1
00:00:01,205 --> 00:00:33,039
< font size="12" >♥♥♥< font size="20" >♥ උපසිරැසි නිමැවුම - යුරාන් ධනුක(දනුවා) < font size="20" >♥♥♥< font size="12" >♥
මෙය www.baiscopelk.com වෙබ් අඩවිය
සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි.
2
00:02:22,114 --> 00:02:26,048
< font size="22" >The Gorge (2025)
අද්භූත දුර්ගයේ අභිරහස
3
00:04:16,514 --> 00:04:20,648
සී. පෙන්ඩ්ල්ටන් වෙත වාර්තා කරන්න
ජුලී 6, ප.ව 1.00ට
වාහනේ 12ට එනවා.
4
00:04:39,530 --> 00:04:41,615
කර්නල්,
අපිට තනියම කතා කරන්න දෙන්න.
5
00:04:49,331 --> 00:04:51,959
පැන්ෂන් ගිහින් අවුරුදු 4ක් වෙලත්
තාමත් දෙපාරක් සැලියුට් ගහනවද?
6
00:04:52,042 --> 00:04:54,336
- ගෞරවය පෙන්නන්න.
- වාඩි වෙන්න.
7
00:04:58,715 --> 00:04:59,967
මම කවුද කියලා ඔයා දන්නවද?
8
00:05:00,717 --> 00:05:02,010
නෑ.
9
00:05:02,094 --> 00:05:03,428
අනුමාන කරලා කියන්න.
10
00:05:06,056 --> 00:05:07,891
ඔයාගේ වයසයි, පෙනුමයි එක්ක,
11
00:05:07,975 --> 00:05:11,019
මැරීන් කර්නල් කෙනෙක් කිසි දෙයක් නොකිය
ඔයාගේ නියෝග පිළිපදින නිසා,
12
00:05:11,854 --> 00:05:14,106
මම හිතන්නේ ඔයා ඉහළ මට්ටමක කෙනෙක්.
13
00:05:19,027 --> 00:05:21,530
ඔයාගේ තාත්තයි සීයයි දෙන්නම
හමුදාවේ හිටියද ?
14
00:05:22,322 --> 00:05:23,240
ඔව්.
15
00:05:23,991 --> 00:05:27,953
ඉතා උසස් ස්නයිපර් කෙනෙක් විදියට,
ඔයාට තහවුරු කරගත්ත මරණ 113ක් තියෙනවා.
16
00:05:28,036 --> 00:05:30,706
ඒ වගේම ඔයාට අයිති වෙන්න පුළුවන්
මරණ 81ක් තියෙනවා.
17
00:05:30,789 --> 00:05:32,124
මේ ගණන් හරිද?
18
00:05:32,624 --> 00:05:33,458
නෑ.
19
00:05:34,042 --> 00:05:37,421
- ඇත්ත ගාණ අඩුයිද වැඩියිද?
- වැඩියි.
20
00:05:38,755 --> 00:05:41,675
පළපුරුදු කෙනෙක් විදියට,
පුද්ගලික කොන්ත්‍රාත්කරුවෝ කීදෙනෙක්ට වැඩ කරාද?
21
00:05:41,758 --> 00:05:42,593
11කට.
22
00:05:42,676 --> 00:05:45,721
ඒත් ඔයා තාමත් පුළුවන් වෙලාවට
මැරීන් බළකායට සේවය කරනවා නේද?
23
00:05:47,055 --> 00:05:48,390
එයාලා කියන ඕන වෙලාවක.
24
00:05:48,473 --> 00:05:52,269
මේ වෙද්දි ඔයා පුද්ගලික හරි හමුදාවේ හරි
කොන්ත්‍රාත්තුවක වැඩද?
25
00:05:54,146 --> 00:05:54,980
නෑ.
26
00:05:57,191 --> 00:05:59,443
ඔයා හරිම දුර්ලභ අති දක්ෂයෙක්, ලීවයි.
27
00:06:00,944 --> 00:06:01,778
ඇයි වැඩ කරන්නේ නැත්තේ?
28
00:06:04,239 --> 00:06:07,451
ජූනි වලදි, මම වැඩ කරපු එකෙක් කිව්වා
මම මෙහෙයුමක් කරන්න සුදුසු නෑ කියලා.
29
00:06:07,534 --> 00:06:09,244
ඒත් ඔයා දැනටමත් ඒක දන්නවා ඇති.
30
00:06:09,328 --> 00:06:10,537
ඉතිං ඔයා ඇයි මගෙන් අහන්නේ?
31
00:06:13,624 --> 00:06:15,417
ඔයා සේවය කරන්න සුදුසුයි කියලා හිතනවද?
32
00:06:15,501 --> 00:06:16,960
මම හිතන එකෙන් වැඩක් නෑනේ.
33
00:06:19,796 --> 00:06:22,049
මේ වෙද්දි ඔයාට පෙම්වතියක් ඉන්නවද?
34
00:06:22,132 --> 00:06:23,300
විශේෂ කෙනෙක් එහෙම?
35
00:06:23,800 --> 00:06:26,011
ඔයා නැතුව ජීවත් වෙන්න බැරි
කෙනෙක් එහෙම?
36
00:06:28,889 --> 00:06:30,349
- නෑ.
- ඇයි නැත්තේ?
37
00:06:31,517 --> 00:06:33,060
මට ඒ වගේ දේවල් හරියන්නේ නෑ.
38
00:06:35,187 --> 00:06:39,316
එතකොට බෙහෙත්, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය,
මත්පැන් වගේ ඒවා බොනවද?
39
00:06:39,399 --> 00:06:40,651
මත්ද්‍රව්‍ය ගන්නේ නෑ.
40
00:06:41,443 --> 00:06:42,569
ඒත් මම හරි වෙලාව ආවම,
41
00:06:42,653 --> 00:06:45,989
නිදාගන්න කලින් මත්පැන් අවුන්ස තුනහමාරක් බොනවා
ඒකට හොඳට නින්ද යනවා.
42
00:06:46,698 --> 00:06:50,202
ඔයා නිදි බෙහෙත් බීලා බැලුවේ නැද්ද?
43
00:06:50,285 --> 00:06:52,037
ඔයා දුරක ඉඳන් කාවහරි මරලා තියෙනවද?
44
00:06:55,624 --> 00:06:57,084
බෙහෙත් මගේ නිවරද්‍යතාවට බලපානවා.
45
00:07:00,629 --> 00:07:05,050
ලීවයි, ඔයාට මානසික ප්‍රතිකාර අරන්
වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න තිබ්බා.
46
00:07:05,133 --> 00:07:05,968
එහෙම නොකලේ ඇයි?
47
00:07:06,468 --> 00:07:07,594
එහෙම යන්න හේතුවක් නෑ.
48
00:07:07,678 --> 00:07:09,054
ඔයාට යන්න හේතුවක් නැද්ද?
49
00:07:10,973 --> 00:07:13,642
දැනටනම් මට ලොකු හේතු නෑ.
50
00:07:19,606 --> 00:07:20,983
මම ඔයාට හේතුවක් දුන්නොත්?
51
00:07:23,483 --> 00:07:26,783
{\an5}පර්වල්කා, ලිතූවේනියාව
52
00:07:43,463 --> 00:07:44,298
හේයි, තාත්තේ.
53
00:07:57,603 --> 00:07:58,437
සංගීතය වෙනුවෙන්.
54
00:07:59,188 --> 00:08:00,856
සංගීතය වෙනුවෙන්.
55
00:08:02,191 --> 00:08:04,484
මගේ පුංචි සිංහයා…
56
00:08:04,568 --> 00:08:05,652
ඔයාට කොහොමද?
57
00:08:05,736 --> 00:08:06,570
ඔයා දන්නවනේ.
58
00:08:07,237 --> 00:08:08,405
ඔයා දැකපු නිසා හොඳින්.
59
00:08:08,906 --> 00:08:13,452
බෙලරූස් වලදි ඔයාගේ පින්තූරයක්
අරන් කියලා කතාවක් යනවා.
60
00:08:14,369 --> 00:08:16,413
ඩ්‍රෝන් එකකින්.
61
00:08:16,496 --> 00:08:18,123
ඒක වෙන්න පුළුවන්ද?
62
00:08:18,832 --> 00:08:24,171
ඔලිගාර්ච්ගේ මරණෙට කෙලින්ම සම්බන්ධ වෙලා
මොස්කව් වලට අවදානමක් ගන්න බෑ.
63
00:08:29,134 --> 00:08:30,511
එයාට ළමයි හතරක් හිටියා.
64
00:08:33,013 --> 00:08:34,014
ඒක මට දෙන්න.
65
00:08:36,099 --> 00:08:37,308
ඔයාගේ ලැජ්ජාව මට දෙන්න.
66
00:08:52,908 --> 00:08:58,455
සුදු පොස්පරසුයි බිම් බෝම්බයි විකුණලා
බෙලරුසියානුවෝ පොහොසත් වෙනවා.
67
00:08:59,915 --> 00:09:01,875
ඒකෙන් ළමයි කී දෙනෙක්ගේ
කකුල් නැතිවෙයිද?
68
00:09:02,459 --> 00:09:06,380
ඒ ගනුදෙනු නිසා පුංචි ළමයින්ගේ
මූණු කීයක් පිච්චෙයිද?
69
00:09:08,882 --> 00:09:10,634
ඔයා ලැජ්ජාව මට දීලා…
70
00:09:17,099 --> 00:09:18,392
ඔයා ඉස්සරහට යන්න.
71
00:09:19,434 --> 00:09:20,811
මේක තවත් ලේසි නෑ.
72
00:09:22,855 --> 00:09:23,856
මට නින්ද යන්නේ නෑ.
73
00:09:25,399 --> 00:09:26,483
සමහර වෙලාවට දවස් ගාණකට.
74
00:09:26,567 --> 00:09:29,987
මාත් එක්ක සතියක් දෙකක් ඉන්න.
75
00:09:31,029 --> 00:09:34,408
අපි ස්ටූ එකක් හදමු.
ඒක අපි දෙන්නටම හොඳයි.
76
00:09:34,491 --> 00:09:35,325
මට බෑ.
77
00:09:36,285 --> 00:09:39,329
හෙට උදේම මොස්කව් ඇවිත්
රැබිනොවිච්ට වාර්තා කරන්න කියලා කිව්වා.
78
00:09:39,413 --> 00:09:41,582
රැබිනොවිච් යකාට ගියාවේ,
මොස්කව් යකාට ගියාවේ.
79
00:09:41,665 --> 00:09:43,417
ඔයා රුසියන්කාරයෙක් නෙමෙයි,
ඔයා ලිතූවේනියානුවෙක්.
80
00:09:43,500 --> 00:09:46,628
එයා කියනවා අඩු ගානේ අවුරුද්දක් යනකන්වත්
මට හැංගිලා ඉන්න කියලා.
81
00:09:47,796 --> 00:09:48,630
එක්කෝ ඊටත් වඩා.
82
00:09:51,258 --> 00:09:52,092
හේයි.
83
00:09:52,926 --> 00:09:55,095
ඔයා මම ලෑස්ති කරපු
දොස්තර ගාවට ගියාද?
84
00:09:55,179 --> 00:09:56,013
විශේෂඥයා ගාවට?
85
00:09:56,096 --> 00:09:58,098
- ඔව්, ගියා.
- ඉතිං?
86
00:09:58,974 --> 00:10:00,601
මේකට කරන්න දෙයක් නෑ කිව්වා.
87
00:10:00,684 --> 00:10:02,102
මගේ දිහා බලන්න, මම කාලකණ්නියෙක්.
88
00:10:02,686 --> 00:10:04,813
පිළිකාව ඇතුලේ ඉඳන් මාව කනවා.
89
00:10:05,397 --> 00:10:07,482
අක්මාව. අග්න්‍යාශය.
90
00:10:08,483 --> 00:10:10,485
මැරෙන එක හොඳ වෙනසක්.
91
00:10:10,986 --> 00:10:12,487
මම ආපහු ආවේ නැත්තම්?
92
00:10:14,323 --> 00:10:17,910
ඔයා තනි වෙයි, අනික එහෙම වෙද්දි
මම දන්නෙවත් නැති වෙයි..
93
00:10:19,036 --> 00:10:20,370
ලේසි විසඳුමක් තියෙනවා.
94
00:10:21,163 --> 00:10:22,581
මම දැනටමටත් තීරණය කරලා ඉවරයි.
95
00:10:23,373 --> 00:10:26,168
පෙබරවාරී 14, වැලන්ටයින් දවසේ.
96
00:10:26,251 --> 00:10:27,211
ඔයා මොනවද කියවන්නේ?
97
00:10:27,836 --> 00:10:29,463
මම සියදිවි නසාගන්නවා.
98
00:10:30,088 --> 00:10:32,090
මම එතකොට මැරිලා හිටියේ නැත්තම්.
99
00:10:32,174 --> 00:10:33,175
තාත්තේ.
100
00:10:36,345 --> 00:10:38,180
- තාත්තේ, ඔයා ඇත්තටම...
- ඒක මගේ ජීවිතේනේ.
101
00:10:39,598 --> 00:10:43,060
අන්තිමේදී මමත් ඔයාගේ අම්මා ගාව
මෙතන විවේක ගන්න ලෑස්තියි.
102
00:10:45,020 --> 00:10:49,983
ඉතිං ඔයා කොහේ හිටියත්,
මං වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරන්න,
103
00:10:50,067 --> 00:10:53,570
ඔයා රෑට දඩයක්කාරයගේ තරු රටාව බලන්න,
එතකොට ඔයා දැනගනීවී.
104
00:10:57,324 --> 00:10:59,785
එන්න මගේ පුංචි සිංහයෝ.
105
00:11:00,410 --> 00:11:01,954
අපි බියර් එකක් බීලා,
106
00:11:02,829 --> 00:11:03,747
සිංදුවක් කියලා,
107
00:11:05,082 --> 00:11:06,917
හරිවිදියට සමුගමු.
108
00:12:03,015 --> 00:12:04,725
ඔයාගේ වම් අත පෑඩ් එකෙන් තියන්න.
109
00:12:10,105 --> 00:12:12,482
ඔයාගේ ඔරලෝසුවයි, ස්මාට් ෆෝන් එකයි,
ID එකයි මේකෙන් තියන්න.
110
00:12:13,400 --> 00:12:14,526
මේකෙන් වෙලාව විතරයි පේන්නේ.
111
00:12:19,448 --> 00:12:21,867
විනාඩි තුනකින් අපි ගුවන් ගමන් රහිත
කලාපයේ කෙලවරට යනවා.
112
00:12:21,950 --> 00:12:23,368
අපිට ඔයාව ගෙනියන්න පුළුවන්
එතනට විතරයි.
113
00:12:23,994 --> 00:12:26,371
ඔයාව ගොඩබැස්සුවට පස්සේ
තව කිලෝමීටර් 38ක් උතුරට පයින් යන්න වෙනවා.
114
00:12:27,164 --> 00:12:29,291
ඔයා හෙට 1600 වෙද්දි එතනට යයි.
115
00:12:29,374 --> 00:12:30,709
මේක බිමට බැස්සම අරින්න.
116
00:12:37,299 --> 00:12:38,717
අපි කොහෙද ඉන්නේ?
117
00:12:39,801 --> 00:12:41,386
මට ඒකට උත්තර දෙන්න අවසර නෑ.
118
00:14:06,722 --> 00:14:09,892
ඇති යන්තම්,
මගේ හුරතල් කුමාරයා ඇවිල්ලා.
119
00:14:10,642 --> 00:14:13,896
වෙලාවටම ඇවිල්ලා.
හරිම වෙලාවට. මාර කෙනෙක්නේ.
120
00:14:14,897 --> 00:14:18,859
ජැස්පර් D. ඩ්‍රේක්, රාජකීය නාවික කොමාන්ඩෝ.
මට JD කියන්නකෝ.
121
00:14:18,942 --> 00:14:21,987
ලීවයි කේන්, හිටපු US මැරීන් කෙනෙක්,
ස්නයිපර් කෙනෙක්.
122
00:14:22,070 --> 00:14:23,155
කුලී හමුදාවෙද?
123
00:14:23,238 --> 00:14:24,948
පුද්ගලික කොන්ත්‍රාත්.
124
00:14:25,032 --> 00:14:26,617
ඉතිං එයාලා ඔයාට මෙහෙයුම ගැන
මොනවද කිව්වේ?
125
00:14:26,700 --> 00:14:27,868
මෙලෝ දෙයක් කිව්වේ නෑ.
126
00:14:28,702 --> 00:14:30,579
උන් මට සලකුණු නොකරපු සිතියමක් දුන්නා.
127
00:14:30,662 --> 00:14:31,997
මම මොන රටක ඉන්නවද කියලවත්
දන්නේ නෑ.
128
00:14:32,080 --> 00:14:34,666
මම අවුරුදක් තිස්සේ මෙහේ ඉන්නේ
මම කොහේ ඉන්නවද කියලා තාම දන්නේ නෑ.
129
00:14:35,167 --> 00:14:36,335
මාර අවුලක් නේද
130
00:14:36,835 --> 00:14:39,213
ඒත් තාම පොඩ්ඩක් විතරයි.
131
00:14:40,839 --> 00:14:42,633
මචෝ, උඹව දැක්ක එකට මාර සතුටුයි.
132
00:14:42,716 --> 00:14:43,967
මෙහේ වැඩිය කවුරුත් නෑ වගේ නේද?
133
00:14:44,051 --> 00:14:47,012
අවුරුද්දකට පස්සේ මම මූණට මූණ බලලා
කතා කරපු මුල්ම කෙනා උඹ තමයි.
134
00:14:47,721 --> 00:14:49,139
ඔයා මෙහේ තනියමද ඉන්නේ?
135
00:14:49,681 --> 00:14:52,017
මගේ රාජකාරිය අද නිල වශයෙන්ම
මධ්‍යම රැයින් ඉවරයි.
136
00:14:52,809 --> 00:14:54,686
- එතකොට මමද භාරගන්න කෙනා?
- අනිවාර්යයෙන්ම.
137
00:14:54,770 --> 00:14:57,064
අපි බොන ගමන් තව කතා කරමු.
138
00:14:58,190 --> 00:14:59,316
මේ තියෙන්නේ තැන.
139
00:14:59,942 --> 00:15:01,527
බටහිර කුළුණ නිරීක්ෂණ මුරපළ.
140
00:15:01,610 --> 00:15:04,321
ඊළඟ අවුරුද්දට ඔයාගේ ගෙදර වෙන්නේ
මෙතන තමයි.
141
00:15:05,280 --> 00:15:09,576
සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිතයි, ජෙනරේටරයක් එක්ක
සෝලාර් තියෙනවා, වැසි පද්ධතියක්,
142
00:15:09,660 --> 00:15:12,871
ඕන තරම් කැලෑව,
ඒ වගේම මෙතන ගෙවත්තක් තියෙනවා.
143
00:15:13,455 --> 00:15:14,581
ඔයාට ඕන හැමදේම තියෙනවා.
144
00:15:15,415 --> 00:15:16,583
අනිත් පැත්තේ මොකක්ද තියෙන්නේ?
145
00:15:18,293 --> 00:15:19,837
ඒ නැගෙනහිර කුළුණ.
146
00:15:19,920 --> 00:15:21,755
අනිත් පැත්තත් එක්ක සම්බන්ධවීම
තදින්ම තහනම්,
147
00:15:21,839 --> 00:15:26,802
දුර්ගයේ උතුරු පැත්තෙයි දකුණු පැත්තෙයි
බිම් බෝම්බයි මාරාන්තික බාධක තියෙනවා.
148
00:15:26,885 --> 00:15:28,595
අනිත් පැත්තට කොහෙත්ම යන්න බෑ.
149
00:15:28,679 --> 00:15:30,681
ප්‍රායෝගිකව නැගෙනහිර කුළුණනම්
ප්‍රශ්නයක් නෑ.
150
00:15:30,764 --> 00:15:32,724
උන් උන්ගේ වැඩේ කරයි,
ඔයා ඔයාගේ වැඩේ කරන්න.
151
00:15:33,225 --> 00:15:35,727
මම අද උදේ ඒ පැත්තේ චලන වගයක් දැක්කා.
152
00:15:36,311 --> 00:15:38,564
උන්ගෙත් වාර්ෂික මාරුවීම වෙනවා ඇති.
153
00:15:39,231 --> 00:15:40,983
න්‍යායාත්මකවනම් වැඩේ සරලයි.
154
00:15:41,066 --> 00:15:42,484
ඔයා ආරක්ෂක තීරයේ
මුල් පෙළ නෙමෙයි ඉන්නේ.
155
00:15:42,568 --> 00:15:45,487
ඔයා නිකන් වැඩ දන්න අළුත්වැඩියාකාරයෙක් වගේ.
156
00:15:45,571 --> 00:15:47,447
ඔයා හැමදාම බටහිර ගැටියට යන්න.
157
00:15:47,531 --> 00:15:50,450
එතන හැම මීටර් 600කට සැරයක්
පැලැන්ක්ස් තුවක්කු තියෙනවා.
(මිසයිල වැනි ආයුධ වලින් නැව් ආරක්ෂා කරන
පරිගණක ගත රේඩාර් මාර්ගෝපදේශක තුවක්කුවක්)
158
00:15:50,951 --> 00:15:52,661
ස්වයංක්‍රීය තුවක්කුවේ පතුරම් පුරවන්න,
159
00:15:52,744 --> 00:15:55,956
ආරක්ෂිත වැඩ පරීක්ෂා කරන්න,
ක්ලෝකර් වගේම බිම් බෝම්බ ගැන බලන්න.
160
00:15:56,039 --> 00:16:00,002
බංකරෙන් එළියේ ආයුධ ගබඩාවක් තියෙනවා.
ආයුධ, උපකරණ, පතුරම්, බිම් බෝම්බ.
161
00:16:00,085 --> 00:16:01,086
උඹට ඕන හැමදේම තියෙනවා.
162
00:16:02,087 --> 00:16:03,881
දවස් 30කට වතාවක් රේඩියෝව
පරීක්ෂා කරන්න.
163
00:16:04,548 --> 00:16:05,883
ක්ලෝකර් කියන්නේ මොකක්ද?
164
00:16:05,966 --> 00:16:08,135
ක්ලෝකර් කියන්නේ චන්ද්‍රිකා
සම්ප්‍රේක්ෂක වර්ගයක්.
165
00:16:08,218 --> 00:16:10,262
හැම කිලෝමීටරටම එක ගානේ තියෙනවා,
166
00:16:10,345 --> 00:16:14,183
එක එකකම බලයයි අතිරේක බලයයි තියෙනවා.
167
00:16:14,266 --> 00:16:16,393
- ඒකෙන් මොනවද කරන්නේ?
- ආවරණය කරනවා.
168
00:16:17,436 --> 00:16:19,354
ඒවගෙන් හැම චන්ද්‍රිකාවකටම
ව්‍යාජ සංඥාවක් යවනවා.
169
00:16:19,438 --> 00:16:20,856
එක එක දවස් වල උඩින් යනවා කියලා.
170
00:16:21,398 --> 00:16:24,443
ඒවා හදලා තියෙන්නේ ඔත්තු බලන චන්ද්‍රිකා වලට
දුර්ගය නොපෙනෙන්නයි.
171
00:16:24,526 --> 00:16:26,278
ඒත් ඒක ගූගල් අර්ත් වගේ ඒවටත්
වැඩ කරනවා.
172
00:16:27,362 --> 00:16:31,116
ඒ වගේම මෙතන ඉඳන් එළියට කිසිම
සන්නිවේදනයක් නෑ.
173
00:16:31,200 --> 00:16:32,910
ජංගම දුරකතන, සැටලයිට් මුකුත් නෑ.
174
00:16:33,410 --> 00:16:35,412
හදිස්සියක් උනොත්,
මෙතන හදිසි බොත්තමක් තියෙනවා,
175
00:16:35,495 --> 00:16:38,582
ඔයා මාසික රේඩියෝ පරීක්ෂාව කරන
කෙටි රේඩියෝ තරංග තියෙනවා.
176
00:16:38,665 --> 00:16:40,542
බොත්තම එබුවම සංඥාවක් යනවා,
ඒකෙන් එයාලා දැනගනියි...
177
00:16:40,626 --> 00:16:41,543
කවුද දැනගන්නේ?
178
00:16:42,211 --> 00:16:44,546
බලය තියෙන අය යාළුවා.
179
00:16:44,630 --> 00:16:45,464
මොකෙක්හරි.
180
00:16:46,048 --> 00:16:48,509
ඔයා කුළුණ උඩ තියෙන පරණ ගුවන් ප්‍රහාර
ඔත්තු බලන තැන දැක්කද?
181
00:16:49,259 --> 00:16:53,388
ක්ලෝකර්ස් අක්‍රීය වෙලා දුර්ගය
පාලනයෙන් තොර උනොත්,
182
00:16:53,472 --> 00:16:57,100
එයාලගේ ස්වයංක්‍රීය පද්ධතියෙන්
ස්ට්‍රේඩෝග් ප්‍රෝටෝකෝල් කියලා එකක් වෙයි.
183
00:16:57,184 --> 00:16:58,769
ස්ට්‍රේඩෝග් ප්‍රෝටෝකෝල්.
184
00:16:58,852 --> 00:17:00,145
- ඒ මොකක්ද?
- අනේ මන්දා.
185
00:17:00,687 --> 00:17:03,899
ඒ ඔයාට සයිරන් සද්දේ ඇහුනොත්,
ඔයා පස්ස බලන්නේ නැතුව දුවන්න.
186
00:17:05,192 --> 00:17:06,276
තේරුනා.
187
00:17:06,359 --> 00:17:07,861
බලන්න, මේකයි වැඩේ.
188
00:17:07,944 --> 00:17:09,154
මෙතන පරණයි.
189
00:17:09,863 --> 00:17:12,324
මම මේ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා,
සීතල යුද්ධයට කලින් කාලේ.
190
00:17:12,406 --> 00:17:13,784
ඒ වගේම මේක රහසක්.
191
00:17:13,867 --> 00:17:15,536
ඒ කාලේ ගිවිසුමක් ගහලා තියෙනවා,
192
00:17:15,618 --> 00:17:17,788
ඒවගේම රහසක් රකින්න හදපු සන්ධානයක්.
193
00:17:17,871 --> 00:17:20,915
ඉතිං දැන් හැම අවුරුද්දකම,
බටහිර ජාතීන් නියෝජනය කරන කෙනෙක්,
194
00:17:20,999 --> 00:17:24,419
බටහිර ගැට්ට මුර කරනවා,
ඒ පැත්තේ කෙනෙක් නැගෙනහිර ගැට්ට මුර කරනවා.
195
00:17:24,502 --> 00:17:25,503
ඒ ඔයාගෙම අනිත් පැත්ත.
196
00:17:26,755 --> 00:17:28,632
උඹ කියන්නේ බටහිර සහ නැගෙනහිර නායකයෝ,
197
00:17:28,715 --> 00:17:31,009
පහුගිය අවුරුදු 75ම රහසින් එකතුවෙලා
වැඩ කරනවා කියලද?
198
00:17:31,093 --> 00:17:35,472
නෑ. මම කියන්නේ කාලෙක ඉඳන්
සෝවියට් රුසියානු නායකයෝ නව දෙනෙකුයි,
199
00:17:35,556 --> 00:17:38,183
ඇමරිකානු ජනාධිපතිවරු 13කුයි අතර
සන්ධානයක් ගොඩනැගලා කියලා.
200
00:17:38,767 --> 00:17:40,435
ඒ වගේම ඒ එක්කෙනෙක්වත්
දුර්ගය ගැන දන්නේ නෑ.
201
00:17:41,019 --> 00:17:42,020
බීලා බලන්න.
202
00:17:47,067 --> 00:17:49,403
අල වොඩ්කා.
ගබඩාවේ තාම තියෙනවා.
203
00:17:51,196 --> 00:17:52,030
ඒක මරු.
204
00:17:53,532 --> 00:17:56,159
දශක ගාණක් තිස්සේ වට්ටෝරුව ඇවිල්ලා.
අනේ මේක අවුල් කරන්න එපා.
205
00:17:58,537 --> 00:18:00,914
මට සමාවෙයන් මචෝ.
ඒත් මට මොකක්හරි තේරුනේ නෑ වගේ.
206
00:18:02,082 --> 00:18:05,794
මේ තැන රහසක් විදියට තියාගන්න එක හැරෙන්න,
මෙහෙයුම මොකක්ද?
207
00:18:07,004 --> 00:18:08,672
මිනිස්සු දුර්ගයට යන එක නවත්තන්නද?
208
00:18:08,755 --> 00:18:09,590
නෑ.
209
00:18:10,674 --> 00:18:13,552
මේ දුර්ගයෙන් එළියට එන උන්ව
ඔයා නවත්තන්න ඕන.
210
00:18:16,305 --> 00:18:19,975
අවුරුද්දකට කලින් මාත් උඹ හිටිය තැනමයි හිටියේ
මට කලින් හිටපු එකා මේ කතාවම කිව්වා.
211
00:18:20,058 --> 00:18:21,435
මට ඌ ගැන හිතුනේ මොකක්ද දන්නවද?
212
00:18:22,769 --> 00:18:25,314
- ඌ පට්ට පල් බොරු කියන්නේ කියලා.
- හරියට හරි.
213
00:18:26,064 --> 00:18:28,317
ඒත් මාව විශ්වාස කරපන්,
උඹ දුර්ගයේ මැද බිත්ති දිහා හොඳට බලපන්.
214
00:18:28,400 --> 00:18:29,568
ඒවා තමයි පරිමාණය කරන්න ලේසිම.
215
00:18:29,651 --> 00:18:32,154
තව උතුරට සහ දකුණට වෙන්න තියෙන
සංවේදක තුවක්කු ඉතුරු ටික බලාගනියි.
216
00:18:32,237 --> 00:18:33,739
පරිමාණය කරන්න...
මොකක් බලාගන්නද...?
217
00:18:43,582 --> 00:18:44,666
ඒ මොන මඟුලක්ද?
218
00:18:45,167 --> 00:18:47,377
අපි උන්ට කියන්නේ අවතාර මිනිස්සු කියලා.
219
00:18:47,961 --> 00:18:49,713
උන් මොක්කුද කියලා කිසිකෙනෙක් දන්නේ නෑ.
220
00:18:49,796 --> 00:18:51,340
උන්ට එහෙම කියන්නේ ඇයි කියලවත්
මම දන්නේ නෑ.
221
00:18:52,424 --> 00:18:56,261
- ඒක T.S. එලියට්ගේ කවියක නමක්නේ.
- මම ඒක ගැන මුකුත් දන්නේ නෑ.
222
00:18:56,345 --> 00:19:00,474
කාලෙකට කලින් අපේ රාජකාරිය කරපු උන්
මුන්ට මේ නම දාලා තියෙනවා කියලා විතරයි දන්නේ.
223
00:19:01,391 --> 00:19:06,188
උඹ දන්නවද 1940 ගණන් වල
එයාලා මෙහෙට භට කණ්ඩායම් තුනක් එවලා,
224
00:19:06,271 --> 00:19:09,149
මුන්ව දුර්ගයෙන් අතුගාලා දාන්න
අශ්වයන්ගේ පිටේ මිනිස්සු 2,400ක් එවලා.
225
00:19:09,816 --> 00:19:11,360
එක මිනිහෙක්වත් ආපහු ඇවිල්ලා නෑ.
226
00:19:12,027 --> 00:19:14,780
ඒකට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම සීමා කිරීමේ
උපාය මාර්ගයකට මාරු වෙලා තියෙන්නේ.
227
00:19:16,365 --> 00:19:18,492
- උඹ මේවා ගැන දන්නේ කොහොමද?
- උඹ දැනගත්ත විදියටම තමයි.
228
00:19:18,575 --> 00:19:20,035
කලින් හිටපු එකා මේ හැමදේම කිව්වා.
229
00:19:20,118 --> 00:19:23,372
- හරි, මේක වෙන්න පුළුවන්....
- දශක ගාණක් පුරා කරපු දුරකථන ක්‍රීඩාවක්.
230
00:19:23,455 --> 00:19:24,289
ඔව්.
231
00:19:27,751 --> 00:19:30,712
JD, මෙතන ඇත්තටම මොකක් වෙනවා කියලද
උඹ හිතන්නේ?
232
00:19:31,296 --> 00:19:35,300
මම හිතන උපකල්පනය
මම කෙටියෙන් කියන්නම්,
233
00:19:36,677 --> 00:19:41,682
දුර්ගය කියන්නේ අපායට යන දොරටුවක්
අපි ඉන්නේ ඒක මුර කරන්න.
234
00:19:47,980 --> 00:19:49,648
- පරිස්සමින් හිටපන්.
- සුබ පැතුම් මචෝ.
235
00:22:05,868 --> 00:22:07,661
මචෝ, උඹව දැකීමත් සතුටක්.
236
00:22:07,744 --> 00:22:08,787
හරි සහෝදරයා!
237
00:22:08,871 --> 00:22:12,291
ඔහේ ඉක්මනට අනන්‍යතාව තහවුරු කරන්න.
238
00:22:12,374 --> 00:22:15,794
ජැස්පර් D. ඩ්‍රේක්.
අනු අත්සන: බ්ලූ ඇරෝ.
239
00:22:15,878 --> 00:22:17,546
තමුසෙගේ සේවයට ස්තූතියි.
240
00:22:28,557 --> 00:22:30,142
වැඩේ සම්පූර්ණයි.
241
00:22:30,225 --> 00:22:31,310
තේරුනා.
242
00:23:41,880 --> 00:23:43,841
මේ බටහිර කුළුණ රේඩියෝව
පරීක්ෂා කරනවා.
243
00:23:43,924 --> 00:23:44,925
ඇහෙනවද?
244
00:23:47,135 --> 00:23:49,429
මම ආපහු කියනවා,
මේ බටහිර කුළුණ රේඩියෝව පරීක්ෂා කරනවා.
245
00:23:49,513 --> 00:23:50,973
ඇහෙනවද? ඕවර්.
246
00:23:51,056 --> 00:23:52,808
සහතික කිරීමේ කේතය?
247
00:23:53,809 --> 00:23:56,103
ඇල්ෆා, බ්‍රාවෝ, 9, 7, ඔමෙගා.
248
00:23:56,979 --> 00:23:59,439
- සතුරු සම්බන්ධතා?
- නෑ.
249
00:23:59,523 --> 00:24:00,774
ක්ලෝකර් වල තත්වය?
250
00:24:01,275 --> 00:24:02,359
හොඳයි.
251
00:24:02,442 --> 00:24:03,777
ක්‍රියාවලිය සම්පූර්ණයි.
252
00:24:04,319 --> 00:24:05,863