1
00:00:46,547 --> 00:00:47,589
ඒයි!
2
00:00:49,174 --> 00:00:52,093
ඒයි! ඒයි! ඒයි! ඒයි!
3
00:00:52,094 --> 00:00:53,762
ඒයි! ඒයි!
4
00:00:57,266 --> 00:00:59,392
- මොන මගුලක්ද ඒ වුණේ?
- මොකක්ද?
5
00:00:59,393 --> 00:01:01,061
රේඩියෝ එකෙන් මොනවා හරි කිව්වද?
6
00:01:02,938 --> 00:01:04,396
මම... මම දන්නේ නෑ.
7
00:01:04,397 --> 00:01:06,440
- මම දන්නේ නෑ... වැඩ කරන්නේ නෑ.
- මගුල! උඹට වෙඩි වැදිලා.
8
00:01:06,441 --> 00:01:07,733
- මොකක්?
- උඹට ඒක දැනෙන්නේ නැද්ද?
9
00:01:07,734 --> 00:01:11,779
- මගුලයි. මාව නැගිට්ටවපන්.
- මගුල! ඒක ගිහින් තියෙන්නේ
රේඩියෝ එක පසාරු කරගෙන!
10
00:01:11,780 --> 00:01:13,281
- වරෙන්, අපිට යන්න වෙනවා...
- අපොයි, රෙද්ද.
11
00:01:13,282 --> 00:01:15,409
උඹට අවුලක් නෑ. උඹට අවුලක් නෑ.
වරෙන්, වරෙන්. උඹට මුකුත් වෙලා නෑ.
12
00:01:21,248 --> 00:01:22,331
බලාගෙන පලයන්.
13
00:01:22,332 --> 00:01:24,125
- ඔව්.
- අඩිය ගානේ තියමු, හරිද?
14
00:01:24,126 --> 00:01:25,127
මට අවුලක් නෑ.
15
00:01:30,090 --> 00:01:31,383
වරෙන්. වරෙන්.
16
00:01:32,593 --> 00:01:33,594
මගුල.
17
00:01:34,178 --> 00:01:35,761
- හරිද?
- මට අවුලක් නෑ. මට අවුලක් නෑ.
18
00:01:35,762 --> 00:01:36,763
දොර ඇරපන්.
19
00:01:40,934 --> 00:01:42,394
ඒයි!
20
00:01:45,564 --> 00:01:46,565
ඒයි!
21
00:01:48,859 --> 00:01:50,027
අපිව ඇතුළට ගන්න!
22
00:01:50,819 --> 00:01:51,820
මගුල!
23
00:02:04,374 --> 00:02:06,627
ඒයි! ඒයි!
24
00:02:07,628 --> 00:02:09,127
ඔහේ කවුද, ඔහේට මොනවද ඕනේ?
25
00:02:09,128 --> 00:02:11,672
- ජුලියට් තමයි අපිව එව්වේ!
- දොර අරින්න!
26
00:02:11,673 --> 00:02:13,591
මම කොහොමද දන්නේ
ඔයාලගේ ඇඟේ විෂ නෑ කියලා.
27
00:02:13,592 --> 00:02:15,051
මට වෙඩි වැදුණා.
28
00:02:15,052 --> 00:02:17,470
මගේ ඇඟේ මොනවා හරි විෂක් තිබ්බා නම්,
ඒවා මේ සිදුරු අස්සෙන් ඇතුළට ගිහින්...
29
00:02:17,471 --> 00:02:19,515
- මම මේ වෙද්දිත් මැරිලා.
- අරිනවා ඔය මගුල් දොර!
30
00:02:20,390 --> 00:02:22,725
මම අල්ලගත්තා. මම අල්ලගත්තා.
ලෑස්තිද?
31
00:02:22,726 --> 00:02:24,228
හරි. වරෙන්.
32
00:02:27,898 --> 00:02:28,899
මට උදව් කරන්න.
33
00:02:32,027 --> 00:02:36,114
හරි, එතකොට, උණ්ඩේ රේඩියෝ එක පසාරු කරගෙන
ගිහින් තමයි මෙයාගේ ඇඟට වැදිලා තියෙන්නේ.
34
00:02:38,116 --> 00:02:39,618
හරි. හරි එහෙනම්.
35
00:02:45,999 --> 00:02:47,084
හරි.
36
00:02:50,003 --> 00:02:51,296
ජුලියට් හොඳින්ද?
37
00:02:52,840 --> 00:02:55,383
ඔව්, අනිවාර්යයෙන්ම එයා හොඳින්.
එයා කිසිම කරදරයක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා.
38
00:02:55,384 --> 00:03:00,973
අහසේ තියෙන මොකක්දෝ මගුලකින්
වෙඩි කන්නේ අපි විතරයි.
39
00:03:02,099 --> 00:03:04,225
හරි. තද... තද කරලා අල්ලගන්න.
40
00:03:04,226 --> 00:03:05,561
හරි.
41
00:03:23,787 --> 00:03:24,997
දන්නවද ඔය කරන දේ?
42
00:03:27,416 --> 00:03:28,417
පොත දන්නවා.
43
00:04:28,352 --> 00:04:29,353
ඒයි.
44
00:04:31,605 --> 00:04:32,606
ගිහින් අර මනුස්සයව එක්කන් එන්න.
45
00:04:41,073 --> 00:04:42,615
- ඒයි.
- හැදුවද?
46
00:04:42,616 --> 00:04:43,699
ඔව්.
47
00:04:43,700 --> 00:04:45,535
ඔයාට ඕනෙද... ඔයාට ඕනෙද
එයාලා එක්ක කතා කරන්න?
48
00:04:45,536 --> 00:04:46,619
- මට?
- ඔව්.
49
00:04:46,620 --> 00:04:49,664
නෑ, නෑ, නෑ, නෑ.
ඔයාට කේතවලින් කතා කරන්න වෙනවා.
ඒක මගේ රාජකාරිය නෙවෙයිනේ.
50
00:04:49,665 --> 00:04:51,123
- නෑ, මම...
- කතා කරන්න.
51
00:04:51,124 --> 00:04:53,543
- කරන්න. ඕක ඔබන්න.
- හරි. හරි. හරි.
52
00:04:53,544 --> 00:04:54,545
ඒයි.
53
00:04:55,712 --> 00:04:57,256
ඔව්. ඩොනී, මොකද?
54
00:04:59,049 --> 00:05:00,342
කවුද යකෝ මේ ඩොනී?
55
00:05:01,718 --> 00:05:02,719
මේ කවුද?
56
00:05:04,596 --> 00:05:06,807
අපොයි, මගුල. මගේ නම.
මට මගේ නම මතක නෑ.
57
00:05:09,184 --> 00:05:10,561
මේ නියෝජ්‍ය කැල්සෝ...
58
00:05:11,353 --> 00:05:14,022
17 වෙනි මට්ටමේ ඉඳන්.
59
00:05:16,859 --> 00:05:19,777
කැල්සෝ මේ නියෝජ්‍ය ක්‍රේන්.
60
00:05:19,778 --> 00:05:21,654
- ජුලියට්?
- කරුණාකරලා දිගටම කියන්න.
61
00:05:21,655 --> 00:05:22,864
නියෝජ්‍ය ක්‍රේන්?
ඔව්, හරි.
62
00:05:22,865 --> 00:05:25,199
ඉතින්... මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා...
63
00:05:25,200 --> 00:05:26,742
ඒත්... ළමයින්ට නම් කිසි ප්‍රශ්නයක් නෑ.
64
00:05:26,743 --> 00:05:29,704
ඩොනී. ඩොනී, මං කියන දේ ඇහෙනවද?
මේ මෙහෙයුම් අංශයෙන්.
65
00:05:29,705 --> 00:05:33,875
ඔයාලගේ භාරදීම දැන් අවශ්‍ය වෙන්නේ නෑ.
කරුණාකරලා නැවත මූලස්ථානයට එන්න.
66
00:05:33,876 --> 00:05:35,251
කවුද... කවුද මේ ඩොනී?
67
00:05:35,252 --> 00:05:37,670
කැල්සෝ, ඔය ලයින් එකෙන් අයින් වෙනවා.
කටවහගන්නවා.
68
00:05:37,671 --> 00:05:39,547
- කටවහගන්න?
- ඩොනී, ඔයාට ඒක තේරුණාද?
69
00:05:39,548 --> 00:05:42,550
ඔයාගේ භාරදීම දැන් අවශ්‍ය වෙන්නේ නෑ.
70
00:05:42,551 --> 00:05:44,344
කරුණාකරලා නැවත මූලස්ථානයට එන්න.
71
00:05:44,845 --> 00:05:46,555
මේ ඩොනී... වැඩේ නතර කළා.
72
00:05:47,556 --> 00:05:48,682
නැවත මූලස්ථානයට එනවා.
73
00:05:52,060 --> 00:05:55,396
කැල්සෝ. කැල්සෝ, මේ ක්‍රේන්.
74
00:05:55,397 --> 00:05:56,647
ඔයාට මාව ඇහෙනවද?
75
00:05:56,648 --> 00:05:57,982
ඒයි.
76
00:05:57,983 --> 00:05:59,066
ඒයි.
77
00:05:59,067 --> 00:06:03,529
17 වෙනි මට්ටමේ වැඩේ නියමයි.
නියෝජ්‍ය ජේම්ස් ඔතන ඉන්නවද?
78
00:06:03,530 --> 00:06:04,906
- ඔයාට කියන්නේ.
- මොකක්?
79
00:06:04,907 --> 00:06:06,116
ඔයා... ඔයා කේතවලින් කතා කරන්න ඕනේ.
80
00:06:06,700 --> 00:06:08,869
- මම දන්නේ නෑ කොහොමද...
- ඒක කරන්න ඕනේ.
81
00:06:11,955 --> 00:06:13,873
- මේ නියෝජ්‍ය ජිමී...
- කේතය.
82
00:06:13,874 --> 00:06:14,875
...ජේම්ස්.
83
00:06:16,168 --> 00:06:21,547
හායි. මම මාරු වුණාට පස්සේ...
මට ඔයාව දකින්න හම්බවුණේ නෑ.
84
00:06:21,548 --> 00:06:24,593
කොහොමද... පවුලේ අයට කොහොමද?
ඒගොල්ලෝ... හැමෝම හොඳින් ඉන්නවද?
85
00:06:27,012 --> 00:06:29,389
මගේ පවුලේ අය,
එයාලා හොඳින් ඉන්නවා.
86
00:06:31,058 --> 00:06:32,225
හරි, නියමයි.
87
00:06:32,226 --> 00:06:35,938
එතකොට කොහොමද... ටර්ලි...
කොහොමද... නියෝජ්‍ය ටර්ලිට කොහොමද?
88
00:06:36,522 --> 00:06:37,940
ටර්ලි?
89
00:06:38,440 --> 00:06:42,276
මට තේරුණා. ඔව්, කිසි අවුලක් නෑ.
නියෝජ්‍ය ටර්ලි පොඩ්ඩක් වැටුණා.
90
00:06:42,277 --> 00:06:44,363
ඒත් එයා... එයා හොඳින්.
91
00:06:45,531 --> 00:06:46,740
හරි.
92
00:06:47,282 --> 00:06:48,700
හරි, ඒක අහන්න ලැබුණ එක සතුටුයි.
93
00:06:51,203 --> 00:06:54,289
ජේම්ස්, ඔයාගේ අම්මා ගැන
මට කිව්වා මතකද?
94
00:06:56,083 --> 00:06:59,544
එයාට මොකක්ද වුණේ කියලා හොයන්න
ඔයාට පරීක්ෂණයක් පටන් ගන්න වෙනවා.
95
00:06:59,545 --> 00:07:02,297
ඒ ඇයි කියලා මට ඔයාට කියන්න පුළුවන් නම් හොඳයි,
ඒත් මට වෙලාවක් නෑ...
96
00:07:02,923 --> 00:07:04,883
කැල්සෝ ඔයාට විස්තරේ කියාවි, හරිද?
97
00:07:54,800 --> 00:08:28,000
{\fs18}{\position(195,170)\fade(500,500)}www.baiscope.lk
බයිස්කෝප් සිංහලෙන්
ඉදිරිපත් කිරීමක්.
98
00:09:47,300 --> 00:09:57,700
{\fs16}{\fade(500,500)}පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
#UDshehan
99
00:10:01,393 --> 00:10:04,395
ඔයාලා දැක්ක කැනීම් යන්ත්‍රය,
මූලාකෘතියක් විතරයි.
100
00:10:04,396 --> 00:10:06,063
තව 9ක් හදාගෙන යනවා.
101
00:10:06,064 --> 00:10:09,442
කැනීම් යන්ත්‍ර 10කින්, එක යන්ත්‍රයකින්
සයිලෝ 5 ගානේ අමතරව හාරනවා.
102
00:10:09,443 --> 00:10:10,944
එකතුව සයිලෝ 50ක්.
103
00:10:11,445 --> 00:10:13,071
මොකටද මේ සයිලෝ?
104
00:10:17,451 --> 00:10:18,576
බීජ.
105
00:10:18,577 --> 00:10:21,163
ස්වල්බාඩ්වල තියෙන බීජ බැංකුව වගේද?
106
00:10:22,289 --> 00:10:23,539
එක විදිහකට එහෙමයි.
107
00:10:23,540 --> 00:10:25,541
සමාවෙන්න.
ඇයි කැනීම් යන්ත්‍ර 10ක්?
108
00:10:25,542 --> 00:10:28,461
එතකොට අපිට එකපාර
සයිලෝ 10ක් හාරන්න පුළුවන්.
109
00:10:28,462 --> 00:10:30,379
ඒ කැනීම් ඉවර වුණාම...
110
00:10:30,380 --> 00:10:33,217
අපි ඒ යන්ත්‍ර එළියට අරගෙන,
ඊළඟ සයිලෝ 10 හාරන්න යවනවා.
111
00:10:33,967 --> 00:10:36,219
හමුදාවේ අපිට විහිළුවක් තිබ්බා...
112
00:10:36,220 --> 00:10:39,680
ඉංජිනේරුවෙක් වීදුරුවක් දකින්නේ බාගයක් පිරිලා
විදිහටද නැත්නම් බාගයක් හිස් විදිහටද කියලා?
113
00:10:39,681 --> 00:10:42,391
හොඳයි, මම හිතන්නේ
ඉංජිනේරුවා කියන්නේ සුබවාදී කෙනෙක්.
114
00:10:42,392 --> 00:10:43,643
බාගයක් පිරිලා.
115
00:10:43,644 --> 00:10:46,522
නෑ, ඉංජිනේරුවා වීදුරුව දකින්නේ තියෙන්න ඕන
ප්‍රමාණයට වඩා දෙගුණයක් ලොකුයි කියලා.
116
00:10:49,566 --> 00:10:51,985
- ඔයාට තව කැනීම් යන්ත්‍ර ඕනේ.
- තව කීයක්ද?
117
00:10:52,528 --> 00:10:55,614
ඉතින්, ඔයාට සයිලෝ 50ක් ඕනේ නම්,
යන්ත්‍රත් 50ක් ඕනේ.
118
00:10:57,574 --> 00:11:01,410
හොඳයි, මම සල්ලිකාරයා තමයි ඩැනියෙල්,
ඒත් යන්ත්‍ර 50ක්...
119
00:11:01,411 --> 00:11:03,412
යන්ත්‍ර නැවත පාවිච්චි කරන එක
නිකන් හිතුවට හරි ගියත්...
120
00:11:03,413 --> 00:11:07,124
ඒත්, දන්නවනේ, හැතැප්මක් ගැඹුරු වලවල්වලින්
ඒවා උඩට ගන්න එකටත් ලොකු වියදමක් යනවා.
121
00:11:07,125 --> 00:11:10,211
අමතර යන්ත්‍රවලට යන වියදම මොනතරම්
දුරට පියවෙයිද කියලා ඔයාගේ ව්‍යාපෘති
කළමනාකරුගෙන් අහලා බලන්න.
122
00:11:10,212 --> 00:11:13,048
ඒවායේ වැඩේ ඉවර වුණාම ආපහු උඩට
ගන්නේ නැතුව එතනම අතහැරලා දානවා නම්.
123
00:11:13,632 --> 00:11:15,551
සයිලෝ 50ක් කියන්නේ ලොකු බීජ ප්‍රමාණයක්.
124
00:11:16,093 --> 00:11:17,844
ඇත්තටම, බීජ විතරක්ම නෙවෙයි.
125
00:11:17,845 --> 00:11:21,430
අපි ලෝකයේ තියෙන හොඳම කලාවන්,
සාහිත්‍යයන් වගේම...
126
00:11:21,431 --> 00:11:23,015
විද්‍යාවනුත් ගබඩා කරලා තියන්න යන්නේ.
127
00:11:23,016 --> 00:11:26,687
බීජ ගබඩාවලටයි පුස්තකාලවලටයි
පියාසර තහනම් කලාප ඕනේ නෑනේ.
128
00:11:33,110 --> 00:11:36,113
ඒවා තියෙන්නේ වෙනත් විදිහක බීජ ජාතියකට.
129
00:11:36,697 --> 00:11:37,823
මිනිස්සු.
130
00:11:38,824 --> 00:11:40,784
පෘථිවිය නැවත ජනාවාස කරන්න.
131
00:11:45,038 --> 00:11:46,414
නැවත ජනාවාස කරන්න?
132
00:11:46,415 --> 00:11:48,541
අපි මේ මුහුණ දෙන්නේ ලෝකාන්තයට...
133
00:11:48,542 --> 00:11:50,544
ඒක නතර කරන්න බෑ.
134
00:11:51,920 --> 00:11:53,380
අපිට පුළුවන් ඒකෙන් දිවි ගලවගන්න විතරයි.
135
00:12:03,056 --> 00:12:04,641
ඔයාට කොහොමද දැනෙන්නේ?
136
00:12:05,392 --> 00:12:06,602
මට කොහොමද දැනෙන්නේ?
137
00:12:07,311 --> 00:12:09,771
ඇයි?
මගේ කෝටිසෝල් මට්ටම වැඩි වෙලාද?
138
00:12:10,606 --> 00:12:12,523
ඔයාගේ මහත්තයා ඔයාට ද්‍රෝහි වුණා කියලා
ඔයාට දැනගන්න ලැබුණා.
139
00:12:12,524 --> 00:12:15,194
මට කොහොමද දැනෙන්නේ කියලා
ඔයාට දැනගන්න ඕනෙද? මට මහන්සියි.
140
00:12:16,528 --> 00:12:18,530
ඒක තේරුම් ගන්න පුළුවන්.
141
00:12:19,615 --> 00:12:22,575
අවාසනාවකට,
දැන් ඔයාට නිදාගන්න වෙලාවක් නෑ.
142
00:12:22,576 --> 00:12:24,035
පාන්දර 4යි වෙලාව.
143
00:12:24,036 --> 00:12:26,622
අපේ ගුවන් නිරීක්ෂණ කණ්ඩායම
නැවත සයිලෝ 17ට ගියා.
144
00:12:27,831 --> 00:12:30,834
කෙනඩිගෙයි ලූකස්ගෙයි මළසිරුරු එතන නෑ.
145
00:12:32,586 --> 00:12:33,836
කැමිල්...
146
00:12:33,837 --> 00:12:36,965
ඔයා හොයාගන්න ඕනේ ඇයි එයාලව
17ට යැව්වේ කියන එකේ ඇත්තම හේතුව.
147
00:12:48,352 --> 00:12:51,897
ඒයි, තාත්තේ. කාලෙකින් නේද.
148
00:12:52,481 --> 00:12:53,649
උඹ කොහොමද මාව හොයාගත්තේ?
149
00:12:54,650 --> 00:12:56,652
ඔයාගේ යාළුවෝ ඔයා හිතන තරම් මිත්‍රශීලී නෑ.
150
00:12:58,320 --> 00:12:59,363
උඹට මොනවද ඕනේ?
151
00:13:05,994 --> 00:13:06,995
හාර්වුඩ්.
152
00:13:08,288 --> 00:13:10,957
මිනිහා තමුන්ට අලුත් ජීවිතයක් දුන්නා,
මොකද ඔයා මිනිහට දෙයක් හදලා දීපු නිසා.
153
00:13:10,958 --> 00:13:13,793
මට දැනගන්න ඕනේ
සැපයුම් අංශයෙන් බඩු හොරකම් කරපු එකට...
154
00:13:13,794 --> 00:13:15,712
මිනිහගේ කිසිම සම්බන්ධයක්
තියෙනවද කියලා විතරයි.
155
00:13:16,797 --> 00:13:18,257
පලයන් යකෝ මෙතනින්.
156
00:13:23,345 --> 00:13:24,429
දන්නවද...
157
00:13:25,764 --> 00:13:29,059
මගේ මුළු ජීවිත කාලෙම මට ඕන වුණා
ඔහේගෙන් එක ප්‍රශ්නයක් අහන්න.
158
00:13:29,810 --> 00:13:31,186
ඒකේ රහ කොහොමද?
159
00:13:32,104 --> 00:13:34,022
මොන මගුලක් ගැනද කියන්නේ?
160
00:14:02,176 --> 00:14:03,552
ඒයි! මෙහෙට එන්න!
161
00:14:06,763 --> 00:14:10,142
ඒයි, මෙතනත් තියෙනවා.
මේක පහළටම යනවා.
162
00:14:12,769 --> 00:14:13,895
ඒ මොකක්ද?
163
00:14:13,896 --> 00:14:16,898
මම තීන්ත ගාන කෙනෙක්, මේ පැනල් එක වටේ
තියෙන තීන්ත ඔක්සිකරණය වෙලා තියෙන්නේ...
164
00:14:16,899 --> 00:14:18,566
ඒ කියන්නේ මේක රස්නෙට අහුවෙලා.
165
00:14:18,567 --> 00:14:21,986
ඒ කියන්නේ, මේක වෙල්ඩින් කරලා වහලා වගේ.
166
00:14:21,987 --> 00:14:24,614
මෙතන වෙල්ඩින් පාරවල් නම් පේන්න නෑ,
ඒ නිසා මම හිතන්නේ සමහරවිට...
167
00:14:24,615 --> 00:14:26,450
මේක ඇතුළෙන් වෙල්ඩින් කරලා තියෙන්න ඇත්තේ.
168
00:14:37,669 --> 00:14:38,670
ස්තූතියි.
169
00:14:43,717 --> 00:14:44,927
කොහොමද ඇන්තනීට?
170
00:14:48,138 --> 00:14:49,223
හොඳයි.
171
00:14:51,892 --> 00:14:54,394
පරණ විදිහටම ඉන්න ලැබුණු එකට
එයා සතුටින් වගේ ඉන්නේ...
172
00:14:55,562 --> 00:14:58,273
මම රෑට ගෙදර එද්දි,
ඔයා ගෙදර නැති කාලේ වගේ.
173
00:15:02,277 --> 00:15:07,324
මම එයා දිහා බලාගෙන හිටියා අමතක වීමේ
බෙහෙත්වල ලක්ෂණ පේන්න තියෙනවද කියලා...
174
00:15:08,325 --> 00:15:12,204
මම හිතුවා එයාට ඒක නිකන්ම...
නිකන්ම අමතක වෙලා යාවි කියලා. තේරුණාද?
175
00:15:14,540 --> 00:15:17,251
එයාට මේක අමතක වෙයි.
අපි අතරේ තියෙන මේ හැමදේම.
176
00:15:20,504 --> 00:15:22,756
ඒත් මම ඒ එක්කම බය වෙලත් ඉන්නේ.
177
00:15:27,386 --> 00:15:29,346
ඒ ළමයාගෙන් 90%ක්ම තියෙන්නේ බෙහෙත්.
178
00:15:31,557 --> 00:15:33,892
අපිටත් වඩා පරක්කු වෙලා තමයි
එයාට අමතක වෙන්නේ.
179
00:15:39,731 --> 00:15:40,732
ඔව්.
180
00:15:44,486 --> 00:15:49,032
ඔයා කිව්වා ක්‍රමයක් තියෙනවා කියලා
සයිලෝ 1න් අපිව මරන එක නවත්තන්න.
181
00:15:53,579 --> 00:15:56,622
ජුලියට්ට ඕන වුණේ එයාගේ යාළුවොන්ව
අනිත් සයිලෝ එකට යවන්න.
182
00:15:56,623 --> 00:15:59,668
එයා කිව්වා එතන... එයා කිව්වා එතන
උදව් ඕන කරන ළමයි ඉන්නවා කියලා.
183
00:16:04,173 --> 00:16:06,966
ඒ වෙනුවට ලූකසුයි කෙනඩියි ගියා,
ඒත් එයාලට ඒක කරගන්න බැරි වුණා.
184
00:16:06,967 --> 00:16:09,594
- මට දැනගන්න ඕනේ ඇයි එයා එයාලව යැව්වේ කියලා.
- ඔයා කිව්වේ ළමයි හිටියා කියලා නේද.
185
00:16:09,595 --> 00:16:12,139
මම දන්නවා මම කියපු දේ.
අනේ... රොබ්.
186
00:16:14,808 --> 00:16:19,104
මම ඔයාගෙන් අහන්නේ
ඇයි එයා එයාලව යැව්වේ කියලා.
187
00:16:20,230 --> 00:16:24,193
ඇයි එයා එයාගේ ළඟම යාළුවන්ව පවා
යවන්න කැමති වුණේ?
188
00:16:27,070 --> 00:16:28,071
රොබ්.
189
00:16:33,577 --> 00:16:35,996
ඔයා හැදුවා එයාට එතන වුණු දේවල් මකලා දාන්න.
190
00:16:37,080 --> 00:16:41,502
ඒත් ඔයා අසමත් වුණා, මම හිතනවා
ඔයාට මේකත් කරගන්න බැරි වෙයි කියලා.
191
00:16:43,003 --> 00:16:44,796
ඒ ළමයි හරි භයානක දේවල් දැක්කා.
192
00:16:45,631 --> 00:16:49,676
ඉතින් එයාට ඇත්තටම ඒ ළමයින්ට උදව් කරන්න
ඕනේ වුණා කියලා ඔයාට විශ්වාස කරන්න බැරි නම්...
193
00:16:51,553 --> 00:16:53,388
එහෙනම් මම තවත් ඔයාව අඳුරන්නේ නෑ.
194
00:17:18,789 --> 00:17:20,374
ඔව්, හරි. මේ තියෙන්නේ.
195
00:17:21,916 --> 00:17:24,086
ඔව්. ඇතුළෙන් වෙල්ඩින් කරලා.
196
00:17:34,888 --> 00:17:35,889
මොකක්ද?
197
00:17:37,599 --> 00:17:40,853
මට කණගාටුයි, ජිමී. පිරිසිදු කිරීමේ ඇඳුමක්
ඇඳගත්තු මළසිරුරක් තියෙනවා.
198
00:17:48,151 --> 00:17:50,404
එයා ඇතුළේ ඉඳන් වෙල්ඩින් කරගෙනද?
199
00:17:53,365 --> 00:17:56,368
ඇයි එයා එහෙම කළේ?
මොකද එයා දැනගෙන ඉන්න ඇතිනේ...
200
00:17:59,246 --> 00:18:00,664
අපිට එයාව අයින් කරන්න වෙනවා.
201
00:18:02,666 --> 00:18:04,084
එයා හින්දා බටේ අවහිර වෙලා.
202
00:18:12,926 --> 00:18:13,927
හරි.
203
00:18:19,766 --> 00:18:21,768
- හරි. යමු.
- නෑ, නෑ, නෑ.
204
00:18:23,896 --> 00:18:27,232
මගේ සයිලෝ එකේ මිනිස්සු මැරෙන්නයි යන්නේ.
205
00:18:28,525 --> 00:18:30,903
ඒ මගුලේ ඉන්න හැමෝම.
206
00:18:31,695 --> 00:18:34,198
ජිමී කැමති නැත්නම්
එයාගේ අම්මව මෙතනින් අයින් කරනවට...
207
00:18:35,115 --> 00:18:36,408
එයාව අයින් කරන්නේ නෑ.
208
00:18:41,580 --> 00:18:42,581
මගුල.
209
00:18:43,540 --> 00:18:44,958
අපි මේක... කරුණාකරලා.
210
00:18:53,217 --> 00:18:54,592
උඹට මොනවද ඕනේ?
211
00:18:54,593 --> 00:18:56,802
ඔහේගේ යාළුවා හාර්වුඩ් සැපයුම් හොරකම් කරනවා.
212
00:18:56,803 --> 00:18:59,180
එහෙනම් ඇයි මාව හොයාගෙන ආවේ?
මම ඕවා ගැන මොකුත් දන්නේ නෑ.
213
00:18:59,181 --> 00:19:00,765
මොකද තමුන් මිනිහට දෙයක් කරලා දුන්නා.
214
00:19:00,766 --> 00:19:03,643
තමුන්ට ඒ පතලෙන් අයින් වෙලා
මේ වගේ අලුත් ජීවිතයක් ලැබෙන්න.
215
00:19:03,644 --> 00:19:05,771
මම දන්නේ නෑ
මූ මේ මොන මගුලක් කියවනවද කියලා.
216
00:19:07,189 --> 00:19:11,567
මම තමුන්ගේ පුතාගෙන් තමුන් ගැන විස්තර අහපුවාම
එයත් මට පලයන් යකෝ යන්න කිව්වා.
217
00:19:11,568 --> 00:19:14,362
ඊටපස්සේ, විනාඩි දහයකින්
එයා පොලිස් ස්ථානයට ආවා...
218
00:19:14,363 --> 00:19:16,113
එයා තමුන්ව හොයාගත්තා කියලා.
219
00:19:16,114 --> 00:19:21,494
යාළුවා කිව්වා කෙල්ලෙක්ව මරලා දාලා,
මට උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න කියලා.
220
00:19:21,495 --> 00:19:23,788
මම මේවා අහන්නේ පළවෙනි වතාවට.
221
00:19:23,789 --> 00:19:25,164
මම මේවා ගැන කිසිම දෙයක්...
222
00:19:25,165 --> 00:19:27,792
මමයි හෑන්කුයි දැන් හොයාගත්තා
මේ හොරකම් කරපු බඩු නිසා...
223
00:19:27,793 --> 00:19:30,671
අපි හැමෝටම කළුවරේම මැරෙන්න වෙයි කියලා.
224
00:19:31,964 --> 00:19:37,302
ඒක කොච්චර ලොකු,
ඒ වගේම විනාශකාරී දෙයක්ද කිව්වොත්,
මට ඒක හිතාගන්නවත් බෑ.
225
00:19:38,595 --> 00:19:43,224
ඒත් මට තේරුම් ගන්න පුළුවන් දේ තමයි
මම එක පාරක් දැකපු මේ ගෑනු කෙනා...
226
00:19:43,225 --> 00:19:46,936
මට තේරුණා එයා හරිම හොඳ
අනුන් ගැන හිතන කෙනෙක් කියලා...
227
00:19:46,937 --> 00:19:50,648
අනික එයා උත්සාහ කරේ
මේ බඩු හොරකම් කරන්නේ කවුද කියලා හොයන්න...
228
00:19:50,649 --> 00:19:53,861
අපි ඔක්කොමලා මැරෙන එකෙන් බේරගන්න,
එහෙව් එයාව මැරුවා.
229
00:19:54,695 --> 00:19:57,780
මට නිකන් දැනෙනවා
තමුන් හාර්වුඩ් එක්ක කරපු මොන මගුලක් හරි...
230
00:19:57,781 --> 00:20:00,158
- ඒකට බලපෑවා කියලා.
- රෙද්ද.
231
00:20:05,998 --> 00:20:07,666
ඔහේ මොන මගුලක්ද කළේ?
232
00:20:08,834 --> 00:20:13,005
මෙහෙමයි, ඔහේ ඕලා කෙන්ට්ව මැරුවේ නැත්තම්,
ඔහේ මොන මගුලක් කළත් මට අදාළ නෑ.
233
00:20:15,966 --> 00:20:19,595
මම ඔහේට මොනවා කිව්වත්,
ඔහේ මට පොරොන්දු වෙන්න ඕනේ...
234
00:20:20,762 --> 00:20:23,140
මේක හින්දා මට කිසිම කරදරයක් වෙන්නේ නෑ කියලා.
235
00:20:23,724 --> 00:20:25,142
මම පොරොන්දු වෙනවා.
236
00:20:29,354 --> 00:20:34,150
එක දවසක් රෑ අපි නිකන් වල්පල් කියව කියව හිටියේ,
බොන ගමන්, මායි හාර්වුඩුයි.
237
00:20:34,151 --> 00:20:36,069
එතකොට මට මේ අදහස ආවා...
238
00:20:37,905 --> 00:20:40,490
මම ඒක එළියට නොකියා ඉන්න තිබුණේ,
ඒත් මම කිව්වා.
239
00:20:42,743 --> 00:20:45,495
මාස දෙක තුනකට පස්සේ,
හාර්වුඩ් ආයෙත් මාව හොයාගෙන ආවා.
240
00:20:47,998 --> 00:20:52,544
මිනිහා කිව්වා, "ඒක ඇඳලා දියන්,
මම උඹට අලුත් ජීවිතයක් දෙන්නම්" කියලා.
241
00:20:54,087 --> 00:20:55,255
එයා ඒක හැදුවද?
242
00:20:56,757 --> 00:20:58,091
මම ඒ මගුලක් දන්නේ නෑ.
243
00:21:01,178 --> 00:21:02,221
ඒක අඳින්න.
244
00:21:04,223 --> 00:21:05,641
මේ තියෙන්නේ සයිලෝ 1.
245
00:21:06,642 --> 00:21:09,811
ඒක වටේ කණ්ඩායම් 7ක් තියෙනවා.
246
00:21:10,395 --> 00:21:11,813
මේ අපේ කණ්ඩායම.
247
00:21:15,108 --> 00:21:16,401
මේ අපි.
248
00:21:18,111 --> 00:21:20,196
දැන්, ඔයා සයිලෝ 1 නම්...
249
00:21:20,197 --> 00:21:25,452
හැම සයිලෝ එකකටම
විෂ යන බටයක් යවන්නේ කොහොමද?
250
00:21:28,205 --> 00:21:31,707
මම නම් බට 49ක් යවන්නේ නෑ.
ගොඩක් දේවල් වැරදෙන්න පුළුවන්.
251
00:21:31,708 --> 00:21:37,297
ඉතින්, මම ලයින් 7ක් යවනවා,
එක කණ්ඩායමකට එක ගානේ.
252
00:21:39,591 --> 00:21:45,556
ඊටපස්සේ මම තව බට 7ක් යවනවා...
ඒ එක එක් සයිලෝ එකට.
253
00:21:48,809 --> 00:21:50,561
ඒත් ඇයි ඒක ඇතුළටම හදන්නේ?
254
00:21:53,105 --> 00:21:55,274
ඇයි එයාලට සයිලෝ එකක් විනාශ කරන්න ඕනේ?
255
00:21:55,816 --> 00:21:59,569
මම දන්නේ නෑ,
ඒත් අපි අඩුම තරමේ හිතලා බලන්නවත් ඕනේ...
256
00:21:59,570 --> 00:22:02,947
සමහරවිට එයාලට ඒකට
හොඳ හේතුවක් ඇති කියලා.
257
00:22:02,948 --> 00:22:06,784
එතකොට මොකක්ද, අපි මේ සයිලෝ එකේ ඉන්න
හැමෝගෙම ජීවිත අනතුරේ දානවද...
258
00:22:06,785 --> 00:22:08,703
එයාලගේ අරමුණ මොකක්ද කියලවත් දන්නේ නැතුව?
259
00:22:08,704 --> 00:22:09,705
ඔව්.
260
00:22:11,582 --> 00:22:14,750
- ඇයි?
- මොකද අපිට පුළුවන් නම් මේ බට වහලා දාලා...
261
00:22:14,751 --> 00:22:17,588
එයාලට අපිව මරන්න තියෙන හැකියාව නැති කරන්න...
262
00:22:18,672 --> 00:22:22,092
එතකොට...
එතකොට අපිට කතා බහකට එන්න පුළුවන්.
263
00:22:23,468 --> 00:22:29,766
අනික සයිලෝ විනාශ කරන්න එයාලා
බලය පාවිච්චි කරන එකට
තියෙන හේතුව සාධාරණ නම්...
264
00:22:30,642 --> 00:22:36,523
එහෙනම් අපි ඒ බට ආයෙත් හදලා,
මරණයේ වතුර බීලා මැරිලා යමු.
265
00:22:37,441 --> 00:22:43,322
ඒත් එයාලා කරපු දේ සාධාරණීකරණය කරන්න පුළුවන්
මොන වගේ හේතුවක් තියෙයිද කියලා
මට හිතාගන්න බෑ.
266
00:22:45,616 --> 00:22:47,618
මේ අවුරුදු ගාණ පුරාවටම
මම මගේ රස්සාව කරද්දි...
267
00:22:49,870 --> 00:22:51,997
ගොඩක් වෙලාවට කළේ දරුණු දේවල්...
268
00:22:54,333 --> 00:22:58,545
මම හැමතිස්සෙම මටම කියාගත්තා...
269
00:22:59,421 --> 00:23:05,427
මම කරන්නේ සාධාරණ, හොඳ දේවල් කියලා.
270
00:23:13,310 --> 00:23:17,606
මම වහ දුන්නා... ගෑනු කෙනෙක්ට.
271
00:23:20,526 --> 00:23:26,323
ගෑනු කෙනෙක්ට...
මම මගේ විදිහට ආදරය කරපු.
272
00:23:28,992 --> 00:23:30,410
මේරි මීඩෝස්.
273
00:23:32,663 --> 00:23:38,710
මට කිව්වා එයාගේ මරණය
අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දෙයක් කියලා...
274
00:23:39,545 --> 00:23:42,756
සයිලෝ එකක් සම්පූර්ණයෙන්ම
විනාශ වෙන එක නවත්තන්න.
275
00:23:50,305 --> 00:23:51,807
ඒත් ඒ ඔක්කොම බොරු.
276
00:23:57,396 --> 00:24:01,441
මම කරපු දේවල්වලට මට වන්දි ගෙවන්න බෑ.
277
00:24:03,944 --> 00:24:09,283
ඒත් මට පුළුවන් හැමදේම මම කරනවා
මේ කුරිරු පාලනය නවත්තන්න.
278
00:24:11,910 --> 00:24:13,120
මම මේකට වෛර කරනවා.
279
00:24:16,123 --> 00:24:17,332
මොකක්ද?
280
00:24:21,211 --> 00:24:22,337
ඔහේට වෛර නොකර ඉන්න එකට.
281
00:24:31,471 --> 00:24:33,265
මම මේ දකින දේ...
282
00:24:34,850 --> 00:24:37,269
මේක මගේ දැන් තත්ත්වේ
ප්‍රතිබිම්බයක්ද නැත්නම් ඔයාගේද?
283
00:24:37,811 --> 00:24:39,896
ඔයාගේ මහත්තයා ඔයාට
එයාලගේ සැලසුම් ගැන කිව්වද?
284
00:24:39,897 --> 00:24:43,108
නෑ. ඒත් අපි දන්නවා එයාලට ආරක්ෂණ ක්‍රියාවලිය
නවත්තන්න ඕනේ කියලා.
285
00:24:43,942 --> 00:24:47,029
මට දැනගන්න ඕනේ
එයාලා ඒක කරන්නේ කොහොමද කියලා.
286
00:24:47,905 --> 00:24:49,531
මට ඔයාට ඒක කියන්න බෑ.
287
00:24:50,199 --> 00:24:51,200
හරි.
288
00:24:52,576 --> 00:24:57,413
හරි. එහෙනම් මේ දැන්ම අපිව මරලා දාන්නකෝ.
289
00:24:57,414 --> 00:25:03,086
මොකද එයාලා මේක කරන්නේ කොහොමද කියලා
ඔයා කිව්වේ නැත්තම්, මට එයාලව නවත්තන්න බෑ.
290
00:25:06,965 --> 00:25:12,470
අපි මුහුණ දෙන තර්ජන, න්‍යෂ්ටික යුද්ධ,
දේශගුණික බිඳවැටීම්, වෛරස් වසංගත...
291
00:25:12,471 --> 00:25:15,848
ග්‍රහක ගැටීම්, කෘත්‍රිම බුද්ධිය,
ඒ වගේම අපි හිතලවත් නැති දේවල් පවා.
292
00:25:15,849 --> 00:25:17,726
ඒත් අර එක දෙයක්...
293
00:25:18,268 --> 00:25:20,687
වැඩියෙන්ම භයානක දේ...
294
00:25:21,813 --> 00:25:24,733
තමයි, මම ඉතිහාසයේ හිටපු
පොහොසත්ම මිනිහා වෙන්නත් හේතුව.
295
00:25:26,318 --> 00:25:27,819
නැනෝ තාක්ෂණය.
296
00:25:28,695 --> 00:25:33,617
ඒත් ඒක ඇහැට පේන්නේ නැති නිසාම නෙවෙයි,
මම දැනගෙන හිටියා... මම...
297
00:25:34,701 --> 00:25:40,540
මම දැනගෙන හිටියා සතුරු ආණ්ඩුවක්
ඉක්මනින්ම තේරුම් ගනීවි කියලා...
298
00:25:40,541 --> 00:25:45,921
න්‍යෂ්ටික අවියකට වඩා නැනෝ අවියක් හදන එක
සෑහෙන්න ලාභදායී වැඩක් කියලා.
299
00:25:47,214 --> 00:25:50,550
මේවයින් මොකකින් හරි
ළඟ එන තර්ජනයක් තියෙනවද?
300
00:25:50,551 --> 00:25:54,971
මොකක් හරි දෙයක්
සිද්ධ වෙන එක වළක්වන්න බෑ.
301
00:25:54,972 --> 00:25:58,224
ඒක ළඟටම එනකන් ඉන්න එක
හොඳ වෙලාවක් නෙවෙයි...
302
00:25:58,225 --> 00:26:00,268
මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් පටන් ගන්න.
303
00:26:00,269 --> 00:26:01,727
ඔහේ අපිව දාපු ඒ මගුල් අමාරුව.
304
00:26:01,728 --> 00:26:04,230
අපි අපි හිතුවේ අපි යන්නේ
අපේ මරණයට කියලා.
305
00:26:04,231 --> 00:26:07,484
ඔව්. මොකද අපිට ඕනේ වුණා
ඔයාට ඒක තේරුම් කරවන්න.
306
00:26:08,110 --> 00:26:12,905
අපිට ඕනේ වුණේ අපි මුහුණ දෙන ඒ තර්ජනවලින්
එකක් හරි ඔයාට අත්දකින්න සලස්වන්න.
307
00:26:12,906 --> 00:26:14,365
ඇයි නිකන්ම අපිට නොකිව්වේ?
308
00:26:14,366 --> 00:26:16,742
මොකද මේ සයිලෝ ව්‍යාපෘතිය ගැන
විස්තර එළියට ගියොත්...
309
00:26:16,743 --> 00:26:18,786
ඒකෙන් ප්‍රතිඵල දෙකකින් එකක් වෙන්න පුළුවන්.
310
00:26:18,787 --> 00:26:22,582
සමහරවිට අපේ හතුරෝ අපිව විනාශ කරන්න
කරන උත්සාහය අතඇරලා දාවි...
311
00:26:22,583 --> 00:26:25,668
ඉක්මනින්ම අපිට එයාලව
මගහරින්න පුළුවන් වේවි කියලා දැනගෙන.
312
00:26:25,669 --> 00:26:27,295
නැත්නම් අනිත් පැත්ත වෙයි.
313
00:26:27,296 --> 00:26:29,088
- ඒක ලෑස්ති වෙන්න කලින් විනාශ කරාවි.
- ඔව්.
314
00:26:29,089 --> 00:26:31,883
- දැන්, අවුරුද්දකින් දෙකකින්...
- නැත්නම් තුනකින් හතරකින්.
315
00:26:31,884 --> 00:26:34,719
අපි මෙතන කරන දේ ගැන
විස්තර එළියට ගියාම...
316
00:26:34,720 --> 00:26:36,429
අනික අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා.
317
00:26:36,430 --> 00:26:38,515
මේකට කියාවි ස්ටෙන්සන්ගේ මෝඩකම කියලා.
318
00:26:39,224 --> 00:26:41,475
අපි ඒකත් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා.
319
00:26:41,476 --> 00:26:44,979
එතකොට මුළු ලෝකෙම හිතාවි මේ ඔක්කොම...
320
00:26:44,980 --> 00:26:49,276
සල්ලි වැඩි පිස්සෙක්ගේ විකාර වැඩක් කියලා.
321
00:26:50,277 --> 00:26:54,947
අපේ ලොකුම ප්‍රාර්ථනාව වෙන්නෙත්
මේක ඇත්තටම ස්ටෙන්සන්ගේ මෝඩකමක් වෙලා...
322
00:26:54,948 --> 00:26:57,116
කවදාවත් මේක පාවිච්චි කරන්න නොලැබේවා කියන එකයි.
323
00:26:57,117 --> 00:27:01,787
ඒත් මගේ තාත්තා, මම දැකපු ලොකුම ආයුධ
පෙට්ටිය උස්සගෙන යද්දි හැමදාම කිව්වා වගේ...
324
00:27:01,788 --> 00:27:03,706
එයා මොන රස්සාවට ගියත්...
325
00:27:03,707 --> 00:27:07,920
"ඕනේ වෙලාවට බඩුවක් නැති වෙනවට වඩා,
ඕනේ නැති වුණත් බඩුවක් තියෙන එක හොඳයි."
326
00:27:09,338 --> 00:27:12,548
ඔයා සතුරු ආණ්ඩු කියද්දි,
ඒකට ඉරානෙත් අයිතිද?
327
00:27:12,549 --> 00:27:17,220
ඔව්. මොකද මම බය වුණා වගේම,
එයාලා නැනෝ ව්‍යාපෘතියක් හැදුවා.
328
00:27:17,221 --> 00:27:20,848
අපි එයාලා එක්ක සාකච්ඡා කරන්න හැදුවා,
අපි එයාලට තර්ජනය කරන්න හැදුවා...
329
00:27:20,849 --> 00:27:23,684
ඒකට එයාලා ඩලස් ටෙක් කෝරිඩෝ එකේ
බෝම්බයක් පිපිරෙව්වා...
330
00:27:23,685 --> 00:27:26,020
අපේ කෘත්‍රිම බුද්ධියයි
නැනෝ තාක්ෂණයයි ආපස්සට අදින්න.
331
00:27:26,021 --> 00:27:29,690
දැන්, අපි ඒකට කිව්වේ 'අපිරිසිදු බෝම්බයක්' කියලා,
මොකද මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා.
332
00:27:29,691 --> 00:27:33,778
ඒත් ඒක ඇත්තටම නැනෝ අවියක්.
අනික ඒකෙන් අපිව යුද්ධයකට ඇදලා දැම්මා.
333
00:27:33,779 --> 00:27:36,280
අපිට කතා කරන්න පුළුවන්ද
මගේ බලගණයට මොකද වුණේ කියලා?
334
00:27:36,281 --> 00:27:40,785
ඔයාගේ මෙහෙයුම උදව් වුණා ඉරානය කඳුකරයේ හදපු
රහසිගත නැනෝ මධ්‍යස්ථානයක් විනාශ කරන්න...
335
00:27:40,786 --> 00:27:43,788
- ටර්ක්මෙනිස්තාන් දේශසීමාව කිට්ටුව...
- අපේ මෙහෙයුම ඉලක්කයට ගියේ නෑ.
336
00:27:43,789 --> 00:27:45,206
එතන වලාකුළක් තිබ්බා.
337
00:27:45,207 --> 00:27:48,626
ඔයාලා පියාසර කරගෙන ගිය ඒ වලාකුළ,
ඒක එයාලගේ නැනෝ තාක්ෂණය...
338
00:27:48,627 --> 00:27:50,545
තත්පර ගාණකින් ඒක ඔයාලගේ
යානා පාලනයට ගත්තා.
339
00:27:50,546 --> 00:27:53,047
අපි අපේ ඉලක්කයට ගියේ නෑ.
340
00:27:53,048 --> 00:27:54,674
- අපිට අතිරේක සැලසුමක් තිබ්බා.
- හරියටම හරි.
341
00:27:54,675 --> 00:27:57,385
ඔයාගේ යාළුවෝ, ඩැනියෙල්,
හමුදාවේ ඉංජිනේරු අංශයේ ඉන්න...
342
00:27:57,386 --> 00:28:00,513
අවුරුදු දෙකක් තිස්සේ
හැතැප්ම 75ක උමඟක් හෑරුවා...
343
00:28:00,514 --> 00:28:03,641
ටර්ක්මෙනිස්තානයේ ඉඳන්
හරියටම ඉරාන මධ්‍යස්ථානයට යටින් තියෙන්න.
344
00:28:03,642 --> 00:28:06,394
ඔයාගේ බලගණයට ප්‍රහාරය එල්ල වුණු තත්පරේම...
345
00:28:06,395 --> 00:28:11,316
අපි කුඩා න්‍යෂ්ටික අවියකින්
එයාලගේ මධ්‍යස්ථානය පුපුරවලා දැම්මා.
346
00:28:11,859 --> 00:28:12,942
පොඩ්ඩක් ඉන්න.
347
00:28:12,943 --> 00:28:17,405
කවුරුවත් හැතැප්ම 75ක උමඟක් හාරලා
ඒක අස්සෙන් න්‍යෂ්ටික බෝම්බයක් යවන්නේ නෑනේ
අතිරේක සැලසුමක් විදිහට.
348
00:28:17,406 --> 00:28:19,782
චාලට්ගේ මෙහෙයුමේ අරමුණ වුණේ
ප්‍රහාරයක් එල්ල කරන්න එයාලව අවුස්සන එක...
349
00:28:19,783 --> 00:28:23,369
එතකොට ඔයාලට බලාගන්න පුළුවන්නේ
ඉරානයේ ඔය නැනෝ මගුල
කොච්චර දියුණුද කියලා. මම හරි නේද?
350
00:28:23,370 --> 00:28:25,413
ඔයාලා දැනගෙන හිටියා එයාගේ කණ්ඩායමට
කවදාවත් ඉලක්කයට යන්න ලැබෙන්නේ නෑ කියලා...
351
00:28:25,414 --> 00:28:27,832
ඔයාලා ඒක ගණන් ගත්තේ නෑ මොකද
මොනවා වුණත් න්‍යෂ්ටික බෝම්බේ පුපුරනවානේ.
352
00:28:27,833 --> 00:28:30,251
- චාලට්, ඔයා හොඳින්ද?
- ඒ කියන්නේ... දෙවියනේ...
353
00:28:30,252 --> 00:28:32,629
චාලටුයි එයාගේ යාළුවෝයි
බිල්ලට දීපු අය ටිකක් විතරයි.
354
00:28:37,885 --> 00:28:40,345
ඒ මගුල් කියලා මොනවා ලබාගන්නද හැදුවේ?
355
00:28:42,723 --> 00:28:44,266
- චාලට්.
- චාලට්.
356
00:28:49,104 --> 00:28:50,521
ඒක නියමෙට ගියා.
357
00:28:50,522 --> 00:28:51,565
චාලට්.
358
00:28:52,482 --> 00:28:53,567
චාලට්.
359
00:28:56,486 --> 00:28:58,155
චාලට්, හරි.
360
00:28:59,406 --> 00:29:01,491
හරි. ඒයි. ඒයි.
361
00:29:02,826 --> 00:29:05,369
- වික්ටර්ට එයාගේ වැඩේ කරන්න දෙන්න.
- මා දිහා බලන්න. හරි.
362
00:29:05,370 --> 00:29:06,704
- ඔව්.
- ඔයා ආරක්ෂිතයි. ඔයාට ප්‍රශ්නයක් නෑ.
363
00:29:06,705 --> 00:29:08,207
අපි අභ්‍යාස ටික කරමු, හරිද?
364
00:29:10,792 --> 00:29:12,793
හුස්ම අල්ලගන්න. හරි.
365
00:29:12,794 --> 00:29:13,837
පිට කරන්න.
366
00:29:15,047 --> 00:29:16,590
- ආයෙත් කරන්න.
- හරි.
367
00:29:17,508 --> 00:29:18,800
- හරි.
- ඔයාට හොඳයි.
368
00:29:19,384 --> 00:29:21,053
- හරි.
- ඔයාට ප්‍රශ්නයක් නෑ.
369
00:29:26,683 --> 00:29:29,227
- මම සමාව ඉල්ලන්න ඕනේ.
- ඔව්, ඔයා සමාව ඉල්ලන්නම ඕනේ.
370
00:29:29,228 --> 00:29:30,729
එයාට ටික වෙලාවක් දෙන්න.
371
00:29:32,439 --> 00:29:36,068
මේ වෙලාවේ ඔයාගේ සහෝදරියට
ඔයාලගේ දෙමව්පියන්ගේ මතකයක් නම් හොඳයි.
372
00:29:37,277 --> 00:29:39,237
හරි, අනිවාර්යයෙන්.
373
00:29:39,238 --> 00:29:41,489
මං ගාව මොකුත් නෑ, ඒත්...
374
00:29:41,490 --> 00:29:43,408
ඔයා හැදුණේ ගොවිපළක නේද?
375
00:29:44,535 --> 00:29:45,911
- හරි.
- ඔව්.
376
00:29:48,914 --> 00:29:50,414
මේක දෙන්නෙක් එකතු වෙලා කරන්න ඕනේ වැඩක්, හරිද.
377
00:29:50,415 --> 00:29:52,416
ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ.
378
00:29:52,417 --> 00:29:54,293
අපි දෙන්නම ගිහින් ඌ එක්ක කතා කරලා,
එකතු වෙලා මේක විසඳගන්න ඕනේ.
379
00:29:54,294 --> 00:29:56,754
මොකද අරූ නිකන් අමුතු...
මට ඌව පෙන්නන්න බෑ. ඌ හෙන අමුතුයි.
380
00:29:56,755 --> 00:29:58,464
- පැට්‍රික්.
- ඌට තියෙන්නේ අමුතු ඇහැක්...
381
00:29:58,465 --> 00:30:00,133
- අනික ඒ ඔක්කොම...
- උඹට ඒක කරන්න පුළුවන්.
382
00:30:00,843 --> 00:30:02,677
මට ඒක කරන්න පුළුවන් කියලා
උඹ කොහොමද යකෝ දන්නේ?
383
00:30:02,678 --> 00:30:07,265
මම දන්නේ නෑ. මම කියන්න තිබුණේ
උඹට ඒක කරන්න වෙනවා කියලා.
384
00:30:07,266 --> 00:30:10,685
ලූකස්, මම නෙවෙයි ඒකට හරියන එකා.
උඹ තමයි ඒකා, හරිද?
385
00:30:10,686 --> 00:30:12,770
මම තමයි එළිය ලස්සනයි කියලා
විශ්වාස කරපු එකා.
386
00:30:12,771 --> 00:30:13,855
- හරි.
- අනික...
387
00:30:13,856 --> 00:30:15,022
- අනික පැට්‍රික්...
- ඔව්.
388
00:30:15,023 --> 00:30:19,735
උඹ තමයි ගොඩක් මිනිස්සුන්ව කටින් රවට්ටගෙන
උඹේ පස්සෙන් එන්න සැලැස්සුවේ.
389
00:30:19,736 --> 00:30:22,446
- හරියටම හරි. මම තමයි බොරු කියන එකා.
- ඔව්.
390
00:30:22,447 --> 00:30:25,408
ඔව්, ඉතින් ගිහින් බොරු කියපන්.
391
00:30:25,409 --> 00:30:27,661
මම දන්නේ නෑ ඌ කොහෙද ඉන්නේ කියලා!
392
00:30:28,328 --> 00:30:29,329
මම දන්නවා.
393
00:30:38,505 --> 00:30:40,381
හාර්වුඩ් ඇත්තටම මේක හැදුවද?
394
00:30:40,382 --> 00:30:42,926
- අපි හිතන්නේ එහෙමයි.
- ඒකෙන් ගොඩක් දේවල් පැහැදිලි වෙනවා.
395
00:30:43,510 --> 00:30:46,512
මගේ තාත්තා කාලකන්නියෙක්,
ඒත් එයා දක්ෂ ඉංජිනේරුවෙක්.
396
00:30:46,513 --> 00:30:48,974
එහෙනම් ඇයි එයා එයාගේ ජීවිතෙන් භාගයක්ම
පතල්වල ගත කළේ?
397
00:30:49,892 --> 00:30:51,601
මොකද එයා කාලකන්නියෙක් නිසා.
398
00:30:51,602 --> 00:30:52,853
ඒක කොහෙද තියෙන්නේ?
399
00:30:53,478 --> 00:30:56,480
මට ඇහුණා ඕලා නගරාධිපතිනිය එක්ක
කතා කරනවා ඉදිකිරීම් සැපයුම් ගැන.
400
00:30:56,481 --> 00:30:58,191
කොහෙද?
මට ඒක පේන්න තියෙන්න එපැයි.
401
00:30:58,192 --> 00:31:00,985
ඒක අනිවාර්යයෙන්ම බිත්ති වලින් එළියේ තියෙන්න ඕනේ.
ඒ කියන්නේ, දොරක් තියෙනවා.
402
00:31:00,986 --> 00:31:04,281
අපි හිතන්නේ ඕලා ඒක හොයාගත්තා,
ඒකයි එයාලා එයාව මැරුවේ.
403
00:31:05,949 --> 00:31:08,076
එයාලා බය වුණා එයා එයාලව
හොරකම් කළාට පාවා දෙයි කියලා.
404
00:31:09,119 --> 00:31:11,788
ඒක හැදුවා කියන එකෙන් විතරක් වුණත්
එයාලව පිරිසිදු කරන්න එළියට යවන්න පුළුවන්.
405
00:31:38,607 --> 00:31:39,608
හේයි.
406
00:31:55,582 --> 00:32:00,003
මගේ සයිලෝ එකේදි, මිනිස්සු කැමති වුණා
මම එළිය ගැන කියපු දේවලට...
407
00:32:02,548 --> 00:32:06,051
ඒ වගේම එළිය ඇත්තටම ලස්සනයි
අපිට බොරු කරලා තියෙන්නේ කියන එකට.
408
00:32:07,052 --> 00:32:08,971
ඒත් බැලින්නම් ඒක,
සම්පූර්ණ පට්ටපල් බොරුවක්.
409
00:32:13,433 --> 00:32:16,395
ඩොරිස් හිටියා නම් පණ යනකම් හිනාවෙයි.
410
00:32:18,313 --> 00:32:20,065
එයා ජීවතුන් අතර ඉද්දි...
411
00:32:21,024 --> 00:32:23,235
හැමෝම අනුගමනය කළේ එයාව.
412
00:32:23,986 --> 00:32:25,696
මමත් අනුගමනය කළේ එයාව.
413
00:32:31,827 --> 00:32:33,745
මම කවදාවත් එයාට එක මඟුලක්වත් ඒත්තු ගැන්නුවේ නෑ.
414
00:32:35,289 --> 00:32:37,248
මට හිතෙන්නේ එයා තාමත් ජීවතුන් අතර
හිටියා නම් එයා...
415
00:32:37,249 --> 00:32:39,251
එයා මාව හරිමඟට ගනියි.
එයා...
416
00:32:40,794 --> 00:32:41,837
කොහොම වුණත්...
417
00:32:42,462 --> 00:32:47,426
ඔයාගේ සයිලෝ එකේ චාරිත්‍ර තියෙනවද
කවුරුහරි... මැරුණම කරන?
418
00:32:52,723 --> 00:32:55,350
මම කවදාවත් මැරුණු කෙනෙක්ව දැනගෙන හිටියේ නෑ...
419
00:32:58,812 --> 00:33:00,772
හැමෝම මැරෙනකම්ම.
420
00:33:04,026 --> 00:33:05,110
හරි.
421
00:33:09,489 --> 00:33:15,244
අපි හැමෝම එකතු වෙලා කරන දෙයක් තියෙනවා
පළතුරු වත්තේ, හරිද.
422
00:33:15,245 --> 00:33:17,456
ඊටපස්සේ එයාලා... එයාලා රෙද්දකින් වහනවා...
423
00:33:18,290 --> 00:33:20,584
මිනිය...
ඊටපස්සේ ඒක වළකට බස්සනවා.
424
00:33:21,376 --> 00:33:24,671
ඊටපස්සේ මිනිස්සු මැරුණු කෙනා ගැන
ඇත්තටම හොඳ දේවල් කියනවා.
425
00:33:25,422 --> 00:33:28,090
ඊටපස්සේ එයාලා පළතුරකින් කෑල්ලක් කාලා
ඉතුරු ටික ඒකට විසි කරනවා.
426
00:33:28,091 --> 00:33:29,801
ඒක... ඒක ලස්සනයි.
427
00:33:34,890 --> 00:33:36,767
ඩොරිස්ව වළදාලා තියෙන්නේ පීච් ගහක් යට.
428
00:33:38,894 --> 00:33:40,562
එයාට කවදාවත් එළිය දකින්න ලැබෙන්නේ නෑ.
429
00:33:42,022 --> 00:33:45,274
ඒත් ඔයා දන්නවද...
එයාගේ ශරීරය ඒ ගහට පෝර වෙනවා...
430
00:33:45,275 --> 00:33:51,531
සමහරවිට කවදාහරි ඒ පළතුරු කන අයට
එළියේ ජීවත් වෙන්න ලැබෙයි.
431
00:33:51,532 --> 00:33:53,951
ඒ වගේම එයාලා එයාගෙන් කොටසක්
එයාලත් එක්ක අරගෙන යාවි.
432
00:33:55,786 --> 00:34:00,373
කොහොම වුණත්, මම කල්පනා කළේ අපිට පුළුවන් කියලා...
අපිට ඒක ඔයාගේ අම්මා වෙනුවෙන් කරන්න පුළුවන්.
433
00:34:00,374 --> 00:34:03,584
මොකද අර ළමයි...
එයාලා ගොඩක් මරණ දැකලා තියෙනවා.
434
00:34:03,585 --> 00:34:06,004
ඉතින් මම හිතුවා
මේක හොඳ ක්‍රමයක් වෙයි කියලා...
435
00:34:07,005 --> 00:34:09,882
එයාලට මැරුණු අයව සිහි කරන්න
අලුත් ක්‍රමයක් විදිහට.
436
00:34:25,899 --> 00:34:29,027
ඔයා එයාලා එක්ක යන්න ඕනේ, ජිමී.
හරිද? අපි මෙහේ දේවල් බලාගන්නම්.
437
00:34:32,197 --> 00:34:34,074
මොකද වුණේ කියලා
මට ඇත්තටම දැනගන්න ඕනේ.
438
00:34:37,369 --> 00:34:38,370
හරි.
439
00:34:40,496 --> 00:34:41,498
ඔව්.
440
00:34:47,295 --> 00:34:48,880
මඟුලයි.
441
00:34:49,590 --> 00:34:51,175
මට එළිය ටිකක් දෙනවද?
442
00:34:57,097 --> 00:34:58,515
මට බටේ පේනවා.
443
00:34:59,224 --> 00:35:01,894
පේන විදිහට එයා ඒක අත් කියතකින් කපලා තියෙන්නේ.
444
00:35:02,769 --> 00:35:06,940
මට හිතෙන විදිහට එයා පාවිච්චි කරලා තියෙන්නේ
එයාගේ වෙල්ඩිං ටෝච් එක...
445
00:35:07,566 --> 00:35:09,442
විෂ වායුව පුච්චලා දාන්න...
446
00:35:09,443 --> 00:35:13,280
එයා ඒක කපන ගමන්
බටේට පියන වෙල්ඩිං කරනකම්.
447
00:35:14,364 --> 00:35:17,868
අනේ මන්දා, එයා හිතුවට වඩා
විෂ වායුව එළියට එන්න ඇති.
448
00:35:22,956 --> 00:35:24,583
වෙල්ඩිං ටැංකි ටික හිස්වෙලා.
449
00:35:25,542 --> 00:35:27,251
- මට උඩට එන්න උදව් කරනවද?
- ඔව්.
450
00:35:27,252 --> 00:35:28,337
මම අල්ලගත්තා.
451
00:35:28,879 --> 00:35:30,255
හිමින් එන්න. හිමින් එන්න.
452
00:35:33,008 --> 00:35:38,596
ඔයාගේ අම්මට තේරුණා
එයාගේ ඉන්ධන ඉවර වේගෙන එනවා කියලා, හරිද?
453
00:35:38,597 --> 00:35:39,598
ඉතින්...
454
00:35:40,933 --> 00:35:43,601
එයා ඇතුළට වෙලා වෙල්ඩිං කරන්න තීරණය කළා...
455
00:35:43,602 --> 00:35:46,396
මොකද ඒක විතරයි එයාට විෂ වායුව
එළියෙන් තියන්න පුළුවන් වුණ එකම විදිහ.
456
00:35:47,856 --> 00:35:50,609
ජිමී, ඔයාගේ තාත්තා
එයාගේ ජීවිතේ දුන්නේ ඔයාව බේරගන්න.
457
00:35:52,110 --> 00:35:54,863
ඒ වගේම ඔයාගේ අම්මා ජීවිතේ දුන්නේ
ඔයාගේ සයිලෝ එක බේරගන්න.
458
00:36:08,293 --> 00:36:10,962
ලූකස් කියන විදිහට,
ජිමීගේ අම්මා බටේ කියතෙන් කපලා තියෙන්නේ.
459
00:36:10,963 --> 00:36:13,631
ගින්දරක් අල්ලගෙන හිටියත්,
විෂ වායුව ටිකක් එළියට යන්න ඇති.
460
00:36:13,632 --> 00:36:16,133
ඒ නිසා කපනවා වෙනුවට,
අපි ඒක තද කරලා වහමු.
461
00:36:16,134 --> 00:36:19,595
එහෙම තද කළාම හුළං යන්නේ නෑ,
ඒත් අපි බටේ තවත් පල්ලෙහායින් කපමු...
462
00:36:19,596 --> 00:36:22,932
ඒක වහලා,
තුන්ගුණයක් ආරක්ෂාවට පියන වෙල්ඩිං කරමු.
463
00:36:22,933 --> 00:36:26,143
ඔයා කොහොමද ඒකට යන්නේ?
එයාලා හිලක් හාරලයි තියෙන්නේ.
464
00:36:26,144 --> 00:36:27,354
හැමර්-ඩ්‍රිල් එකක්.
465
00:36:28,063 --> 00:36:29,146
ඒකේ සද්දේ වැඩියි.
466
00:36:29,147 --> 00:36:31,524
නේද? ඉතින්, අපි ඒක හංගන්න
උත්සාහ කරන්නේ නෑ.
467
00:36:31,525 --> 00:36:34,819
අපි GWP සුපරීක්ෂකවරයෙක් විදිහට කෙනෙක්ව යවනවා...
468
00:36:34,820 --> 00:36:37,613
ටෙඩීයි එයාගේ කණ්ඩායමයි
කරන වැඩ පරීක්ෂා කරන්න.
469
00:36:37,614 --> 00:36:39,824
එයාලා කියනවා කාවහරි ඕනේ කියලා
ඩ්‍රිල් කරන වැඩ ටිකක් කරන්න...
470
00:36:39,825 --> 00:36:42,244
ඒ මට්ටම ජලයෙන් යටවෙන එක නවත්තන්න.
471
00:36:43,745 --> 00:36:45,496
ඒක හරි යයි.
472
00:36:45,497 --> 00:36:47,123
ඉතින්, අපි කාවද උඩට යවන්නේ?
473
00:36:47,124 --> 00:36:49,000
සුපරීක්ෂකවරයෙක් වගේ යන්න පුළුවන් කෙනෙක්ව.
474
00:36:49,001 --> 00:36:51,503
මට යන්න තිබුණා,
ඒත් මං ගියොත් අවධානය යොමු වෙයි, ඒ නිසා...
475
00:37:03,432 --> 00:37:06,018
අපි දෙනෙක්ට හොලවන්න පුළුවන්
හැමදේම අයින් කළා.
476
00:37:07,895 --> 00:37:09,396
සමහරවිට ඒක මෙහේ නැතුව ඇති.
477
00:37:10,189 --> 00:37:12,023
සමහරවිට ඒක අත්‍යවශ්‍ය එකේ ඇත්තේ.
478
00:37:12,024 --> 00:37:14,109
හොඳයි, එහෙනම්, අපි අත්‍යවශ්‍ය එකට යමු.
479
00:37:15,694 --> 00:37:18,654
දොර හංගගෙන ඉන්න මොකක්හරි දෙයක්
දෙන්නෙක්ට අයින් කරන්න පුළුවන් නම්...
480
00:37:18,655 --> 00:37:21,491
එහෙනම් ඒක ඕනම කෙනෙක්ට
අහම්බෙන් හොයාගන්න ලේසියි.
481
00:37:23,952 --> 00:37:25,579
මෙතන තියෙන බරම දේ මොකක්ද?
482
00:37:36,298 --> 00:37:37,299
කට්ටිය...
483
00:37:43,972 --> 00:37:44,973
පොඩ්ඩක් ඉන්න.
484
00:37:46,433 --> 00:37:47,434
නොක්ස්.
485
00:38:14,586 --> 00:38:16,879
- අපොයි, මඟුලයි!
- මොකක්ද?
486
00:38:16,880 --> 00:38:19,132
මට හිතෙන්නේ අපි එයාව යැව්වේ වැරදි පැනල් එකට.
487
00:38:20,342 --> 00:38:22,552
අපි හිතමු මේක දළ වශයෙන් හරි කියලා.
488
00:38:22,553 --> 00:38:26,389
මේ තැන්වලින් තමයි බට
හැම සයිලෝ එකකටම ඇතුළු වෙන්නේ.
489
00:38:26,390 --> 00:38:29,517
ඉතින්, මේ පැත්තට තමයි
අපේ කැමරාව එළියට යොමු වෙලා තියෙන්නේ.
490
00:38:29,518 --> 00:38:32,771
ඒ පැත්තට තමයි මම ඇවිදගෙන ගියේ,
ගොඩක් දුරට කෙළින්ම.
491
00:38:33,272 --> 00:38:37,484
17 කිට්ටුව කන්දට ගියාම,
මට එයාලගේ කැමරාව පෙනුණා.
492
00:38:37,985 --> 00:38:39,945
ඒක යොමු වෙලා තියෙන්නේ මේ පැත්තට.
493
00:38:43,448 --> 00:38:45,366
එයාලගේ මුළු සයිලෝ එකම හැරිලයි තියෙන්නේ.
494
00:38:45,367 --> 00:38:48,077
ඒ වගේම ෂර්ලි පැනල් එක අරින්න
යන්නේ මෙතැනට...
495
00:38:48,078 --> 00:38:50,205
ඒත් එයා යන්න ඕනේ
පැනල් එක තියෙන්නේ අතන.
496
00:38:52,624 --> 00:38:54,626
හරි, මම එයාව නවත්තන්න ඕනේ.
497
00:39:00,632 --> 00:39:05,220
මම කියපු දේට චාලට්ගෙන් සමාව ගත්තා.
498
00:39:06,054 --> 00:39:08,264
මට කේන්ති ගිහින් හිටියේ.
ඒත් මට කේන්ති ගියේ නෑ...
499
00:39:08,265 --> 00:39:09,474
ඉතින්...
500
00:39:10,267 --> 00:39:13,269
මම සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ
බලයට එරෙහිව ඇත්ත කතා කරන්න
තියෙන මගේ ආශාව...
501
00:39:13,270 --> 00:39:15,606
ඇත්තටම බලයේ ඉන්න අයට විතරක් සීමා කරන්න.
502
00:39:17,149 --> 00:39:18,400
හරි.
503
00:39:19,193 --> 00:39:20,318
මොකද?
504
00:39:20,319 --> 00:39:21,444
ඒක ඔයාගේ සැලසුම.
505
00:39:21,445 --> 00:39:23,989
ඔයා හිතනවාද මට මේ වගේ කතා කරන
පළවෙනි මාධ්‍යවේදියා ඔයා කියලා?
506
00:39:24,823 --> 00:39:27,284
අහන්න.
ඕනම දෙයක් අහන්න. පටන්ගන්න.
507
00:39:27,910 --> 00:39:28,911
හරි.
508
00:39:30,412 --> 00:39:33,122
මේක අවුරුද්දක් පවත්වාගෙන යන්න
කොච්චර වියදමක් යනවද?
509
00:39:33,123 --> 00:39:35,500
සයිලෝ නිර්මාණය කරලා තියෙන්නේ ස්වයංපෝෂිතව...
510
00:39:35,501 --> 00:39:36,834
- ඒ වගේම ස්වයං පාලනයෙන් ඉන්න, ඒ නිසා...
- නෑ, නෑ, නෑ.
511
00:39:36,835 --> 00:39:41,131
ලෝක විනාශය ආවම, හැමදේම හොඳින් තියෙයි.
තේරුණා. ඒත් එතකම් මොකද කරන්නේ?
512
00:39:44,092 --> 00:39:46,928
ට්‍රිලියනයක් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද?
513
00:39:46,929 --> 00:39:49,014
ඒක බිලියන දාහක්.
514
00:39:49,515 --> 00:39:53,017
හරිද? ඉතින්, මේ කැනීම්
සහ ඉදිකිරීම් ඔක්කොම ඉවර වුණාම...
515
00:39:53,018 --> 00:39:56,188
අපි හැම සයිලෝ එකකටම
මිනිස්සු සීයක් දානවා.
516
00:39:56,688 --> 00:40:00,942
ඒ කියන්නේ සේවකයින් පන්දාහක්,
හැමෝම අවුරුද්දකට ඩොලර් ලක්ෂ 2ක් හොයනවා.
517
00:40:00,943 --> 00:40:04,363
රැකවරණ මධ්‍යස්ථානයක් පරීක්ෂා කරනවට
ඒක ගොඩක් හොඳ පඩියක්.
518
00:40:04,905 --> 00:40:07,698
සේවකයින් පන්දහසක්.
519
00:40:07,699 --> 00:40:11,827
ඒ කියන්නේ පඩි වලට විතරක්
අවුරුද්දකට ඩොලර් බිලියනයක්.
520
00:40:11,828 --> 00:40:17,543
ඉතින්, ඒ කියන්නේ, මට මේකට ගෙවන්න
පුළුවන් වෙන්නේ අවුරුදු දාහකට විතරයි.
521
00:40:18,126 --> 00:40:22,255
ඒ විදිහටම, තවත් අසීමිත
මුදලක් මේ වෙනුවෙන් වියදම් වෙනවා.
522
00:40:22,256 --> 00:40:26,009
ඒත් ඒ මගේ සල්ලිනේ.
ඔයාගේ නෙමෙයි, බදු ගෙවන අයගේ නෙමෙයි. මගේ.
523
00:40:26,510 --> 00:40:29,537
ඔයා ඔය වියදම් කරන සල්ලිවලින්
නිවාස අහිමි ප්‍රශ්නය නැති කරන්න පුළුවන්ද?
524
00:40:30,305 --> 00:40:31,389
ඔව්.
525
00:40:31,390 --> 00:40:33,558
ඇල්සයිමර් රෝගය සුව කරන්න?
526
00:40:33,559 --> 00:40:35,310
ඔව්, මම ඒකට ගොඩක් කිට්ටුයි.
527
00:40:35,978 --> 00:40:37,104
පිළිකාව ගැන මොකද කියන්නේ?
528
00:40:38,397 --> 00:40:40,439
ලෝකයේම දුප්පත්කම
නැති කරන එක ගැන මොකද කියන්නේ?
529
00:40:40,440 --> 00:40:44,110
බලන්න, ඒ ඔක්කොම උතුම් අරමුණු, මිස්. ඩෲ.
530
00:40:44,111 --> 00:40:47,113
මම ඒවා සාර්ථක වෙයි කියලා ඇත්තටම ප්‍රාර්ථනා කරනවා.
ඒත් ඒවා මගේ අරමුණු නෙමෙයි.
531
00:40:47,114 --> 00:40:52,244
මට සල්ලි දීලා මේ යුද්ධය නවත්වන්න පුළුවන්ද?
සමහරවිට ඉරානය සල්ලිවලට ගන්න පුළුවන්.
එතකොට අපි ආරක්ෂිතද?
532
00:40:52,911 --> 00:40:54,203
ඒ කියන්නේ, ඉරානයෙන් ආරක්ෂිතයි...
533
00:40:54,204 --> 00:40:57,123
ඒත් අම්මාගේ බිම්මහලේ ජීවත් වෙන
පිස්සෙක්ගෙන් ආරක්ෂිත නෑ...
534
00:40:57,124 --> 00:40:59,584
මිනිහා තීරණය කළොත් මිසයිල මූලස්ථානය
හැක් කරන්න ඕනේ කියලා...
535
00:40:59,585 --> 00:41:01,419
ඒ වගේම තුන්වැනි ලෝක යුද්ධය පටන් ගන්න...
536
00:41:01,420 --> 00:41:04,463
නැත්නම් මිනිහා Crispr තාක්ෂණයෙන් හදපු
වෛරස් එකක් මුදා හරින්න...
537
00:41:04,464 --> 00:41:09,427
එහෙමත් නැත්නම් දෙවියනේ,
ඩොලර් 300කට නැනෝ ආයුධයක් හදලා...
538
00:41:09,428 --> 00:41:13,806
ඔයාවයි පෘථිවියේ ඉන්න අනිත් හැමෝමවයි
අළු ගොඩක් බවට පත් කරන්න.
539
00:41:13,807 --> 00:41:17,685
මේවායින් ඕනම දෙයක්
අපේ මිනිස් වර්ගයාගේ අවසානය වෙන්න පුළුවන්.
540
00:41:17,686 --> 00:41:19,021
හරි, හරි.
541
00:41:20,105 --> 00:41:21,106
හොඳයි.
542
00:41:22,566 --> 00:41:23,901
ඉතින්, අපි ඇයි මෙහෙට ආවේ?
543
00:41:26,445 --> 00:41:27,695
අපිට කාටවත් කියන්න බෑ, අපි...
544
00:41:27,696 --> 00:41:32,242
හෙලන්, ඔයා මෙහේ ඉන්නේ
ඔයා මේ ව්‍යාපෘතියට එකතු වෙනවට අපි කැමති නිසයි.
545
00:41:54,556 --> 00:41:56,390
ස්තූතියි. හේයි.
546
00:41:56,391 --> 00:41:57,558
ඔයා ඇයි මාව රස්තියාදු කළේ?
547
00:41:57,559 --> 00:41:59,143
- අපි දෙයක් හොයාගත්තා.
- මොකක්ද?
548
00:41:59,144 --> 00:42:01,479
අපි ඔයාව යවලා තියෙන්නේ වැරදි තැනකට.
549
00:42:01,480 --> 00:42:02,481
එන්න.
550
00:42:08,946 --> 00:42:10,154
ඔහේ මට විහිළු කරනවද?
551
00:42:10,155 --> 00:42:11,280
මොකක්ද?
552
00:42:11,281 --> 00:42:13,866
- ඔයා කවදද මට කියන්න හිටියේ?
- මොකක් කියන්නද?
553
00:42:13,867 --> 00:42:14,952
මට තේරෙන්නේ නෑ කියලද ඔයා හිතුවේ?
554
00:42:15,661 --> 00:42:17,328
මගේ තාත්තා දොස්තර කෙනෙක්.
555
00:42:17,329 --> 00:42:20,373
එයා බබාලව එළියට ගත්තා.
ඇයි ඔයා මට කිව්වෙ නැත්තේ?
556
00:42:20,374 --> 00:42:22,458
මොකද මම දැනගෙන හිටියා
ඔයා කරන්න යන දේම කරයි කියලා...
557
00:42:22,459 --> 00:42:24,252
ඒ කියන්නේ මට මේකට සම්බන්ධ වෙන්න බෑ කියන එක.
558
00:42:24,253 --> 00:42:27,839
මම ඒක නෙමෙයි කරන්න හිටියේ.
අපි ඔයාව යැව්වේ වැරදි හැච් එකට.
559
00:42:27,840 --> 00:42:28,924
එන්න.
560
00:42:31,677 --> 00:42:32,719
මඟුලයි.
561
00:42:35,472 --> 00:42:36,515
ඒ නොක්ස් ද?
562
00:42:38,308 --> 00:42:39,434
ඔව්, එයා තමයි.
563
00:42:41,603 --> 00:42:43,521
උපත් පාලන එක එළියට ගත්තේ එයාද
නැත්නම් ඔයාද?
564
00:42:43,522 --> 00:42:44,605
- එයා තමයි.
- එයා?
565
00:42:44,606 --> 00:42:46,066
- ඔයා ඒකට ගොඩක් කැමති වෙයි.
- මට කියන්න.
566
00:42:46,817 --> 00:42:49,861
ඉතින් අපි දන්ත වෛද්‍යවරයාගෙන් බඩු වගයක් ගත්තා.
මට මුකුත්ම දැනුණේ නෑ.
567
00:42:49,862 --> 00:42:52,071
- ඒත් එයා එක දිගටම ඇඬුවා...
- නෑ.
568
00:42:52,072 --> 00:42:56,285
...එයා මාව කපන ගමන්. එයා කිව්වේ,
"අනේ, ෂර්ල්. මට සමාවෙන්න." කියලා.
569
00:43:38,994 --> 00:43:40,787
අපොයි, හත්දෙවියනේ.
570
00:43:44,291 --> 00:43:47,544
තමුසේ මොන මඟුලක්ද මේ කරන්නේ?
මම තමුසෙට කිව්වා නේද මෙහෙට එන්න එපා කියලා.
571
00:43:48,504 --> 00:43:49,796
ෂෙරිෆ්...
572
00:43:50,964 --> 00:43:53,425
ෂෙරිෆ්ට මොකක්ද, මිස්ටර් හාර්වුඩ්?
573
00:43:55,844 --> 00:44:00,348
මේ සුපරීක්ෂක ජෙන්කින්ස්.
මම ඉල්ලපු වෙල්ඩර්ව ඔයාට හම්බවුණාද?
574
00:44:00,349 --> 00:44:01,683
රැල්ෆ් මෙල්බිද?
575
00:44:02,684 --> 00:44:05,812
නෑ. මට ෂර්ලි කැම්බල්ව හම්බවුණා. ඇයි?
576
00:44:06,605 --> 00:44:08,273
හරි. එයා හොඳයි.
577
00:44:09,691 --> 00:44:10,901
ඉක්මනින් හමුවෙමු.
578
00:44:11,777 --> 00:44:13,070
කවුද ඒ රැල්ෆ් මෙල්බි?
579
00:44:15,072 --> 00:44:16,615
එයා තමයි එයාලා එවන්න හිටිය වෙල්ඩර්.
580
00:44:18,909 --> 00:44:20,327
එයාව හුදෙකලා කාමරේට දාන්න.
581
00:44:22,204 --> 00:44:25,498
හැම සයිලෝ එකකම ඉන්න
ප්‍රධාන සියදෙනා වගේ නෙමෙයි...
582
00:44:25,499 --> 00:44:30,629
ඔයාට ඒ භූමියේම ජීවත් වෙන්න ඕනේ නෑ,
සැතපුම් 30ක් ඇතුළත හිටියම ඇති.
ඇට්ලන්ටා වුණත් කමක් නෑ.
583
00:44:31,129 --> 00:44:34,632
හෙලන්, අර ටයිම්ස් රස්සාව, ඒක ඇත්තක්.
584
00:44:34,633 --> 00:44:37,301
ඔයාට වැඩ කරන්න තියෙන්නේ ඇට්ලන්ටා කාර්යාලයේ.
585
00:44:37,302 --> 00:44:40,721
සයිලෝ ව්‍යාපෘතිය ගැන ලෝකෙට
කියන්න කාලය ආවම...
586
00:44:40,722 --> 00:44:42,224
ඒක කරන්නේ ඔයා.
587
00:44:44,059 --> 00:44:45,060
දෙවියනේ.
588
00:44:46,311 --> 00:44:47,563
ඒක හොඳ අවස්ථාවක්.
589
00:44:49,189 --> 00:44:52,568
ඒත් මට නිකම්... මට මෙහෙම හැඟීමක් එනවා...
590
00:44:54,027 --> 00:44:59,658
මොකක්හරි විදිහකින් ඔයා ලෝක විනාශය ගැන
කියන දේ හරි ගියොත්...
591
00:45:02,452 --> 00:45:04,413
න්‍යෂ්ටික බෝම්බෙකට අහුවෙලා
කෑලිවලට කැඩිලා යන එක ඊට වඩා හොඳයි කියලා.
592
00:45:04,997 --> 00:45:06,831
නැත්නම් නැනෝ වලින්
අළු ගොඩක් වෙන එක හොඳයි...
593
00:45:06,832 --> 00:45:09,083
නැනෝ වලින් අළු ගොඩක් වෙන එක
ඊට වඩා හොඳයි...
594
00:45:09,084 --> 00:45:13,547
ඔයාගේ මේ ලෝක විනාශයෙන් පස්සේ තියෙන
පොළොව යට වේයන්ගේ පාටියට එනවට වඩා.
595
00:45:17,926 --> 00:45:19,261
චාලට්, ඔයා ගැන මොකද කියන්නේ?
596
00:45:19,928 --> 00:45:22,054
අපිට හොඳ ඩ්‍රෝන් නියමුවරියක් ඕනේ.
597
00:45:22,055 --> 00:45:24,640
ඒ වගේම වික්ටර් මේකට කැමති වෙලා තියෙන්නේ...
598
00:45:24,641 --> 00:45:27,477
ඒ නිසා ඔයාලට දිගටම
එකට වැඩ කරන්න පුළුවන් වෙයි.
599
00:45:37,404 --> 00:45:38,572
හරි.
600
00:45:41,366 --> 00:45:44,912
ඩැනියෙල්, ඔයා කොන්ග්‍රස් සභිකයෙක් විදිහට ඉන්න
කැමති නෑ කියන එක පැහැදිලියි.
601
00:45:45,746 --> 00:45:48,165
ඔයා සම්බන්ධ වුණේ යටිතල පහසුකම්
ප්‍රතිසංස්කරණ සම්මත කරන්න නේද?
602
00:45:49,750 --> 00:45:52,877
මේක ලෝක ඉතිහාසයේ තියෙන
ලොකුම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලින්...
603
00:45:52,878 --> 00:45:54,545
එකක්.
604
00:45:54,546 --> 00:45:58,133
ඩැනියෙල්, ඔයාට ඇත්තටම හිතෙනවා නම්
අපිට හාරන යන්ත්‍ර 50ක් ඕනේ කියලා...
605
00:45:59,051 --> 00:46:00,427
මම ඔයාට හාරන යන්ත්‍ර 50ක් ගෙනත් දෙන්නම්.
606
00:46:01,345 --> 00:46:04,347
හරි, සමාවෙන්න, මම ඌබර් එකකට කතා කරන්නද,
නැත්නම් කොහොමද මේක...
607
00:46:04,348 --> 00:46:08,017
හෙන්රි ගොවිපලේ අට්ටාලයේ ඉන්නවා,
එයා ඔයාව හෙලිකොප්ටරයක් ළඟට අරන් යයි...
608
00:46:08,018 --> 00:46:09,727
ඔයාට යන්න ඕනේ ඕනම තැනකට අරන් යාවි.
609
00:46:09,728 --> 00:46:10,854
ස්තූතියි.
610
00:46:11,730 --> 00:46:13,774
ඒ වගේම ඔයාට ඒ ඩොලර් මිලියනය තියාගන්න පුළුවන්.
611
00:46:15,651 --> 00:46:16,652
නියමයි.
612
00:46:17,528 --> 00:46:18,946
සුබ පැතුම්, මෝර්ලොක්ස්ලා.
613
00:46:25,494 --> 00:46:27,120
මට මගේ සහෝදරිය එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ.
614
00:46:31,500 --> 00:46:33,794
ජූල්ස්, ඉන්න.
පොඩ්ඩක් හිමින් යන්න පුළුවන්ද?
615
00:46:34,586 --> 00:46:35,795
- හේයි, ඉන්නවා!
- හේයි, ඉන්නවා!
616
00:46:35,796 --> 00:46:37,463
මට පණිවිඩ වලට වෙලාවක් නෑ.
617
00:46:37,464 --> 00:46:40,716
මට කියන්න මඟුලේ පණිවිඩ නෑ, මේ...
618
00:46:40,717 --> 00:46:42,094
මට දැනගන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා.
619
00:46:44,012 --> 00:46:46,848
බිලින්ග්ස් අධිකරණ එකේ එයාගේ යාළුවෝ
හම්බවෙන්න ගිහින් නමක් අරගෙන ආවා.
620
00:46:46,849 --> 00:46:48,100
රැල්ෆ් මෙල්බි.
621
00:46:50,894 --> 00:46:51,978
මොකක්ද?
622
00:46:51,979 --> 00:46:53,437
රැල්ෆ් මෙල්බි.
623
00:46:53,438 --> 00:46:55,731
ඒක අධිකරණ එකෙන් පටලවන්න හදපු
මිනිහෙකුගේ නමක්...
624
00:46:55,732 --> 00:46:57,526
සෑන්ඩියි මායි එකට වැඩ කරන කාලේ, හරිද.
625
00:46:58,318 --> 00:47:00,028
සෑන්ඩි අපිට අනතුරු ඇඟෙව්වා.
626
00:47:00,863 --> 00:47:04,408
බලන්න, එයා අහුවෙලා අපි පැනලා ගියොත්,
එයාලා අපේ පස්සෙන් එයි.
627
00:47:07,244 --> 00:47:08,744
- ඔයා යන්න ඕනේ.
- අපි යන්න ඕනේ.
628
00:47:08,745 --> 00:47:10,955
නෑ. මට මේක කරගන්න තිබුණ අවස්ථාව නැතිවුණා.
629
00:47:10,956 --> 00:47:13,124
- ඔයාට තාමත් පැනලා යන්න පුළුවන්.
- මම ඔයාව දාලා යන්නේ නෑ මඟුල.
630
00:47:13,125 --> 00:47:16,044
ෂර්ලි, මම කියන දේ අහන්න. මම දන්නේ නෑ
මම මොන රෙද්දක් කරන්නද යන්නේ කියලා.
631
00:47:17,129 --> 00:47:19,423
ඔයා මේක කරන්න
වෙන විදිහක් හොයාගන්න ඕනේ.
යන්න.
632
00:47:38,108 --> 00:47:39,443
ඇයි?
633
00:47:40,402 --> 00:47:41,485
ඒකෙන් වැඩක් තියෙනවද?
634
00:47:41,486 --> 00:47:43,487
ඒකෙන් අදහස් වෙන්නේ පතල්වල
ජීවිතාන්තය දක්වා හිරේ යන එක නැත්නම්...
635
00:47:43,488 --> 00:47:44,615
පිරිසිදු කරන්න එළියට යන එක
අතර වෙනස වෙන්න පුළුවන්.
636
00:47:45,407 --> 00:47:47,116
ඔයා හිතන්නේ එයාට මේක කළාට
පතල් වල ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබෙයි කියලද?
637
00:47:47,117 --> 00:47:48,534
මඟුලක් කතා කරනවා.
638
00:47:48,535 --> 00:47:50,578
මෙයා ආයේ මේ රෙද්දවල් කරන්න කොච්චර කල් යයිද?
මෙයා පිරිසිදු කරන්න එළියට යාවි.
639
00:47:50,579 --> 00:47:53,457
ඔව්, ඔව්, ඔව්, ඔව්. බලන්න, හරි.
ඔහේට දැනගන්න ඕනෙද ඇයි කියලා?
640
00:47:54,458 --> 00:47:55,876
ඒක පටන් ගත්තේ කැරැල්ල කාලේ.
641
00:47:56,710 --> 00:47:59,754
මම බය වුණා මොකෙක්හරි කාලකණ්ණි ටිකක්
සැපයුම් අංශයට පැනලා විනාශ කරයි කියලා.
642
00:47:59,755 --> 00:48:05,511
ඒ නිසා මට ඕන වුණා විදුලි බුබුළු වගේ
සමහර රෙද්දවල් ආරක්ෂා කරන්න.
643
00:48:06,094 --> 00:48:09,764
නරක නෑ. ඒත් මම හිතන්නේ නෑ
ඒකෙන් ඔයාව අර කන්ද උඩ මැරෙන එකෙන් බේරයි කියලා.
644
00:48:09,765 --> 00:48:11,724
මඟුලක් කතා කරනවා.
645
00:48:11,725 --> 00:48:15,561
ඒ වගේම ඔහේගේ තාත්තා, මිනිහා උගේ
පතරංග කට වහගෙන ඉන්නයි තිබුණේ රෙද්ද.
646
00:48:15,562 --> 00:48:16,563
ඔව්.
647
00:48:17,064 --> 00:48:18,607
මිනිහා මහ කාලකණ්ණියෙක්, නේද?
648
00:48:20,067 --> 00:48:22,444
- ඒත් එයා කෙල්ලෙක්ව මැරුවේ නෑ.
- මම එයාව මැරුවේ නෑ.
649
00:48:24,571 --> 00:48:26,073
ඒ වගේම මගේ දුවත් මැරුවේ නෑ.
650
00:48:27,824 --> 00:48:30,744
මම හිතන්නේ එයා ඔයාට ඒක කිව්වම,
කවුද ඒක කළේ කියලත් කියන්න ඇති.
651
00:48:51,348 --> 00:48:52,724
ඔයාට මොකක්ද කියන්න ඕනේ?
652
00:48:53,392 --> 00:48:55,310
මම මෙහේ නැවතුණු එක මෝඩකමක් කියලද?
653
00:48:56,228 --> 00:48:58,062
මගේ ළඟ ඔයාට දෙන්න දෙයක් තියෙනවා.
654
00:48:58,063 --> 00:49:00,232
වික්ටර් මට හොයලා දෙන්න කිව්ව දෙයක්.
655
00:49:03,068 --> 00:49:04,403
පරණ පැලයක්.
656
00:49:05,612 --> 00:49:08,740
ඒක ඉඹලා බලන්න. මට කියන්න
ඒකෙන් ඔයාට මොනවාහරි මතක් වෙනවද කියලා.
657
00:49:14,079 --> 00:49:15,080
කරුණාකරලා?
658
00:49:20,711 --> 00:49:21,837
රෝස්මරී.
659
00:49:22,838 --> 00:49:24,006
ඇයි?
660
00:49:28,844 --> 00:49:32,389
අම්මා හැම සතියෙම ඉරිදා රෑ කෑමට
හදපු රෝස්ට් චිකන් එක.
661
00:49:37,936 --> 00:49:39,229
මොකද මම ඒකම ඉල්ලපු නිසා.
662
00:49:41,732 --> 00:49:43,191
ඔයා ඉල්ලුවා?
663
00:49:43,192 --> 00:49:44,275
ඔව්.
664
00:49:44,276 --> 00:49:46,194
ඉස්කෝලෙදි කවුරුහරි ඔයාට ඒත්තු ගන්වලා තිබුණා...
665
00:49:46,195 --> 00:49:48,654
ඉරිදා රෑ කෑම කියන්නේ ඔයා හැම ඉරිදාම
එකම කෑමක් කන්න ඕනේ කියලා...
666
00:49:48,655 --> 00:49:51,033
ඒ නිසා අපිට හැම සතියෙම රෝස්ට් චිකන් කන්න වුණා...
667
00:49:52,075 --> 00:49:53,202
අවුරුදු දෙකක් තිස්සේ...
668
00:49:53,869 --> 00:49:55,621
නැත්නම් ඔයා කාමරෙන් එළියට ආවේ නෑ.
669
00:50:03,420 --> 00:50:04,755
මට එයාව මතකයි.
670
00:50:36,161 --> 00:50:37,287
එහාට වෙන්න!
671
00:50:38,539 --> 00:50:41,040
- ඔයා මාව මෙහේ නවත්තගන්න කතා කරන්නද හදන්නේ?
- මොකක්ද?
672
00:50:41,041 --> 00:50:43,335
ඔයා හදන්න යන්නේ
මාව මෙහේ නවත්තගන්න කතා කරන්නද?
673
00:50:44,044 --> 00:50:45,753
අපොයි නෑ!
674
00:50:45,754 --> 00:50:47,339
ස්ටෙන්සන්ට හොඳටම පිස්සු.
675
00:50:48,757 --> 00:50:50,383
දැන් කවුරුවත් එහෙම කියන්නේ නෑ.
676
00:50:50,384 --> 00:50:52,635
එයාලා එහෙම කියනවා
එයාලට ඇත්තටම මඟුලේ පිස්සුවක් නම් තියෙන්නේ.
677
00:50:52,636 --> 00:50:55,596
මොකාහරි පිස්සෙක් මේ ලෝකය
අළු ගොඩක් බවට පත් කළොත්...
678
00:50:55,597 --> 00:50:58,934
මට ඕනේ නෑ පර් ස්ටෙන්සනුයි රොසලින්ඩ් තර්මනුයි එක්ක
පොළොව යට හිරවෙලා ඉන්න.
679
00:50:59,518 --> 00:51:01,395
මට ඕනේ ඔයත් එක්කම අළු ගොඩක් වෙලා යන්න!
680
00:51:02,062 --> 00:51:03,437
මොකක්ද?
681
00:51:03,438 --> 00:51:06,441
මට ඕනේ ඔයත් එක්කම අළු ගොඩක් වෙලා යන්න!
682
00:51:41,894 --> 00:51:43,061
බූම්.
683
00:51:51,570 --> 00:51:53,488
හෑන්කුයි මම ඕර්ලාගේ සහෝදරියට කිව්වා.
684
00:51:54,406 --> 00:51:55,574
ඔයාට එයාට මොනවාද කියන්න පුළුවන් වුණේ?
685
00:51:56,200 --> 00:52:00,203
මයික් රෙද්දවල් හොරකම් කළා කියලත්,
ඕර්ලා එයාව අල්ලගත්ත නිසා
එයා ඕර්ලාව මැරුවා කියලත් විතරයි.
686
00:52:00,204 --> 00:52:02,915
අර ලිෆ්ට් එක ගැනවත්,
විදුලි බුබුළු ගැනවත් කිව්වේ නෑ.
687
00:52:04,374 --> 00:52:08,295
මම දන්නවා මේක අහද්දි
මම ගැනම දුක් වෙනවා වගේ පෙනෙයි කියලා...
688
00:52:11,298 --> 00:52:13,967
ඒත් මට තිබුණ නරකම දේ තමයි
ඒ හැමදේකටම මුහුණ දුන්න එක...
689
00:52:17,137 --> 00:52:18,138
තනියම.
690
00:52:20,557 --> 00:52:21,892
ඔයාට හෑන්ක්වයි නොක්ස්වයි හිටියා.
691
00:52:25,020 --> 00:52:26,271
මට ඔයාව හිටියේ නෑ.
692
00:52:37,366 --> 00:52:39,076
මට රේඩියෝ එකෙන් ඇහෙද්දි...
693
00:52:40,452 --> 00:52:42,412
කෙනඩියි ලූකසුයි එළියේ මැරෙනවා කියලා, මම...
694
00:52:45,207 --> 00:52:46,959
මට සෑන්ඩියි ඩැනීයි හිටියා, ඒත්...
695
00:52:51,296 --> 00:52:52,589
ඔයාට මාව හිටියේ නෑ.
696
00:53:57,487 --> 00:53:58,947
ඔයා ඔයාගේ තීරණය ගත්තා.
697
00:54:12,252 --> 00:54:15,129
එයාලා ජූල්ස්ව අල්ලගත්තා!
එයාලා ජූල්ස්ව අල්ලගත්තා.
698
00:54:15,130 --> 00:54:16,131
කොහොමද?
699
00:54:16,840 --> 00:54:19,176
මම දන්නේ නෑ. මම දන්නේ නෑ.
700
00:54:20,093 --> 00:54:21,385
මඟුලයි.
701
00:54:21,386 --> 00:54:23,971
පරණ සැලසුමට යමු.
අධිකරණ අංශය පුපුරවලා දාමු.
702
00:54:23,972 --> 00:54:25,649
ජූල්ස්ව ඒක ඇතුළේ තියාගෙනද?
703
00:54:25,891 --> 00:54:28,310
අපිට බටේ වහන්නම වෙනවා.
704
00:54:29,228 --> 00:54:31,522
ජුලියට් කැමති වෙයි අපි මොනවාහරි කරනවට.
705
00:54:32,147 --> 00:54:34,775
ඒ වගේම මම නම් ඉන්නේ නෑ
එයාව අමතක වෙනකම් ගොඩක් කල් ජීවත් වෙන්න.
706
00:54:43,100 --> 00:55:15,000
{\fs16}#UDshehan කළ උපසිරැසි ගැන්වීමකි.
w w w . b a i s c o p e . l k