1 00:00:11,428 --> 00:00:12,596 ඔයා කොහෙද ඉන්නේ? 2 00:00:21,605 --> 00:00:22,981 ට්‍රෝයි? 3 00:00:26,318 --> 00:00:27,444 ට්‍රෝයි? 4 00:00:27,528 --> 00:00:28,820 දිගටම හුස්ම ගන්න යාළුවා. 5 00:00:29,821 --> 00:00:31,782 දිගටම හුස්ම ගන්න. මා දිහා බලන්න. 6 00:00:34,451 --> 00:00:35,994 දිගටම හුස්ම ගන්න. ඔයාට මුකුත් වෙලා නෑ. 7 00:00:36,787 --> 00:00:38,705 දිගටම හුස්ම ගන්න ට්‍රෝයි. අන්න එහෙම. 8 00:00:39,706 --> 00:00:41,416 හුස්ම ගන්න බලන්න. හුස්ම ගන්න බලන්න. 9 00:00:41,500 --> 00:00:43,293 හරි. හරි. 10 00:00:43,377 --> 00:00:45,337 හිමින්. මං කියන දේ ඇහෙනවද? 11 00:00:45,838 --> 00:00:48,674 හරි. අපිට ඔයාව ඉක්මනින් අවදි කරන්න වුණා, මට සමාවෙන්න. 12 00:00:49,341 --> 00:00:50,425 සර්. 13 00:00:50,509 --> 00:00:52,052 මගුලයි. ඔව්. 14 00:00:52,135 --> 00:00:54,179 අහන්න, ඔයාගේ ඇඟේ උෂ්ණත්වය අඩු වෙනවා. 15 00:00:54,263 --> 00:00:56,473 අපි ඔයාට උණුසුම් තරලයක් එන්නත් කරන්නයි යන්නේ, හරිද? 16 00:00:56,557 --> 00:00:57,558 කොච්චර... 17 00:00:59,643 --> 00:01:00,644 කොච්චර කාලයක්ද? 18 00:01:00,727 --> 00:01:01,895 අවුරුදු 7ක්. 19 00:01:02,604 --> 00:01:03,814 කෝ... මේක හපාගන්න. 20 00:01:05,691 --> 00:01:07,609 හරි, ඔන්න එහෙනම්. 21 00:01:10,112 --> 00:01:13,490 හරි. මේක තමයි වෙලාව. දැන් එයි. දැන් එයි. දැන් එයි. 22 00:01:13,574 --> 00:01:16,451 ඔහොම ඉමු. හරි. හරි. 23 00:01:17,703 --> 00:01:18,704 එයාගේ කකුල් දෙකෙන් අල්ලගන්න. 24 00:01:18,787 --> 00:01:19,788 හිමින්. 25 00:01:21,874 --> 00:01:22,875 එයාගේ කකුල් දෙකෙන් අල්ලගන්න. 26 00:02:02,888 --> 00:02:14,200 {\fs16}{\fade(500,500)}පරිවර්තනය සහ උපසි‍රැසි ගැන්වීම #UDshehan 27 00:02:18,472 --> 00:02:20,015 නින්ද ගියාද? 28 00:02:20,098 --> 00:02:22,809 ප්‍රශ්නේ නින්ද නෙවෙයි. නැඟිටින එකයි. 29 00:02:22,893 --> 00:02:24,520 මං දන්නවා, සමාවෙන්න. මේක ගන්න. 30 00:02:26,480 --> 00:02:29,274 - මේකට මීට වඩා හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ. - අපි ඒ ගැන බලමු. 31 00:02:32,611 --> 00:02:34,446 මේක පටිගත කරලා තියෙන්නේ දවස් කිහිපයකට කලින්. 32 00:02:35,739 --> 00:02:37,699 ඇයි ඔයා සුරක්ෂිතාගාරයේ ඉන්නේ? 33 00:02:37,783 --> 00:02:39,910 තාත්තා මාව මෙහෙට එව්වා. එයා කිව්වා... 34 00:02:39,993 --> 00:02:41,370 ඔයාගේ නම මොකක්ද? 35 00:02:42,913 --> 00:02:43,914 ජිමී. 36 00:02:43,997 --> 00:02:46,708 ඔයාගේ තාත්තා තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානී රසල් කොන්රෝයි. 37 00:02:46,792 --> 00:02:47,876 මොන සයිලෝ එකේද? 38 00:02:49,878 --> 00:02:51,547 එයා ඔයාට මොකක්ද කිව්වේ, ජිමී? 39 00:02:52,589 --> 00:02:54,716 මොන දේ වුණත් කාටවත් ඇතුළට එන්න දෙන්න එපා කියලා. 40 00:02:55,926 --> 00:02:57,636 ඔයා එක්ක වැඩිහිටියෙක් ඉන්නවද? 41 00:02:58,303 --> 00:03:02,641 සෝලෝ මාව මෙහෙට ගෙනාවා, ඒත් එයා කැරලිකරුවන් එක්ක සටන් කරන්න ආපහු ගියා. 42 00:03:05,102 --> 00:03:06,144 මොන සයිලෝ එකේද? 43 00:03:06,228 --> 00:03:07,271 17. 44 00:03:07,855 --> 00:03:10,899 ඒක පටන් ගත්තේ අසාර්ථක පිරිසිදු කිරීමකින්, මිනිහා නැතුව ගියාම තත්වය තවත් නරක අතට හැරුණා. 45 00:03:10,983 --> 00:03:13,277 එළියට යන එක ආරක්ෂිතයි කියලා එයාලා හිතුවා. 46 00:03:13,360 --> 00:03:16,488 ඔව්. කැරැල්ල මෙහෙයෙව්වේ ෂෙරිෆ්. 47 00:03:16,989 --> 00:03:20,659 අපි හිතන්නේ තොරතුරු තාක්ෂණ අංශයට ඇතුල් වෙන එක නවත්තන්න සහයකයා පාලම පුපුරුවා හැරියා කියලා... 48 00:03:20,742 --> 00:03:22,536 ඒත් කොහොමහරි ෂෙරිෆ් එගොඩ වෙලා. 49 00:03:23,412 --> 00:03:26,582 මිනිහා තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියාව, ඒ කියන්නේ අර ළමයාගේ තාත්තාව, සුරක්ෂිතාගාරයට අරන් ගිහින්... 50 00:03:26,665 --> 00:03:31,211 ළමයා දොර ඇරියේ නැත්නම්, එයාගේ ඔලුවට වෙඩි තියනවා කියලා තර්ජනය කරලා. 51 00:03:34,923 --> 00:03:36,175 එයා දොර ඇරියේ නෑ. 52 00:03:36,967 --> 00:03:38,010 මගුලයි. 53 00:03:38,719 --> 00:03:40,095 - ඔව්. - ඒ කවද්ද? 54 00:03:40,179 --> 00:03:41,263 පැය දෙකකට කලින්. 55 00:03:41,346 --> 00:03:43,473 මේ ඕනම දෙයක් නිසා ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. 56 00:03:43,557 --> 00:03:46,935 ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා, ඒත් රසායනිකය යවන්න බැරි වුණා. 57 00:03:47,019 --> 00:03:49,563 බටවල පීඩනය අඩුවීමක් පේන්න නෑ. 58 00:03:49,646 --> 00:03:52,274 අපි තවම හොයාගත්තේ නෑ ඒක යාන්ත්‍රික දෝෂයක්ද, නැත්නම්... 59 00:03:52,357 --> 00:03:54,818 නැත්නම් එයාලා බටේ හොයාගෙන ඒක අක්‍රිය කළාද කියලා. 60 00:03:54,902 --> 00:03:56,528 - ඔව්. - මීට කලිනුත් එහෙම වෙලා තියෙනවා. 61 00:03:58,155 --> 00:04:00,657 කොහොම වුණත්, අපිට මේ පාර වෙනස් ප්‍රතිඵලයක් ඕනේ. 62 00:04:00,741 --> 00:04:01,825 ඒකයි මම මෙතන ඉන්නේ. 63 00:04:01,909 --> 00:04:03,202 හරියටම හරි. 64 00:04:05,537 --> 00:04:06,997 ඔයාට ප්‍රශ්නයක් නෑනේ? 65 00:04:08,415 --> 00:04:09,625 ඔව්. 66 00:04:09,708 --> 00:04:11,043 අපිට ගුවනින් නිරීක්ෂණය කරන්න පුළුවන්ද? 67 00:04:11,126 --> 00:04:12,669 මෙහෙයුම් අංශයෙන් ඩ්‍රෝන එකක් යවලා තියෙන්නේ. 68 00:04:18,716 --> 00:04:19,927 මුකුත් පේනවද? 69 00:04:20,010 --> 00:04:21,220 තවම නෑ. 70 00:04:22,721 --> 00:04:26,183 ට්‍රෝයි, මේ ඉන්නේ සූසන්, දැනට වැඩ ඉන්න අපේ ප්‍රධාන ඩ්‍රෝන අණදෙන නිලධාරිනිය. 71 00:04:29,061 --> 00:04:30,395 ඔයා අරන් යන්නේ මොනවද? 72 00:04:30,479 --> 00:04:33,524 රසායනිකය ලීටර් 30ක්, වෙඩි උණ්ඩ 2000ක්. 73 00:04:46,828 --> 00:04:48,205 මට ඒක හරියටම විශ්වාස නෑ. 74 00:04:59,383 --> 00:05:02,094 සර්, සයිලෝ 17 දොරවල් ඇරෙනවා. 75 00:05:10,811 --> 00:05:11,895 අපොයි, නෑ, නෑ. 76 00:05:28,495 --> 00:05:29,663 ඔබතුමාගේ අණ ලැබෙනතුරු බලා සිටිනවා. 77 00:05:35,752 --> 00:05:36,753 ට්‍රෝයි. 78 00:05:38,839 --> 00:05:42,050 අපි මොකුත් නොකර ඉමු. දැනට එපා. 79 00:05:42,134 --> 00:05:45,137 එයාලා එළියේ ඉන්න තරමට, වෙනත් සයිලෝ එකක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවදානම වැඩියි. 80 00:05:45,220 --> 00:05:47,514 අපි එයාලව ආපහු ඇතුළට ගන්න විදිහක් බලමු. 81 00:05:47,598 --> 00:05:49,641 අපි ඉස්සරහා සුරක්ෂිතාගාර දොර හරහා බටයක් යවමු... 82 00:05:49,725 --> 00:05:51,393 අපි ඒ විදිහට ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමු. 83 00:05:51,476 --> 00:05:54,104 එයාලගේ භූගත ජල පොම්පය කැඩිලා. ජෙනරේටරයත් එක්කම යටවෙලා තියෙන්නේ. 84 00:05:54,188 --> 00:05:55,689 අපිට ඉස්සරහා සුරක්ෂිතාගාර දොරවල් පාවිච්චි කරන්න බෑ. 85 00:05:55,772 --> 00:05:56,982 සූසන්. 86 00:05:57,065 --> 00:06:00,194 මේ අසුන්වල ඉන්න කාර්මිකයෝ අයින් කරලා ඉන්න හැම නියමුවරයෙක්ම ගෙන්නගන්න. 87 00:06:00,277 --> 00:06:03,906 ඊටපස්සේ ඩ්‍රෝන අහසට යවන්න. අවි තියෙන ඒවා දාහක්. රසායනික තියෙන ඒවා විස්සක්. 88 00:06:04,823 --> 00:06:08,035 පැනලා යන අයට ඇහෙන්නේ පේන්නේ නැති වෙන්න ඩ්‍රෝන ටික සෑහෙන උඩින් තියාගන්න. 89 00:06:08,118 --> 00:06:09,494 කවුරුත් කන්දෙන් එහාට ගියේ නැත්නම්... 90 00:06:09,578 --> 00:06:12,206 පැනලා යන අය 9,500ක් වෙනකන් මට දැනුම් දෙන්න එපා. 91 00:06:12,289 --> 00:06:13,332 මට කන්න ඕනේ. 92 00:06:43,820 --> 00:06:45,405 දෙවියනේ, මේ කෑම නම් ජරාවක්. 93 00:06:46,573 --> 00:06:49,076 ඒක තමයි. ඒ මදිවට දෙන්නෙත් පොඩ්ඩයි. 94 00:06:51,161 --> 00:06:52,162 මොකක්ද? 95 00:06:52,871 --> 00:06:53,914 ඒක පරණ විහිළුවක්. 96 00:07:01,880 --> 00:07:03,298 මට මේක විශ්වාස නෑ. 97 00:07:03,382 --> 00:07:05,551 එයාලව ඇතුලේ ආරක්ෂණ ක්‍රියාවලියට දාන එක දැන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 98 00:07:05,634 --> 00:07:08,303 එළියට යන එකෙන්, එයාලා අපිට දෙවැනි අවස්ථාවක් දීලා තියෙනවා. 99 00:07:08,387 --> 00:07:11,890 ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ පොළොව යට, සයිලෝ එකක් ඇතුලේ. 100 00:07:13,684 --> 00:07:14,768 ඒවා ජීවානුහරණය කරපුවා. 101 00:07:15,269 --> 00:07:19,398 ඔයා හිතන දේ අපි කළොත්, මේක සයිලෝවෙන් පිට ආරක්ෂණ ක්‍රියාවලියක් වෙනවා. 102 00:07:19,982 --> 00:07:22,317 මේ මරණ ගොඩක් දරුණු වේවි. 103 00:07:22,401 --> 00:07:24,528 - එළිමහනේ. - මට පේන විදිහට අපිට වෙන විකල්පයක් නෑ. 104 00:07:24,611 --> 00:07:26,446 අපේ මිනිස්සු කොහොම ප්‍රතික්‍රියා කරයිද කියලා අපි දන්නේ නෑ. 105 00:07:26,530 --> 00:07:30,868 මෙහෙයුමට සූදානම් වීමට සහ චිත්ත ධෛර්යයට මේකෙන් වෙන බලපෑම ගැන මට බයක් තියෙනවා. 106 00:07:30,951 --> 00:07:35,330 විධානයට අනුව ප්‍රධානම අරමුණ වෙන්නේ, සයිලෝ අතර සම්බන්ධ වීම් වළක්වන එක. 107 00:07:35,414 --> 00:07:36,540 මට ඒක තේරෙනවා. 108 00:07:36,623 --> 00:07:38,166 - නෑ, මොකක්ද? - මම ඒක නෙවෙයි කියන්නේ. 109 00:07:38,250 --> 00:07:39,459 හැමදේම රඳා පවතින්නේ ඒ මත. 110 00:07:39,543 --> 00:07:41,879 - මම ඒක නෙවෙයි... - සමාවෙන්න, සර්. 111 00:07:41,962 --> 00:07:43,172 පැනලා යන අය කන්ද උඩට ඇවිත්. 112 00:07:43,755 --> 00:07:44,756 මගුලයි. 113 00:07:45,424 --> 00:07:47,259 හේයි, මං ඔයාගේ නියමුවෝ ටික බලාගන්නම්. 114 00:07:47,342 --> 00:07:48,343 මං පොරොන්දු වෙනවා. 115 00:07:48,427 --> 00:07:49,428 හරි. 116 00:08:17,164 --> 00:08:19,291 ජෙන්කින්ස්, ෂෙරිෆ් ගැන ඇහැ ගහගෙන ඉන්න. 117 00:08:38,977 --> 00:08:40,312 පැනලා යන අය කීදෙනෙක් ඉන්නවද? 118 00:08:41,395 --> 00:08:43,857 9,832යි. 119 00:08:46,026 --> 00:08:47,444 මෙහෙයුම් පිළිවෙළ මේකයි. 120 00:08:47,945 --> 00:08:50,447 1 වෙනි කණ්ඩායම ෂෙරිෆ් සහ ඔහුගේ පවුල ඉලක්ක කරනවා. 121 00:08:51,198 --> 00:08:54,743 2 වෙනි කණ්ඩායම ආපහු එන එක වළක්වන්න බෑවුමට රසායනික ද්‍රව්‍ය ඉසිනවා. 122 00:08:55,619 --> 00:08:58,413 3 සහ 4 ඩ්‍රෝන ආවරණයක් ලබාදෙනවා... 123 00:08:58,497 --> 00:09:00,874 ඉලක්කගත ප්‍රදේශය රසායනිකයෙන් පිරෙනකන්ම. 124 00:09:01,750 --> 00:09:04,711 5 සහ 6 කණ්ඩායම් අණ ලැබුණම ප්‍රහාර එල්ල කරනවා. තේරුණාද? 125 00:09:04,795 --> 00:09:07,047 - එහෙමයි, සර්. - හොඳයි. පටන් ගන්න. 126 00:09:12,970 --> 00:09:14,930 - කණ්ඩායම්, වාර්තා කරන්න. - 1 කණ්ඩායම, සූදානම්. 127 00:09:15,013 --> 00:09:16,932 2, සූදානම්. 128 00:09:17,015 --> 00:09:18,559 - 3, සූදානම්. - 4, සූදානම්. 129 00:09:18,642 --> 00:09:19,852 5, සූදානම්. 130 00:09:19,935 --> 00:09:20,936 6, සූදානම්. 131 00:09:29,361 --> 00:09:30,863 ඔයාගේ අණට, සූසන්. 132 00:09:33,740 --> 00:09:34,741 සූසන්? 133 00:09:42,249 --> 00:09:43,250 සර්. 134 00:09:48,589 --> 00:09:50,591 අපි ෂෙරිෆ්ටයි එයාගේ පවුලටයි ප්‍රහාර එල්ල කරනකොට... 135 00:09:50,674 --> 00:09:53,844 අනිත් අය ආපහු සයිලෝ එකට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. 136 00:09:53,927 --> 00:09:55,804 ඒකයි අපි බෑවුමට රසායනික ප්‍රහාර එල්ල කරන්නේ. 137 00:09:55,888 --> 00:09:58,140 ඒත් අපි එයාලට ආපහු ඇතුළට යන්න දුන්නොත්... 138 00:09:59,266 --> 00:10:00,684 එයාලා ආයේ එළියට එන එකක් නෑ. 139 00:10:01,476 --> 00:10:03,270 අපිට කැරැල්ල ඉවරයක් කරන්න පුළුවන්... 140 00:10:03,353 --> 00:10:06,106 සයිලෝ අතර සම්බන්ධ වීමක් වෙන්න තියෙන ඉඩ නැති කරලා... 141 00:10:06,190 --> 00:10:08,901 ඒ වගේම ගිවිසුමේ වෙනස් කළ නොහැකි බව තහවුරු කරන්නත් පුළුවන්. 142 00:10:18,035 --> 00:10:20,078 ඉලක්ක තබාගෙන ප්‍රහාර එල්ල කරන්න සූදානම් වෙන්න. 143 00:10:28,253 --> 00:10:31,281 එළියේ ගෑනු අයයි ළමයිනුයි ඉන්නවා, සර්. 144 00:10:32,466 --> 00:10:33,717 මම ඒක කරන්නේ නෑ. 145 00:10:48,899 --> 00:10:49,900 ඔයාට යන්න පුළුවන්. 146 00:11:06,708 --> 00:11:09,211 මෙහෙයුම් අණදීමේ වෙනස වාර්තාවට ඇතුළත් කරන්න. 147 00:11:16,301 --> 00:11:19,513 සයිලෝ 17 හි පුරවැසියෝ එළියට යන්න තීරණය කරලා තියෙනවා. 148 00:11:19,596 --> 00:11:21,348 එයාලා ගිවිසුමෙන් පිට ගිහින්... 149 00:11:22,558 --> 00:11:24,893 ඒත් එයාලා ඉන්නේ විධානයෙන් පිටත නෙවෙයි. 150 00:11:25,853 --> 00:11:26,854 එහෙමයි, සර්. 151 00:11:29,690 --> 00:11:33,610 කණ්ඩායම් 1 සහ 2, මගේ අණ ලැබුණම මෙහෙයුම් අරඹන්න. 152 00:11:33,694 --> 00:11:35,529 කණ්ඩායම 2, රසායනිකය මුදාහරින්න. 153 00:11:53,130 --> 00:11:54,214 මට වා අගුල පෙන්නන්න. 154 00:11:58,260 --> 00:12:00,637 1 වෙනි කණ්ඩායම, ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්න. 155 00:12:09,813 --> 00:12:10,814 තහවුරු කරගන්න. 156 00:12:26,205 --> 00:12:27,706 කණ්ඩායම් 3 සහ 4, පටන් ගන්න. 157 00:12:39,593 --> 00:12:43,055 5 සහ 6 කණ්ඩායම්, අඩි 500ක් පහළට එන්න. නිදහසේ වෙඩි තියන්න. 158 00:12:57,528 --> 00:12:58,529 තාප රූපණ වලට මාරු වෙන්න. 159 00:13:17,089 --> 00:13:18,298 අපි සද්දේ නවත්තලා දාමු. 160 00:13:39,111 --> 00:13:41,154 හරි, හුළඟ හමන්නේ කොයි පැත්තටද? 161 00:13:41,238 --> 00:13:44,575 3 වෙනි කණ්ඩායම, ගිනිකොන දිශාවේ දෙවැනි සෝදිසි කිරීම කරන්න. 162 00:13:44,658 --> 00:13:46,869 කණ්ඩායම 5, ඒක පේනවද? 2:00 දිශාවෙන් දුවන අය ඉන්නවා. 163 00:13:47,452 --> 00:13:48,620 ඒක ටිකක් ලං කරලා බලන්න පුළුවන්ද? 164 00:13:50,414 --> 00:13:51,888 හරි, දැනට ඉලක්ක ප්‍රමාණය කීයද? 165 00:13:52,207 --> 00:13:54,668 2,453යි, සර්. 166 00:13:54,751 --> 00:13:56,128 අපි ඒ ගාණ තවත් අඩු කරමු. 167 00:15:21,129 --> 00:15:24,591 මම මේ වෙනකන් කතා කරපු නියමුවෝ නම් ගොඩක් සතුටින් වගේ ඉන්නේ. 168 00:15:25,259 --> 00:15:26,885 මම එයාලව අවතක්සේරු කළා වගේ... 169 00:15:27,970 --> 00:15:28,971 මොකක්ද? 170 00:15:29,972 --> 00:15:31,348 අනේ මන්දා, එයාලගේ... 171 00:15:32,182 --> 00:15:33,600 අපි වෘත්තිකයෝ, වික්ටර්. 172 00:15:34,393 --> 00:15:35,811 අපි පුහුණු වුණේ මේකට තමයි. 173 00:15:35,894 --> 00:15:39,273 ඔව්. ඔයා ඊටත් වඩා එහා ගිය කෙනෙක්, ට්‍රෝයි. 174 00:15:40,357 --> 00:15:41,775 මම වැඩ කරන්නේ අධ්‍යක්ෂකතුමියගේ කැමැත්තට. 175 00:15:41,859 --> 00:15:42,985 අපි හැමෝම එහෙමයි. 176 00:15:43,735 --> 00:15:44,987 ඩග්. රැන්ඩි. 177 00:15:47,447 --> 00:15:49,032 අධ්‍යක්ෂකතුමිය. 178 00:15:49,116 --> 00:15:52,119 ආයුබෝවන් පරණ යාළුවේ. අවුරුදු ගාණකට පස්සේ නේද. 179 00:15:52,202 --> 00:15:53,245 ඔයා ලස්සනට ඉන්නවා. 180 00:15:53,328 --> 00:15:57,457 එහෙමද? මට නම් ඉන්න අමාරුයි. මට කවදාවත් මේ එකපාරටම අවදි කරන එකට පුරුදු වෙන්න බැරි වෙයි. 181 00:15:57,958 --> 00:15:59,084 මට සමාවෙන්න. 182 00:15:59,168 --> 00:16:00,627 ඒකට කරන්න දෙයක් නෑනේ. 183 00:16:01,128 --> 00:16:03,922 වාඩිවෙන්න. මම නම් කෑම කෑවා. 184 00:16:04,006 --> 00:16:05,591 ඔයාට තේ එකක් දෙන්නද? 185 00:16:05,674 --> 00:16:08,510 තේ එකක්. ඒක නම් ගොඩක් හොඳයි. ඔයා නම් හරිම කරුණාවන්තයි. 186 00:16:08,594 --> 00:16:12,639 මට හිතුණා අද දවසේ වීරයාට විශේෂ සැලකිල්ලක් ඕනේ කියලා. 187 00:16:12,723 --> 00:16:15,100 දැන්, මම තේ එක වත් කරන්නම්. 188 00:16:16,268 --> 00:16:19,813 අපි මේ දිගු, අමාරු ගමන පටන් ගත්ත දවසේ මම දැනගෙන හිටියා... 189 00:16:19,897 --> 00:16:23,567 මගේ හවස තේ එක නැතුව නම් මට මේක කරන්න බැරිවෙයි කියලා. 190 00:16:24,401 --> 00:16:26,612 දැන් නම් බඩුත් ඉවර වීගෙන යන්නේ. 191 00:16:29,448 --> 00:16:30,449 ට්‍රෝයි. 192 00:16:31,491 --> 00:16:34,036 මම ඔයාට කුසලතා සහතිකයක් ප්‍රදානය කරනවා... 193 00:16:34,661 --> 00:16:38,165 ඔයාගේ සන්සුන් බව හා විශිෂ්ට නායකත්වය වෙනුවෙන්. 194 00:16:38,248 --> 00:16:41,293 ස්තුතියි මැඩම්, ඒත් මම කළේ මගේ රාජකාරිය විතරයි. 195 00:16:42,044 --> 00:16:43,545 මෙයා හරිම නිහතමානියි. 196 00:16:43,629 --> 00:16:45,005 අපිට මීට කලිනුත් කැරලි ඇවිත් තියෙනවා... 197 00:16:45,088 --> 00:16:48,467 ඒත් මේ වගේ ලොකු පිරිසක් පැනලා ගිය එකක් කවදාවත් වෙලා නෑ. 198 00:16:48,550 --> 00:16:52,888 ඔයාගේ ඉක්මන් තීරණ නිසා ලොකු ව්‍යසනයක් වළක්වා ගන්න පුළුවන් වුණා. 199 00:16:54,515 --> 00:16:56,892 කිසිම එකතු වීමක් වුණේ නෑ කියලා ඔයාට විශ්වාසද? 200 00:16:56,975 --> 00:17:00,896 නෑ. පැනලා ගිය 9,835 දෙනාවම ඉලක්ක කළා. 201 00:17:00,979 --> 00:17:02,689 ඇතුලේ කී දෙනෙක් පණ පිටින් ඉන්නවද? 202 00:17:02,773 --> 00:17:04,316 සීයකට වඩා නෑ. 203 00:17:04,900 --> 00:17:05,901 එයාලගෙන් තර්ජනයක් තියෙනවද? 204 00:17:05,983 --> 00:17:07,236 එයාලගේ ජෙනරේටරය කැඩිලා තියෙන්නේ... 205 00:17:07,319 --> 00:17:10,405 ඒ නිසා ඇතුලේ විදුලිය නෑ, රත් වෙන්නේ නෑ, නිවෙන්නේ නෑ... 206 00:17:10,489 --> 00:17:12,574 එයාලට තාමත් IT එකේ බාහිර විදුලිය තියෙනවා. 207 00:17:12,657 --> 00:17:16,203 ඒත් ඒක විසන්ධි කරන්න නම්, අපිට මුළු අංශයම වහලා දාන්න වෙනවා. 208 00:17:17,329 --> 00:17:20,123 නෑ, ජෙනරේටරයක් නැතුව, එයාලගේ වගාවනුයි සත්තුයි මැරිලා යාවි... 209 00:17:20,207 --> 00:17:22,000 භූගත ජලය දිගටම ඉහළට ඒවි. 210 00:17:22,084 --> 00:17:24,211 බඩගින්නේ මැරුණේ නැත්නම්, එයාලා ගිලිලා මැරේවි. 211 00:17:24,294 --> 00:17:27,089 අර IT අංශයේ හැංගිලා ඉන්න ළමයා... 212 00:17:27,172 --> 00:17:29,258 - එයා තාම ජීවතුන් අතරද? - අපිට හරියටම විශ්වාස නෑ. 213 00:17:29,341 --> 00:17:31,468 එයාගෙන් තවත් ගන්න වැදගත් තොරතුරු තිබුණේ නෑ... 214 00:17:31,552 --> 00:17:32,886 ඒ නිසා අපි සම්බන්ධතාවය විසන්ධි කළා. 215 00:17:32,970 --> 00:17:37,057 හොඳයි. අපි ආයුධ සන්නද්ධ ඩ්‍රෝන සෝදිසිය අවුරුදු තුනක් යනකන් දිගටම තියාගමු... 216 00:17:37,140 --> 00:17:39,309 තවත් කවුරුහරි පැනලා යන්න හැදුවොත් කියලා. 217 00:17:39,393 --> 00:17:41,103 අවුරුදු පහක් තිබ්බොත් වඩාත් ආරක්ෂිතයි. 218 00:17:41,687 --> 00:17:42,855 එහෙනම් අවුරුදු පහක්. 219 00:17:43,897 --> 00:17:45,899 දැන්, අපි සූසන් ගැන කතා කරමු. 220 00:17:45,983 --> 00:17:50,988 ඔයා එයාව අත්අඩංගුවට ගත්තා ට්‍රෝයි, මම පරීක්ෂණයක් වෙනකන් එයාව නිදහස් කළා. 221 00:17:52,573 --> 00:17:55,325 - ඒක ඉතින් ඔබතුමියගේ තීරණයක්නේ. - ඒක නම් එච්චර හොඳ මදි. 222 00:17:55,409 --> 00:17:57,703 මම ඔයාව මෙහෙට ගෙන්නුවේ ඔයාට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් දෙන්න. 223 00:18:00,539 --> 00:18:03,667 සිද්ධිය වෙන වෙලාවේ එයා හිටියේ මගේ අණ යටතේ... 224 00:18:03,750 --> 00:18:05,335 ඒක ලැබෙන්නේ විධානයෙන්. 225 00:18:05,419 --> 00:18:07,546 ඒත් එයා හරියටම මොකක්ද කළේ? 226 00:18:07,629 --> 00:18:08,797 එයා අණක් ප්‍රතික්ෂේප කළා... 227 00:18:09,798 --> 00:18:13,385 ඊටපස්සේ එයාගේ යටතේ හිටපු නියමුවෝ ඉස්සරහා මගේ උපක්‍රම ගැන ප්‍රශ්න කළා. 228 00:18:13,969 --> 00:18:17,097 එයාගේ අකීකරුකම නිසා අපේ කාලය නාස්ති වුණා, ඒ වගේම අනිත් අයගෙනුත් විරෝධයක් එන්න ඉඩ තිබුණා... 229 00:18:17,181 --> 00:18:18,640 සමහරවිට කැරැල්ලක් වුණත් එන්න තිබුණා. 230 00:18:18,724 --> 00:18:20,559 - ඒත් එයාලා හැමෝම තමන්ගේ රාජකාරිය කළා. - ඒක හොඳයි. 231 00:18:20,642 --> 00:18:21,643 කවුරුත් පැකිළුණේ නෑ. 232 00:18:21,727 --> 00:18:23,854 ඒත් අර පැනලා යන අය කන්දෙන් එහාට යන්නයි හිටියේ. 233 00:18:23,937 --> 00:18:25,230 එයාලව පේන්න ඉඩ තිබුණා... 234 00:18:25,314 --> 00:18:27,524 ඒ කණ්ඩායමේ අනිත් සයිලෝ 6ට විනාඩි කිහිපයක් ඇතුළත. 235 00:18:27,608 --> 00:18:29,067 හැම තත්පරයක්ම වටිනවා. 236 00:18:29,151 --> 00:18:32,362 ඉතින් ඔයා හිතන විදිහට මේකට දෙන්න පුළුවන් ගැලපෙනම දඬුවම මොකක්ද? 237 00:18:39,661 --> 00:18:42,289 විධානයේ මොකක්ද කියලා තියෙන්නේ කියලා මම ඇහුවොත්? 238 00:18:42,372 --> 00:18:43,707 මරා දැමීම. 239 00:18:44,875 --> 00:18:47,503 ඒත් ඒක නම් කරන්න බෑ. 240 00:18:47,586 --> 00:18:51,798 එයාගේ හැසිරීම අනුමත කරන්න බෑ, මම ඒකට එකඟයි. 241 00:18:52,299 --> 00:18:54,885 ඒත් සූසන්ගේ හැකියාවන් ලොකු කාර්යභාරයක් කරනවා... 242 00:18:54,968 --> 00:18:57,054 මේ ව්‍යාපෘතියේ අවසාන කාලෙදි. 243 00:18:58,222 --> 00:19:00,432 අනික, එයා මගේ දුවට වැදගත් කෙනෙක්. 244 00:19:00,516 --> 00:19:03,977 ඉතින් මම හිතන්නේ, හොඳම දේ වෙන්නේ එයාගේ තනතුර පහත දාලා... 245 00:19:04,061 --> 00:19:05,562 එයාව ආපහු නිදි කරවන එකයි. 246 00:19:06,313 --> 00:19:10,734 ට්‍රෝයි, අපි ඔයාව විශේෂඥයෙක් කළේ මේ වගේ හදිසි අවස්ථා වෙනුවෙන්මයි. 247 00:19:10,817 --> 00:19:16,490 මේ ව්‍යාපෘතිය වෙනුවෙන්, ඔබේ විශිෂ්ට සේවයට මම ස්තුතිවන්ත වෙනවා. 248 00:19:24,665 --> 00:19:25,666 ඔයාට ප්‍රශ්නයක් නෑනේ? 249 00:19:27,501 --> 00:19:28,669 එයා තමයි අධ්‍යක්ෂකතුමිය. 250 00:19:30,337 --> 00:19:32,464 ඒක ලොකු බරක්. අපි ඔයාව ශිශිර නිද්‍රාවට ගෙනියන්න ඕනේ. 251 00:19:32,548 --> 00:19:34,466 ඔව්, අහන්නකෝ. 252 00:19:38,470 --> 00:19:39,999 අපිට ඔයාගේ කාර්යාලයේදී කතා කරන්න පුළුවන්ද? 253 00:19:44,309 --> 00:19:46,311 මේ එක ගෑනු කෙනෙක් ඉන්නවා. 254 00:19:47,312 --> 00:19:49,189 එයා වැඩ කරන්නේ මොන අංශයේද? 255 00:19:49,273 --> 00:19:50,440 එයා වැඩ කරන්නේ නෑ. 256 00:19:50,524 --> 00:19:51,525 මම... මම... 257 00:19:52,985 --> 00:19:54,736 මම හිතන්නේ එයා මගේ මතකයක් වෙන්නැති. 258 00:19:57,114 --> 00:20:00,284 මම අවදි වෙනකොට එයාගේ රූප මොහොතකට මැවිලා පෙනුණා. 259 00:20:00,367 --> 00:20:03,579 මම ඒක මතක් කරගන්න හැදුවම, ඒවා නැතිවෙලා ගියා. 260 00:20:09,293 --> 00:20:11,336 මට හිතෙනවා මම මේ ගැන කලිනුත් ඔයාට කියලා තියෙනවා වගේ... 261 00:20:12,462 --> 00:20:14,673 මාව අවදි කරනකොට මේ ගෑනු කෙනාව පේනවා කියලා. 262 00:20:14,756 --> 00:20:16,258 ඔයා එහෙම කිව්වා නම් මම ඔයාට කියනවනේ. 263 00:20:21,513 --> 00:20:24,433 කොහොමහරි එයා මේකට සම්බන්ධයි. 264 00:20:28,729 --> 00:20:30,105 ඕක කවද්ද වුණේ? 265 00:20:32,107 --> 00:20:34,401 - දන්නේ නෑ. - එයා කවුද කියලවත් දන්නේ නැද්ද? 266 00:20:34,484 --> 00:20:36,737 නෑ. ඔයා දන්නවා ඇති කියලා හිතුවා. 267 00:20:38,363 --> 00:20:39,865 නෑ, මට සමාවෙන්න. 268 00:20:48,207 --> 00:20:50,501 මෙහෙමයි, ඔයාට සමහර වාර්තා වලට ප්‍රවේශ වෙන්න පුළුවන්... 269 00:20:50,584 --> 00:20:52,669 - ට්‍රෝයි. ට්‍රෝයි. - ඇයි? 270 00:20:52,753 --> 00:20:55,589 මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ අරමුණයි සැලැස්මයි වෙන්නේ... 271 00:20:55,672 --> 00:20:57,257 අපිට අතීතය අමතක කරවන එක. 272 00:20:57,341 --> 00:20:59,510 හොඳම දේ මේක අතහැරලා දාන එක. 273 00:20:59,593 --> 00:21:01,553 ඔව්, ඔයා කියන දෙයක් තමයි වික්ටර්. 274 00:21:03,138 --> 00:21:05,766 එහෙම වාර්තාවක් තිබුණත්, ඒක තාමත් ඉතුරු වෙලා තිබුණත්... 275 00:21:05,849 --> 00:21:07,893 සෙනෙට් සභිකයා කියලා තියෙනවා මේ වගේ විමසීම්... 276 00:21:07,976 --> 00:21:10,270 - විධානයෙන් තහනම් කරලා තියෙන්නේ කියලා. - ඒකයි මම ඔයා ගැන විශ්වාස කරන්නේ... 277 00:21:10,354 --> 00:21:12,356 - ඔයාට නිකන්ම... - ...ඔයාගේ අභිමතය පරිදි, ඩොක්ටර්. 278 00:21:14,525 --> 00:21:17,569 මම මේ ව්‍යාපෘතියට මගේ වටිනාකම ඔප්පු කරලා තියෙනවා නේද? 279 00:21:17,653 --> 00:21:19,238 ඔව්. කිසිම සැකයක් නෑ. 280 00:21:19,321 --> 00:21:21,990 හරි, ඉතින් මම මේ අහන්නේ එක පොඩි ප්‍රශ්නෙකට උත්තරයක් විතරයි. 281 00:21:31,583 --> 00:21:32,584 කරුණාකරලා. 282 00:21:46,348 --> 00:21:48,392 මට මේක හොයන්න මොකක්හරි නිදහසට කාරණයක්... 283 00:21:50,269 --> 00:21:51,603 හොයාගන්න වේවි. 284 00:21:57,192 --> 00:21:58,277 මම එහෙම කළොත්... 285 00:22:00,737 --> 00:22:02,948 ඔයා ඊළඟ පාර අවදි වෙනකොට මම ඒක ඔයාට දෙන්නම්. 286 00:22:04,825 --> 00:22:06,118 මම පොරොන්දු වෙනවා. 287 00:22:36,356 --> 00:22:37,357 පස්සේ හම්බවෙමු. 288 00:22:51,997 --> 00:22:53,749 මම ඔයාව මුලින් දැක්කේ නැත්නම් තමයි. 289 00:23:37,400 --> 00:23:42,000 කවුද ඇය? 290 00:23:48,600 --> 00:24:22,000 {\fs18}{\position(195,170)\fade(500,500)}www.baiscope.lk බයිස්කෝප් සිංහලෙන් ඉදිරිපත් කිරීමක්. 291 00:25:42,251 --> 00:25:43,710 එන්න! අපි යමු! 292 00:25:56,974 --> 00:25:59,434 - සිලින්ඩර ලෑස්තිද? - ලෑස්ති කරලා පටවලා තියෙන්නේ. 293 00:25:59,518 --> 00:26:02,604 ඉන්න හැම කැරලි මර්ධන කෙනෙක්වම දැන්ම පතලට යවන්න. 294 00:26:02,688 --> 00:26:03,689 හරි, මැඩම්. 295 00:26:03,772 --> 00:26:05,190 - එමර්සන්. - මැඩම්? 296 00:26:05,274 --> 00:26:07,359 මිනිස්සුන්ට ඒක පේන බව තහවුරු කරගන්න. 297 00:26:15,534 --> 00:26:16,785 මගුලයි. 298 00:26:24,960 --> 00:26:26,253 වාඩිවෙන්න. 299 00:26:26,336 --> 00:26:28,714 ජෝ, ඔයා මාව දන්නවනේ. මගෙන් තර්ජනයක් නෑ. 300 00:26:28,797 --> 00:26:30,591 මට ඕනේ මගේ පුතාව බලන්න විතරයි. 301 00:26:31,091 --> 00:26:33,177 - එච්චරයි. - ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. 302 00:26:33,969 --> 00:26:37,973 මට මගේ පුතාට සමුදෙන්න ඕනේ. 303 00:26:39,600 --> 00:26:41,351 චැඩ්, ඔයාටත් ළමයි ඉන්නවනේ. 304 00:26:43,562 --> 00:26:44,605 කරුණාකරලා. 305 00:26:47,065 --> 00:26:48,066 මම අහලා බලන්නම්. 306 00:27:02,956 --> 00:27:05,501 ඔයා දන්නවනේ, මම උත්සාහ කළා... මම කැමිල්ට තේරුම් කරවන්න හැදුවා, ඒත්... 307 00:27:05,584 --> 00:27:07,461 ඔව්, ඔව්, එයා හරිම මුරණ්ඩුයි. 308 00:27:08,212 --> 00:27:10,506 ඔව්. ඒක නම් ඇත්තම තමයි. 309 00:27:19,056 --> 00:27:20,974 අපිට කරන්න පුළුවන් හැමදේම අපි කළා, සිම්ස්. 310 00:27:21,808 --> 00:27:24,770 අපි විශ්වාස කරන්න ඕනේ එයාලට මේක කරන්න පුළුවන් කියලා. 311 00:27:25,771 --> 00:27:27,022 එයාලා අසමත් වුණොත්? 312 00:27:33,111 --> 00:27:34,196 පොඩ්ඩක් ඉන්න. 313 00:27:34,279 --> 00:27:37,908 ඉන්න, ඔයාට නවත්තන්න පුළුවන්, මම මෙහේ ඉන්නේ. ඔයාට වෙලාව යන එක නවත්තන්න පුළුවන්. 314 00:27:37,991 --> 00:27:41,245 මගේ කැරලි මර්ධන අය ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නයි යන්නේ. හරිද? 315 00:27:43,622 --> 00:27:44,831 මම ඒක බලාගන්නවා! 316 00:27:44,915 --> 00:27:47,209 ඔයාට ගොඩක් නිදහස දීලා තිබුණා... 317 00:27:47,292 --> 00:27:49,586 ඒත් දැන් ඒ අවස්ථාව මඟ හැරිලා ඉවරයි. 318 00:27:49,670 --> 00:27:51,213 නෑ, නෑ, අපි... 319 00:27:51,296 --> 00:27:53,757 අපි පතලට ගෑස් ගහනවා, හරිද? 320 00:27:53,841 --> 00:27:56,426 විනාඩි කිහිපයකින් කැරලිකරුවන් මැරෙයි. ඔයාට බලාගන්න පුළුවන්. 321 00:27:56,510 --> 00:27:58,303 ඔයාට ඔයාගේ තිර වලින් බලන්න පුළුවන්. 322 00:28:00,389 --> 00:28:01,557 ඒ නිසා... 323 00:28:01,640 --> 00:28:04,434 අපිට උත්සාහ කරන්නවත් දෙන්නකෝ! හරිද? 324 00:28:04,518 --> 00:28:06,061 අපිට මේක උත්සාහ කරන්න දෙන්න! 325 00:28:22,369 --> 00:28:23,662 ඔයාට විනාඩි 5ක් තියෙනවා. 326 00:28:27,249 --> 00:28:28,542 ඒ වෙලාව මදි. 327 00:28:31,795 --> 00:28:32,880 ඒ වෙලාව මදි. 328 00:28:34,006 --> 00:28:36,216 - ඒ වෙලාව මදි... - ඔයාට විනාඩි 5ක් තියෙනවා. 329 00:28:51,356 --> 00:28:54,026 ප්‍රධාන සහ දෙවන පොම්ප, සූදානම් කරලා අගුළු ලා තියෙන්නේ. 330 00:28:54,109 --> 00:28:56,528 - කපාට? - ප්‍රධාන කපාටයයි සමූහ කපාටයයි ඇරලා තියෙන්නේ. 331 00:28:56,612 --> 00:28:57,738 සයිලෝ කපාටය ලෑස්තියි. 332 00:28:57,821 --> 00:29:00,073 පීඩනය ලබාදීමේ ක්‍රියාවලිය පටන් ගන්න. 333 00:29:02,034 --> 00:29:03,202 ඒ වෙලාව මදි. 334 00:29:05,245 --> 00:29:07,080 අපි යමු! යන්න, යන්න! 335 00:29:07,164 --> 00:29:08,707 ඒක මට දෙන්න! ඒක මට දෙන්න! 336 00:29:14,463 --> 00:29:15,631 බලාගෙනයි! 337 00:29:20,761 --> 00:29:22,221 - ශර්ල්, ඔයාට අවුලක් නෑනේ? - ඔව්! 338 00:29:22,304 --> 00:29:24,723 මට කොන්ක්‍රීට් පොළොව පේනවා! මට යකඩ කූරක් ඕනේ. 339 00:29:31,813 --> 00:29:33,232 යන්න, යන්න, යන්න! 340 00:29:34,024 --> 00:29:35,275 කැරලි මර්ධන අය! 341 00:29:35,359 --> 00:29:37,236 - හෙනගහපන්! ටෙඩී! - හා? 342 00:29:37,319 --> 00:29:38,653 අර කැරලි මර්ධන උන් එන එක පරක්කු කරන්න. 343 00:29:38,654 --> 00:29:40,531 නෑෂ්, හූවර්, මාත් එක්ක වරෙල්ලා. 344 00:29:49,581 --> 00:29:51,625 දෙවියනේ. ඉක්මනට. 345 00:29:54,169 --> 00:29:55,170 මගුලයි. 346 00:30:06,223 --> 00:30:08,433 ටැංකි ටික බිමට දාන්න! ටැංකි බිමට දාන්න! 347 00:30:20,153 --> 00:30:21,238 අහකට වෙයන් මගෙන්! 348 00:30:22,865 --> 00:30:23,907 අහකට වෙයන් මගෙන්! 349 00:30:25,117 --> 00:30:26,159 හෙල්ලෙන්න එපා යකෝ! 350 00:30:26,243 --> 00:30:28,996 උඹට පුළුවන්. පෝලිම දිගටම යවන්න! 351 00:30:37,462 --> 00:30:38,714 ශර්ල්, ටෝච් එක. 352 00:30:41,967 --> 00:30:43,093 මට ඒක පේනවා. 353 00:30:44,553 --> 00:30:45,554 මෙන්න. 354 00:30:46,597 --> 00:30:48,640 කැරලි මර්ධන අය දැන් ඉන්නේ නියමිත තැන්වල. 355 00:30:48,724 --> 00:30:50,142 හරි, එයාලා ටිකෙන්... 356 00:30:50,225 --> 00:30:55,022 ඒක කරන්න එපා... කරන්න එපා, හරිද? ඒක කරන්න එපා. කරුණාකරලා, කරන්න එපා! 357 00:30:57,566 --> 00:30:58,942 මොනවා හරි කියපන් යකෝ! 358 00:30:59,943 --> 00:31:01,153 මොනවා හරි කියන්න! 359 00:31:06,033 --> 00:31:07,492 විනාඩි 2 තත්පර 15යි. 360 00:31:15,459 --> 00:31:16,752 තාත්තේ! 361 00:31:17,920 --> 00:31:19,421 ඇන්තනී! 362 00:31:36,230 --> 00:31:37,231 ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න! 363 00:31:42,569 --> 00:31:44,696 - වරෙන්. වරෙන්! - නොක්ස්? 364 00:31:47,115 --> 00:31:49,493 ශර්ල්, උඩට එන්න. ඔයාව ඕනේ. 365 00:31:49,576 --> 00:31:51,787 හරි, එයාලා... එයාලා ගෑස් ටික නියමිත තැනට ගෙනත් ඉවරයි. 366 00:31:51,870 --> 00:31:54,831 හරිද? කැරලිකරුවන් මැරිලා යාවි. එතනම. 367 00:31:54,915 --> 00:31:56,583 අපිට... අපිට තව විනාඩි දෙකක් ඕනේ. 368 00:31:56,667 --> 00:31:58,335 අපිට තව විනාඩි දෙකක් ඕනේ. 369 00:31:58,418 --> 00:32:00,045 විනාඩි දෙකක් දෙන්න, කරුණාකරලා! 370 00:32:02,756 --> 00:32:03,966 කැමිල්... 371 00:32:05,217 --> 00:32:08,929 ඔයාගේ අසාර්ථකත්වය නිසයි ආරක්ෂණ ක්‍රියාවලියක් උවමනා වුණේ. 372 00:32:12,724 --> 00:32:13,767 හෙනගහපන්! 373 00:32:30,033 --> 00:32:31,034 හේයි, ඇන්තනී. 374 00:32:31,660 --> 00:32:33,328 එයා ඔයාට රිද්දන්න හදන්නේ නෑ. 375 00:32:34,371 --> 00:32:35,455 හරිද? 376 00:32:42,421 --> 00:32:43,922 කොහෙද අම්මා? 377 00:32:46,133 --> 00:32:47,885 අම්මා වැඩට ගිහින්. 378 00:33:27,925 --> 00:33:30,093 සර්, ඔයා ඒක දැක්කද? 379 00:33:30,177 --> 00:33:32,429 - එයා ලිස්සලා ගියා. - නෑ, බලන්න. 380 00:33:43,899 --> 00:33:44,900 ඔක්සිජන්. 381 00:33:46,735 --> 00:33:48,695 ඒ නිකන්ම ඔක්සිජන්. උපරිම පීඩනයෙන්! 382 00:33:53,367 --> 00:33:54,368 කරමු. 383 00:34:02,251 --> 00:34:03,669 එමර්සන්, ඒක ආරක්ෂිතද? 384 00:34:06,421 --> 00:34:09,507 ආයේ කියන්න. ආයේ කියන්න. එමර්සන්, ඒක ආරක්ෂිතද? 385 00:34:10,842 --> 00:34:12,553 ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. 386 00:34:22,728 --> 00:34:24,022 සයිලෝ කපාට උපරිම පීඩනයේ තියෙනවා. 387 00:34:25,315 --> 00:34:26,859 ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. 388 00:34:28,025 --> 00:34:29,194 මගේ අණට. 389 00:34:29,277 --> 00:34:32,906 - තුනයි, දෙකයි, එකයි. - කරුණාකරලා, පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඉන්න. 390 00:34:33,866 --> 00:34:35,242 කරුණාකරලා කරන්න එපා. 391 00:34:55,137 --> 00:34:56,179 මොකද වුණේ? 392 00:34:56,263 --> 00:34:58,390 සර්, පීඩනය අඩු වෙන්නේ නෑ. 393 00:34:59,266 --> 00:35:01,810 - ආයෙත් බලන්න. - පීඩනය එක තත්පරයකට අඩු වෙලා... 394 00:35:01,894 --> 00:35:03,687 ආයෙත් වහාම උපරිම පීඩනයටම ආවා. 395 00:35:04,855 --> 00:35:06,315 ආරක්ෂණ ක්‍රියාවලිය අසාර්ථකයි, සර්. 396 00:35:18,327 --> 00:35:19,411 දැන් ආරක්ෂිතයි. 397 00:35:27,711 --> 00:35:28,754 පණිවිඩය ලැබුණා. 398 00:35:36,845 --> 00:35:37,846 හෙනගහපන්. 399 00:35:55,489 --> 00:35:56,823 හෙනගහපන්. 400 00:35:58,450 --> 00:36:00,994 සර්, අපි පීඩනය අඩු කරන්න ඕනේ. 401 00:36:03,038 --> 00:36:04,039 සර්! 402 00:36:09,837 --> 00:36:11,046 පීඩනය අඩු කරන්න. 403 00:36:18,762 --> 00:36:20,472 කොතනදිද ආරක්ෂණ ක්‍රියාවලිය අසාර්ථක වුණේ? 404 00:36:21,306 --> 00:36:23,141 සයිලෝ කපාටය වැඩ කළා. 405 00:36:24,142 --> 00:36:25,227 ඊට පස්සේ වෙලාවක. 406 00:36:31,692 --> 00:36:32,901 එයාලා බටේ වැහුවා. 407 00:36:36,989 --> 00:36:38,156 එයාලා බටේ වැහුවා. 408 00:36:51,336 --> 00:36:57,759 මට සයිලෝ 18ට ඉහළින් ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යානයක් යවන්න ඕනේ. 409 00:36:59,553 --> 00:37:01,180 කවුරුහරි පිටවෙන්න හැදුවොත්... 410 00:37:02,931 --> 00:37:04,016 එයාලව මරන්න. 411 00:37:12,357 --> 00:37:13,525 හැමෝම කාමරෙන් පිටවෙන්න. 412 00:37:16,528 --> 00:37:17,613 කාමරේ හිස් කරන්න. 413 00:37:19,198 --> 00:37:20,199 දැන්ම! 414 00:37:34,838 --> 00:37:36,840 ඒක දක්ෂ රැවටීමක්. 415 00:37:40,969 --> 00:37:42,804 ඔයාව රවට්ටන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුණේ නෑ. 416 00:37:46,600 --> 00:37:48,519 ඔයාගේ ජීවමිතික දත්ත ස්ථාවරව තිබුණා. 417 00:37:49,770 --> 00:37:52,147 ඔයාගේ පාවාදීම ගැන කිසිම ඉඟියක් තිබුණේ නෑ. 418 00:37:52,940 --> 00:37:55,275 ඉතින්, ඔයා මාව තෝරගත්තේ මට බොරු කියන්න පුළුවන් නිසා, නේද? 419 00:37:58,737 --> 00:38:00,364 ඔයා ඇයි මට බොරු කියන්නේ? 420 00:38:08,163 --> 00:38:10,123 මට ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වුණා. 421 00:38:10,207 --> 00:38:11,750 මොන ප්‍රශ්නෙද? 422 00:38:12,459 --> 00:38:13,794 ඇයි? 423 00:38:14,795 --> 00:38:17,364 ඇයි ඔයාට අපිව මරන්න තරම් බලයක් තියෙන්නේ? 424 00:38:20,092 --> 00:38:21,343 කවුද එහෙම ඇහුවේ? 425 00:38:29,226 --> 00:38:30,435 ජුලියට් නිකල්ස්. 426 00:38:39,069 --> 00:38:42,906 මානව සංහතිය හිටියේ... තමන්වම විනාශ කරගන්නා අවසාන චක්‍රයක. 427 00:38:47,911 --> 00:38:52,457 සයිලෝ එක තමයි අවසාන හොඳම බලාපොරොත්තුව වුණේ... මේ මානව විශේෂයේ පැවැත්ම තහවුරු කරන්න. 428 00:38:52,541 --> 00:38:58,130 ඔයා කොහොමද පැවැත්ම තහවුරු කරන්නේ එකපාරට මිනිස්සු දහස් ගාණක් මරලා දාලා? 429 00:39:00,174 --> 00:39:04,595 නිර්මාතෘවරුන්ගේ පරමාධිපත්‍යය ප්‍රශ්න කිරීම... 430 00:39:07,389 --> 00:39:09,474 - නීති උල්ලංඝනය කිරීමක්... - නීති උල්ලංඝනය කිරීමක්? 431 00:39:10,684 --> 00:39:13,687 මිනිස්සුන්ට නිදහස් වෙන්න ඕනේ... ඒ නිසා ඔයා එයාලව මරලා දානවා. නීති උල්ලංඝනය කිරීමක්ද? 432 00:40:19,378 --> 00:40:21,213 කවුරුත් ඇතුළට යන්නෙත් නෑ... කවුරුත් එළියට එන්නෙත් නෑ. පැහැදිලිද? 433 00:40:21,296 --> 00:40:22,840 - ඔව්, මැඩම්. - අයින් වෙන්න. හේයි, අයින් වෙන්න, අයින් වෙන්න. 434 00:40:22,923 --> 00:40:24,591 - හේයි. - හේයි, බන්. හේයි, පස්සට යන්න. 435 00:40:24,675 --> 00:40:26,134 ඔයාලට හිරකාරයෝ ළඟට යන්න බෑ. 436 00:40:26,218 --> 00:40:27,386 එයාලා දැන් හිරකාරයෝ නෙවෙයි. 437 00:40:27,469 --> 00:40:29,680 - මොකද වුණේ? - අපි බටේ හොයාගෙන ඒක වැහුවා. 438 00:40:29,763 --> 00:40:31,557 - හේයි, එන්න. - ඔයාලව නවත්තන්න කැරලි මර්ධන අය එව්වා. 439 00:40:31,640 --> 00:40:33,475 එයාලට පැති මාරු කරන්න කියලා නියෝගයක් ලැබුණා. 440 00:40:33,559 --> 00:40:35,769 කාගේ නියෝගයක්ද? කාටවත් එහෙම බලයක් නෑ. 441 00:40:35,853 --> 00:40:37,271 ඒක මගේ නියෝගයක්. 442 00:40:50,075 --> 00:40:52,244 හරි. කවුරුවත් පිරිසිදු කරන්න එළියට යන්නේ නෑ. ඔයාලා හැමෝටම යන්න පුළුවන්. 443 00:40:55,622 --> 00:40:56,790 අම්මේ. 444 00:40:56,874 --> 00:40:57,875 ඇන්තනී. 445 00:40:58,709 --> 00:40:59,710 හේයි. 446 00:41:00,210 --> 00:41:01,378 හේයි. ඔයාට හොඳයි නේද? 447 00:41:02,963 --> 00:41:03,964 ඔව්? 448 00:41:06,800 --> 00:41:07,801 ඔයාට මුකුත් වෙලා නෑ. 449 00:41:08,719 --> 00:41:09,720 ඔයා හොඳින්ද? 450 00:41:11,388 --> 00:41:13,223 ජල සැපයුම ආරක්ෂිතයි. 451 00:41:14,516 --> 00:41:15,559 අපි ඒක කළා. 452 00:41:17,436 --> 00:41:18,729 ඔයා දන්නවද අද මොන දවසද කියලා? 453 00:41:20,439 --> 00:41:21,648 නිදහස් දවස. 454 00:41:26,153 --> 00:41:28,530 අපිට ලැබුණ පළවෙනි සැබෑ නිදහස් දවස. 455 00:41:29,031 --> 00:41:31,742 මට නොහිතා ඉන්න බෑ... අපි ඔක්කොම මේ වෙද්දිත් මැරිලා... 456 00:41:32,701 --> 00:41:34,077 එහෙම නොවුණා නම්... 457 00:41:35,621 --> 00:41:37,039 අර බැල්ලිගේ පුතා නම්. 458 00:41:57,184 --> 00:41:58,310 ඔව්? 459 00:42:00,187 --> 00:42:01,355 මොනවද ඕනේ වුණේ, සර්? 460 00:42:01,438 --> 00:42:04,149 කරුණාකරලා ට්‍රෝයිව මට අවදි කරලා දෙන්න. 461 00:42:04,233 --> 00:42:05,317 හරි, සර්. 462 00:42:06,235 --> 00:42:07,319 ස්තූතියි, ක්ලෝයි. 463 00:44:45,978 --> 00:44:47,354 හේයි, මම ජූල්ස්. 464 00:44:48,689 --> 00:44:49,773 කවුරුත් ඉන්නවද? 465 00:44:53,235 --> 00:44:54,528 ජූල්ස්? 466 00:44:55,737 --> 00:44:57,781 ඔයාගේ කටහඬ අහන්න ලැබුණ එක ලොකු දෙයක්. 467 00:44:58,407 --> 00:44:59,575 හේයි, ලූකස්. 468 00:45:00,409 --> 00:45:02,327 ඔයාගේ කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු දෙයක්. 469 00:45:02,911 --> 00:45:04,830 ඔයාලට කොහොමද? ඔයාලා හොඳින්ද? 470 00:45:07,332 --> 00:45:08,959 මම සුවවෙමින් ඉන්නවා. මොකක්... 471 00:45:09,543 --> 00:45:12,379 බලන්න, වැදගත්ම දේ තමයි... ඔයා ආරක්ෂණ ක්‍රියාවලිය අක්‍රිය කරපු එක. 472 00:45:12,963 --> 00:45:16,633 ඒක කළේ මම නෙවෙයි. ඒක කළේ නොක්සුයි ෂර්ලියි... ඒ වගේම වෝකර්... 473 00:45:16,717 --> 00:45:20,429 ඔව්, හැමෝම උදව් කළා. කැමීල් පවා. ඒ නිසා, ඔව්, අපි හොඳින්. 474 00:45:20,512 --> 00:45:21,513 මට හිතෙන විදිහට. 475 00:45:21,597 --> 00:45:23,098 අඩුම තරමේ දැනටවත්. 476 00:45:24,016 --> 00:45:25,934 ඔව්, ඔයා එළියට නොයන තාක් කල්. 477 00:45:26,018 --> 00:45:29,438 ඒ වගේම මට වෙඩි තියපු එක ආපහු ආවෙ නැත්නම්. ඉතින්... 478 00:45:30,480 --> 00:45:33,442 මම ඔයාලා හැමෝවම ආපහු මෙහෙට ගේනවා... මම ඒක පොරොන්දු වෙනවා. 479 00:45:35,485 --> 00:45:36,820 මම දන්නවා. 480 00:45:36,904 --> 00:45:38,488 ඒත් ඒ දවස... 481 00:45:38,572 --> 00:45:40,282 - අද නෙවෙයි. - අද නෙවෙයි. 482 00:45:40,866 --> 00:45:41,950 මට තේරුණා. 483 00:45:45,871 --> 00:45:47,122 ජූල්ස්, මට ඔයාව ගොඩක් මතක් වුණා. 484 00:46:00,302 --> 00:46:02,262 ඒ වගේම මම ගොඩක් දේවල් හොයාගත්තා විශ්වය ගැන. 485 00:46:02,346 --> 00:46:04,097 මං කැමතියි ඒ ගැන කියලා ඔයාව කම්මැලි කරන්න, ඒ නිසා... 486 00:46:05,390 --> 00:46:08,352 ඔයා මාව කම්මැලි කරනකම් මට ඉවසිල්ලක් නෑ. 487 00:46:12,898 --> 00:46:14,149 ඉතින්, මම... 488 00:46:15,150 --> 00:46:16,902 මට ඊට කලින් දෙයක් කරන්න තියෙනවා, හරිද? 489 00:46:17,694 --> 00:46:21,740 මට අර දොර ගැන හිතෙන එක නවත්තන්න බෑ ඔයා කැනීම් කුහරයෙන් හොයාගත්තු. 490 00:46:23,909 --> 00:46:25,077 මට එතනට යන්න වෙනවා. 491 00:46:26,286 --> 00:46:27,788 මට දැනගන්න ඕනේ ඒකෙන් කොහෙටද යන්නේ කියලා. 492 00:46:39,716 --> 00:46:41,426 හේයි. ඔයා සිහියෙන්ද ඉන්නේ? 493 00:46:42,427 --> 00:46:44,221 හලෝ. හේයි. 494 00:46:44,888 --> 00:46:47,766 ඔව්. මේ ඉන්නේ. මට පේනවා ඔයා සිහියෙන් කියලා. 495 00:46:50,811 --> 00:46:52,688 හිමින්, හිමින්, හිමින්. 496 00:46:53,355 --> 00:46:56,817 මගේ නම ෆිල්. මම තමයි ඔයාව පිළිගන්න කෙනා. දන්නවද ඔයා කවුද කියලා? 497 00:46:56,900 --> 00:46:58,443 - ඔයාට ඔයාගේ නම මතකද? - ට්‍රෝයි. 498 00:46:58,527 --> 00:47:01,446 ට්‍රෝයි. නියමයි, ට්‍රෝයි. ඉතින් ඔයා මොනවද කරන්නේ? 499 00:47:02,197 --> 00:47:03,699 මම විශේෂඥයෙක්. 500 00:47:03,782 --> 00:47:05,075 නියමයි. 501 00:47:05,158 --> 00:47:08,787 දැන් අවුරුදු 35ක් වෙනවා ඔයාගේ අන්තිම රාජකාරියට පස්සේ. 502 00:47:08,871 --> 00:47:11,582 ඒත් අහන්න, අපි ඔයාව ඉක්මනින් අවදි කළා. 503 00:47:11,665 --> 00:47:13,584 ඔයාගේ ශරීර උෂ්ණත්වය තාමත් ගොඩක් අඩුයි. 504 00:47:13,667 --> 00:47:15,669 අපි ඔයාට තාප සංවේදනයක් දෙන්න යන්නේ, හරිද? 505 00:47:15,752 --> 00:47:17,004 - කෙළින්න. - මං දන්නවා. මං දන්නවා. 506 00:47:17,087 --> 00:47:18,672 ඔයාට ආපහු ඇලවෙන්න පුළුවන්ද? මම අල්ලගෙන ඉන්නම්. 507 00:47:18,755 --> 00:47:20,716 පස්සට වෙන්න. සම්පූර්ණයෙන්ම පස්සට වෙන්න. 508 00:47:20,799 --> 00:47:23,552 ඔයාට හපාගෙන ඉන්න මොනවා හරි ඕනෙද? මේ තියෙන්නේ. 509 00:47:31,810 --> 00:47:32,811 වික්ටර් කෝ? 510 00:47:33,812 --> 00:47:36,857 මාත් දන්නේ නෑ. මිනිහා මොකක් හරි වැඩක පැටලිලා ඇති. 511 00:47:37,482 --> 00:47:38,775 මොන වැඩකද? 512 00:47:40,110 --> 00:47:41,904 ඔව්, එයාලා අපිට කියයි කියලා ඔයාට හිතෙනවා නේද? 513 00:47:42,404 --> 00:47:45,032 ඒ කියන්නේ... ඔයාලා මුලින්ම දකින මුහුණු තමයි අපි. 514 00:47:45,115 --> 00:47:47,910 අපි ඔයාලට ඉක්මන් දැනුවත් කිරීමක් නොකරන්න කිසිම හේතුවක් නෑ. 515 00:47:47,993 --> 00:47:49,494 හේයි. ඔයා උඩ තට්ටුවට ගියාම... 516 00:47:49,578 --> 00:47:53,999 කාටහරි මතක් කරන්න... දන්නවනේ, අපි නිකම්ම නිකන් ශිශිර නිද්‍රා අංශයේ වඳුරෝ නෙවෙයි කියලා. 517 00:47:54,791 --> 00:47:59,505 අපි තමයි අවදි කිරීම් කරන්නේ, අපි තමයි හදිසි වෛද්‍ය තත්ත්වයන් පාලනය කරන්නේ. 518 00:47:59,588 --> 00:48:01,298 අපි දක්ෂ වෘත්තිකයින්. 519 00:48:01,381 --> 00:48:06,386 මං දන්නවා ඔයා ගොඩක් රාජකාරීන් කරනවා කියලා. ඒත් මාව විශ්වාස කරන්න, අපේ J-7 රාජකාරිය තමයි හොඳම. 520 00:48:06,470 --> 00:48:09,431 නියම මිනිස්සු, නියම බැඳීමක්... ගොඩක් වැඩ කරනවා. 521 00:48:09,515 --> 00:48:12,434 වැඩමුරේ ලොක්කා ටිකක් අපතයා වුණාට මිනිහා උත්සාහ කරන්නේ අපිව හරියට වැඩේට යොමු කරන්න... 522 00:48:12,518 --> 00:48:14,728 අපි හැමෝම සයිලෝ එකට 110%ක් ලබා දෙනවා කියලා තහවුරු කරන්න. 523 00:48:14,811 --> 00:48:16,647 ඒ වගේම අපි මරු පාටි දානවා. ඔයත් එන්න ඕනේ. 524 00:48:16,730 --> 00:48:18,774 මිනිස්සු පිස්සු වැටෙයි සයිලෝ 17 ප්‍රශ්නෙ විසඳපු කෙනාව... 525 00:48:18,857 --> 00:48:22,778 ට්‍රෝයි. ජොයෙල්, J-7 වැඩමුරේ ප්‍රධානියා. ඉතුරු ටිකට මම ඔයාව එක්කන් යන්නම්. 526 00:48:23,362 --> 00:48:24,363 ස්තූතියි, ෆිල්. 527 00:48:27,115 --> 00:48:28,909 අපි වැඩ වලට ආවේ මාස 5කට කලින්. 528 00:48:29,743 --> 00:48:32,579 මීට මාස 3කට විතර කලින් සයිලෝ 18 අස්ථාවර වුණා. 529 00:48:33,080 --> 00:48:36,208 ඒක වුණේ එයාලගේ ෂෙරිෆ් වුණ ජුලියට් නිකල්ස්ව පිරිසිදු කරන්න යැව්වට පස්සේ. 530 00:48:36,291 --> 00:48:41,129 කොහොමහරි එයාට හොඳ ටේප් එකක් ලැබුණා, එයා කන්ද පැනලා සයිලෝ 17ට ගිහින් ආපහු ආවා. 531 00:48:44,258 --> 00:48:46,301 වික්ටර් ආරක්ෂණ ක්‍රියාවලියක් ලෑස්ති කරමිනුයි හිටියේ... 532 00:48:46,385 --> 00:48:48,595 ඒ වෙලාවේ එයාලගේ තොරතුරු තාක්ෂණ ප්‍රධානියා කැරලිකාරයෝ එක්ක එකතු වුණා. 533 00:48:49,471 --> 00:48:51,974 බටේ වහන්න එයාලට ඕනේ කරපු කාලය ලබා දුන්නා. 534 00:48:54,977 --> 00:48:55,978 වික්ටර් කෝ? 535 00:48:56,687 --> 00:48:58,397 මේ... එයාලා එයාව හොයන්න උත්සාහ කරනවා. 536 00:48:59,231 --> 00:49:02,943 අපිට ගුවනින් නිරීක්ෂණය කරන්න පුළුවන්, සම්පූර්ණයෙන්ම සන්නද්ධව අපි සූදානම් වෙමින් ඉන්නවා... 537 00:49:03,026 --> 00:49:05,737 ඔයා තීරණය කළොත් බාහිර ආරක්ෂණ ක්‍රියාවලියක් අවශ්‍යයි කියලා. 538 00:49:05,821 --> 00:49:08,657 - බාහිර ආරක්ෂණ ක්‍රියාවලියක්? - ඔව්, ඔයා 17 දී කරපු දේ. 539 00:49:08,740 --> 00:49:10,241 අපි ඒකට කියන්නේ එහෙමයි. 540 00:49:11,159 --> 00:49:12,995 මේ ජුලියට් නිකල්ස් මෝඩ පාටක් පේන්න නෑ. 541 00:49:13,078 --> 00:49:16,373 17ට වුණ දේ එයා දැක්කා නම්, එයා නම් එයාගේ මිනිස්සුන්ට එළියට යන්න දෙන එකක් නෑ. 542 00:49:17,374 --> 00:49:18,375 ඔව්. 543 00:49:20,544 --> 00:49:21,545 මෙහෙයුම් මැදිරිය. 544 00:49:22,212 --> 00:49:23,213 ඔව්. 545 00:49:24,506 --> 00:49:25,507 හරි. 546 00:49:26,008 --> 00:49:28,719 ට්‍රෝයි, වික්ටර් ඔයාට එයාගේ කාමරේට එන්න කිව්වා. 547 00:49:29,803 --> 00:49:31,638 මොනවා හරි වෙනස් වුණොත් මට කියන්න. 548 00:49:32,222 --> 00:49:33,265 මම කියන්නම්. 549 00:49:37,019 --> 00:49:38,937 මේකට මේ තරම් සෙනඟක් ගෙනියන්න පුළුවන් නේද? 550 00:49:39,021 --> 00:49:40,397 අපි බලමු, නේද? 551 00:49:51,283 --> 00:49:52,576 වික්ටර්ට මාව හම්බවෙන්න ඕනේ කිව්වා. 552 00:49:53,327 --> 00:49:55,204 - මටයි ඔයාව හම්බවෙන්න ඕනේ වුණේ. - හෙන්රි. 553 00:49:56,121 --> 00:49:57,456 මේක ඔයාගේ වැඩ මුරේද? 554 00:49:57,539 --> 00:50:00,042 නෑ, ඔයා වගේම මාවත් වේලපහ නැඟිට්ටුවා. 555 00:50:00,125 --> 00:50:02,444 මොකටද මෙයාලට අභ්‍යන්තර ආරක්ෂක අංශය? 556 00:50:16,058 --> 00:50:17,059 අපොයි. 557 00:50:17,935 --> 00:50:18,936 ඔව්. 558 00:50:22,064 --> 00:50:24,775 - මේක එළියට යනවට අපි කැමති නෑ. - නෑ, කොහෙත්ම නෑ. 559 00:50:29,696 --> 00:50:30,739 ඔයා හොඳින්ද? 560 00:50:31,865 --> 00:50:34,159 ඔව්. ඒ කිව්වේ, ඔව්. 561 00:50:34,243 --> 00:50:35,994 මම මේ... මම දන්නේ නෑ මොනවා කියන්නද කියලා. 562 00:50:37,538 --> 00:50:39,464 නිර්මාතෘවරයෙක් තමන්ගෙම ජීවිතේ නැති කරගන්නවා. 563 00:50:40,791 --> 00:50:42,292 ඒක මාරම බරපතළ දෙයක්. 564 00:50:42,876 --> 00:50:44,169 එයා සටහනක් තියලා තිබුණද? 565 00:50:44,253 --> 00:50:45,254 තාම එකක් හම්බවුණේ නෑ. 566 00:50:46,004 --> 00:50:50,759 ඒත් එයා මැරෙන්න කලින් දුන්න අන්තිම නියෝගය තමයි... ඔයාව නැඟිට්ටවන්න කියන එක. 567 00:50:51,760 --> 00:50:56,348 ඉතින්, මම හිතුවා එයාට තිබුණ ප්‍රශ්නේ ගැන ඔයා මොනවා හරි දන්නවා ඇති කියලා. 568 00:51:00,185 --> 00:51:03,355 ඔයාලා දෙන්නා ගොඩක් වෙලාවට එකට වැඩ කළා. 569 00:51:03,438 --> 00:51:07,192 මට හිතුණේ ඔයා රාජකාරියේ ඉන්නකොට එයාටත් ඒකෙම ඉන්න ඕනේ වුණා වගෙයි. 570 00:51:12,406 --> 00:51:13,949 මට කිසිම අදහසක් නෑ. 571 00:51:14,783 --> 00:51:16,660 මට සමහර වෙලාවට තේරුණා එයා... 572 00:51:18,453 --> 00:51:22,040 එයා මාව මුළ ඉඳන්ම දන්නවා කියලා... ඒත් පැහැදිලිවම එයාට ඒක කියන්න බැරි වුණා. 573 00:51:22,124 --> 00:51:23,208 නෑ. 574 00:51:35,053 --> 00:51:36,263 එයා හොඳ මනුස්සයෙක්. 575 00:51:37,139 --> 00:51:39,308 මම එයාට කැමතියි. 576 00:51:39,975 --> 00:51:42,686 මම එයාව ඇත්තටම අඳුරගෙන හිටියද කියන්න මම දන්නේ නෑ. 577 00:52:08,003 --> 00:52:09,004 හරි. 578 00:52:09,546 --> 00:52:10,589 ඔයාලා හොඳින්ද? 579 00:52:12,716 --> 00:52:13,926 මම හිතුවේ ඔයා වතුරට කැමති නෑ කියලා. 580 00:52:14,009 --> 00:52:15,260 ඔව්, මම කැමති නෑ. 581 00:52:15,969 --> 00:52:17,679 17න් පස්සේ, මම ඒකට වෛර කරනවා. 582 00:52:19,014 --> 00:52:20,307 හරි, එහෙනම්... 583 00:52:20,891 --> 00:52:23,936 ලූකස් කිව්වා එයා කැනීම් කුහරයේ වම් පැත්තට ගියා කියලා, ඒ නිසා... 584 00:52:26,188 --> 00:52:27,189 - ඔව්? - හරි. 585 00:52:42,996 --> 00:52:45,290 හරි, යමු. 586 00:52:54,925 --> 00:52:57,302 ජොයෙල්, මට කතාබහේ පටිගත කිරීම අහන්න ඕනේ... 587 00:52:57,386 --> 00:52:58,762 වික්ටර් සහ කැමීල් සිම්ස් අතර වුණ. 588 00:52:58,846 --> 00:53:00,764 - හරි, සර්. - ඒ වගේම ඉංජිනේරු අංශයේ ඉන්නේ කවුද? 589 00:53:01,348 --> 00:53:02,558 මම හොයලා බලන්නම්. 590 00:53:02,641 --> 00:53:03,809 එයාලව ලෑස්ති කරලා තියන්න. 591 00:53:03,892 --> 00:53:05,602 අපි විදිහක් හොයාගන්න යන්නේ සයිලෝ 18ට ආරක්ෂණ ක්‍රියාවලියක් දාන්න. 592 00:53:05,686 --> 00:53:06,687 සර්. 593 00:53:09,147 --> 00:53:10,148 ට්‍රෝයි. 594 00:53:11,191 --> 00:53:13,861 18 වෙනි ඉදිරිපස සුරක්ෂිතාගාරය ළඟ මොනවදෝ වෙනවා. 595 00:53:13,944 --> 00:53:14,945 එහෙමද? 596 00:53:16,029 --> 00:53:17,489 - ඒක පෙන්නන්න. - හරි. 597 00:53:32,171 --> 00:53:34,840 ඉතින්, දැන් මොකද කරන්නේ? 598 00:53:37,176 --> 00:53:40,596 ලූකස් කිව්වා එයා මේක ඇල්ලුවා විතරයි කියලා. 599 00:53:48,562 --> 00:53:49,813 ජුලියට් නිකල්ස්. 600 00:53:49,897 --> 00:53:52,649 තවත් දුරට හොයලා බලන්න උත්සාහ කරන්න එපා. 601 00:53:53,358 --> 00:53:54,359 ඇයි? 602 00:53:54,860 --> 00:53:56,486 අපි මොනවා හොයාගනියි කියලාද ඔයාලා බය? 603 00:53:57,196 --> 00:53:58,947 කැනීම් කුහරයෙන් උඩට යන්න... 604 00:53:59,031 --> 00:54:01,825 ඒ වගේම තවත් දුරට හොයලා බලන්න උත්සාහ කරන්න එපා. 605 00:54:02,784 --> 00:54:04,661 අපි එහෙම කළේ නැත්නම් මොකද වෙන්නේ? 606 00:54:05,204 --> 00:54:08,040 ඔයාලගේ සයිලෝ එකේ ඉන්න හැම ජීවියෙක්ම මැරෙයි. 607 00:54:08,123 --> 00:54:11,335 ඔයාලා ඒක කරලා අසාර්ථක වුණා. ඒ වගේම අපි දන්නවා ඔයාලා දිගටම උත්සාහ කරයි කියලා. 608 00:54:11,418 --> 00:54:12,419 ඉතින්... 609 00:54:13,128 --> 00:54:14,630 අපිට නැතිවෙන්න මොනවද තියෙන්නේ? 610 00:54:27,309 --> 00:54:31,396 ඔයාලා වෙනත් සයිලෝ එකක් සම්බන්ධ කරගන්න උත්සාහ නොකරන තාක් කල්... 611 00:54:32,147 --> 00:54:33,982 ආරක්ෂණ ක්‍රියාවලියක් වෙන්නේ නෑ. 612 00:54:34,900 --> 00:54:36,666 ඔයාලා අපිට ගනුදෙනුවක්ද යෝජනා කරන්නේ? 613 00:54:40,489 --> 00:54:41,782 සම්මුතියක්. 614 00:54:42,407 --> 00:54:43,867 සම්මුතියක්? 615 00:54:47,496 --> 00:54:48,497 ඒක සාධාරණයි. 616 00:54:51,625 --> 00:54:52,626 අපි ඒක පිළිගන්නවා. 617 00:54:59,716 --> 00:55:01,635 හරි. අපි යමු. 618 00:55:49,391 --> 00:55:51,643 පොඩ්ඩක් ඉන්න, අපිට පුළුවන්ද... ඒ මොන මගුලක්ද වුණේ? ඔයා පොඩ්ඩක් නවතිනවද? 619 00:55:51,727 --> 00:55:52,728 හේයි! 620 00:55:53,228 --> 00:55:54,354 හේයි. 621 00:55:56,356 --> 00:55:57,941 ඒ මොන මගුලක්ද වුණේ? 622 00:55:58,025 --> 00:55:59,776 උන් නවතියි කියලා උඹ ඇත්තටම හිතන්නේ නෑ නේද? 623 00:55:59,860 --> 00:56:01,153 නෑ. අනිවාර්යයෙන්ම නෑ. 624 00:56:03,572 --> 00:56:04,573 හරි, මේකයි... 625 00:56:05,449 --> 00:56:07,201 අපි දන්නවා එයාලට අපිට ආරක්ෂණ ක්‍රියාවලිය කරන්න බෑ කියලා. 626 00:56:07,284 --> 00:56:09,369 ඔව්, ඒත් උන් මොනවා හරි කරන්නයි යන්නේ. 627 00:56:09,453 --> 00:56:11,788 උන් උඩින් ප්‍රහාරයක් එල්ල කළොත්... උන් එනවා අපිට පෙනෙයි. 628 00:56:11,872 --> 00:56:13,666 මුන්ට පොළව යටින් හාරගෙන එන්න පුළුවන්. 629 00:56:13,999 --> 00:56:16,585 සයිලෝ එකේ පිටත බිත්තිය හිල් කරලා විෂ ඇතුළට දාන්න පුළුවන්. 630 00:56:16,668 --> 00:56:18,253 අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ උන් මේ හරියටම එනකම්. 631 00:56:18,337 --> 00:56:22,883 ඒක ඊට වඩා ලේසි වෙන්න පුළුවන්. අර දොර... එයාලට ඒක හරහා විෂ ඇතුළට දාන්න පුළුවන්. 632 00:56:22,966 --> 00:56:24,051 අපිට ඒක පාස්සලා වහන්න පුළුවන්. 633 00:56:24,134 --> 00:56:26,428 එහෙම නැත්නම් අපිට පුළුවන් තුවක්කු ගත්තු කට්ටියක්ව ඒක මුර කරන්න දාන්න. 634 00:56:26,512 --> 00:56:30,349 නෑ. අනිත් හැම සයිලෝ එකක්මත් මුහුණ දෙන්නේ මේ තර්ජනයටමයි. 635 00:56:30,432 --> 00:56:31,767 - ඉතින්? ඔයාට එයාලට අනතුරු අඟවන්න ඕනෙද? - නෑ. 636 00:56:31,850 --> 00:56:33,227 මුන් අපිට එහෙම කරන්න එපා කිව්වා. 637 00:56:33,310 --> 00:56:35,062 කොහොමත් එහෙම කරන්න විදිහකුත් නෑ. 638 00:56:35,145 --> 00:56:37,898 බලන්න, අපි අපේ පැවැත්ම ගැන අවධානය දෙන්න ඕනේ. 639 00:56:37,981 --> 00:56:38,982 නේද? 640 00:56:40,651 --> 00:56:42,319 එයාලා අපි කරයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. 641 00:56:46,532 --> 00:56:50,953 එයාලා බලාපොරොත්තු වෙන්නේ අපි සූදානම් වෙයි කියලා, අපිවම ආරක්ෂා කරගන්න, නේද? 642 00:56:51,662 --> 00:56:56,458 ඒ කියන්නේ එයාලා සූදානම් වෙන එකක් නෑ, අපෙන් එයාලව ආරක්ෂා කරගන්න. 643 00:56:58,710 --> 00:57:03,048 ඉතින්, අපි මුලින්ම එයාලා ගාවට ගියොත්, අපිට හැමෝවම බේරගන්න පුළුවන් වෙයි. 644 00:57:08,095 --> 00:57:10,330 අපිට සයිලෝ 1 විනාශ කරන්න වෙනවා. 645 00:57:46,049 --> 00:57:47,050 හලෝ, ට්‍රෝයි. 646 00:57:49,428 --> 00:57:52,514 මේ වෙද්දි ඔයා දන්නවා ඇති මම රාජකාරී වලින් අයින් වුණා කියලා. 647 00:57:54,016 --> 00:57:55,225 සදහටම. 648 00:58:01,190 --> 00:58:03,066 ඔයා ඒකට හේතු ඔක්කොම දැනගන්න ඕනේ නෑ. 649 00:58:05,777 --> 00:58:07,196 මම මේක විතරක් කියන්නම්... 650 00:58:07,988 --> 00:58:11,241 සයිලෝ 18 වෙනුවෙන් අපි කරපු ආරක්ෂණ ක්‍රියාවලිය අසාර්ථක වුණාම... 651 00:58:13,160 --> 00:58:14,328 මට තේරුණා... 652 00:58:16,413 --> 00:58:17,777 හැමදේකටම වඩා... 653 00:58:19,708 --> 00:58:21,555 මට දැනුණේ සහනයක්. 654 00:58:27,716 --> 00:58:28,884 අපි අන්තිමට කතා කරපු වෙලාවේ... 655 00:58:29,927 --> 00:58:31,678 ඔයා මගෙන් ගෑනු කෙනෙක් ගැන ඇහුවා. 656 00:58:33,514 --> 00:58:35,265 ඒ වගේම මම ඔයාට පොරොන්දුවක් දුන්නා. 657 00:58:38,101 --> 00:58:40,312 එයාගේ නම හෙලන් ඩ්‍රෘ. 658 00:59:14,012 --> 00:59:15,666 හෙලන් ඩ්‍රෘ. 659 00:59:18,355 --> 00:59:35,000 {\fs16}Silo තුන්වන කථා මාලාව මින් නිමාවට පත්වේ. හතරවන කථා මාලාවෙන් 2027 වසරේ දි නැවත හමුවෙමු ! #UDshehan කළ උපසි‍රැසි ගැන්වීමකි. w w w . b a i s c o p e . l k