 --> 00:33:50,111 උඹ මැරිලා. 459 00:33:56,284 --> 00:33:57,619 මම ජීවතුන් අතර! 460 00:33:59,454 --> 00:34:00,413 මෝඩයා. 461 00:34:03,583 --> 00:34:04,584 අයියේ. 462 00:34:04,876 --> 00:34:05,877 අයියේ. 463 00:34:06,378 --> 00:34:07,796 සමාව අයදින්න ලෑස්තියි මම. 464 00:34:19,599 --> 00:34:20,642 සමාව? 465 00:34:24,896 --> 00:34:26,773 හරි නම් උඹව කෑලි වලට කපන්න ඕනේ. 466 00:34:32,445 --> 00:34:34,906 නැත්නම් උඹව පණපිටින් පුච්චන්න කියලා සන්ෆයර්ට අණ දෙන්න ඕනේ. 467 00:34:37,242 --> 00:34:39,327 ඒත් හිමින්... 468 00:34:40,704 --> 00:34:42,789 කොහොමද උඹේ හමේ... 469 00:34:43,707 --> 00:34:46,626 දියපට්ටා එන්නේ කියලා බලන්න. 470 00:34:47,419 --> 00:34:49,087 උඹ ලේ ඥාතියෙක්ව මරපු එකෙක්. 471 00:34:51,339 --> 00:34:52,507 උරුමය කොල්ලකාපු එකෙක්. 472 00:34:54,843 --> 00:34:56,261 අවජාතකයෙක්! 473 00:35:04,561 --> 00:35:05,729 නෑ. 474 00:35:07,522 --> 00:35:10,399 නෑ, නෑ, නෑ! 475 00:35:10,400 --> 00:35:13,111 මම මේකෙන් සතුටක් ලබන්න ඕනේ. උඹට මොකද වෙලා තියෙන්නේ? 476 00:35:15,822 --> 00:35:17,073 මාත් එක්ක සටන් කරපන්! 477 00:35:21,911 --> 00:35:23,580 මට ඔයාගෙ දේවල් වලට කෑදරකමක් තිබුණා 478 00:35:24,247 --> 00:35:25,915 ඔයා මේ කිරුළට සුදුසු නෑ කියලා මම හිතුවා. 479 00:35:31,713 --> 00:35:33,798 ඔයාගෙ තැන ගන්න මම ඔයාව මරන්න හැදුවා. 480 00:35:35,634 --> 00:35:37,844 මට මරණ දඬුවම දෙන එක තමයි ඔයාට කරන්න තියෙන හොඳම දේ. 481 00:35:44,017 --> 00:35:45,185 උඹ හැමිනියන්. 482 00:35:47,187 --> 00:35:48,480 නැගිටපන්. 483 00:35:55,945 --> 00:35:57,196 අපි ටම්බල්ටන් වලට යනවා. 484 00:35:57,197 --> 00:36:00,367 මගේ කුමාරයාට යන්න බෑ. ඔහුගේ මකරා ඔහුව දාලා ගියා. 485 00:36:01,159 --> 00:36:02,160 ඒ කවුද? 486 00:36:02,702 --> 00:36:03,578 මගේ අනාගත බිරිඳ. 487 00:36:12,837 --> 00:36:16,716 උඹ දන්නේ නැද්ද එළියේ මොනවද වෙන්නේ කියලා? 488 00:36:19,719 --> 00:36:20,720 නෑ. 489 00:36:22,347 --> 00:36:23,723 රෙනීරා මාව මැරිලා කියලා ප්‍රකාශ කළා. 490 00:36:24,849 --> 00:36:26,433 ඒ වගේම උඹ අතුරුදහන් වුණාම, 491 00:36:26,434 --> 00:36:29,771 අර අලුතින් ආපු ඩේරොන් තීරණය කළා ඌ රජකම් කරනවා කියලා. 492 00:36:32,941 --> 00:36:34,526 අපි මෙහෙම කරමු. 493 00:36:36,486 --> 00:36:38,071 අපි වේගාර්ව හොයාගෙන, 494 00:36:39,030 --> 00:36:40,281 ටම්බල්ටන් වලට ගිහින් 495 00:36:40,949 --> 00:36:43,534 ඩේරොන්ටයි අර කාලකණ්ණි ඕමන්ඩ්ටයි 496 00:36:43,535 --> 00:36:44,618 උන්ගේ තැන පෙන්නලා දෙමු. 497 00:36:44,619 --> 00:36:47,413 ඊටපස්සේ අපි කින්ග්ස් ලෑන්ඩින් වලට ගමන් කරමු 498 00:36:47,414 --> 00:36:49,082 මගේ කොඩිය යටතේ. 499 00:36:51,167 --> 00:36:52,252 ඒ වගේම සමහරවිට, 500 00:36:53,002 --> 00:36:55,630 රෙනීරාගේ ඔළුව උලක ගහලා තියෙද්දී 501 00:36:55,922 --> 00:36:57,548 තව මම, අසිපත් සිංහාසනයේ වාඩිවෙලා ඉද්දි... 502 00:36:57,549 --> 00:36:58,550 ඒමන්ඩ්... 503 00:37:01,386 --> 00:37:03,221 සමහරවිට එතකොට... 504 00:37:05,181 --> 00:37:06,266 මම උඹට සමාව දේවි. 505 00:37:08,351 --> 00:37:10,854 මාව මරන්න හැදුවට. 506 00:37:15,734 --> 00:37:18,069 ප්‍රධාන දොරටුවට අමතරව තව ඇතුල්වෙන තැනක් තියෙනවා. 507 00:37:18,737 --> 00:37:21,029 ඊසානදිග පැත්තේ පාවිච්චි කරන්නේ නැති පොඩි දොරටුවක්. 508 00:37:21,030 --> 00:37:24,158 ඔවුන් පවුරු බැඳලා තිබුණත්, ඒ ආරක්ෂාව අසම්පූර්ණයි. 509 00:37:24,159 --> 00:37:26,034 ඉතින් දුර්වල තැන් තියෙනවා. 510 00:37:26,035 --> 00:37:28,246 විශේෂයෙන්ම ගිනිකොනදිග පවුරු වල. 511 00:37:28,705 --> 00:37:29,706 සරලයි. 512 00:37:30,874 --> 00:37:33,042 මම ප්‍රධාන දොරටුවේ තියෙන පවුරු පුළුස්සලා දාන්නම්. 513 00:37:33,960 --> 00:37:35,377 ඔවුන්ගේ ප්‍රතිරෝධය මැඩපැවැත්තුවාට පස්සේ, 514 00:37:35,378 --> 00:37:37,713 කැරැක්සිස් එක්ක පෙරමුණු බලඇණිය ප්‍රහාරය මෙහෙයවාවි. 515 00:37:37,714 --> 00:37:39,883 උල්ෆ් සහ සිල්වර්වින්ග් පස්සෙන් එයි. 516 00:37:40,341 --> 00:37:42,885 රෙනීරාගේ කොඩි බලකොටුව උඩින් ලෙළදේවි 517 00:37:42,886 --> 00:37:43,970 අඳුර වැටෙන්න කලින්. 518 00:37:46,097 --> 00:37:48,390 ගම සහ මිනිස්සු ආරක්ෂා කරන්න මතක තියාගන්න. 519 00:37:48,391 --> 00:37:49,601 මුළු රාජධානියම අපි දිහා බලාගෙන ඉන්නේ. 520 00:37:50,602 --> 00:37:53,020 රැජිනගේ සදාචාරාත්මක බලය ඒ විදිහටම තියෙන්න ඕනේ. 521 00:37:53,021 --> 00:37:54,229 හරිම කම්මැලියිනෙ. 522 00:37:54,230 --> 00:37:55,231 මගේ කුමරුනි. 523 00:37:55,607 --> 00:37:57,942 උතුමණි. පවුරු උඩ මොකක්හරි චලනයක් පේනවා. 524 00:37:58,276 --> 00:38:00,195 සතුරා ඔවුන්ගේ හමුදාව වැඩිකරගෙන තියෙනවා... 525 00:38:00,612 --> 00:38:01,613 ළමයිනුත් එක්ක. 526 00:38:03,364 --> 00:38:04,365 දෙවියනේ. 527 00:38:05,533 --> 00:38:07,075 - කීදෙනෙක්ද? - ගොඩක් ඉන්නවා. 528 00:38:07,076 --> 00:38:08,411 පවුරු දිගේම. 529 00:38:08,787 --> 00:38:10,789 අනික ඒ අපිට පේන ටික විතරයි. 530 00:38:12,749 --> 00:38:14,541 ඔහු ඔබව පරීක්ෂා කරනවා. 531 00:38:14,542 --> 00:38:16,251 ඔබේ මකරාව පාවිච්චි කරන්න කියලා ඔහු ඔබට අභියෝග කරනවා. 532 00:38:16,252 --> 00:38:17,712 කාලකණ්ණි නිවටයා. 533 00:38:19,506 --> 00:38:21,966 රොඩරික් තුමනි, ඔබ තාමත් රැජින වෙනුවෙන් මැරෙන්න ලෑස්තිද? 534 00:38:22,634 --> 00:38:23,926 මම ඒකට ආසාවෙන් බලාගෙන ඉන්නේ. 535 00:38:23,927 --> 00:38:25,427 ඔබේ අයත් එක්ක ගිහින් පවුරු අල්ලගන්න. 536 00:38:25,428 --> 00:38:27,805 උතුරේ මිනිස්සුන්ට විතරක් පුළුවන් විදිහට සටන් කරලා, 537 00:38:27,806 --> 00:38:29,224 ඇතුළෙන් දොරටු අරින්න. 538 00:38:29,682 --> 00:38:32,684 ඒත් දොරටු අරිනකල් මැරෙන්න එපා. 539 00:38:32,685 --> 00:38:34,437 හොඳයි. දොරටු ඇරලා ඊටපස්සේ මැරෙමු. 540 00:38:36,189 --> 00:38:37,816 ඔස්කාර් උතුමාණන් පැති මෙහෙයවාවි. 541 00:38:38,107 --> 00:38:39,942 සර් ගැරිබෝල්ඩ්ට, අතිරේක හමුදාව. 542 00:38:39,943 --> 00:38:41,778 මැද කොටස මට. 543 00:39:01,548 --> 00:39:03,258 මේ සත් දෙවිවරුන්ගේ නිවස. 544 00:39:03,800 --> 00:39:06,344 කිසි ආයුධයක් මේතුළට ගේන්න තහනම්. 545 00:39:07,345 --> 00:39:09,597 කින්ග්ස් ලෑන්ඩින් වල මිනිස්සු 546 00:39:10,265 --> 00:39:12,851 බලන් ඉන්නේ තෝරාගත් කෙනා කවුද කියලා දැනගන්න. 547 00:39:14,269 --> 00:39:16,228 ඔබ ඔවුන්ට ඒ උත්තරය දෙන්න ඕනෙ 548 00:39:16,229 --> 00:39:18,397 හැමෝම ඉස්සරහා මාව අභිෂේක කරලා. 549 00:39:18,398 --> 00:39:21,568 මම කලින්ම කිව්වා ඒක කරන්න බැරි දෙයක් කියලා. 550 00:39:22,527 --> 00:39:25,613 ඒ වගේම දැන් ඒගොන් සහ ඔහුගේ මකරා මරණයෙන් නැගිටලා ඇවිත් ඉද්දි... 551 00:39:26,197 --> 00:39:28,115 මට මීට වඩා පැහැදිලි සංඥාවක් පේන්නේ නෑ 552 00:39:28,116 --> 00:39:31,034 දෙවිවරුන් තෝරාගත්තේ කාවද කියන්න, 553 00:39:31,035 --> 00:39:31,911 කුමරියනි. 554 00:39:32,704 --> 00:39:34,122 මමයි රැජින. 555 00:39:36,624 --> 00:39:38,042 මේ මහල්ලාට අමතක වෙලා... 556 00:39:39,335 --> 00:39:42,297 මම පැළඳගෙන ඉන්නේ මගේ පියාගේ කිරුළ වගේම වාඩිවෙලා ඉන්නේ ඔහුගේ සිංහාසනයේ කියලා, 557 00:39:43,256 --> 00:39:45,675 මගේ කකුල් දෙක මුල මකරු හයදෙනෙක් එක්ක. 558 00:39:47,010 --> 00:39:49,429 ඔබ මගේ උරුමය දෙපාරක් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. 559 00:39:50,471 --> 00:39:52,390 ඔබට මකරුන් හයදෙනෙක් ඉන්න පුළුවන්, 560 00:39:52,891 --> 00:39:56,477 මට මුහුණු සතක් තියෙන දෙවියෙක් ඉන්නවා. 561 00:39:57,103 --> 00:40:00,315 ඒ වගේම කිසිම විදිහකින් මට උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ වෙන්න බෑ. 562 00:40:06,362 --> 00:40:08,531 ඔබ දැන් ඔබවම ද්‍රෝහියෙක් කරගත්තා. 563 00:40:11,784 --> 00:40:13,369 මමයි මේ ආගමේ උත්තම පූජකයා. 564 00:40:14,621 --> 00:40:15,622 මට පහර දෙනවා කියන්නේ... 565 00:40:16,497 --> 00:40:19,000 ස්ටාරි සෙප්ටයට එරෙහිව යුද ප්‍රකාශ කරනවා කියන එකයි. 566 00:40:19,626 --> 00:40:21,084 ඔබේ ආත්මය නිරයන් හතෙන් 567 00:40:21,085 --> 00:40:23,129 ගැඹුරුම නිරයට නියම කරනවා කියන එකයි. 568 00:40:26,341 --> 00:40:30,011 ඔබ පුරාණ වැලීරියාවේ ලේ වලින් පැවතෙන්නෙක්. 569 00:40:31,346 --> 00:40:33,181 අපේ දෙවිවරු ඉන්නේ ඊටත් වඩා උඩින්. 570 00:40:37,894 --> 00:40:38,895 ඔවුන්ට, 571 00:40:39,562 --> 00:40:40,647 මේ නිවස... 572 00:40:41,689 --> 00:40:44,442 ගල් සහ ගඩොල් වලින් හදපු හිස් ගොඩනැගිල්ලක් විතරයි. 573 00:40:48,321 --> 00:40:50,531 ඔබ පය ගහලා ඉන්නේ ශුද්ධ වූ භූමියක! 574 00:40:51,574 --> 00:40:52,992 මේක රැකවරණය දෙන තැනක්! 575 00:41:38,496 --> 00:41:39,747 මැරෙන්න කලින්, 576 00:41:41,040 --> 00:41:42,041 මගේ පියා, 577 00:41:43,126 --> 00:41:44,627 සාමකාමී විසේරිස්, 578 00:41:45,670 --> 00:41:47,088 මාව ඔහුගේ උරුමක්කාරිය කළා. 579 00:41:49,173 --> 00:41:51,092 කාටත් හොර රහසින් නෙවෙයි. 580 00:41:51,968 --> 00:41:53,469 හරි ඉහළින් උත්සවයක් අරගෙනයි කළේ. 581 00:41:54,220 --> 00:41:58,015 උත්තම මිනිසුන් සියගාණක් හැතැප්ම ගණන් ගෙවාගෙන ආවේ 582 00:41:58,016 --> 00:42:00,101 මට පක්ෂපාතීත්වය දිවුරන්න විතරයි 583 00:42:00,768 --> 00:42:02,270 දෙවිවරු සහ මිනිස්සු ඉදිරියේ. 584 00:42:06,649 --> 00:42:10,069 ඒත් මගේ පාලනය ඊට කලින්ම ලියැවිලා තිබුණා. 585 00:42:11,112 --> 00:42:13,489 ඒක අනාවැකියක කොටසක් 586 00:42:14,365 --> 00:42:16,868 විසේරිස් උපදින්නත් කලින් තිබුණු එකක්. 587 00:42:21,372 --> 00:42:23,583 ඔක්කොම පටන් ගත්තේ මහා විනාශයත් එක්ක, 588 00:42:24,709 --> 00:42:27,252 ගින්න සහ නිරය මුදාහරිද්දි, 589 00:42:27,253 --> 00:42:30,423 පුරාණ වැලීරියාව සහ එහි මිනිස්සුන්ව විනාශ කරමින්. 590 00:42:30,882 --> 00:42:32,550 උල්ෆ්, මකර හසුරුවන්නා! 591 00:42:34,010 --> 00:42:35,011 අර ඇතුළේ. 592 00:42:35,470 --> 00:42:38,388 - ඌව හොයාගනිල්ලා! - ටාගේරියන්වරු විතරයි බේරුණේ. 593 00:42:38,389 --> 00:42:39,556 මේ යකා කොහෙද? 594 00:42:39,557 --> 00:42:43,186 මගේ පවුලට විතරයි සමාව ලැබුණේ. 595 00:42:49,942 --> 00:42:53,196 දෙවිවරු මගේ මුතුන්මිත්තා ගෙනාවා, 596 00:42:53,988 --> 00:42:55,907 යටත් කරගන්නා ඒගොන්ව, 597 00:42:57,033 --> 00:42:58,618 රාජධානි හතට, 598 00:42:59,035 --> 00:43:01,703 කෑලි වලට කැඩුණු මේ භූමිය එක්සේසත් කරන්න 599 00:43:01,704 --> 00:43:05,625 එකම කළු සහ රතු කොඩියක් යටතට. 600 00:43:07,335 --> 00:43:09,170 ඔවුන් ඔහුව නම් කළා 601 00:43:09,712 --> 00:43:12,715 මිනිස් ලෝකයේ ආරක්ෂකයා විදිහට. 602 00:43:13,925 --> 00:43:16,552 ඔහුගේ යුතුකම වුණේ ලෝකය ආරක්ෂා කරන එක 603 00:43:17,386 --> 00:43:19,429 පැරණි වගේම 604 00:43:19,430 --> 00:43:21,264 භයානක අඳුරකින් 605 00:43:21,265 --> 00:43:23,559 ඈත උතුරේ සැඟවිලා ඉන්න. 606 00:43:24,393 --> 00:43:25,561 පවුරෙන් එහා. 607 00:43:25,895 --> 00:43:28,314 ශීත ඍතු භූමි වලින් එහා. 608 00:43:28,731 --> 00:43:29,982 ඒ වගේම, 609 00:43:30,566 --> 00:43:32,318 මකරුන්ගේ බලයට විතරයි 610 00:43:32,944 --> 00:43:34,904 ඒ තර්ජනයට මුහුණ දෙන්න පුළුවන්. 611 00:43:36,781 --> 00:43:41,369 ජයග්‍රාහකයා මේ ශුද්ධ වූ මෙහෙයුම බාරදුන්නේ 612 00:43:41,744 --> 00:43:44,246 ඔහු තෝරාගත්ත පැවතෙන්නන්ට. 613 00:43:44,247 --> 00:43:46,289 පැරණි රජු ජෙහේරිස්ට. 614 00:43:46,290 --> 00:43:47,999 ඊටපස්සේ, මගේ පියාට. 615 00:43:48,000 --> 00:43:49,001 ඊටත් පස්සේ, මට. 616 00:43:49,836 --> 00:43:53,131 හයිටවර් පරම්පරාවට මේ අනාවැකිය ඉෂ්ට කරන්න බෑ. 617 00:43:55,591 --> 00:43:58,469 මේ ලෝකය බේරගන්න නම්, 618 00:44:00,054 --> 00:44:02,640 මම මේ මාවත ආලෝකමත් කරන්න ඕනේ. 619 00:44:03,599 --> 00:44:04,684 මොකද මමයි... 620 00:44:05,268 --> 00:44:07,520 මේ මිනිස්සුන්ගේ ආරක්ෂකයා. 621 00:44:08,020 --> 00:44:09,021 මමයි... 622 00:44:09,647 --> 00:44:12,108 තෝරාගත් රෙනීරා. 623 00:44:15,153 --> 00:44:20,491 මමයි පොරොන්දු වූ කුමාරයා. 624 00:44:28,166 --> 00:44:29,875 උතුමණි සහ නයිට්වරුනි! 625 00:44:29,876 --> 00:44:31,544 ම්ලේච්ඡයිනි සහ මිනීමරුවනි! 626 00:44:35,840 --> 00:44:37,633 නුඹලා ජීවත් වුණත් මැරුණත්, 627 00:44:38,718 --> 00:44:41,053 අද දවසේ ඉතිහාසයට එකතු වේවි 628 00:44:41,429 --> 00:44:44,932 හයිටවර්ලාගේ විනාශය තීන්දු කරපු අය විදිහට. 629 00:44:47,935 --> 00:44:50,271 කිසිම අනුකම්පාවක් දක්වන්න එපා! 630 00:44:51,689 --> 00:44:53,149 එක දිගටම පහර දීපල්ලා! 631 00:44:55,443 --> 00:44:58,654 මට ඕනේ නුඹලාගේ හොඳම දේ නෙවෙයි, දරුණුම දේ! 632 00:45:10,374 --> 00:45:11,459 ඉදිරියට. 633 00:45:12,752 --> 00:45:13,753 උන්ව මරලා දාපල්ලා. 634 00:45:33,314 --> 00:45:34,774 කොල්ලනේ! 635 00:45:35,983 --> 00:45:37,568 කඩු අතට ගනිල්ලා! 636 00:45:38,611 --> 00:45:39,862 සූදානම් වෙයල්ලා! 637 00:46:39,422 --> 00:46:41,756 ප්‍රහාරක ආයුධ, ලෑස්ති කරපල්ලා! 638 00:46:41,757 --> 00:46:43,467 දුනුවායෝ! දුනු අදින්න! 639 00:47:09,910 --> 00:47:11,579 වරෙල්ලා, නිවටයෝ! 640 00:47:12,079 --> 00:47:14,748 දැන් ඔය ඊතල විදපල්ලා, 641 00:47:14,749 --> 00:47:17,084 ප#යක් නැති හැතිකරේ! 642 00:47:34,602 --> 00:47:35,936 විදපල්ලා! 643 00:48:07,510 --> 00:48:08,386 උතුමාණෙනි. 644 00:48:09,512 --> 00:48:12,055 උල්ෆ් කොහේවත් හොයාගන්න නෑ. 645 00:48:12,056 --> 00:48:13,139 ඌ පැනලා ගිහින්. 646 00:48:13,140 --> 00:48:15,184 උතුමාණෙනි, සටන පටන් අරන්. 647 00:48:16,977 --> 00:48:19,437 - හැබෑවට? - ඔව්, ස්වාමීනි. 648 00:48:19,438 --> 00:48:23,150 ඩේමන් ටාගේරියන් ඩේරොන් රජුගේ කොන්දේසි භාරගෙන නෑ. 649 00:48:26,737 --> 00:48:27,863 කොන්දේසි? 650 00:48:29,240 --> 00:48:30,241 කතා කරපන්! 651 00:48:30,658 --> 00:48:31,866 ඩේරොන් රජු 652 00:48:31,867 --> 00:48:35,203 සාමයේ කොඩියක් යටතේ සර් ගවේයින්ව සාකච්ඡා කරන්න යවලා. 653 00:48:35,204 --> 00:48:38,331 ගනුදෙනුවේ කොටසක් විදිහට සී ස්නේක්ව නිදහස් කරලා. 654 00:48:38,332 --> 00:48:39,624 දිගටම හොයපල්ලා. 655 00:48:39,625 --> 00:48:41,627 මකර හසුරුවන්නා උල්ෆ්ව හොයාගනිල්ලා! 656 00:48:49,051 --> 00:48:50,886 පවුරු උඩට! 657 00:48:55,015 --> 00:48:57,017 කුමාරයා කොහෙද? රජතුමා. 658 00:49:06,694 --> 00:49:08,487 උන්ව නවත්වන්න ඕනේ. 659 00:49:10,739 --> 00:49:11,866 තෙල්! 660 00:49:29,884 --> 00:49:31,469 ඉදිරියට! 661 00:49:43,230 --> 00:49:44,482 දකුණු පවුරට! 662 00:50:24,480 --> 00:50:26,189 පවුරට! 663 00:50:26,190 --> 00:50:28,067 අගල් වලට ගිනි තියපල්ලා! 664 00:50:51,048 --> 00:50:52,298 උතුමාණෙනි, 665 00:50:52,299 --> 00:50:54,593 මට සර් උල්ෆ් ද වයිට්ව හොයාගන්න බැහැ. 666 00:50:57,137 --> 00:50:59,431 හොයාගන්න බැහැ කියන්නේ මොකක්ද? 667 00:50:59,890 --> 00:51:01,892 මිනිහට මහා ලොකු මකරෙක් ඉන්නවා. 668 00:51:02,601 --> 00:51:05,604 මට සමාවෙන්න, උතුමාණෙනි, ඒත් ඔහු මකරා ගාව නෑ. 669 00:51:16,740 --> 00:51:17,908 බලකොටුවට! 670 00:51:26,584 --> 00:51:27,667 නවතින්න! 671 00:51:27,668 --> 00:51:29,837 අර මගුල් දොරටුව හොයපල්ලා, කොල්ලනේ! 672 00:51:30,963 --> 00:51:32,047 ඉවරයක් කරපල්ලා. 673 00:51:35,217 --> 00:51:36,844 - උන්ව මරපල්ලා! - පහර දීපල්ලා! 674 00:51:48,564 --> 00:51:50,316 ඒ හියු හැමර්ගේ මකරාද? 675 00:51:50,691 --> 00:51:52,776 ඌ ඉන්න ඕනේ කින්ග්ස් ලෑන්ඩින් වලනේ. 676 00:51:54,236 --> 00:51:55,654 ඌ මෙහේ මොකද කරන්නේ හොයලා බලනවා. 677 00:52:09,043 --> 00:52:10,044 මැදට! 678 00:52:10,419 --> 00:52:11,420 හැමෝම මාත් එක්ක එන්න! 679 00:52:12,004 --> 00:52:13,339 කැරැක්සිස්! 680 00:52:28,437 --> 00:52:29,647 ලෑස්ති වෙයල්ලා! 681 00:52:34,151 --> 00:52:35,527 මකරෙක්! 682 00:52:36,612 --> 00:52:38,280 හසුරුවන්නා බිම දමපල්ලා! 683 00:52:55,798 --> 00:52:57,633 යමු! එළියට යමු! 684 00:52:58,133 --> 00:52:59,593 හැමෝම එළියට! 685 00:53:02,096 --> 00:53:03,597 අයින් වෙනවලා! 686 00:53:04,348 --> 00:53:05,349 අයින් වෙනවා! 687 00:53:44,847 --> 00:53:46,724 ඉදිරියට! 688 00:54:21,425 --> 00:54:22,593 දොරටු වලට! 689 00:54:25,637 --> 00:54:27,306 දොරටු ඇරියා, කොල්ලනේ. 690 00:54:29,141 --> 00:54:30,934 එතකොට අපි තාමත් ජීවතුන් අතර, යකෝ! 691 00:54:32,311 --> 00:54:33,520 අර පොඩි රජාව හොයාගනින්. 692 00:54:34,146 --> 00:54:35,022 යමු! 693 00:54:37,483 --> 00:54:39,151 මම හයිටවර් උතුමාණන්ව බලාගන්නම්. 694 00:54:57,711 --> 00:54:58,712 ඕකව එළියට ගනින්! 695 00:54:59,963 --> 00:55:01,173 එළියට! 696 00:55:03,008 --> 00:55:05,344 කමකට නැති බේබද්දා! 697 00:55:05,928 --> 00:55:09,139 තොට කරන්න තිබුණේ තොගේ අර හු#තෙ මකරාගේ පිටේ වාඩිවෙලා ඉන්න එක විතරයි! 698 00:55:10,265 --> 00:55:12,099 උන් දැනටමත් ගමට ඇතුළු වෙලා, 699 00:55:12,100 --> 00:55:15,395 කමකට නැති කාලකණ්ණි අවජාතකයා! 700 00:55:16,188 --> 00:55:18,106 උඹ මේ වෙද්දිත් අපිව කාලා ඉවරයි. 701 00:55:18,607 --> 00:55:21,026 දැන්වත් අර මෘගයාගේ පිටට නැගලා 702 00:55:21,693 --> 00:55:23,362 මගේ අණ පිළිපැදපන්. 703 00:55:33,997 --> 00:55:36,208 ඕමන්ඩ් හයිටවර්! 704 00:55:43,549 --> 00:55:45,425 කෑට්, ඔයා කොහෙද? 705 00:55:49,179 --> 00:55:50,597 කෑට්! 706 00:55:54,226 --> 00:55:56,519 ඕමන්ඩ් හයිටවර්! 707 00:55:56,520 --> 00:55:57,855 ඥාතී ඝාතකයා! 708 00:56:04,862 --> 00:56:06,238 ළමා ඝාතකයා! 709 00:56:07,865 --> 00:56:09,116 ම්ලේච්ඡයා! 710 00:56:22,421 --> 00:56:25,047 සර් උල්ෆ්, ඩේමන් කුමරු මට අණ කළා 711 00:56:25,048 --> 00:56:27,634 ඔබ සහ ඔබේ මකරා... 712 00:56:38,312 --> 00:56:39,479 ඩේරොන්! 713 00:56:40,022 --> 00:56:41,440 සාකච්ඡා වලින් වැඩක් වුණේ නෑ. 714 00:56:42,399 --> 00:56:44,234 ඩේමන් ගම අල්ලගෙන. 715 00:56:44,693 --> 00:56:45,777 ඔබ මැරේවි. 716 00:56:46,695 --> 00:56:48,947 මම නිවටයෙක් විදිහට මතක හිටින එකක් නෑ. 717 00:56:49,740 --> 00:56:51,825 මම නිර්භීත මිනිස්සු එක්ක සටන් කරලා තියෙනවා 718 00:56:52,659 --> 00:56:55,871 මරණය විතරයි කීර්තියට තියෙන එකම පාර කියලා හිතපු. 719 00:56:56,580 --> 00:56:58,582 ඕමන්ඩ්ගේ උඩඟුකම වෙනුවෙන් මැරෙන්න එපා. 720 00:57:00,542 --> 00:57:01,543 කොල්ලෝ. 721 00:57:02,294 --> 00:57:03,629 කොල්ලෝ, කරුණාකරලා. 722 00:57:06,590 --> 00:57:07,882 කරුණාකරලා! 723 00:57:07,883 --> 00:57:08,967 අයින් වෙන්න. 724 00:57:19,061 --> 00:57:20,228 අයින් වෙන්න. 725 00:57:21,104 --> 00:57:23,231 යන්න වෙන්නේ මගේ මළකඳ උඩින්. 726 00:58:19,788 --> 00:58:21,039 අන්තිමේදී. 727 00:58:40,976 --> 00:58:42,602 ලෑල්ල උඩ ඉන්න ඕමන්ඩ්ගේ ඉත්තා. 728 00:58:43,895 --> 00:58:45,397 සමහරවිට අපි හෙට දවසත් දකීවි. 729 01:00:23,620 --> 01:00:25,455 ඔන්න ඔහොමයි අපි... 730 01:00:26,081 --> 01:00:27,541 උතුරේදි වැඩ පෙන්නන්නේ. 731 01:00:40,262 --> 01:00:41,804 හු#තවල් ඔක්කොටම කෙලවෙයන්! 732 01:00:41,805 --> 01:00:45,475 නෑ! 733 01:00:59,573 --> 01:01:01,491 දුවපන්! හැංගියන්! 734 01:02:13,813 --> 01:02:15,565 උඹ කොහෙද? 735 01:03:48,575 --> 01:03:49,992 උල්ෆ් අපිව පාවා දුන්නා. 736 01:03:49,993 --> 01:03:51,286 නගරය යටත් වුණා. 737 01:03:52,996 --> 01:03:54,205 අපි යනවා. 738 01:05:06,820 --> 01:05:07,946 ඩේරොන්. 739 01:05:15,495 --> 01:05:16,496 ඩේරොන්. 740 01:05:40,395 --> 01:05:41,396 කෑට්. 741 01:05:42,188 --> 01:05:43,189 කෑට්! 742 01:06:32,238 --> 01:06:33,239 මගේ රැජිනිය! 743 01:08:49,086 --> 01:09:52,287 {\an1}පරිවර්තනය: තිසුර සංජන දැන්ම පිවිසෙන්න www.cineru.lk