1 00:00:02,293 --> 00:00:04,293 cineru.lk වෙනුවෙන් කළ උපසිරැසි නිර්මාණයකි. 2 00:00:04,317 --> 00:00:06,317 කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 3 00:00:25,108 --> 00:00:26,151 ම්ම්? 4 00:00:33,116 --> 00:00:34,868 හරිම අපූරු තරඟාවලියක්. 5 00:00:38,247 --> 00:00:39,873 ඉවර වුණ එක තමයි අපරාදේ. 6 00:00:43,335 --> 00:00:44,836 ගෙදර නම්... 7 00:00:48,799 --> 00:00:50,717 ආහ්, එහේ හරිම කම්මැලියි. 8 00:00:53,595 --> 00:00:54,596 ඒයි. 9 00:00:56,265 --> 00:00:57,683 ඔයාට මාත් එක්ක එන්න පුළුවන්. 10 00:00:59,726 --> 00:01:01,728 ඔව්, අපි දඩයම් කරමු, උකුස්සන් යවමු... 11 00:01:02,563 --> 00:01:04,188 මුහුදේ යමු, විනෝද වෙමු. 12 00:01:04,272 --> 00:01:06,024 මම ඔයාගේ ඔය කඩුව මුවහත් කරලා දෙන්නම්, 13 00:01:06,108 --> 00:01:08,277 ඊළඟ වතාවේ ඔයා මේ වගේ මහා මෝඩයෙක් වෙන්නේ නැති වෙන්න. 14 00:01:10,070 --> 00:01:11,363 ඔයා කවදාහරි ටාර්ත් වලට ගිහින් තියෙනවද? 15 00:01:11,446 --> 00:01:13,949 -මේ මනුස්සයා මැරෙන්නයි යන්නේ, ස්වාමීනි. -ආ? මොකක්? 16 00:01:14,032 --> 00:01:17,202 ඔහුගේ තුවාල, ඒවා නරක් වෙලා. ඒක මගේ හැකියාවෙන් එහා දෙයක්. 17 00:01:17,286 --> 00:01:18,745 ඕහ්, කාලකණ්ණි මාව මරලා දායි. 18 00:01:18,829 --> 00:01:22,874 ඔයාගේ හැකියාවෙන් එහා-- කසන පුකක් හොඳ කරන්න වුණත් ඔයාට බෑනේ මගේ මිත්‍රයා. 19 00:01:22,958 --> 00:01:24,293 පලයන් යන්න, මායාකාරි! 20 00:01:24,376 --> 00:01:26,962 -මෙතනින් පලයන්. -එහෙමයි, ස්වාමීනි. මේ දැන්ම. 21 00:01:27,045 --> 00:01:30,007 වේසි. හරි. ඔයාට මුකුත් නෑ. එයා මහ කුණු මේස්ටර් කෙනෙක්. 22 00:01:32,134 --> 00:01:33,134 අහන්න. 23 00:01:36,346 --> 00:01:40,475 මාත් එක්ක ස්ටෝම්ස් එන්ඩ් වලට එන්න, මම ඔයාට සහෝදරයෙකුට වගේ ආදරය කරන්නම්. 24 00:01:46,898 --> 00:01:48,317 ආහ්, හුත්ත. 25 00:01:51,485 --> 00:01:52,696 එහෙම නැත්නම්... 26 00:01:53,739 --> 00:01:56,950 පලයන් යන්න, මම සහෝදරයෙකුට වගේ ඔයාට වෛර කරන්නම්. 27 00:02:03,498 --> 00:02:04,791 ඒක හොඳ යෝජනාවක්, ලයනල්. 28 00:02:07,586 --> 00:02:10,797 ඒත් මම කරන්නේ මගේ වටේ ඉන්න අයට වේදනාව සහ දුක ගේන එක විතරයි. 29 00:02:10,881 --> 00:02:13,342 ඔයා මේ රාජධානියට කරුණාවක් කළේ. දවසක ඔයාට ඒක තේරෙයි. 30 00:02:13,425 --> 00:02:15,510 හොඳ මකරෙක් කියන්නේ මැරුණු මකරෙකුට විතරයි. 31 00:02:15,594 --> 00:02:16,887 දෙවියන්පානේ! 32 00:02:18,347 --> 00:02:19,556 බේලර් සටන් කළේ මම වෙනුවෙන්. 33 00:02:19,640 --> 00:02:21,808 ඔහු ඔහුගේ ජීවිතය දුන්නා. 34 00:02:21,892 --> 00:02:23,894 කරුණාකරලා ඔහු ගැන පොඩි ගෞරවයකින් කතා කරන්න පුළුවන්ද? 35 00:02:23,977 --> 00:02:25,478 හුකාගනින් ඒකට, උඹත් හුකාගනින් ! 36 00:02:26,730 --> 00:02:28,565 මම උඹ වෙනුවෙන් සටන් කළා. 37 00:02:28,649 --> 00:02:30,150 හාඩිං, බීස්බරි, 38 00:02:30,233 --> 00:02:32,819 අර ඇපල් කොලුවා, අපි සටන් කළේ උඹ වෙනුවෙන්. 39 00:02:32,903 --> 00:02:36,615 උඹේ කුමාරයා උඹ වෙනුවෙන් සටන් කළේ ඔහුව ආරක්ෂා කරන්න දිවුරපු මිනිස්සුන්ට විරුද්ධව. 40 00:02:36,698 --> 00:02:38,575 ඔහු කිසිම දෙයක් අවදානමට ලක් කළේ නෑ! 41 00:02:41,953 --> 00:02:44,122 අනික දෙවියන් වංචාකාරයෙකුට උදව් කරන්නේ නෑ. 42 00:02:49,127 --> 00:02:51,254 එහෙනම් ඇයි ඔවුන් මට උදව් කළේ? 43 00:02:52,964 --> 00:02:54,716 මේක උදව්වක් නෙවෙයි, මේක... 44 00:02:56,927 --> 00:02:58,178 මේක විහිළුවක්. 45 00:03:00,597 --> 00:03:02,474 යුද්ධයක් එනවා. 46 00:03:02,557 --> 00:03:04,267 අපිට ලොකු බලයක් වෙන්න පුළුවන්, ඔයයි මමයි. 47 00:03:06,395 --> 00:03:07,896 ඔයා ඒ ගැන හිතලා බලනවද? 48 00:03:10,857 --> 00:03:13,777 හොඳයි! කෑමෙන් පස්සේ කණ්ඩායම පිටත් වෙනවා. 49 00:03:15,946 --> 00:03:18,198 ටාගේරියන් වංශයේ බේලර්. 50 00:03:19,324 --> 00:03:21,284 ඩ්‍රැගන්ස්ටෝන් හි කුමරු. 51 00:03:22,285 --> 00:03:24,788 යකඩ සිංහාසනයේ ඊළඟ උරුමක්කාරයා. 52 00:03:26,540 --> 00:03:28,542 යහපත් ඩේරන් රජුගේ හස්තය. 53 00:03:29,626 --> 00:03:31,586 රාජධානි හතේ ස්වාමියා 54 00:03:32,713 --> 00:03:35,340 සහ රාජධානියේ ආරක්ෂකයා. 55 00:03:38,552 --> 00:03:39,886 දෙවියන් ඔහුව රැකගනීවා. 56 00:04:05,120 --> 00:04:06,496 මාගේ කුමරුනි. 57 00:04:08,915 --> 00:04:10,500 ඔබේ පියා, ඔහු... 58 00:04:12,586 --> 00:04:14,004 ඔහු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. 59 00:04:14,087 --> 00:04:15,672 ඔහු මැරුණේ මගේ සන්නාහය ඇඳගෙන. 60 00:04:19,341 --> 00:04:22,387 ගොඩක් පුත්තු තමන්ගේ පියාගේ සන්නාහය ඇඳගෙන මැරිලා තියෙනවා. 61 00:04:25,974 --> 00:04:28,435 පියවරු කීදෙනෙක් තමන්ගේ පුතාගේ සන්නාහයෙන් මැරිලා තියෙනවද? 62 00:04:33,440 --> 00:04:34,983 මට කියන්න බෑ. 63 00:04:43,074 --> 00:04:44,326 ඔහු තවමත් තරුණයි. 64 00:04:46,828 --> 00:04:49,122 ශ්‍රේෂ්ඨ රජෙක් වෙන්න ඔහුට හැකියාව තිබුණා. 65 00:04:49,206 --> 00:04:51,750 මකර ඒගොන්ගෙන් පස්සේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතමයා. 66 00:04:57,214 --> 00:04:59,633 ඇයි දෙවියන් ඔහුව අරගෙන ඔයාව ඉතුරු කළේ? 67 00:05:04,888 --> 00:05:06,515 මාත් කල්පනා කළේ ඒකමයි. 68 00:05:13,730 --> 00:05:15,315 යන්න යන්න, සර් ඩන්කන්. 69 00:05:28,453 --> 00:05:30,914 සර් ඩන්කන්. ඩන්ක්! 70 00:05:34,584 --> 00:05:36,670 මම ඔයාගේ කඳවුර පැත්තට ගියා, ඒත් ඔයා හිටියේ නෑ. 71 00:05:37,754 --> 00:05:39,256 මම බයවෙන්නත් පටන් ගත්තා. 72 00:05:41,049 --> 00:05:42,634 ඔයා එන්නේ බේලර්ගේ අවමඟුලෙ ඉඳන්ද? 73 00:05:44,469 --> 00:05:45,887 මට විශ්වාස කරන්නත් බෑ ඔයා ගියා කියලා. 74 00:05:46,888 --> 00:05:48,223 මම හිතුවා මම ඔහුට ඒක ණයගැතියි කියලා. 75 00:05:53,895 --> 00:05:55,313 හැමෝම... 76 00:05:55,397 --> 00:05:58,108 හැමෝම එයාගේ මරණෙට මට බණිනවා නේද? 77 00:06:01,862 --> 00:06:03,113 මම නෑ. 78 00:06:21,631 --> 00:06:22,632 හරි. 79 00:06:30,098 --> 00:06:31,433 ස්ටෙෆොන් මගේ කූඩාරම ගත්තා. 80 00:06:31,516 --> 00:06:33,894 කිව්වා මම එයාව දාලා ගිහින් පවුලට ද්‍රෝහි වුණා කියලා. 81 00:06:35,145 --> 00:06:36,521 ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? 82 00:06:37,772 --> 00:06:39,065 වෙන මුකුත් ඉතුරු වුණේ නෑ. 83 00:06:39,149 --> 00:06:40,734 මට කණගාටුයි රේමන්. 84 00:06:40,817 --> 00:06:43,153 නෑ, එහෙම වෙන්න එපා. එයාට පිස්සු එයා පැරදුණ නිසා. 85 00:06:43,987 --> 00:06:45,405 අවුරුදු 100කට පස්සේ තිබුණ පළවෙනි හත්දෙනාගේ නඩු විභාගය, 86 00:06:45,488 --> 00:06:48,366 ලෝඩ් ස්ටෙෆොන් ෆොසොවේ එයාගේ පොඩි මස්සිනාගෙන් ගුටි කෑවා. 87 00:06:49,868 --> 00:06:52,746 අනික, ඉදුණේ නැති කොළ ඇපල් ගෙඩියක් වෙන එක හොඳයි 88 00:06:52,829 --> 00:06:54,414 පණුවො කාපු රතු ඇපල් ගෙඩියක් වෙනවට වඩා. 89 00:07:00,003 --> 00:07:01,630 ඔයාට ගැළපෙනවා. 90 00:07:01,713 --> 00:07:03,548 මම හිතන්නේ මම මගේ මස්සිනාගේ ඉළඇටයක් කැඩුවා. 91 00:07:05,008 --> 00:07:06,134 සුභ උදෑසනක්. 92 00:07:12,182 --> 00:07:13,308 සුභ උදෑසනක්. 93 00:07:13,391 --> 00:07:15,769 සර් ඩන්කන්, මේ රෝවන්... 94 00:07:21,066 --> 00:07:22,484 ග්‍රීන් ඇපල් ෆොසොවේ පවුලේ. 95 00:07:24,569 --> 00:07:26,655 -ආ? -මගේ බිරිඳ. 96 00:07:26,738 --> 00:07:28,907 හමුවීම සතුටක්, සර් ඩන්කන්. 97 00:07:30,325 --> 00:07:31,743 ඕහ්! හරි. 98 00:07:32,369 --> 00:07:34,704 මටත් සතුටුයි, ලේඩි රෝවන්. 99 00:07:34,788 --> 00:07:36,247 එයා ඇවිත් සටන බැලුවා. 100 00:07:36,331 --> 00:07:38,541 -කිව්වා මම කැලෑ ගොනෙක් වගේ සටන් කළා කියලා. -ම්ම්. 101 00:07:39,209 --> 00:07:40,794 ඒ වගේම ඒ අලංකාරයත් එක්කම. 102 00:07:48,343 --> 00:07:49,427 ආහ්. 103 00:07:49,511 --> 00:07:52,138 මගේ තුවාල වලට බෙහෙත් කරන්න මට සහායකයෙක් හිටියේ නෑ, 104 00:07:52,222 --> 00:07:54,474 ඉතින් එයා මගේ සන්නාහය ගලවන්න උදව් කරන්න ඉදිරිපත් වුණා, ඊටපස්සේ... 105 00:07:59,646 --> 00:08:01,940 කොහොමහරි, එයා කියනවා දැන් එයාට මගෙන් ළමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා, 106 00:08:02,023 --> 00:08:04,150 ඉතින් මම හිතුවා අපි කසාද බඳින්න ඕනේ කියලා. 107 00:08:07,445 --> 00:08:08,655 පිරිමි ළමයෙක් වගේ දැනෙන්නේ. 108 00:08:09,572 --> 00:08:11,574 ඇහුණද සර් ඩන්කන්? පිරිමි ළමයෙක්. 109 00:08:14,244 --> 00:08:16,204 ඒක... 110 00:08:19,040 --> 00:08:20,041 සර් ඩන්කන්. 111 00:08:21,042 --> 00:08:22,544 මේකාර් කුමරුට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු. 112 00:08:23,545 --> 00:08:25,588 -ඔයා අපිත් එක්ක එන්න ඕනේ. -එයා කොහේවත් යන්නේ නෑ. 113 00:08:25,672 --> 00:08:27,799 -එයාට ඇතිවෙන්න කරදර වුණා. -ඒකට කමක් නෑ. 114 00:08:34,556 --> 00:08:35,724 මට මුකුත් වෙන එකක් නෑ. 115 00:08:37,350 --> 00:08:38,476 සුභපැතුම්. 116 00:09:08,757 --> 00:09:10,967 මම ඒරියන්ව නැගෙනහිරට යවනවා. 117 00:09:13,511 --> 00:09:18,058 නිදහස් නගරවල අවුරුදු කිහිපයක් හිටියම එයා යහපත් විදිහට වෙනස් වෙයි. 118 00:09:26,357 --> 00:09:29,027 සමහර මිනිස්සු කියයි මට ඕන වුණේ මගේ සහෝදරයාව මරන්න කියලා. 119 00:09:31,821 --> 00:09:34,783 දෙවියන් දන්නවා ඒක බොරුවක් කියලා, ඒත් මට මේ කතා ඇහෙයි 120 00:09:34,866 --> 00:09:36,618 මම මැරෙන දවස වෙනකම්. 121 00:09:38,286 --> 00:09:40,997 ඔයා තමයි යගදාව වැනුවේ, ස්වාමීනි. 122 00:09:43,708 --> 00:09:46,336 ඒත් බේලර් කුමරු මැරුණේ මම වෙනුවෙන්. 123 00:09:47,337 --> 00:09:49,422 මිනිස්සු ඔයාටත් බණිනවා ඔයාට ඇහෙයි. 124 00:09:50,965 --> 00:09:52,509 රජතුමා දැන් වයසයි. 125 00:09:53,843 --> 00:09:58,723 ඔහු මැරුණම, හැමවෙලේම යුද්ධයක් පැරදුණාම හරි අස්වැන්න පාළු වුණාම හරි, 126 00:09:58,807 --> 00:10:01,434 මෝඩයෝ කියයි බේලර් හිටියා නම් මේක වෙන්න ඉඩ තියෙන එකක් නෑ කියලා. 127 00:10:04,979 --> 00:10:06,940 ඒත් හෙජ් නයිට් ඔහුව මැරුවා කියලා. 128 00:10:10,110 --> 00:10:11,820 මම සටන් නොකළා නම්, 129 00:10:13,863 --> 00:10:16,116 ඔයා මගේ අතයි කකුලයි කපනවා. 130 00:10:18,743 --> 00:10:21,996 මම අද උදේ ගහක් යට ඉඳගෙන 131 00:10:23,164 --> 00:10:25,416 මම මගෙන්ම ඇහුවා, මට එකක් ඉතුරු කරන්න තිබුණද කියලා? 132 00:10:31,631 --> 00:10:35,635 මම කියන්නේ, කොහොමද කකුලක් කුමාරයෙකුගේ ජීවිතයකට වඩා වටින්නේ? 133 00:10:37,178 --> 00:10:39,556 ඉතින් ඔයාගේ ගහ ඔයාට මොන උත්තරේද දුන්නේ? 134 00:10:47,230 --> 00:10:50,150 හැමදාම හැන්දෑවට, 135 00:10:51,317 --> 00:10:54,821 සර් ආර්ලන් කියනවා, "මට හිතාගන්න බෑ හෙට දවස මොනවා ගෙනෙයිද කියලා." 136 00:10:57,824 --> 00:11:00,869 මට ඒ කකුල ඕන වෙන හෙට දවසක් එන්න බැරිද, 137 00:11:00,952 --> 00:11:05,456 රාජධානියට කුමාරයෙකුගේ ජීවිතේට වඩා ඒ කකුල ඕන වෙන දවසක්? 138 00:11:08,585 --> 00:11:10,170 එහෙම වෙන්න කිසිම ඉඩක් නෑ. 139 00:11:11,254 --> 00:11:14,007 රාජධානියේ වැටවල් ගාණටම හෙජ් නයිට්වරු ඉන්නවා. 140 00:11:23,099 --> 00:11:26,102 මගේ බාල පුතා ඔයාට කැමති වෙලා වගේ, සර්. 141 00:11:27,437 --> 00:11:29,189 එයාට සහායකයෙක් වෙන්න කාලේ හරි. 142 00:11:30,732 --> 00:11:34,027 ඒත් එයා මට කියනවා එයා ඔයාට ඇරෙන්න වෙන කිසිම නයිට්වරයෙකුට සේවය කරන්නේ නෑ කියලා. 143 00:11:36,237 --> 00:11:39,407 එයා හරි දඟ ළමයෙක්, ඔයාටත් තේරෙන්න ඇතිනේ. 144 00:11:39,490 --> 00:11:40,867 එයා හොඳ ළමයෙක්. 145 00:11:40,950 --> 00:11:43,286 එයාට සැරින් ඉන්න කෙනෙක් ඕනේ, එච්චරයි. 146 00:11:46,247 --> 00:11:47,457 ඔයා එයාව බාරගන්නවද? 147 00:11:50,919 --> 00:11:52,170 මම? 148 00:11:52,253 --> 00:11:54,422 සමර්හෝල් වල ඔයාට තැනක් තියෙනවා. 149 00:11:56,216 --> 00:11:59,677 ඔයා මට පක්ෂපාතී වෙන්න දිවුරන්න ඕනේ, එතකොට ඒගොන්ට ඔයාගේ සහායකයා වෙන්න පුළුවන්. 150 00:11:59,761 --> 00:12:02,013 ඔයා එයාව පුහුණු කරන ගමන්, 151 00:12:02,096 --> 00:12:04,641 මගේ ආයුධ පුහුණුකරු ඔයාගේ පුහුණුව ඉවර කරලා දෙයි. 152 00:12:07,268 --> 00:12:10,730 ඔයාගේ සර් ආර්ලන් එයාට පුළුවන් හැමදේම ඔයා වෙනුවෙන් කරන්න ඇති, මට ඒ ගැන සැකයක් නෑ. 153 00:12:12,857 --> 00:12:14,901 ඒත් ඔයාට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. 154 00:12:23,660 --> 00:12:25,662 මට සමාවෙන්න ස්වාමීනි. 155 00:12:29,916 --> 00:12:31,751 ඒත් මම හිතන්නේ මට දැන් කුමාරවරු ඇතිවෙලා තියෙන්නේ. 156 00:12:35,505 --> 00:12:36,506 ඔව්. 157 00:12:57,485 --> 00:12:58,861 ඔයා ඔත්තු බැලුවද? 158 00:13:02,865 --> 00:13:03,866 නෑ. 159 00:13:13,584 --> 00:13:15,211 ඔයාට ගොඩක් රිදෙනවද? 160 00:13:23,970 --> 00:13:26,139 -සර්? -මට බෑ, එග්. 161 00:13:28,308 --> 00:13:29,309 මට සමාවෙන්න. 162 00:13:36,983 --> 00:13:39,319 සමහරවිට ඔයා මම හිතුවා වගේ නයිට්වරයෙක් නෙවෙයි වෙන්න ඇති. 163 00:14:00,631 --> 00:14:02,717 ඔයා මේ කතාව කලින් අහලා තියෙනවද? 164 00:14:04,886 --> 00:14:06,095 ගොඩක් වතාවක්. 165 00:14:06,179 --> 00:14:07,972 කොහෙන්ද? 166 00:14:10,391 --> 00:14:11,476 ඔයාගෙන්. 167 00:14:12,310 --> 00:14:13,311 ඕහ්. 168 00:14:21,611 --> 00:14:24,572 -මට ඔයාගෙන් අහන්න පුළුවන්ද සර්-- -ස්වාමියෙක් තමන්ගේ සේනාව කැඳවලා 169 00:14:24,655 --> 00:14:27,617 අපි වගේ කොල්ලන්ව යුද්ධෙට යවනකොට, 170 00:14:27,700 --> 00:14:30,411 එක සිරිතක් තියෙනවා හැමෝම තඹ කාසියක් 171 00:14:30,495 --> 00:14:33,164 ඇණ ගහන්න ඕනේ චතුරස්‍රයේ තියෙන ඕක් ගහේ. 172 00:14:34,165 --> 00:14:37,001 ආපහු ආවොත්, ඒක ගලවගන්න ඕනේ. 173 00:14:38,336 --> 00:14:40,338 ඕහ්, ඒක මහා ලොකු ඕක් ගහක්. 174 00:14:41,756 --> 00:14:43,424 ඒත්, 175 00:14:43,508 --> 00:14:48,179 අලුත් තඹ කාසියක් ඇණ ගහන්න ඉඩක් හොයාගන්න එක ගොඩක් අමාරුයි. 176 00:14:53,393 --> 00:14:55,770 ඇයි ඔයා මාව කවදාවත් නයිට්වරයෙක් කළේ නැත්තේ? 177 00:14:58,231 --> 00:14:59,857 ඔයා හිතුවද මම ඔයාව දාලා යයි කියලා? 178 00:15:02,318 --> 00:15:03,653 මම එහෙම කරන්නේ නෑ. 179 00:15:08,408 --> 00:15:10,076 එහෙමත් නැත්නම් වෙන මොකක්හරිද? 180 00:15:16,082 --> 00:15:17,083 සර්? 181 00:15:22,296 --> 00:15:23,297 සර්? 182 00:15:29,929 --> 00:15:30,972 සර්? 183 00:15:55,288 --> 00:15:58,915 අන්න ඒ නිසයි ඒකට පෙනීට්‍රී කියලා කියන්නේ. 184 00:16:01,502 --> 00:16:06,299 සැබෑ නයිට්වරයෙක් හැමතිස්සෙම කතාවක් ඉවර කරනවා. 185 00:16:10,094 --> 00:16:11,971 -බීස්බරිට. -හාඩිංටත්. 186 00:16:12,805 --> 00:16:14,932 -ඔවුන්ගේ මතකයට. -නිර්භීත හදවත් වලට. 187 00:16:16,017 --> 00:16:17,768 කොහොමද එයාලා මී මැස්සන්ව ඒ වගේ එකතු කළේ? 188 00:16:21,230 --> 00:16:23,316 මොකක්හරි මායාවක්ද? 189 00:16:23,399 --> 00:16:24,400 මායාවක්? 190 00:16:25,401 --> 00:16:26,611 මොකක්? 191 00:16:26,694 --> 00:16:28,446 එයාලා රැජිනව බීස්බරිගේ මිනී පෙට්ටියට දැම්මා. 192 00:16:30,948 --> 00:16:32,283 ඕහ්! 193 00:16:32,366 --> 00:16:35,453 මහ මඟුල් මී මැසි මායාවක්. මගේ අහිංසක රණශූරයා. 194 00:16:35,536 --> 00:16:38,080 ඔය ඔක්කොම සටන් කරලා ඔයාගේ මොළේ ඇපල් ජෑම් වෙලා. 195 00:16:45,338 --> 00:16:48,132 -ඔයා පරාදයි කියලා පිළිගන්නවද මකර වේසි? -ගූ කාපන් සාරා! 196 00:16:48,216 --> 00:16:50,718 වැඩකාර කොල්ලෝ! මගේ කුසලානය. 197 00:17:10,988 --> 00:17:12,990 මෙතනට එන්න ඔයාට ලැජ්ජාවක් නැද්ද? 198 00:17:15,535 --> 00:17:17,912 ඔයා නිසා තමයි අර මිනිස්සු මැරුණේ. 199 00:17:24,961 --> 00:17:26,546 ඔයා එග්ව සහායකයා විදිහට බාරගන්නවද? 200 00:17:31,467 --> 00:17:32,635 මම ඔයාගේ තාත්තට කිව්වා. 201 00:17:34,053 --> 00:17:35,429 එයා මට අදාළ නෑ දැන්. 202 00:17:37,223 --> 00:17:39,183 ඔයා දන්නවද... 203 00:17:39,267 --> 00:17:41,894 මගේ සහෝදරයා හැමතිස්සෙම ඔය වගේ රාක්ෂයෙක් වෙලා හිටියේ නෑ. 204 00:17:43,604 --> 00:17:44,939 එග් රාක්ෂයෙක් නෙවෙයි. 205 00:17:45,856 --> 00:17:46,857 එයා නිකම්ම කොල්ලෙක්. 206 00:17:46,941 --> 00:17:48,359 මම එග් ගැන නෙවෙයි කිව්වේ. 207 00:17:48,442 --> 00:17:51,612 ඒත් සැකයක් නෑ අපි එයාවත් නියම පිරිමියෙක් කරයි. 208 00:17:55,241 --> 00:17:59,245 වෙදවරු කියනවා වගේ සමහරවිට පිස්සුවේ බීජ වපුරලා තියෙන්නේ කුසයේදීම වෙන්න ඇති. 209 00:18:02,373 --> 00:18:04,458 ඒත් ඒරියන් කාලයක් හරිම සතුටින් හිටපු ළමයෙක්. 210 00:18:05,710 --> 00:18:07,253 එයා මාළු බාන්න ආස කළා. 211 00:20:08,708 --> 00:20:10,292 මොකක්? 212 00:20:10,376 --> 00:20:13,295 සර් ඩන්කන්, ස්වාමීනි, ඔයාව හම්බෙන්න අවසර ඉල්ලනවා. 213 00:20:28,853 --> 00:20:31,772 මට ඕනේ ඔයා දැනගන්න, මගේ උපන්දිනය විනාශ කළාට මම ඔයාට දොස් කියන්නේ නෑ කියලා. 214 00:20:31,856 --> 00:20:35,484 එයාලා ඔයාට කළේ හරිම කැත වැඩක්, ඔයා ඒකට දුන්න උත්තරේ හරි. 215 00:20:38,571 --> 00:20:39,572 ස්තූතියි. 216 00:20:46,954 --> 00:20:49,832 ඉක්මනට කියන්න. මම මේ තැනින් යන්නයි හදන්නේ. 217 00:20:50,958 --> 00:20:52,460 ඔයාගේ සහෝදරයා මැරෙන්න කලින්, 218 00:20:52,543 --> 00:20:54,420 එයා කිව්වා රාජධානියට හොඳ මිනිස්සු ඕනේ කියලා. 219 00:20:54,503 --> 00:20:55,671 ඉතින් ඒකට මොකද? 220 00:20:56,881 --> 00:20:58,507 මම එග්ව සහායකයා විදිහට බාරගන්නම්. 221 00:21:00,092 --> 00:21:01,469 ඒත් සමර්හෝල් වලදි නෙවෙයි. 222 00:21:03,429 --> 00:21:05,598 මම හිතුවේ ඔයාට කුමාරවරු ඇතිවෙලා කියලා. 223 00:21:05,681 --> 00:21:06,974 එග් කුමාරයෙක් නෙවෙයි. 224 00:21:07,975 --> 00:21:08,976 තාම නෑ. 225 00:21:10,895 --> 00:21:14,064 සමහරවිට එයා මාලිගා වලින් ඈත් වෙලා ඉන්න එක හොඳ වෙයි, 226 00:21:14,148 --> 00:21:16,609 -සේවකයින්ගෙන්, සහ-- -එයාගේ පවුලෙන්? 227 00:21:22,698 --> 00:21:24,283 ඔයා කැමති නම්... 228 00:21:25,951 --> 00:21:28,204 මම එයාව මාත් එක්ක ගමනට එක්කන් යන්නම්. 229 00:21:29,079 --> 00:21:30,706 මම වගේම එයා සහායකයෙක් වෙන්න ඉගෙනගනී. 230 00:21:31,707 --> 00:21:34,919 අපි තානායම් වල, අශ්ව ගාල් වල නිදාගමු. 231 00:21:36,921 --> 00:21:40,633 ඉඳලා හිටලා, ඉඩම් තියෙන නයිට්වරයෙකුගේ 232 00:21:40,716 --> 00:21:42,134 හරි කුඩා ස්වාමියෙකුගේ හරි ගෙදරක. 233 00:21:44,845 --> 00:21:46,806 සමහරවිට ගහක් යට, අපිට සිද්ධ වුණොත්. 234 00:21:46,889 --> 00:21:49,683 ගොවියෙක් වගේ ජීවත් වෙන එක මම එයාට තහනම් කරනවා. 235 00:21:50,392 --> 00:21:52,269 ඒගොන් කියන්නේ මකරුන්ගේ ලේ. 236 00:21:53,395 --> 00:21:57,775 එයාට කාණු වල නිදාගෙන අමාරුවෙන් ලුණු දාපු හරක් මස් කන්න බෑ. 237 00:22:02,029 --> 00:22:03,906 ඩේරන් කවදාවත් කාණුවක නිදාගත්තේ නෑ. 238 00:22:06,867 --> 00:22:09,078 අනික ඒරියන් කාපු හැම හරක් මස් එකක්ම 239 00:22:10,162 --> 00:22:11,789 ඝනයි, අමුයි, ලේ පෙරාගෙන තිබුණේ. 240 00:22:23,133 --> 00:22:25,177 එයා මගේ අන්තිම පුතා. 241 00:22:47,783 --> 00:22:49,159 ස්වීට්ෆුට්! 242 00:22:53,914 --> 00:22:55,082 ඔයා මෙහේ මොකද කරන්නේ කෙල්ලේ? 243 00:22:59,378 --> 00:23:01,839 මට ඇහුණා සර් ලයනල් ඔයාව මුව දඩයමකට එක්කන් යන්න අහනවා කියලා. 244 00:23:01,922 --> 00:23:04,091 ස්ටෝම්ස් එන්ඩ් කියන්නේ දුක හිතෙන තැනක්. 245 00:23:04,174 --> 00:23:06,218 මම හිතුවා පරණ යාළුවෙක් ඔයාගේ හිත හදයි කියලා. 246 00:23:09,388 --> 00:23:11,181 ඔයා මට අශ්වයෙක් ගත්තද? 247 00:23:16,312 --> 00:23:17,771 මම ලයනල් එක්ක යන්නේ නෑ. 248 00:23:20,608 --> 00:23:22,276 එහෙනම් ඔයා මොනවද කරන්නේ? 249 00:23:22,518 --> 00:23:23,895 මම මුල ඉඳන්ම කරන්න තිබුණ දේ. 250 00:23:25,321 --> 00:23:27,072 මෙයාව අනිත් පැත්තට පදවන එක. 251 00:23:29,283 --> 00:23:31,243 ඔයා ගැන මොකද? 252 00:23:31,327 --> 00:23:33,037 මම දන්නේ නෑ. 253 00:23:33,120 --> 00:23:36,373 අප්පච්චි හැමතිස්සෙම කිව්වේ සයිඩර් ව්‍යාපාරය දියුණු කරන එක ගැන, 254 00:23:36,457 --> 00:23:38,667 අලුත් බැරල් කර්මාන්තශාලාවක් පටන් ගන්න එක ගැන. 255 00:23:40,283 --> 00:23:41,284 සයිඩර්? 256 00:23:42,653 --> 00:23:46,133 කොහොමවුණත් ඔයාට ඔයාගේ ස්වීට්ෆුට්ව ආපහු ඕන වෙයි. 257 00:23:51,764 --> 00:23:52,890 එයා මගේ නෙවෙයි. 258 00:23:54,266 --> 00:23:55,309 දැන් නෑ. 259 00:23:58,812 --> 00:23:59,813 අනික... 260 00:24:01,190 --> 00:24:02,983 මම හිතන්නේ එයාට පලතුරු වත්තක් වඩාත් ගැළපෙයි. 261 00:24:04,485 --> 00:24:06,320 මොකක්? 262 00:24:06,403 --> 00:24:07,863 මට බෑ. 263 00:24:09,365 --> 00:24:10,449 ඔයාට විශ්වාසද? 264 00:24:12,284 --> 00:24:14,286 එයා හොඳ සතෙක්. 265 00:24:16,205 --> 00:24:18,874 කොහොමද ස්වීට්ෆුට්. ඔයා ඇපල් වලට ආසද? 266 00:25:50,090 --> 00:25:52,384 මම දන්නේ නෑ චෙස්නට්. මගෙන් අහන එක නවත්තන්න. 267 00:25:55,721 --> 00:25:57,765 නාකියා කොහේ යන්න ඇත්ද? හ්ම්? 268 00:26:04,438 --> 00:26:05,314 සර් ඩන්කන්! 269 00:26:09,735 --> 00:26:11,695 මගේ පියා කියනවා මම ඔයාට සේවය කරන්න ඕනේ කියලා. 270 00:26:21,497 --> 00:26:24,083 "ඔයාට සේවය කරනවා, සර්." 271 00:26:25,626 --> 00:26:28,212 චෙස්නට් ඔයාගේ. එයාට ආදරෙන් සලකන්න. 272 00:26:29,630 --> 00:26:32,508 අනික මම ඔයාව තිබ්බොත් මිසක් ඔයා නිකන් තන්ඩර් උඩ ඉන්නවා මට පේන්න බෑ. 273 00:26:35,052 --> 00:26:36,512 අපි කොහේද යන්නේ සර්? 274 00:26:37,971 --> 00:26:38,972 දන්නේ නෑ. 275 00:26:40,808 --> 00:26:42,851 මම හිතන්නේ අපිට රාජධානි හතේ ඕනම තැනකට යන්න පුළුවන්, 276 00:26:42,935 --> 00:26:44,353 -මම කවදාවත් ඩී-- වලට ගිහින් නැති වුණත්. -නමයක්. 277 00:26:46,855 --> 00:26:49,858 -මොකක්? -රාජධානි නමයක් තියෙනවා සර්. 278 00:26:50,984 --> 00:26:53,403 -මොනවායේද? -රාජධානියේ. 279 00:26:55,405 --> 00:26:56,698 ඔයාට පිස්සුද? 280 00:26:56,782 --> 00:26:58,242 ඒක අදාළද? 281 00:26:58,325 --> 00:27:00,619 රාජධානියේ තියෙන්නේ රාජධානි හතයි කොල්ලෝ. 282 00:27:00,702 --> 00:27:02,121 ඒක හැමෝම දන්නවා. 283 00:27:02,204 --> 00:27:04,998 -එහෙනම්, හැමෝම වැරදියි. -කන හරහා පාරක් කන්නද ඕනේ? 284 00:27:05,082 --> 00:27:08,085 ක්‍රවුන්ලන්ඩ්ස්, වෙස්ටර්ලන්ඩ්ස්, ස්ටෝම්ලන්ඩ්ස්, රිවර්ලන්ඩ්ස්, 285 00:27:08,168 --> 00:27:10,462 අයන් අයිලන්ඩ්ස්, ද නෝර්ත්, ද රීච්, 286 00:27:10,546 --> 00:27:12,422 ද වේල් ඔෆ් ඇරින්, සහ ඩෝන්. 287 00:27:16,635 --> 00:27:18,470 නෑ, ඒත්... 288 00:27:18,554 --> 00:27:21,390 මම කවදාවත් රෙඩ් මවුන්ටන්ස් වලින් එහාට ගිහින් නෑ. 289 00:27:21,473 --> 00:27:23,725 මට ඇහිලා තියෙනවා ඩෝන් වල හොඳ රූකඩ දර්ශන තියෙනවා කියලා. 290 00:28:20,449 --> 00:28:21,658 හියාහ්! හියාහ්! 291 00:28:25,871 --> 00:28:28,207 -කෝ ඒගොන්? -මම ඔහුව දැක්කේ නෑ මගේ කුමරුනි. 292 00:28:28,290 --> 00:28:29,875 මම සෙප්ටන්ලගෙන් අහන්නම්. 293 00:28:32,961 --> 00:28:34,421 මූ කොහෙද හුත්තො ඉන්නේ?! 294 00:28:36,455 --> 00:28:38,455 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම... 295 00:28:38,479 --> 00:28:40,479 ෴ ගීතක විරාජිත් ෴